Monday, November 30, 2020

අසරප්පා නිදියන කා ම රේ

අසරප්පා නිදියන කා ම රේ 

කලවැද්දෝ දඟලති සොල් ල් ද රේ ඒ ඒ 

කවුරුත් වටපිටේ පේන්ඩත් නෑ. පරණ නූර්ති ගීතයක් සද්දෙන් ගයනා කරන්ඩ හිතුනා. ගැයුවා.

ග ම ප ධ අසරප්පා නිදියන

    හැත්තර් සං 

ම්ම් ජපනෙක්. ස' වට් කැන් අයි ඩූ ෆො යූ 
    වාසුදේව, සිංහලෙන් යමක් ඇහුවම සිංහලෙන් උත්තර දීපං.
සමාවෙන්ඩ
    දැන් උඹ දන්නවද මේ මොකක්ද උඹ බලබල ඉන්නේ කියල 
ඔව් සර් 
    යකෝ ස' ඉන්නේ ලංකාවේ. මුලින්ම මේ අහපු පස්නේට උත්තරයක් දීපං 
ඔව් 
    කෝමද දන්නේ 
ඇයි ඔය සෝක් එකට බෝඩ් ලැල්ලක් ගහල තියෙන්නේ 
    එතකොට අරක? අර ලොකු බෝලයක් වගේ එක 
ඒකත් දන්නවා. ඒකෙත් බෝඩ් එකක් ගහල තියෙන්නේ 
එතකොට ස' කවුද? ජපනෙක් බවනං පේනවා. ඒත් කවුද?
    දැන් මං එක පාරකුත් කිව්වනේ ස' ඉන්නේ ලංකාවේ කියල.
    හැත්තර්  සං, දැන් ඔහේ බෝඩ් කියවල මේ ප්ලේන් එකය් අරකයි මේකයි අඳුනගත්ත නං  මගේ මේ නේම්ටැග් එක කියවල ඒකත් බලාගනිංකෝ  .

කැප්ටන් මිත්සුඕ ෆුචිදා, ඉම්පීරියල් ජැපනීස් නේවි එයා සේවිස් 
 

 පිස්සු හැදිල හොඳවෙලා ආයෙ හැදෙනවා!


පිපාසය ඇති තැන පෝටෙලෝ සැපතකි 
ඒවගේම ඔබ හඳුනගන්ඩ ලැබීමත් ඉමහත් සතුටකි කැප්ටන් ෆුචිදා
    මටත් එසේමයි හැට්ටර් සං 

එතකොට කැප්ටන් තමයි ටෝරා ටෝරා ටෝරා සිග්නල් එක ගහන්ඩ කිව්වේ  පර්ල් හාබර් එකට බැෂ්ටිය දෙන්ඩ. 
 උඹ ඒකත් දන්නවද? ඒකාලේ මං කැප්ටන් නෙවේ කොමාන්ඩර්. හැබැයි මල්ලි ටෝරා ටෝරා ටෝරා ගැහුවේ නං විඩ්රෝ වෙන්ඩ.   
අපේ කෝඩ් එක තිබ්බේ ト(තෝ - එළකිරි : ඒ කියන්නේ successful )  ラ (රා - දුන්න ජම්බු නාගසලං වෙන්ඩම  : හරියටම මං දන්න සිංහලෙං කියනවනං  surprise to the enemy ).  トラගැහුවම කෝඩ් එකේ තේරුම එළකිරි, දුන්න ජම්බු  නාගසලං වෙන්ඩම, අපහු නැවට පලයාං. 
හම්මට අපෙත් එහෙමනේ රා ගැහුවම නාගසලං තමයි 

