Thursday, November 10, 2022

බෝල සෙල්ලමේ රිවෙන්ජ් ගැනීම්

 නම්බර් වන්.

දනුස්ක ගැනනම් කතා කරලා වැඩක් නෑ.

SLC එකෙන් හයර් කොරපු වාහනෙන් නොමිලේම ගියා මදිවට අන්තිමේ කෝපි එකට මං ගෙවන්නං ඔයා පිට්සා කෑලි දෙකට ගෙවන්ඩ කියලා සුද්දිට කිව්වද දන්නෙත් නෑ බලං යනකොට.

ලාබ බඩුවේ හිලක් ඇත වගේම හිලක් ඇති ලාබ බඩුත් තියෙනබව දැන්වත් ඉගෙනගන්නවනම් හොඳා.








Image thanks to pagefield.co.uk

නම්බර් ටූ 

කෝමද සෙමියෙ ඉන්දියාවට දීපු ගේම එංගලන්තෙ.

අවුරුදු විස්සක් ගිහිල්ල හරි එංගලන්තෙ ඉන්දියාවෙන් ගත්ත රිවෙන්ජ් එක.

ලගාන් පිචෑර් එක මතක් කොරාගන්නලා.


ඕකේ තව හිස්ට්‍රි කෑල්ලකුත් තියෙනවා හිටං.

එංගලන්තේ ඇයි නිදහස දෙද්දී ඉන්දියාවයි පාකිස්තානෙයි වෙන් කළේ.

ආන්න ඒකෙ දිගුවක් තමා මේකත්.

හතලිස් හතේ ඉන්ඩිෆෙන්ඩන්ස් ලියවිල්ලෙම තියෙනව ආයෙ ෆයිනල් එකටවත් මුන්ව එකට දාන්ඩ දෙන්නෙ නෑ. කියලා.

ආන්න අඑහෙමයි ෂුද්දෝ වැඩ කොරාන්නේ.

Wednesday, September 21, 2022

කාටත් නොදෙවෙනි දෙවනි නන්දෙ - The one and only Nande II

ම්බර් ටූ!

හූනියම කපන්ඩ ඉස්සරිං ගුරුනාන්සේ ඩිස්ක්ලේමර් එකක් දානව මෙන්න මෙහෙම:

මා අත වරද නැත. ගුරුන් අත වරද නැත. කළවුන් බලාගන් කියල

  එකවුන්ටන් මහත්තෙයගේ වත්තෙ ලාබෙ එන්ඩ එන්ඩම අඩූනා.

එක්සෙල් ශීට් එක බැලුව, වියදම වැඩියි.
කැපුව පෝර වල වියදම සියේට පනහකිං.
කමිං නෙක්ස්ට් ඉයර්, ලාබෙ නං ඉතිං පහුගිය අවුරුද්දට වැඩිය නරකමත් නෑ.
තව අඩුකළා පෝර. ම්හු!
මේ කෙළිය හරියන්නෙ නෑ
වියදම අඩුකරගන්ඩ අස්කළා සේවකයොත්.
පාඩුවට දුවනවට වඩා හොඳයි මේක විකුණලා දානවා.

දැන් ඔය 2008-2009න් පස්සෙ හදපු වාහන බොහොමයක තෙල් පිච්චෙනව කියනවනෙ.

තෙල් කිව්වේ ඇංජිං ඔයිල් ආයුබොවන්ඩ 
තොයොත හොන්ඩ යොංතේ මොක උනත් තෙල් පිච්චෙනවා.
හැබැයි පොතේ තියෙන විදියටම, නියම කාල වකවානුවලටම තෙල් ෆිල්ටර් මාරුකළාම නම් වැඩේ ගොඩදාගන්ඩ ඇහැක්.
පරණ වන්ඩි දුවන අපි දන්නෙ කෝමද කලිං ඕනර් වෙලාවට තෙල් ෆිල්ටර් මාරුකළා කියලා.ඇහුවොත් කියාවි යේස් කියල.
නමුත් උපංගෙයි දෝස තියෙන සමහර මොඩල් වලට නං මක්කොල්ලවත් බේරගන්ඩ බෑ.

බලාගෙන යනකොට අර එකවුන්ටන් මාත්තෙය වගේ මැකෑනිකල් ඉංජිනේරු මාත්තුරු තමා මේකටත් ගේම සැට් කොරාල තියෙන්නේ.

ඔන්න රිසේච් කොරනවා කෝමද ඇංජිමේ එෆිෂන්සිය වැඩිකරන්නෙ කියල. (ඇත්තම කියනවනං ඔය IC එහෙම නැත්තං අභ්යන්තර දහන ඇංජිමේ කාර්යක්ෂමතාව බොහොම අඩුයි.)
එකසියගානට හොයාගෙන හොයාගෙන යනකොට තේරෙනවා ලොකුම ලොස් එක තියෙන්නෙ පිස්ටන් එකේ සහ සිලින්ඩර් වෝල් එකේ ඝර්ෂණය නිසාය. එසේනම් අපි කෝම හරි ඒක අඩු කරමුය. එතකොට කාර්යක්ෂමතාව වැඩි වේවිය කියලා.
ඔන්න එතැනදී පිස්ටන් රිං අලුතෙන් ඩිසයින් කරනවා, ෆ්රික්ශන් එක අඩු වෙනවා ඇංජිමේ එෆිෂන්සිය වැඩිවෙනවා!

එළම කිරි.

කිලෝමීටර් හතළිස් පනස්දාහ දුවනකොට වෙලාවට තෙල් මාරු නොකරන උන්ගේ තෙල් මන්ඩි හිරවෙලා වෝල් එක කැපිල සෙල්ලම පටං ගන්නව. තව වැඩිපුර එෆිශන්ට් කරන්න රිං එකේ ටෙන්ෂන් එක තව තව අඩු කරපුවගේ උපන්ගෙයි දෝසෙ හැදෙනවා.
ඕක රෙපයාර් කරලත් වැඩක් නෑ දාන්න වෙන්නෙත් අර ඔරිජිනල්ම රිං සැට් එකක්නේ. විකුණන එකම තමා උත්තරේ.

දැන් ඔන්න එකවුන්ටන් මහත්තය වත්ත විකුනනව. ඉල්ලන්නේ හොඳ තත්වේ වත්තක මාකට් ප්රයිස් එක.
ගැනුම්කරුවො අඩු ලංසු තියනවා මේක බාගෙට මැරිච්ච වත්තක් නේ කියල.
කෝමින්කෝම හරි වෙනිං මාත්තයෙක් ගන්නවා වත්ත.
එකවුන්ටන් කෙනෙකුත් නෙවේ කෘෂිකර්මෙ ඉගෙනගත්තු කෙනෙකුත් නෙවේ මේ පොළොවෙ පයගහල ඉන්න හොඳ සාමාන් දැනීමක් තියෙන නෝමල් මනුස්සයෙක්.
මේ වත්තට කිසිම සාත්තුවක් නැතුව කොහොම පලදාවක් ගන්ඩ කියල මුලිම්ම වත්ත සුද්ද පවිත් කරලා කාණු ගොඩ දාල පෝර වතුර වෙලාවට දීල හොඳ සැපක් දෙනව.
සාත්තරේ ඉගෙනගෙන, මේ අංශෙ පළපුරුදු උන්නැහේ කෙනෙක්ගෙන් උපදෙසුත් ගන්නව.
අවුරුද්ද අන්තිමේ අතිං පාඩුයි. නමුත් වත්තේ පෙනුම ගන්නකොට වඩා ඉහලයි.
දෙවෙනි අවුරුද්දෙත් පාඩුයි නමුත් පරණ තරම් නෙවේ.
තුන්වෙනි අවුරුද්දේ බ්රේක් ඊවන්. එදා ඉඳල හොඳට ලාබයි.

