Whiteout
සිසිරලගෙ කාලෙ එහෙමත් නැත්නං winter සමයෙ වටපිටාව හිමෙන් වැහිලා ආකාසෙත් වලාකුළුවලින් පිරිලා ඉර එළියක් නැතුව තියෙන කලට වෙන දෙයක් මේක. තද මීදුම, අධික හිම පතනය වගේ දේ වලිනුත් මේක වෙනවා. මෙතනදි ක්ෂිතිජයක් හොයාගන්ඩ බෑ ඒ කියන්නේ කිසිම රෙෆරන්ස් එකක් ගන්ඩ බෑ.
සුදූ..., හැමතැනම සුදු.
ත්‍රිපිටකයේ ධනිය සුත්‍රයේ ධනිය ගෝපාල තෙමේ මෙසේ පවසා තිබේ. ඒ කෙසේද යත්;
"මම සිදු කළ බත්කිස ඇතියෙම්, දෝනා ලද කිරි ඇතියෙම්, ‘මහී’ ගංතෙර සමීපයෙහි අනුකූලපරිජනයා සමඟ වාස ඇතියෙම් වෙමි. වාසගෘහය (තෘණපර්ණච්ඡදනයෙන්) සෙවෙණි කරණ ලදී. ගිනි දල්වන ලදී. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව."
ඒ වගේ උණුසුම් කළ ගෙදර ඉඳං තේ එකක් කෝපි එකක් බොන ගමං පොතක් හෝ Netflix පිචෑර් බලන්ඩ වාසනාව නැති අපි වගේ රස්සාවට එහෙ මෙහෙ දුවන උන්ට නං ඉතිං බඩුම තමා, හෙඩ් ලෛට් ෆොග් ලෛට් මක්ක ගැහුවත් පාරක් තොටක් නං හොයාගන්ඩ නම් බෑ මහත්වරුනි.
ඒ එක්කම නෝනාවරුනි මහත්වරුනි විදුලිය ගැන කතා කොරන විට නම් බ්ලැකෞට් හා බ්‍රෞනෞට් කියා දෙකකුත් අසන්නට ලැබේ. ඉස්සර කාලෙ ඒ කියන්නේ අවුරුදු 76ක කාලෙ වඳුරෝ කූඤ්ඤ ඇදල උන්ගේ වලිග හිර කරගත්තට දැන් ඉන්න නවීන වඳුරෝ නොදන්නා ලැයිට් වෑර් වල වැඩකටයුතු කොරන්ඩ ගොහිං රටම අඳුරෙ තිබ්බනේ හිටං. අන්න ඒ වැඩේ බ්ලැකෞට්.
බ්‍රෞනෞට් එකකදි නං ලැයිට් යන්ඩම යන්නේ නෑ අර ගැස්සි ගැස්සි තියෙනවා, ඩිම් වෙනව වගේ ඩාම් වෙන ඩූම් වෙන වැඩ තමා වෙන්නෙ. බ්ලැකෞට් එකක් එන්ඩ කලියෙන් බ්‍රෞනෞට් එකක් එන්ඩත් ලොකු චෑන්ස් එකක් තියෙනවා. ඔය ස'ජ් ප්‍රොටෙක්ටර් වගේ දෙයකින් ගෙදර තියන විදුලි උපකරණ වලට බ්‍රෞනෞට් එකකින් වෙන අතුරු අබාධ ටිකක් විතර අඩු කරගන්ඩත් ඇහැක්.
මම හිතන්නෙ කලිං "පාඩමක" කිව්ව මේ ලොකු ලෛන් ට්‍රිප් වෙන විදියක්. (ලොකු ලෛන් දාපු සහ දාන මොන ලොක්කත් දවසක අනිවා ට්‍රිප් වෙනවම තමා... බි.පෙ.සි.)
P= * ω
මතක අය අත උස්සන්ඩ
ඔතන සමීකරණේ වම් පැත්ත තමා ජෙනරේටරෙන් ජනනය කරන බලය
දකුණු පැත්තෙ මුල් ග්‍රීක් අකුරෙන් කියන්නෙ අපි, පාරිභෝගිකයා පරිභෝජනය කරන බලයට සමානුපාතික දෙයක්.