හැබැයි මල්ලි ගේමට එන්ටර් වෙන්ඩ මුලින් ගැහුවෙ "තෝ, තෝ, තෝ",   ඒ කිව්වේ අපේ බාසාවෙන් 突撃せよ  - තොත්සුගෙකි ... --  ඒකේ මුල් අකුර තුන් පාරක් උඹලගේ බාෂාවෙන් නං 'නෙ..ළ.. පාං' කියන එක.
අම්මට සිරි වෙනව කැප්ටන් අපිත් ඕකමනේ කියන්නේ එකෙක්ට නෙලන්ඩ ඕනේ උනාම, හැබැයි අපි තව ඔරිජිනල් හෙළ වචනෙකුත් දානවා. තෝ, තෝ, තෝනං, හුත්තෝ කියල 

කැප්ටන් ඉතිං මොකැයි වැඩේ අනාගත්තේ.
තොට මං කිව්වයි කියල හිතාගනින් වාසුදේවය 
නෑ නෑ මල පයින්නේ නැතුව කියන්ඩකො බොස් 
මල්ලියා මේක නේ උනේ සප්‍රයිස් ඇටෑක් එකට එක ෆ්ලෙයා එකනෙ ගහන්ඩ කතාවෙලා තිබ්බේ.
ඉතිං මම අර නිල් ෆ්ලෙයා එක ගැහුවා. ටෝපිඩෝ ටීම් එකේ මුරටා (Lt. Cdr. Shigeharu Murata) දැක්කා, ටග් ගාල ඇටෑක් ෆොර්මේශන් එකට ආව. එළ කොල්ල!   
ඒත් සුගිනාමිය (Lt. Masaji Suganami) වගේ වගක් නැතුව ඔහේ යනවා කෘස් එකේ 
වෙලාව ගන්ඩත් බෑනේ මල්ලි, තව ෆ්ලෙයා එකක් ගහන ගමන් 'තෝ තෝ තෝ  'එකත් රේඩියෝ කළා  
ෆ්ලෙයා දෙක බැස්ස ගමං, අර බුරුවා, තකහෂිය (Lt. Cdr. Kakuichi Takahashi) , ඩයිව් බොම්බර්ස් ටික බැස්සුවා. යකෝ  ඩයිව් බොම්බර්ස් එහෙම බස්සන්නේ නෑනේ. ඇකියුරිසිය ගන්ඩ ඇහැක්ද හරි ඇල්ටිටුයුඩ් එකට ගියේ නැත්තං. ඒකෙං මේකෙං ඒ වැඩේ හරියට උනෙත් නෑ.
මුරාටට තමයි නැව්වලට ටෝපිඩෝ බෝම්බ ටික විදින්ඩ තිබ්බේ. දැන් මේ යකා ගම කෑවම ඒකත් පරක්කු උනා. හැබැයි මුරාට වැඩේ කළා ලෙසටම 
හැබැයි සුද්දෝ නැගිටලා කරලා දත් මැදලා කාරිය  එනකොට අපි නැවේ.

එක නෙවෙයි මල්ලි මෙතන මක්කැයි කරන්නේ මේ  Zero එක බලාගෙන.
මේ ප්ලේන් වලින් ඇවිල්ලනේ කොළඹට බෝම්බ දැම්මේ මතක නැද්ද? 

හරිනේ ඔය සේරෝම අපේ කිදෝ බුතයි  (mobile force) නැව් වල බඩුනේ.
මල්ලි අපි කොළඹට කේට් 17ක් ඇරිය zero හයක් එක්ක. 

ඕකට කෝමෙයි කැප්ටන් Zero කියල නම වැටුනේ.
මෙහෙමනේ, ඕක සේවිස් එකට ආවේ අපේ ජපන් කැලැන්ඩර් අවුරුද්ද 2600. ඇත්තටම ඕකෙ නම උනේ ටයිප් 00.
කැප්ටන් පැද්දෙත් මෙයින් Zero එකක්ද 
නෑ මල්ලි ඒක  'කේට්' නකජිමා B5N. අන්න බඩු!

එතකොට කැප්ටන් මොකෝ මෙතන 
මල්ලි මම අර  බෝලෙ බලන්න ආවේ.