දැන් තමා අපේ කාටත් දෙවෙනි නොවෙන දෙවනි නන්දෙ සීන් එකට එන්නෙ. රජිනි කාන්ත් වගේ වටේටම නෙළාගෙන - ඉකොනොමිය හදන්ඩ!

භාණ්ඩාගාරේ ඩොලර් නැත!, නැත්තටම නැත!

අපි ණය ගෙවන්නෙ නෑ කිව්වා. - ඩොලර් ඉතිරි වේ.

පොතේ විදියටම ඉන්ටරෙස්ට් රේට් වැඩි කළා - ණය ගැනීම අවාසි නිසා ඉල්ලුම අඩුවෙයි. එතරම් ආනයන අවශ් නොවේ. ඩොලර් ඉතිරි වේ.

ඉම්පෝට් නැති කළා.- ඩොලර් ඉතිරි වේ

පොතේ විදියට තියෙන හැම දේම කළා.වෙන මක්කවත් කරන්ඩ නෑ.  පුකේ අත්දෙක පිහිදාගෙන බලං ඉන්නව IMF ලෝන් එක එනකං 
මම එකවුන්ටන් මාත්තයගෙයි මැකෑනිකල් ඉංජිනේරු මාත්තයගෙයි කතාව කිව්වා නේ ඉස්සෙල්ලම.
භාණ්ඩාගාරෙන් එළියට සල්ලි යන එක නැවත්තුවම සංචිතේ අඩු නොවෙනව වගේම රටෙන් මක්කවත් අපනයනය කලොත් සංචිතේ වැඩි කරගන්ඩත් ඇහැක්. අර ටනල් විෂන් කියන රෝගෙ තියෙන අයට ඔව්ව පෙනෙන්නේ නෑ.
උතුරු ඇමරිකාවේ කඩේකට ගියොත් කොස් ගෙඩි , රම්පෙ , බල මාළු ඔක්කොම තියෙනවා වියට්නාමෙන් තායිලන්තෙන්.
ලංකාවේ නිෂ්පාදනයක් අපනයනය කරන්ඩ ඕනේ පැකිං මැටීරියල් - නැත. ගැසට් එකෙම්ම් ආනයනය තහනම්.
කොහොමහරි පැක් කරගත්ත කියමුකො. කෝ කොන්ටේනර්. බඩු ගේන්නැති නිසා වරායෙ කොන්ටේනර් නැත.
අනේ අම්මප. කොහේ PhD කළත් සාමාන් දැනීමක් නෑ. (දෙවනි නන්දෙ කාලයක්ම මහ බැංකුවෙ නියෝජ් අධිපති කෙනෙක්නෙ, කාලේ ලංකාවේ ආර්ථිකේ නොම්මර එකටම තිබුනනේ, මතකයිනේ)

ගෝඨාභය ලොක්කට වියත්මග කියලා කලිසම තියෙද්දිම ඇරියෙත් මේ වගේ හාල් කෑලි තමා.

කීය හරි ගෙවලා ලෝකේ කොහේ හරි ඉන්න නොම්මර එකේ වැඩ්ඩෙක් (වැද්දෙක් නෙවේ!) අවුරුදු දෙකකට හරි ගෙනාවොත් රනිල්ටත් මක්කහරි කරන්ඩ පුළුවන් මයේ හිතේ.

මේ යක්ෂයෝ නොදන්න පයනු කොරලා අන්තිමේ මා අත වරද නැත කියල හූනියම කපන්ඩ ගෙනා එකා අපිටම හූනියං කරලා හිටං මාරු වෙනව.

මුංගේ වැඩත් හරියට මේ වගේ.

 

ශික් විතරක්!

 


Wednesday, June 15, 2022

Hey my heart, tell me...

 හේතු කාලේන කජ්ජෙන පුහුලං උනාම ඉතිං පුහුලම දිහාම බලාගෙන ඉඳල වැඩක් නෑනේ අයිබෝවන්ඩ, කෝමහරි කජ්ජක් දෙකක්, එහෙමත් නැත්තං ඉංග්‍රීසියෙන් කියන විදියෙ solace එකක් හොයාගන්ඩත් එපාය, නැද්ද මං අහන්නෙ.

බණ පොතක් හෙම කියවගෙන ධර්මය ඔබට මග වේවා! ලෙසට ධර්ම මාර්ගයෙ යන්ඩත් ඇහැක්. නැත්තං විද්‍යාවෙන් උත්තරයක් හොයාගෙන ගිහින්, රසායන විද්‍යාවේ මුලධර්මවලට අනුකූලව C2H6, තවත් විදියකින් කියනවනං ඊතෛල් ගෘප් (CH3-CH2) එකට හයිඩ්‍රෝක්සිල් ගෘප් එක (OH) එකතුකරලා හදාගන්නා ද්‍රවය ෂැන්ඩි ඇතුව හෝ නැතුව පාවිච්චි කරන්ඩ උනත් ඇහැක්. ක්‍රීඩාවට, recreational drugs නමැති දෙයක් හෝ ලාවට (හෝ සද්දෙට) සිංදුවක් උනත් හෝ ඕවයෙ කොම්බිනේෂන් එකක් උනත් අපිට පාවිච්චි කොරාන්ඩ ඇහැක් හිටං.

Thank you https://www.madanmohan.in 

මදන් මොහාන් කියන්නෙ ඉන්දියාවේ හිටි අති දක්ෂ මධුර මනෝහර තනු නිර්මාපකයෙක්, සංගීත අධ්‍යක්ෂක වරයෙක්. ආතල් කඩන්නෙ නැතුව කලාවට සිංදුවෙ ෆ්ලෝ එක ගෙනියන්ඩ රුසියෙක්.

මදන් ජී තනුව රචනා කරන ඒ දිල් මුජේ බටා දේ - තූ කිස් පිආ ගයා හේ පරණ හින්දි චිත්‍රපටි ගීතයක්. මේක ඔරිජිනල් එක නම් නෙවේ, අළුත් ආටිස්ට්ල කියන කොටත් පොඩි ගතියක් තියෙනවා නේ. නැද්ද?

සංගීතගෙ ගායනේ කොහොමත් අගෙයි, ඒක නෙවේ කොහොමද ධෝලක් මාස්ටර් ජී ?. ආන්න වැඩ!

ජයවේවා!
Stay safe, stay active 

Thursday, April 7, 2022

#GoHomeGota2022!

 මේ මට හිතෙන හැටි. මී ඇන්ඩ් ඔන්ලි මී.