දෙවැනි ග්‍රීක් අකුර, අර "ය" යන්න වගේ එක තමා පද්ධතියේ ගැස්සීම. ලංකාව, එංගලංතේ, ඔලංතේ (අර සිනුවර තියෙන්නේ එහෙ) වගේ ධනවාදී රටවල ඕක තප්පරේට 50ස් වරක් ගැස්සෙන්නත් (50 Hz) ලෙසටත් ඇමරිකා ජපාන වගේ රටවල තප්පරේට 60 වරක් ගැස්සෙන්නත් (60 Hz) ලෙසටත් තමා ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ. ඔය Hz යුනිට් එක, හ'ට්ස්, ජ'මන් ජාතික Heinrich Rudolf Hertz තුමා සිහිවෙන්ඩ දාපු දෙයක්.
ඔය 50 පනහෙම තියාගන්ඩ තමා ට්රෛ එක. ඒත් කොමහරි 49.5 ත් 50.5 අතර තියාගන්ඩම ඕනෙ. දැන් ආයිමත් අර සමීකරණෙට යමු.
P= * ω
දැන් අපි අධි පරිභෝජනේ කළොත් අර එක වැඩි වෙනවා. ඒත් P එහෙම්මම නිසා ω අඩු වෙනවා.
ඔන්න ඕක බලන්ඩ තමා ලං(කා) වි(නෝද) ම(න්ඩලේ) සිස්ටම් කොන්ට්‍රෝල් අංශෙ තියෙන්නේ.
ඉස්සර දෙමටගොඩ කෙන්ට් පාරේ තිබ්බ එක දැන් වැදගත් පලාතක් උන පැලවත්තෙ, චෑං නෝනමහත්තය එහෙම නිතර යන එන පළාත, තමා ස්ථානගත කරලා තියෙන්නේ.
ආන්න එතන ලොක්කොන්ට ඔය සමීකරණෙ බැලන්ස් වෙන්ඩ වම් පැත්තට තව පවර් ස්ටේෂන් එක්ක එකතු කරන්ඩ පුළුවන් අර නොම්මරේ 50 වෙන්ඩ. බොහෝවේලාවට ඔය කේස් එන්ඩ ඇහැක් නිසා ජල විදුලි බලාගාරයක් හැමතිස්සෙම අඩු පරිමාවකින් දුවවනව. පරිභෝජනේ වැඩි වෙනකොට අර ජල බලගාරෙ පොඩ්ඩක් ලෝඩ් කරලා, තව වැඩිපුර වතුර ටිකක් ඇරල හිටං, වැඩිපුර බලයක් උපද්දවනවා. ඔන්න ඕක තමා මූලිකම මුලික ලෝඩ් බැලංෂින් සීන් එක. නියම ක්‍රමේ නං බොහොම සංකීර්ණයි.
මේකෙ මේ අහිංසක වඳුරෙක් පිට දැම්මට වඳුරන්ගෙන් පැවත එන අය අතේ අති විශාල වැරැද්දක් තියෙනවා.
සිස්ටම් කොන්ට්‍රෝල් කෂ්ටිය හරියට රස්සාව කළානං පානදුරේ ග්‍රිඩ් සබ් එකට වඳුරා පැනල ෂෝට් කළා කියල ලංකාවම බ්ලැකෞට් වෙන්ඩ විදියක් නෑ . නෝරොච්චෝලෙ ජෙනි තුනම එකපාරටම හිටින්ඩ විදියක් නෑ එතන උන් හරියට තමංගේ වැඩේ කළානං.