දැන් යන්ඩත් වෙලාව හරි. හැත්තර් සං අද හැන්දෑවේ ප්ලෑන් මොනවාද 
මුකුත් නෑ කැප්ටන් හෝටලේට ගොහිං මක්ක හරි කාල නිදාගන්නවා.
දැන් මේ පාන්දර හතරට මක්ක කන්නය.
පාන්දර හතරයි?
ඔව් නේ ... පාන්දර හතරයි
මෙච්චර වෙලා හිටි එකේ තව ටිකක් ඔහොම්මම ඉඳල මේක උදේ මේක ඇරියම හෝටලේට පලයං.
මමත් තව ටිකකින් මාරු වෙනවා.

මේ ඒක නෙවේ හෙටත් , ඒ කිව්වේ, අද හැන්දෑවටත් සෙට් වෙමුද?

එළනේ කැප්ටන්. ටැට්ටරේට බඩු ලෝඩ් කරනකං කොහොමත් මට අදත් සිංසිනෑටි වල චාටර් වෙන්ඩ වෙනවා  තව කතාකරගන්න දේවල් ඉතුරුත් උනානේ. එව්වා හෙට.
ගුඩ් මෝනිං එකක් වේවා!

ඒක බලන්ඩ යනවනං හෙම කියන්ඩකෝ. ඇහැක්නං ළඟක පාතක හිටියොත් හැට්ටරුත් සෙට් වෙන්නං ආයේ. කෝමහරි කැප්ටනුත් අල්ලගමු)


කෝමද මේක   How to drive a Morris Minor I like those two Beeps  (at 2:55)

Thursday, July 23, 2020

තෙල් බඳුනේ තෙල් තිබේ

(තල්ලු පෝඩ් ලෙඩ චවලට් )

තෙල් බඳුනේ තෙල් තිබේ.

රෝයි සර් නෝට් එක දෙන්ඩ පටන් ගත්තා.

රෝයි සර් ඒ කියන්නේ රෝයි රණසූරිය මහතා ගැන කියන කොට එයාගේ පෙනුම ගැන නොකිව්වොත් ඒක වස වැරැද්දක්. සර් ලෙසටම අයන් කරපු ඇඳුම ඇඳලා, ක්‍රීස් කියන්නේ පැන්සලක් උල් කරන්ඩ ඇහැක් තරමට, මූණ පේන සපත්තු. ගාමිණී පොන්සේකා කියල කොල්ලෝ කියන්නේ. නියම හැන්ඩියා, මේ අපි වගේ 'කිට්' හැන්ඩියො නෙවේ ඈ.. ඔරිජිනල්. ඇවිදින්නෙත් ක්‍රමේට.

ඉස්සරහ පේලියේ කොල්ලොන්ගේ කට ඇරුණා. නිකං wha.a.a.t the hell ? වගේ. හැබැයි සර් ගෙන් අහන්ඩ උන් මිස් කරනවා මොකෝ වැඩේ දෙල් උනොත් නැවකට කන්ඩ වෙනවා සර් ගෙන්. මල පැන්නොත් වැඩේ සීරියල්. ඕ යේස්. ගමකට කෑම.
අන්තිම පේලියේ හැට්ටර්ටත් මේක ලොකු ප්‍රස්නයක්. ඇයි යකෝ තෙල් බඳුනේ තෙල් නැත්තන් වෙන අහවල් එකද තියෙන්නේ කියල. ඕන කජ්ජු ගහක් යටිං කියල ඉස්සුවා අත. දකුණු අත. ඇයි?.... සර් ඉතින් තෙල් බඳුනේ තෙල් නැත්තන් වෙන මොනවාද තියෙන්නේ. අයිෂේ පොඩ්ඩක් ඉවසල ඉන්නවා තාම නෝට් එක දෙන්ඩ පටන් ගත්තා විතරනේ...