වියත්මගේ සැට් එක අන්දවලා හෝ මෝරා කල්ල හෝ බයකොරවලා හෝ උන්නැහෙටම ඕනැවෙලා ගෝඨාභය උන්නැහේව ජනාධිපති 'තරඟෙට' එනවා.

ලොරි ටෝක් දීල, සක්වළ ගල දෙදරවාල, අඬල, දොඩල, වැළපිලා, වැළලිලා කෝමහරි ලොක්කව දිනවලත් දෙනවා. මං නං චන්දෙ දුන්නේ නෑ මොකෑ මට චන්දෙ නෑ නොවැ. කලිං 'තරඟ' වලට ඇති පදං හොර චන්ද දාපු නිසා චන්ද කෝට එක දැන් කැපිල තියෙන්නේ. (එකක් කියන්ඩෝන මැතිතුමනි හොර චන්ද දැම්මත් ඒක කලේ ෆන් එකට නිසා ඒක සාදාරනේට කළේ, හැමෝටම සම සමව චන්ද දැම්ම.)

හරි ගෝටා ගෙදර ගියා කියමුකෝ. එතකොට #ComeHomeWho2022? කවුද එන්නේ?

මගේ ඇනලිසිස් එක මේකයි.






රටේ තියෙන මුලිකම අර්බුදේ තමා ඩොලර් නැතිකම.

අංක දෙක ඉන්ධන නැතිකම - ඒකටත් හේතුව ඩොලර් නැතිකම 


දැන් වෙන්ඩ#ComeHomeWho2022ලාට අර්බුදේට යම්කිසි, මේ ලාවට හරි විසඳුමක් තිබෙනවාද? අයි මීන් බෝත් කෙටි කාලීන හා දීර්ඝ කාලීන 

දැන් මේ වැඩේට ඉන්න ලීඩින් ඕ පොසිබල් කැන්ඩිඩේට්ලා;


සජිත් බේබි

විධායක ජනාධිපතිකම නැති කරන්ඩෝන, පාර්ලිමේන්තුවට බලේ දෙන්ඩෝන, චන්දෙ තියන්ඩත් ඕනේ 

එතකොට මේ ඇක්සයිස් පොතක් අච්චු ගහන්ඩ කඩදාසි නැති රටේ, චන්ද කාඩ්, චන්ද පත්‍රිකා අරව මේවා ගහන්ඩ කඩදාසි ගෙන්නන්ඩ ඕනේ. එකට ඩොලර් ඕනේ. ආයෙමත් අර්බුදේ මුලටම. හ්ම්!

අනික ජනාධිපති කම අහෝසි කරලා හිටං පාර්ලිමේන්තුවට බලේ ලැබුනාම ටැප් එක ඇරිය වගේ ඩොලර් එනවද?

අන්රෛයා 

ජනතාවට ජීවත්වෙන්ඩ අමාරුවුනාම ජනතාව නැගිටලා පෙළ ගැහිලා රජය පෙරලනවා.

ඕකේ. එතකොට ඒ පෙරලිච්ච පැත්තේ තිබිල  නිධානයක් වගේ නිකම්ම ඩොලරුත් ලැබිලා, ඒ මදිවට හඳුන්නෙත්තිගේ යාළුවගේ ඩොලර් බිලියනෙත් ලැබිල, ජනතාවට ජිවිතේ පාසුවෙලා පුල් ආතල් එකේ පරණ විදියටම යනවා. එහෙමද?

රනිල් හාමු 

ආපහු 19 සංසොදනේට ගිහිං පිටරටවල් වලින් ආධාර අරගෙන වැඩේ කරගෙන යනවා. ටැම්පරියක් දුවාගන්ඩ නං කමක් නෑ. ලෝං ටර්ම් නෝ  සිනා


ඔව්ව මෙව්වා ගැන මෙව්වා වෙවී ඉන්නකොට මෙව්වා එකේ තිබිල මෙන්න මේ වගේ මෙව්වා එකක් හම්බුනා 


කතාවෙ ඇත්තක් තියෙනව. නමුත් සම්පුර්නෙන් නෙවේ සියේට තිහක් විතර වගේ තමා.

ඔය දේශපාලකයො කියන එවුං ඉන්නවා නේද? මොන රටේ හිටියත් මොන තරාතිරමේ උනත් බොහොම දෙනා එක මවකගේ දරුවො. DNA චෙක් කළොත් 99.99% ගැලපේවි.

ඕකුං බාගෙට බාගයක් මෝඩයො. හරියට හොරකමක් කරගන්ඩ වත් තේරුමක් නෑ. ගෝනියක් ඔලුවේ දාං රෑට  රෑට ගෙවල් බිඳිල්ල වගේවා තමා දන්නේ. හැබැයි දැන් එකසිය ගානට ගේම දෙනව සක්කරයාගේ පුතා වයිම ආවත් අල්ලන්ඩ බැයිවෙන්ඩම. 

කෝමද ඕක ඉගෙනගත්තෙ, කවුද ඔව්ව ඉගැන්නුවෙ.

ඔව්ව කළේ ලෙනින් මොරායස්ල නොවේ මහත්වරුනි අපේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගත් හොඳම මීටර්, දොස්තරල, ඉංජිනේරුවො, ලෝයස්ල ඇයි එකවුන්ටන් මාත්තුරු.

නිදහස් සෞඛ්‍ය සේවා තියෙන ඕනෑම රටක බජට් එකේ ලොකුම කොටස යන්නේ හෙල්ත් සෙක්ටර් එකට. 

කොහේ මොන දිග්බාගේ මොන ජාං ටෙන්ඩර් කල්ල හිටං බේත් ඕඩර් කරත්, ගානට කොමිෂන් එක ඉන්ක්ලුඩඩ්. ඕකේ.  සියේට දෙකේ තුනේ නෙවේ ඉලක්කං දෙකේ ගනං වලින්. රියේජන්ට්ස්ද කොන්සියුමබල් ද අරවද මේවද සේරෝගේම බඩු හෑව්.

එළටම ඉගැන්නුවේ හා උගන්නන්නේ ඉංජිනේරුවෝ. ගණිතෙට වැඩේ දෙනව කියන්නේ ආයි සක්කරයා ආවත් අල්ලිලි බොරු. අම්මප මේවා බොරුනං මෛන්ද මාත්තය හම්බුවෙච්චි වෙලාවක අහල බලන්ඩකො ඇයි ලොකු සර් මහාමාර්ගෙම ඉල්ලන්නේ කියල. මේ රටේ මක්කවත් කරගන්ඩ සල්ලි නැති වෙලේ මක්කටෛ මහාමාර්ග ඇමතියෙක්. මුදල් ඇමැතියි , විදුලි හා බලශක්ති ඇමැතියි හිටියනං මදෑ දැනට. එව්වනේ දැවෙන පස්න. නැද්ද මං අහන්නෙ.

ෆෝරෙග්සාම්පල්, අපි මෙහෙම බලමු . ඔන්න සීනි වල බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩුකළා. අඩේ මරු. අපේ අගමැති තුමාට ජයවේවා!. හෙට ඉඳල බත් කන්නෙත් සීනි දාල!

පොතේ හැටියට සීනි කිලෝ එකක් අඩු ගන්නේ රුපියල් 49.75කිං වත් අඩු වෙන්ඩෝනෑ. හරි නේ. අඩු උනානේද පින්වතුනි.