නෝරොච්චෝලෙ වගේ බලාගාර එක පාරටම නැවතෙන්නැතුව හෞස් ලෝඩ් එකෙන් දුවන්ඩ ඇහැක් වෙන්ඩ ඕනේ. මෙගාවොට් 900ක යුනිට් එකක හෞස් ලෝඩ් එක (ඇතුළේ වැඩ කටයුතු වලට අවශ්‍ය බලය) මෙගාවොට් 50-100ක් වත් වෙනවා. පොතේ හැටියට ඒකෙං ස්ටේශන් එක නවතින්නේ නැතුව ඇදගෙන යන්ඩ ඇහැක් වෙන්ඩ ඕනේ
නමුත් පොතේ තිබුණට ඒවා ඒ විදියටම ස්ථාපනය කරලද කියන්ඩ මම දන්නේ නෑ.
මතකද JejuAir බෝඉං 737-800 එකක් බානකොට හැපිලා ජීවිත179ක් විනාශ වෙලා දෙන්නෙක් විතරක් ජීවිත බේරාගන්නවා.
ලෑන්ඩින් ඇප්‍රොච් එකේදී කුරුල්ලෝ හැපිලා එක එන්ජිමකුත් ඊළඟට අනික් එන්ජිමත් ක්‍රියා විරහිත වෙනවා.
කළු පෙට්ටි සොයගත්තත් ඒවායේ අන්තිම විනාඩි 4 ගැන කිසිම සටහනක් නෑ.
අන්තිමට සොයනකොට දැනගන්ඩ ලැබිලා තියෙනවා කළු පෙට්ටි වලට බලය සපයල තිබෙන්නෙ එක එන්ජිමකට සම්බන්ධ ජෙනරේටරේකින් පමණක් කියා. කුරුල්ලා වැදුනා එන්ජිම ෂට් ඩවුන් උනා ජෙනරෙටරේ නැවතුනා කළු පෙට්ටියට විදුලිය විසංධි උනා.
නමුත් දශක කීපයකට කලිං කළු පෙට්ටියට බැටරි සම්බන්ධතාවයක් දිය යුතුයි කියා නීතියකුත් පනවා තිබෙනවා.
නොරෝච්චෝලේත් ඔය වාගේ සීන් එකක් වෙන්ඩත් බැරි නෑ.
මොනවා උනත් කමක් නෑ නියමාකාරයෙන් වෙච්ච දේ හෙව්වොත් ඉදිරියටවත් ඔව්ව වෙන එක නවත්තගන්ඩ ඇහැක් වෙයි.
හැබැයි වඳුරෝ පැන්නා, මෛනල කුඩූ හැදුවා, සීයා කජු කකා හිටිය මිසක් මක්කාවත් කරලා නෑ වගේ ලොවෙත් නැති දේ කියා කියා, අනුන්ට බෝලෙ පාස් කරලා පොඩි උන් වගේ Not me Not me කියා කියා හිටියොත් නං ඉතිං බඩුම තමා.
විද්‍යාවේ මෙහෙම දෙයක් තියෙනවා.
අශ්ව බල 1 = වොට් 745.7
1hp =745.7 W
ඉරිදා ලැයිට් යනකොට ලෝඩ් එක මෙගාවොට් 1600ක් විතර තිබුනලු.
1600MW = 1600000000 W
එක වඳුරෙකුට මේක නවත්තන්න ඇහැක් නං වඳුරාට අඩුම ගානේ මෙගාවොට් 1600ක් බලයක් තිබිය යුතුයි නේද මිත්‍රෝරුනි.
එසේනම් එය අශ්ව බල වලින් කියන්නේ නම් 1600000000/745.7
වඳුරු බල 1 = අශ්ව බල 2145634.97
එනම් වඳුරු බල 1 = අශ්ව බල මිලියන 2ක්!!
ලේසි නෑ !!
කෙසේ හෝ ඔබ වඳුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න!
