Saturday, March 1, 2025

බ්ලොමය

බ්ලොමය  නැත්තං සාමාන්‍ය ව්‍යවහාරේ බ්ලොම් එක එහෙමත් නැත්තං කොළඹ විශ්ව විද්‍යාලයේ Bloemfontein Medical Students Hostel එක.

වචනයේ පරිසමප්තියෙම්ම වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරෙ. එහම උනාට එග්සෑම් ඇනගත්තු පරණ ශිෂ්‍යයො, ඇයි ගජයො ඔය සියල්ලෝම ඕකේ වාසය කරනව. 

ඒ කෝම වෙතත් බාහිර පුද්ගලයන්ට මෙහි නවාතැන් දීම නීතියෙම්ම තහනං. රටම දන්න ලොක්කෙක් වෙච්චි මේකෙ වෝඩා නොහොත් වෝඩන් තුමා, මේ ශිෂ්‍යයන්ගෙ විනය බොහොම ඉහලින් තැකූ පුද්ගලයෙක්. 

මේ වෛද්‍ය ශිෂ්‍යයොත් මනුෂ්‍යයො නේ. සමහරු කෝමහරි මේකට රෑට රෑට 'කෑලි' ස්මගල් කරනවා හිටං තම තමංගේ ක්‍රීඩා සම්බන්ධ ක්‍රියාකාරකම් වලට.

 මුලදී මුලදී ශිෂ්‍යයො මේවට අහුවෙලා විනය ක්‍රියාමාර්ග වලට යටත් කළත් අපේ ජනාධිපති තුමා වරක් කිව්වා වගේ ළමයෙක් උනත් හැමදාම එකම තැන හැංගෙන්නෙ නෑ වගේ ශිෂ්‍යයොත් ස්මාට් උනා.

දැන් ඔන්න විනය පාලක තුමා හොස්ටල් එකට පැනල කාන්තාවක් අල්ලගන්නව (ශිෂ්‍යය මාරු වෙනව) කාමරේ දෙන්නෙක් ඉන්නවනේ. ඉතිං තුමා අහනව කොයි මහත්තයද තමාව මෙතනට ගෙනාවෙ කියල.

සර්, කෝදාගොඩ කියල මහත්තයෙක් තමා මාව ගෙනාවෙ. තුමාගෙ මූණ රතු වෙනව. තව කාන්තාවක් අල්ලගත්තත් බලනකොට එතනත් කෝදාගොඩ කියල මහත්තයෙක් තමා එයාව ගෙනල්ල තියෙන්නෙ.

මේ මහත්තයත් එක්ක ශිෂ්‍යයො කොපමණ තරහකින්ද හිටියෙ කියනවනං බ්ලොම් එකේ බල්ලටත් නම දාල තිබුණේ කෝදා කියල. 

ලොකු මහත්තය ඔතනිං යන වෙලාවක සිකුරිටි මල්ලි බල්ලට කතාකළාම;

මහත්තයත් හැරිලා බලනව වලිගෙ වනවන බල්ලත් එනව.


කොළඹ නගරාධිපති තුමත් මේකෙ ආදී ශිෂ්‍යයෙක්ද දන්නේ නෑ දැන් මේ පාරේ නම කිංසි ලේන් කියන එකත් වෙනස් කරලා.

176 Professor Nandadasa Kodagoda Rd, Colombo 00700, Sri Lanka

No comments:

Post a Comment