එතකොට සීනි ටොං 145000ක් ගෙනා මුදලාලිට රුපියල් වලින්  (50-0.25) X 1000 X 145000 ලාබයි. දැන් ඔය ගාණ මෛන්ද මාත්තය දන්නේ නෑ කියල හිතනවද පින්වතුනි. එයා බබා... දන්නෙම නෑ.

අයිශේ සීනි මෑන් තවුසෙගෙ ඔය ලාබෙං මිලියන ගාණ තවුසෙ තියාගෙන ඉතුරු බිලියන් හත මට එවනව කිව්වොත් ඔහේ මක්කයි හිතන්නේ. ඌට නිකං ඉඳල මිලියන් 213 යි. සත්ගුණවත් අපෙ මහතට ගෙඩියට බිලියන්ම හතයි! අනේ ඉතිං අපිට, රටට පැණි දම්මිකලගෙ පිහිටෛ!!

බලාගෙන හිටිය කියල මැතඩ් එක ඉන්ඩියුස් වෙනවා කියල අපි කියවපු එකම පොතක වත් දැකල තියෙනවද?. නෑනේ. 

ආන්න එහෙම හිතං වැඩ කරන්ඩ ගොහිං තමා හිටපු විපක්ෂ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති තැන්පත් ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. නිකංම නිකං ලූනු බන්දුල උනේ. වසු පැටිය, හරියට වැඩක් කරන්ඩ දන්නෑ අන්තිමේ නැට්ටෙ ඉඳං ගොම!. කතා කරල ඇහුවනං උපදේසයක් වත් දෙන්ඩ තිබුණ. කෝ.. මොලේ පුකේනෙ.

ආ. ට්‍රැක් එක පැන්නා. නව් බැක් ටු බයිබල්.

කන්ස්ට්‍රක්ෂන්!!. ආන්න මල්ලි ගේම්!!!!

(ඔය සීනි ගේම් අර කලින් ඉගෙනගත්ත එව්වා අමතක වෙනවට වගේ කරපු සුළු වැඩ.)

නෝනාවරුනි මහත්වරුනි සහෝදර සහෝදරියනි ආණ්ඩුවේ පොතේ තියෙනවා රේට් කියල දෙයක්. වර්ග ප්‍රමාණෙට, කියුබ් ගානට, දික් අඩි ගාණට අරේමයි මෙච්චරෛ කියල.

බිල්ඩිමක් හැදුවද, පාරක් හැදුවද සේරොටම එහෙමම තමයි. පොතේ විදියට තමා ගාණ

දැන් මල්ලි හිතන්ඩ 'අළුත්' එහෙම නැත්තං 'නවමු' එහෙම්මත් නැත්තං එක්සෙප්ෂනල් නමැති වර්ගයේ පොතේ නැති තාලේ ප්‍රොජෙක් එකක්, විහිළුවට වගේ අපි කියමුකෝ වරායක් හාරනව, මූද ගොඩ කල්ල හිටං නගරයක් හදනවා වගේ වැඩක් කියල. 

ආ.... දරයේ උල්පත අම්මා වගේම සල්ලි වල උල්පතත් අන්න එව්වා තමයි ප්‍රියේ!   .

කෝ යකෝ මෙව්වට රේට්. දෙඤඤං  ජම්බූ ඌ.........  

(ඉස්සර අපේ ගමේ දන්සැලේ වට්ටක්ක හොදි බෙදනකොට කොල්ලෝ ම්හු කියනවා, පරිප්පු තෙම්පරාදුවක්, අල තෙල්දාල හෙම දාන්ඩද හැව්වම ම්ම් ම්ම් කියනවා)

ඊට පස්සෙ යනවා නියමිත ප්‍රම්පාදන ක්‍රියාවලියට. ටෙන්ඩර් කෝල් කල්ල, ටෙක්නිකල් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ඉවැලුවේෂන් කල්ල, බිඩ් බොන්ඩ් ද පෆෝමන්ස් බොන්ඩ් ද ජේම්ස් බොන්ඩ් ද ඔක්කොම බලල හිටං නැකතක් හෙම බලලා ඔන්න ටෙන්ඩරේ අවෝඩ් කරනවා.

ටියුබ් ලෛට් නෙවේනේ. පැහැදිලියිනෙ. සුප්‍රිම් උසාවියේ නඩු දැම්මත් කොහොමෙයි ජම්බු රේට් වැරදිය කියන්නෙ.

ඔය කේස් උඩට ආවම ලෝයස්ලයි එකවුන්ටන්ලයි එනව ලොක්කංගෙ ඩිෆෙන්ස් එකට. අර අතන රතන ඉන්න තැන ඉස්පිල්ල අඩුයි, මෙතන කොමා එක සම්පුර්ණ වැරදියි, මේක කෙඩිට් නෙවේය ඩෙබිට්‍ය. අපි නොදන්න චෙස් ගේම්. කැස්පෙරොෆ් උනත් කොරවෙන තාලේ.

තව තියෙනවා බොස් ලියන්ඩ. පස්සේ බලමු!
දැනටම රෑ වෙලා. අලයක්වත් තම්බං කාල හනික නිදාගන්ඩෝනැ.    



ජයවේවා!



Monday, April 4, 2022

ඔන්ඩ්රු කන්ට්‍රි මූන්රු නීති

පි අද මේ ගෙවන්නෙ සුදර්මන් මහත්තෙයල වගේ අය පරාද කළ සාපෙ.

සුදර්මන් මහත්තෙයගෙ මැතිවරණ ප්‍රකාසනේ තිබ්බේ බලපිටියේ සෑම පොල්ගසකම බඳින්ඩ කිරි එළදෙනක් ලබා දෙනවා කියලා. හැබැයි නෝමන් මහත්තෙයල දිනුවයින් උනේ ගවයො වැඩි වෙච්චි එකම තමා.


දැන් බලන්ඩ, එදා කිරි එළ දෙනුන් ලැබුණ නම් අද වෙනකොට ලංකාව කිරි වලින් ස්වයංපෝෂිතයි. ස'ට ගැසට් ගහන්ඩ රිවස් කරන්ඩ මක්කාවත් ඕනේ වෙන්නෙ නෑ නොමිළේම කාබනික පොහොර.  එතනිංගියාම අ.පාදෙණිය කෘෂිවිශේෂඥ තුමාට නිවසේදීම තෙල් සිඳ ගැනීමට අවශ්‍ය  බල ශක්තිය. පරණ කරත්ත ඇංජිංවල ස්පෙයාපාට් වලින් මේවගේ නහර පිනායන කෑම. එකී නොකී තව කොපමණ දේ තියෙනවාද? 

අපේ සුදර්මන් මහත්තෙය හැත්තෑ හතේ බලපිටි ආසනේට චන්දෙ ඉල්ලුව කියන එක සර්ල මිසීල දන්නවනේ. අර ඉරළ  කුණෙන් ඉල්ලපු කෙනා. ඔව් එයා තමා.