තැන්කිව් ඇන්ඩ් යූ ගයිස් ටේක් කෙයා
බායි ෆෝ නව්
මම මේක ෆේස්බුක් එකේ ඇහුව ප්‍රශ්නයක් . ඕක ලෝකල් වෙනකොට (වඳුරෙක් අධි වොල්ටිය එකකට අහුවෙලා මැරුණ බව ඇත්ත ) සර්කිට් බ්රෙකර්ස් වලින් ඉබේ ඒ පැත්ත ඕෆ් වෙන්නේ නැත්ද . එතකොට ඒ ටික isolate වෙන්නේ නැත්ද කියන එක . එහෙම කරාල නැත්නම් අවුරුදු මා 75 ක් මොනවද කලේ . මේ ආණ්ඩුවට වරද පටවන්න ඕනේ මේ අමතියත් අරගොල්ලෝ කියන එකම ගිලින එකට . එයාට තිබ්බනේ හොයල් බලන්න ඔයිට බ්වදිය . මෙයට සමාන දෙයක් මහාචර්ය චන්දිම ගෝමෙස් අහල තිබ්බ කියල තවත් කෙනෙක් කමෙන්ට් කරල තිබ්බ .
ReplyDeleteඅජිත්, මට හිතෙන විදියට මෙතන හැමෝම කොලේ වහල ගහන්නේ.
ReplyDeleteපානදුරේ සබ් එක ට්‍රිප් උනා කියල ලංකාවෙම විදුලිය විසන්ධි වෙනව කියන එක තෙරුම්කරන්න හරිම අමාරුයි. ඔතන වැඩිම උනොත් 100MW ට්‍රිප් වෙන්ඩ ඇති. ඒ වෙලාවෙ 1600 දිව්වා නං වැඩිම උනොත් 55Hz යයි. frequency control station එක රිටාඩ් කළානං ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මේ මං කියන්නේ සිස්ටම් කොන්ට්‍රෝල් එක නිවැරදිවම වැඩ කරන, එතන ස්ටාෆ් හරියටම වැඩේ දන්න ඒ වගේම නිවැරදි frequency control station එකක් සිස්ටම් එකේ තියෙන වගේම ප්රෝටෙක්ෂන් සිස්ටම් හරියට වැඩ කරන. ඕවා විදුලි ඉංජිනේරු උපාධියටත් උගන්නනවා වගේම මණ්ඩලේ රෙස්පොන්සිබිලිටි එක.
නමුත් මට නං හිතෙන්නේ කුමක් හෝ හේතුවකට නොරොච්චෝලේ හිටලා තියෙනවා. 900MW එක පාරටම අඩුවෙච්චි එක නං ෆුල් බ්ලැකෞට් එකකට හොඳ හේතුවක් වෙනවා. පක්ෂෙ සහෝදරවරු කියනදේ සැමවිටම සත්‍යය නොවේ. ඔන්න ඔතනදි තමා ඇමතිලට හොඳ උපදේශකයො අවශ්‍ය වෙන්නේ. පොඩි ෆොරන්සික් ඉන්වෙස්ටිගේෂන් එකක් කළානං බඩු සොයාගන්ඩ ඇහැක් . තාම මයින පැටව් කුඩූ කරගන්ඩ බැරුව ලතවෙන අයියලට මේකක් හොයන එක ග්‍රීක් භාෂාවෙන් රොකට් සයන්ස් ඉගෙනගන්නවටත් එහා කොන්ෆියුශන් වෙන වැඩක් වේවි.
Myself Hattor
මේ කියන විදිහට වඳුරෙක් නෙමෙයි කෝඳුරුවෙක් පැන්නත් සිස්ටම් ඩවුන් වෙන ඉස්තරම් ජාලයක් අපට තියෙන බව පැහැදිලියි. සිස්ටම් ඩිසයින් කරන සහ ඉහල තීරණ ගන්නා ලොක්කොන්ගෙ වරද කියලයි හිතෙන්නෙ. ඒ අස්සෙ මම දැක්කා එක ලොක්කෙක් කතා කරනව බැටරි බැකප් එකක් විසඳුමක් හැටියට.
ReplyDeletehttps://www.youtube.com/watch?v=V8L9ckzUxoM
අපි වරද කාගෙහරි ඇඟේ පටවන්න දෙයියලා නෙව. මේ පාර වරද හනුමගෙ නෑයො පිටිං ගියා 😁
ReplyDeleteවඳුරු බල 1 = අශ්ව බල මිලියන 2ක්! ලේෂි කෙලියක් නෙමෙ 🙉