රෝයි සර් ෆන් එකේ  ඉන්න වෙලාවට වෑ..ඩ .. ක්  නෑ. පුල්ම ආතල්. ඒ වගේම තමා මලටත්. හැබැයි ඒ වෙලාවට විතරයි. ආයේ පස්සෙන් පහු එව්වා හිතේ තියාගෙන ඉන්නේ නෑ.

සර් ජොලියේ ඉන්න සමහරවෙලාවට අපි අහනව සර් මොකක්ද අර අලියගෙ හැපිච්ච කතාව කියල.
හොඳ හිනාවක් එහෙම දාල සර් පටන්ගන්නවා කතාව. ඔව් අයිෂේ, ඒ කලේ මං බැඳලා හිටියෙත් නෑ නේ. මාත් ඉතිං හැන්දෑවේ මෝට සයිකලෙන් ගියා මාලිනී මිස්ලගේ ගෙවල් පැත්තේ. (මේ කතාව කියන කාලේ නං එයාගේ බිරින්දෑ). කළුවරත් වැටිලා, යන්නෙත් හිමිං ගෙදර උඩ තට්ටුව දිහා බලාගෙන. දන්නවනේ පරණ සයිකල් දැන් වගේ නෙවේනේ මැගින්ටෝ කාලේ ස්ලෝ වෙනකොට හෙඩ් ලෑම්ප් එක හරියට කණා මැදිරි එළිය වගේනේ. අයිෂේ තමුන්ලට කියන්ඩ කොහෙද ඉඳල ආපු අලියෙක් පැන්නනේ පාර හරහට. මොන බ්‍රේක් ගැහිල්ලක්ද. කෙලින්ම හැපුණා අලියාගේ. අලියා ආපු ගැම්මටම දිව්වා. මං හෙමින් ආපු නිසා හොඳට ගියා.

සර්ගේ අතේ වේවැල හෙම නැත්තං,ඉතිං සර් අලියා උම්බෑ කියාගෙන දිව්වයි කියන්නේ ඇත්තද?

දවසක් කවුරුහරි අම්බ අලුගුත්තේරු වැඩක් කරලා, සර්ට හොඳටම කේන්ති ගොහින්. පන්තියේ සේරෝම ශිෂ්‍යයෝ දැම්ම එලියට. හිටෙව්වා පංතියට එන පාර දෙපැත්තේ පේලි දෙක මූණට මූණ බලාගෙන. (කඩු නැතුව) සේබ' ආච් එක වගේ ස'.  දොර වහල කොන්ඩිපට්ටම දාල ඉබ්බත් දැම්ම.
වේවැලත් වන වන දොර ළඟ ඉඳල පෝලිමේ අනෙත් කොනට යනවා දොර ලඟට එනවා අයෙත් අනෙත් කොනට යනවා. නිකන් නෙවේ ලොකු දේශනාවකුත් එක්ක. මොනවා කිව්වද කියල නං මතක නෑ. සර්ට මල අපට ෆන්.

විනාඩි පාලහක් විස්සක් විතර තිබ්බ ලැචර් එක. කකුලුත් රිදෙනවා, සර්ටත් තරහ ටිකක් බැහැල වගේ.

දැන් ඔන්න සර් පන්තියේ ඉන්න අහිංසකම අහිංසක, පුල්ම නියුටල්, කිසිම කචාල් එහෙකට හීනෙන්වත් සම්බන්ධ නොවෙන තාලේ ඩයල් එකට කතා කළා

දුන්න ඉබ්බාගේ යතුර. ගිහිං දොර අරින්ඩ.

මෑන්ස් දොර ඇරලා ඇවිත් සර්ට යතුර දුන්න.