දැන් චන්දෙත් පරාදවෙලා වතුපිටි තුන හතරකුත් විකිණිලා කාර් තුනම අබලන් වෙලා අහක්කවෙලා ඉන්නකොට වවුල්ලු වගේ ජනේලෙ එල්ලෙන්ඩ ගියේ නෑ, සුදර්මන් සුලඟවල් හදාගෙන පික්ෂු කෙලින්ඩ ගියේ නෑ . මුලින්ම කාර් දෙකක් විකුණලා අනික රෙපයාර් කරගත්තා. අතෑරලා තිබිච්චි වතුටිකත් සුදර්මන් මහත්තෙය කලින් වගේ ඕනෙකමින් හොයල බලලා මාන්සිවෙලා හිටං නග්ගලා ගත්තා.

ඔන්න ජූනියස් උන්නැහැ අගමැති වෙලා ආර්තිකේ විවුර්ත කරලා මොටෝ සයිකල් හෙම එන්ඩ ගත්තා. ඒ කාලේ වෙනකොට එක මහත්තයෙක් ගාව ට්‍රෑම්ප් එකක් තිබ්බ 500CC, එක තමා තිබ්බ ලොකුම සයිකලේ. වැලිතර තක්ෂිලා ගාව තිබ්බ  ට්‍රෑම්ප් ටයිගකබ් එකක් 250CC. ඔය අතරේ බෝගහවත්තේ ඩයනලගේ අයිය (උගේ නම මතක නෑ නොවැ ) ගෙනාව පරණ CB350 හතරක්, ලොට් එකම. එකක් මෑන්ස් හදල පාවිච්චි කොළා, දෙකක් හදල විකිණුව, අනිත් තුනේ ඉතුරු කෑලි තාම මගේහිතේ එතනම ඇති. (මං ගාණ හැදුව හරිද මන්ද, හතරෙන් එකක් අඩු කරලා තව දෙකක් අඩු කළාම හිටං ඉතුරු එකද දෙකද? අපිට කොයින්ද කැල්ටෙක්, ස්ටෑන්ෆර්ඩ් ඔව්ව නියමාකාරයෙන් ඉගෙනගන්ඩ ඈ ) ඔව්ව තමා අපේ පළාතෙ තිබ්බ ලොකුම මොටෝ සයිකල්.

ඔය අතරවාරෙ පොලිසියට ගෙනාව බ්‍රෑන්නිව් කිරි ටෝය්ය CB400 හෝක් එකක්. (ඒ කාලේ බෛයො බේතකටවත් නෑ ඉන්න තරමක් හිටියේ ටෝය්යොම තමයි අප්පච්චි ) ට්‍රැපික් එකේ ලියනගේ සාම්මහත්තය තමා ඕක පදින්නේ. 

සර්ලට මතක ඇති පොලිසියේ රාළහාමිලා එතකොට සාම්මාත්තේල  කොට කලසං ඇන්ද කාලයක් තිබ්බ. අර රාළහාමිට ඉස්සරවෙලා කලසම යන කාලෙ. මේ කාලෙ වෙනකොට කොට කලසමෙන් දික් කලිසමට මාරුවෙන කාලේ.

ඔන්න ඔය කාලෙ තමයි සුදර්මන් මහත්තෙය එයාගේ බෑණට බ්‍රෑන්නිව්  CB400 එකක් අරන් දුන්නෙ. සාම්මහත්තෙය මහත්තෙයගෙ සයිකලේම පාටයි, නිල්පාට.  

සුදර්මන් මහත්තෙයගෙ බෑණමහත්තෙයත් වාහනේට උපරිමේම ඉෂ්ට සිද්ධ කළා.වෙට්ටු දාල හිටං කණේ වැලි ගෑවෙන්ඩ නවල අරිනවා අරිල්ලක් කියන්නෙ ලියනගේ සාම්මාත්තෙයට තියා එයාගේ ලොක්කටවත් අල්ලන්ඩ බැරි වෙන්ඩ. ඕ යේස් පුල් හයි ස්පීඩ්. 

ඔහොම ඉතින් සාමෙන් සමාදානෙන් පාරේ තොටේ වැඩ ටික කෙරීගෙන යද්දී, ගමේ පොරක් තකහනියක් ගොහිං සුදර්මන් මහත්තෙයව මුණගැහිලා කියල තියෙනවා, 'මහත්තෙයගෙ බෑණමහත්තෙය අර අලුත් මොටෝසයිකලේ යනවා බෝම වේගෙ වැඩියි, ටිකක් අවවාද කොරන්ඩ හිටං කියල'.

අර චන්දෙදා රාත්තිරි කතාව මතකයිනේ, සුදර්මන් මහත්තෙයට මල පයිනකොට ලිමිට් නෑ.

රුපියල් තිස් හත්දාහක් දීල ඕක අරං දුන්නෙ හිමිං යන්නද හුකන්නො කියල තමා හැරෙන තැපෑලෙන් උත්තරේ ඇවිත් තිබුනේ.

අන්න ඒක තමා සුදර්මන් මහත්තෙයලගේ නීතිය.

මහත්තෙය කිව්වේ නැති උනාට බෑණමහත්තෙය දන්නව කෝමද වැඩේ කෙරෙන්න ඕනේ කියල. ඒම නැත්තං, ටියුබ් ලයිට් නං, නොතේරෙන අයට සරල සුගම හොඳ තේරෙන පිරිසිදු ඔරිජිනල් හෙළ යක්ඛ බාසාවෙන් පහදලා දෙන්නත් ඒ මහත්තෙයල දන්නවා.

ජේ ආර් කිරි මුට්ටියයි පැණි මුලයි ලබුගම හා කලටුවාව ජලාස වලට දාල අපිව නිරායාසයෙන් ගෙදර ඉඳන්ම කිරියෙන් පැණියෙන් නෑව්ව වගේ  දැනුත් බලන්ඩ, මේ ලැබුවාවූ  රාමසාන් උපවාස කාලය. අපේ ස'ලත් දැන් සව් 1/2 ක්‍රමයට එක රටක් එක නීතියක් ලෙසට නානල ටික නෝම්බි අල්ලද්දී අපිවත් ඔටෝමැටිකලි නෝම්බි අල්ලවන්ඩ වැඩකටයුතු සලස්වල තියෙන හැටි. වැරදිලාවත් සව් ෆුල් එක ආවනං ආයිෂ් අප්පා වටලප්පං කාලම තමා මැරෙන්ඩ වෙන්න. අන්න එහෙමයි රාජකීය පණ්ඩිත ඥාණසාර උන්නාන්සේ සබ්‍රි ඇමතිතුමා මාර්ගෙන් ස'තුමාට උපදෙස් දීල තියෙන්නේ.  නෝම්බි නං නෝම්බි නෝ ජාති ආගම් බේද!  එක රටක් එක නීතියක්! 

ඔබ සැමට රාමදාන් මුබාරක්!

Myself Hattor



ඕ බයි ද වේ ඔබ සැමට ඥාණක්ක මෑණියන්ගේ සරණයි!








Saturday, February 19, 2022

නන්ද ජී - Dedicated Worker

රණ කතා ලියවෙන එකේ මක්කටෛ තව බලා ඉන්නේ කියල මටත් එකක් ලියන්ඩ හිතුනා. ඇහැක්නං කියෝලම බලමුකෝ.

(Image from: dbsjeyaraj.com)

ඕන්න නෝනාවරුනි මහත්වරුනි තොරණෙ කතාව කියවෙන්නේ මෙහෙමයි.

එබවුට් තර්ටි ඉයර්ස් එගෝ ඒ කියන්නේ 1992 විතර පොඩි, ඒ කිව්වට පොඩිත් නෙවේ, කේස් එකක් උනා නව දිල්ලියේ ඩිෆෙන්ස් කොළණියේ. ඩිෆෙන්ස් කොළණිය ගැන කියනවනම්, 1947 ඉන්දියා පාකිස්ථාන් වෙන්වුනාට පස්සේ පාකිස්ථාන් පැත්තට වෙන්ඩ ගෙවල් තිබිච්චි ඉන්දියන් සොල්දාදුවන් පදිංචි කරාන්ඩ දකුණු දිල්ලියේ නිර්මාණය කරපු තැනක්. දැන් නං හැමෝම ඉන්න ටිකාක් විතර පොෂ් තැනක්.

ඔන්න පොරක් ඇවිල්ල හෙන සද්දයක් දාල පරණ අපාර්ට්මන්ට් එහෙක හිටි අවුරුදු 94ක් වයස මහළු මිනිසෙක්ව එළියට ඇදල දානවා ගෙවල් කුලිය ගෙව්වේ නැත කියල. පරණ ඇඳක්, කුස්සියේ තියෙන පරණ ඇල්මේනියම් වලං කීපයක්, ප්ලාස්ටික් බාල්දියක්, පැරණ මග්‍ එකක් වගේ ඒ මනුස්සයාගේ සබ්බසකලමනාවත් ඒ එක්කම ගෙයින් එලියට ඇදල දානවා. අපේ වගේම තමා ඉතිං, වටාපිටේ සේරෝම ඇවිල්ල හිටං ඇන්ටනා ටියුන් කරගෙන සෝ එක බලනවා. අනේ අපොයි, අහිංසක මනුස්සය, පව්!, කතා ගොඩයි හැබැයි ප්‍රස්නේ ගැන කවුරුත් නෝ කතා. 

අංකලුත් කියනවා 'සාහිබ් මට තව ටික දවසක් දෙන්ඩ මං ඇරියස් එක ගෙවල දාන්නං' කියල. අයිතිකාරයත් ටිකක් කල්පනා කරලා අකමැත්තෙන් වගේ කියනවා ඕකේ මේ අන්තිම වතාව කියල හිතාගන්නව වෙලාවට කුලිය නොදුන්නොත් ඊළඟ පාර තමුංව පාරටම අදාල දානවා කියල. ඕං ඉතිං අංකලුත් දොට්ට දාපු ලට්ටලොට්ට ටිකත් අරං අයෙමත් ගේ ඇතුලටම යනවා හිටං.

සීන් එක මේම සීරියල් වෙලා යනකොට ඔතනින් ජනමාධ්‍යවේදියෙක් යනවා කියන්ඩකෝ. මේ වයසක ඩෑල්වලට මේම කරන එක මහ ධාතු වැඩ නේ කියල පොරටත් එකසිය ගානට මල පයිනවා. යකෝ මේක නිදහස් භාරත් දේශේ, අදම ලියනවා ආටිකල් එකක් පත්තරේට කියල, ඇල්මේනියම් බඩු ටිකයි මෑන්ස්ලගේ ආගියුමන්ට් සීන් එකයි ඒම පොටෝසුත් අරගෙන, හෙඩිමකුත් දාල  'කුලිය නොදුන් නිසා කුරිරු නිවෙස් හිමියා වයසක කුලී නිවැසියා පන්නා දමයි' එඩිටර් උන්නැහේට දෙනවා.

එඩිටර් උන්නැහෙත් දැනුංතේරුං ඇති මිනිහනේ,  ඉතිං ඩ්රාෆ්ට් එක කියවල කරලා හිටං පොටෝ ටික බලනකොට මූණ තුෂ්නිම්භුතයිස් ඒ කියන්නේ ෂොක් වෙලා වගේ අහනවා ළමයා මේ ලොකු උන්නැහේව දන්නවද කියලත්. කොල්ල දන්න අංකලයෙක් නෑ, සර් මේ මිනිහා කළ වැඩේ හරි නෑ 'වයසටවත් ගරු කළේ නෑ' කියල උත්තර දුන්න. (මේ අර කවුද වයසට ගරු කරපං මල්ලි කියල ටෙලිපෝන් කළ එක්කෙනා...)

 එනිවේ, නෙක්ස්ට් ඩේ උදාඋනා.

අම්මටසිරි, පොලිස් ජීප්


පෙරටුකරගෙන බීකන් හයිකරපු ඇම්බැසඩර් කාර් පෝලිමක්

අර එපාට්මන්ට් එක ඉස්සරහ. සුදු සූට් කාරයෝ පෝලිමේ ගෙට අතුල්වෙනවා,  කළු සූට් තුවක්කු කාරයෝ වටේටම, පොලිස්ලා සීරුවෙන් ඉඳන් සැලියුට් ගහනව එක කෙළියයි. ඒ අතරෙ අර ඊයේ හිටි නරඹන්නෝ සීරිස් එකේ දෙවෙනි කතාංගය බලන්ඩ සෙට්වෙලා.

නිවෙස් හිමියට පුල් හොල්මං ද පොල්කොළ වයි දීස් කපුටාස් ආ ෆ්ලයින් ටු කුරුම්බා ට්‍රී කියල මෑන්සුත් එන්ටර් උනා සීන්ස් එකට. කොහේ යන්ඩද කළු සූට් කාරයෝ මේකව එලවලම දැම්ම. බැරිම තැන පාරට ගොහින් පොලිස් ජීප් එකක් ළඟ හිටි හාදයෙක්ගෙන් ඇහුවම මොකක්ද රාළහාමි මෙතන වෙන්නේ කියල වද නොදී මෙන්න මේක බලනව අයිශේ අපිටත් වැඩ තියෙනව කියල පත්තරයක් දුන්න.  

කපුටාස් හිටිං රෝල්ස් රොයිස් බ්ලෙඩ්ස් රොටේටින්නවසීලන්තයේ අපේ ගෙදර රුපියල් 540කින් දවසක් කමු. 'ගුල්සාරිලාල් නන්ද, දෙවරක් අගමැති, අද ගතකරණ දුක්ඛිත ජීවිතය' මෙන්න පත්තරේ හෙඩ් ලයින්. කෙළියනේ තාප්පෙට. ඊයේ ලොක්කට සද්දෙ දාන හැටි පොටෝත් එක්කම..

ගුල්සාරිලාල් නන්ද හෙවත් පල්ලෙවත්ත ජී 'නන්ද ජී' ඉන්දියාවේ නිදහස් සටනේ නේරුලා, ගාන්ධිලා සමග එකට වැඩ කළ කෙනෙක්. අගමැති නේරුගේ සහ අගමැති ශාස්ත්‍රීගේ අභාවයන්ගෙන් පසු අන්තර්කාලීන (Interim) අගමැති වෙලා තිබෙනවා. වැඩබලන අගමැතිකමක් ගැන ඉන්දියන් ව්‍යවස්ථාවේ සඳහන්ව නැති නිසා අන්තර්කාලීන අගමැතිත් රටේ අගමැති කෙනෙක් ලෙස තමා සලකන්නේ. 1971දී ඉන්දිරා ගාන්ධි අගමැති ලෙස පත්වුනාට පසු ඔය නවීන වැඩ මට ගැලපෙන්නේ නෑ කියා දේශපාලනයෙන් විශ්‍රාම ගෙන, ජනෙල් කූරු වල එල්ලී, ආගමික සහ සමාජ සේවා කටයුතු වල යෙදුනා.

අපි මේ දීමනා ලබාගැනීම වැනි දේ වලට සටන් කළේ නැත කියා හිටපු අගමැති කෙනෙකුට හිමිවන රුපියල් 500 දීමනාව පවා ඔහු ප්‍රතික්ෂේප කළ අයෙක්. හිතවතුන්ගෙන්, දුවගෙන් හෝ පුතුන් දෙදෙනාගෙන් වත් කිසිම මුදල් උපකාරයක් ලබාගෙන නෑ. - බලාගෙන යනකොට අපි හම්බුකළොත් අපි කනවා ජාතියේ ඔරිජිනල් පොරක් -. පස්සෙන්පහු බොහෝ දෙනාගේ බලකිරීම මත ඔහු රුපියල් 500 දීමනාව ලබාගෙන තිබෙනවා. ඒක වුනත් නියමිත දිනයට නොලැබෙන නිසා තමා ගෙවල් කුලිය පරක්කු වෙලා තිබෙන්නේත්.

මේ සිද්ධියෙන් පසු වුවත් රජයෙන් ලබාදුන් නිවස ප්‍රතික්ෂේපකළ ඔහු පසු කලක අහමෙදාබාද්හි සිය දුවණියගේ නිවසට පදිංචිය සඳහා ගොස් තිබෙනවා.

1997දී ඉන්දියාවේ ඉහලම සිවිල් සම්මානය වන 'භාරත් රත්න'යෙන් පිදුම් ලැබූ ශ්‍ශ්‍රී ගුල්සාරිලාල් නන්ද 1998දී මියයන විට වයස අවුරුදු 99 මස 6ක්.

 අපි මේ දීමනා ලබාගැනීම වැනි දේ වලට සටන් කළේ නැත කියා හිටපු අගමැති කෙනෙකුට හිමිවන රුපියල් 500 දීමනාව පවා ඔහු ප්‍රතික්ෂේප කළ අයෙක්. හිතවතුන්ගෙන්, දුවගෙන් හෝ පුතුන් දෙදෙනාගෙන් වත් කිසිම මුදල් උපකාරයක් ලබාගෙන නෑ. - බලාගෙන යනකොට අපි හම්බුකළොත් අපි කනවා ජාතියේ ඔරිජිනල් පොරක් -. පස්සෙන්පහු බොහෝ දෙනාගේ බලකිරීම මත ඔහු රුපියල් 500 දීමනාව ලබාගෙන තිබෙනවා. ඒක වුනත් නියමිත දිනයට නොලැබෙන නිසා තමා ගෙවල් කුලිය පරක්කු වෙලා තිබෙන්නේත්.

මේ සිද්ධියෙන් පසු වුවත් රජයෙන් ලබාදුන් නිවස ප්‍රතික්ෂේපකළ ඔහු පසු කලක අහමෙදාබාද්හි සිය දුවණියගේ නිවසට පදිංචිය සඳහා ගොස් තිබෙනවා.

1997දී ඉන්දියාවේ ඉහලම සිවිල් සම්මානය වන 'භාරත් රත්න'යෙන් පිදුම් ලැබූ ශ්‍රී ගුල්සාරිලාල් නන්ද 1998දී මියයන විට වයස අවුරුදු 99 මස 6ක්.

අපේ පල්ලෙවත්ත ජී ගේ පින්තුරේ දැම්මේ මේ නන්ද ජි වගේම එයත් වෙස්ට් එකක් අඳින නිසා මිසක් වෙන දේකට නං නෙවේ, හරිය. අනික අපේ පල්ලෙවත්ත ජී ඔය ගෙවල් කතා අරව මෙව්වා දන්නේ නෑ එව්වා ඉන්දියාවේ පත්තරවල ගියාට ලංකාවේ පත්තරවල යන්නෑනෙ.  

ශ්‍රී ගුල්සාරිලාල් නන්ද 


Saturday, November 30, 2019

ඇසළ කුණට ජයවේවා!

ගුඩ් මෝනිං එකක් වේවා!

තාව මෙහෙමනේ උනේ සෑර්.

හැත්තැහතේ තිබ්බනේ සෑර් 'මන්ත්‍රී තරඟයක්'. ඔව් ඔව් අර පේමදාස මහත්තය අත් දෙකට පොල් බෑ දෙක අරගෙන මේ පොල්බෑය කීයද,  මේ පොල්බෑය කීයද කියල එක එක බෑය වෙන වෙනම පේන්නලා ගනං ටීචර් වගේ අපෙන් අහනවා එතකොට පොල් ගෙඩිය කියක් උනාද කියල. අන්න එහෙමයි ඒකාලේ..  අපිට ගනං සාස්තරේ හිටං එතුමල කියල දුන්නේ.

හිච්චි එකා කාලේ ඉතිං හැට්ටරුත් යනවා චන්ද මීටිං බලන්ඩ හිටං, කොළ කෑල්ලක් එහෙම අරගෙන පැන්සලෙන් ගාන එකතු කරලා බැලින්නං හරියටම හරිනේ. ඒ මහත්තය ඇත්තනේ කියල තියෙන්නේ. හැබැයි චියර් කරන කෂ්ටිය 'හැත්තැහතේ ..ත්ත නැතේ..' කෑගහල කියන එකනං හරියට තේරුං ගියේ නං නෑ. එතකොට ගෑනු ඔක්කොම පිරිමි වෙනවද නැත්තං අමුතුම ජාතියක් වෙනවද කියල තමයි පස්නේ තිබ්බේ. 

ඔන්න ඔය තරඟෙට බලපිටියේ ආසනෙන් ඉල්ලුව සුදර්මන් මහත්තයත්. 
ස්වාධීන අපේක්ෂකයා.
සුදර්මන් මහත්තය බලපිටියේ ගුරු විද්‍යාලෙන් පැන්ෂන් එහෙම ගිහිල්ල හිටං එයාගේ වතුපිටිටික බලා කියාගෙන හිටියේ. නෝනත් නෑ මගේ හිතේ ඒ වෙනකොට. දුවයි බෑනයි තමා ගෙදර හිටියේ තඩි ඇල්සේසන් බල්ලට අමතරව. කාර් තුනක්ද කොහෙද තිබ්බ, කොන්සල් එකයි, පෝඩ් ප්‍රිපෙට් එකයි තව මගේ හිතේ හිල්මන් එහෙකුයි. 
වත්තක් දෙකක් විකුණලා සල්ලිත් ලැහැස්ති කොරගෙන තමයි සුදර්මන් මහත්තය ගේමට බැස්සේ.

අම්මට සිරි, ගමේ විතරක් නෙවේ අල්ලපු ගං වල රස්තියාදු කෙල කෙල හිටි හාදයෝ සේරෝම සුදර්මන් මහත්තයාගේ ගෙදර. කහ සේට් ඇඳල, කහ තොප්පි දාල කියල වෑඈඩක් නෑ ..

උන්ම අතිං ලියල හිටං තාප්ප වල ගැහුවා කහ පාට පෝස්ටරයක්. එළ කිරි වගේ.


නෝමන් මහත්තය ගහල තියෙනවා අලියාට ඔබේ වටිනා චන්දය දෙන්ඩ කියල, අසෝක මහත්තය කියනව ගියපාර වගේම යතුරට චන්දෙ දෙන්ඩ කියල, ලස්මන් මහත්තයත් එහෙමයි, අතට චන්දෙ දෙන්ඩ කියනවා. සුදර්මන් මහත්තය විතරක් කොහෙවත් නැති කුණකට චන්දෙ දෙන්ඩ කියනවා. මට නං හිතුනේ මේ කියන්නේ පාරුතොට පොල් ලෙලි වලවල් ගැන කියල, අපේ හරියේ මාදුගඟේ ගොඩ හරියට වෙන්ඩ එක සිය ගානට පොල් ලෙලි වලවල් තියෙනවා, එව්වට ලෙලි දාල පල් කොරල ඊට පස්සේ තලලා තමා ඒකාලේ පොල් කොහු හදන්නේ. ඔය වලවල් සදා හයිඩ්‍රජන් සල්පයිඩ් ගඳයි. රත්ගම එව්වෝ වගේ කතරගම යන වාහන වලට කියල පොල් ලෙලි තලවගත්තේ නෑ අපේ ගමේ අය. අහිංසක මිනිස්සු.

අර කහ සේට් කෂ්ටිය ඉන්නවා නේද, ඉස්සර වැලේ වැල් නැතුව බීඩි බිබී හිටියට දැන් උන් හන්දියේ කඩේට 'ෂියෑට්' එකක් ගන්ඩ යන්නෙත් පෝඩ් ප්‍රිපෙට් එකේ, ඒකත් පුල්ම ලෝඩ් එක ගහල. කොහොමද ඒක.. 
ඉස්ටේජ් ගහනවා, කහ කොඩි දානවා, උන්ම කතාත් පවත්වනවා, ඔරෙන්ජන් බාර්ලි බොනවා. බොරු කියන්ඩ ඕනේ නෑ ළඟ හිටියොත් අපටත් බාර්ලි හම්බ වෙනවා.. වැඩ ලක්සයයි.

දැන් ඔන්න පිංවතුනි සුදර්මන් මහත්තය කතාව කරනවා.
නෝනාවරුනි, මහත්වරුනි, දරුවනි.   වශයෙන් පටන් ගෙන...
පේමදාස මහත්තයලට  සිරිමාවෝලට වගේ ලොකු පස්න, ප්‍රතිපත්හි ප්‍රකාසන අරව මෙව්වා නැහැ. 
සුදර්මන් මහත්තය කියන්නේ එක දෙයයි.
මිත්‍රවරුනි, දැන් අපේ ගම දියුණු කොරන්ඩ ඕනේ. කොහොමද? 
මෙන්න මේකයි මගේ පැලෑන.

දැන් අපේ ගමේ බැලු බැලු අත තියෙනවනේ පොල් ගස්.
මම මංත්‍රී උනාම හැම ගහකම බඳින්ඩ හරකෙක් සපයලා දෙනවා. ඌ එතන තියෙන තණකොළ ටික කාවි. ඔහෙලට තියෙන්නේ වතුර ටිකක්, ඉඳ හිට පුන්නක්කු ටිකක් දෙන එක විතරයි.
උගේ කිරි තමන්ට ඇති පමණ බීල ඉතුරු ටික විකුණන්ඩ ඇහැකි. ගොම ටික දාල එළවළුවක් වවා ගන්ඩ ඇහැකි.
නිරෝගී මිනිසුන් සහ අමතර අදායමක්!

ඉත්න් ඔහෙලට තියෙන්නේ ඇස ලකුණට චන්දය දෙන එක විතරයි.
simple as that.

පස්සෙන් පහු වෙනකොට සුදර්මන් මහත්තය කතාවේ අගට තව කෑල්ලකුත් එකතුකළා. ඒ මොකක්ද;
මම දැන් දිනලා ඉවරයි, දැන් මට තියෙන්නේ මැජෝරිටිය හදාගන්ඩ එක තමයි. ඩික්ෂනරියක් වත් නැති එකේ මක්කැයි මේ මැජෝරිටිය කියල දැනගන්ඩ හැට්ටර්ට නං සෑහෙන කාලයක් ගියා.

ඔන්න දැන් පහුගිය 16 වගේ ඉලෙක්ෂන් දවස උදාඋනා. චන්දෙ දැම්ම. චන්ද පෙට්ටි ගාල්ලේ කච්චේරියට ගෙනිච්චා. සුදර්මන් මහත්තයත් ඒ එක්කම ගාලු ගියා.

අම්මට සිරි ඊට පස්සෙනේ කෙළිය. සුදර්මන් මහත්තයාගේ ගෙදර ඇස්ටෝම් පළ වගේ, කෑමද, බීමද, අරවද මේවද , වෑ.. ඩක් නෑ. සැට් එක පුල් වොලියුම්. ඇම් ඇස්ලගේ ඇන්ටන් ජෝන්ලගේ බයිලා එකක් පස්සේ එකක්. කස්ටියක් නටනවා. හැබැයි හත අට වෙනකොටම සමහරු පැණි වෙලා භූගත වෙලාත් හිටිය. 


ඔන්න දැන් පාන්දර ජාමේ සුදර්මන්, මහත්තයාගේ කාර් එක එනවා. සෙනගට වගේ වගක් නෑ. කනවා, බොනවා. ෂියෑට් ගහනවා එක සිය ගානට මේ හෙට සුනාමිය එනවා වගේ. . මහත්තය ගියා සැට් එක ඕෆ් කළා, සෙනග පුල් හොල්මං, 
තුන්සිය හතලිස් දෙකක් ඉඳිද්දී අනික්  සේරෝම කැරි වේෂිගේ පුතාල දැන්ම පලයව් එලියට කියල කෑගහල කිව්වා.

මයින්ද දේශප්‍රිය මහත්තයගෙන් ඇහුවොත් කියාවි කොහොමද පරණ චන්ද ප්‍රතිපල  බලන්නේ කියල. (මගේ නම නං කියන්න එපා, එයා අපේ ගුරුතුමා.. විවහාරික ගණිතේ ඉගැන්නුවේ). 

සත්‍ය සිද්ධිය ඔතනින් ඉවරයි.

දැන් ඔන්න සුදර්මන් මහත්තය ගෙට ගිහින් වොෂ් එකක් එහෙම දාල සරමකුත් ඇඳගෙන එනවලු පාටියට.
දෙශීයකුත් දාගෙන ගිහින් සැට් එක ඔන් කරලා හෙම හිටං දැම්මලු   සින්දුවක්.


නැවිලා සරමේ කොනකිං අල්ලලා උස්සල ගත්තලු හිටං ඈ ..

ඉතුරු ටිකත් ම කියන්ඩ ඕනේ නෑ නේ ...


ජයවේවා!
Myself Hattor