ඔයා යන්න.
ඔන්න නියුටල් මෑන් පන්තිය ඇතුලට ගියා.
සර් අයෙත් ගාඩ් ඔෆ් ඔනර් එක ගන්නවා වගේ එහාටයි මෙහාටයි යනවා හොඳින් අපේ මූණු දිහා බලබල.
ඊළඟට නියුටල් වගේ අහිංසක ඩෑල් එකට කියනවා ඔයත් යන්ඩ 
තවත් අහිංසක ඩෑල් එකකට කියනවා ඔයත් යන්ඩ 
ඔය දෙන්නත් යන්ඩ ... වේවැලෙන් පෙන්නනවා දෙන්නෙක්ව 
දැන් අහිංසක ඕඩරේට එකා දෙන්න පංතියට යනවා.
ඊළඟට;
තමුසෙ යනව 
තමුසෙත් යනවා 
තමුසෙලා දෙන්නත් යනවා 
අයෙමත් පාරක් දෙපාරක් එහාට මෙහාට යනවා හොඳින් අපේ මූණු දිහා බලබල 
ආ.. තමුසෙත් යනවා 
ඒ එහෙටත් නැති මෙහෙටත් නැති කස්ටියක් 

පංතියේ තුං කාලක් විතර දැන් ඇතුළෙ.

ආයේ යනවා ගාඩොෆ් ඔනර් එකේ 

උඹ පලයං 
උඹල දෙන්නත් පලයං 
උඹත් පලයන් 

දැන් ගාඩොෆ් ඔනර් එකේ කෂ්ටිය අඩු වෙනවා 

අන්තිමට කෝමහරි එකෙක් ඉතුරු වෙනවා.
පිළිගනින්... පිළිගනින් ... උඹ තමයි කළේ 
ඔප්ෂන් නෑ. පිළිගත්තා නැතා වේවැල් කෂාය පත අට එකට සිඳවා 

ඉතින් ඔන්න මමත් යනවා.

ජයවේවා!
 
මේ එක නෙවේනේ කතාව කියන්ඩ බැරි උනානේ.

තෙල් බඳුනේ තෙල් තිබේ. කියල කිව්වේ The oil pan contains the engine oil. කියනඑක රෝයි සර් සිංහලට ට්‍රාන්ස්ලේට් කළ විදිය.
නෝට් එකේ අන්තිම හරියේ තිබ්බේ ඔය බඳුනේ සමහරවිට වතුරත් තියෙනවා අන්න එතකොට තමයි කේස් එක ගෑස්කට් ගිහිල්ල හරි මොකක් හරි කියල.



Toyota engine lubrication system using the example of a 4-cylinder engine: 1 - Timing chain; 2 - Oil pressure relief valve; 3 - Plug for draining the oil; 4 - Crankshaft; 5 - Engine oil; 6 - Oil pan (oil pan); 7 - Oil pressure sensor; 8 - Oil filter; 9 - Oil cooler; 10 - Camshaft;
Thanks to: https://maslo-toyota.ru

අවුරුදු තිහ හතළිහක් ගියත් අමතක නොවුන මේ දේ ඩිමෙන්ශියා හැදුනත් අමතක නොවී තියේවි.
රෝයි සර් වගේ සර්ලගෙන් අපි විෂය නිදේශයට අමතර බොහෝ දේ ඉගෙනගත්ත. එව්වා පස්සේ ලියමුකො වෙලාවක් ආවොත්.


පිපාසය ඇතිතැන නෙක්ටෝ සැපතකි වගේ ඔබේ පැමිණීමත් මට මහත් සතුටකි.

ජයවේවා අගේන්!
Myself Hattor


මගේ ප්ලේ ලිස්ට් එකෙන්  පරණ  Venezulean රැපක්.   

Thursday, June 25, 2020

කන්න කන්න.... පුතාල කන්න

Thank you kiteworldmag.com for the image

ඔන්න කොල්ලොටික දවාලට කනවා ඈ ..

බත් පිඟන් එනවා, ආයේ එනවා, ආයෙත් එනවා.. දන්නවනේ කොල්ලො කන්ඩ ගියාම, අඹරන්ඩ බැරි වාහෙලා, ඒ මදිවට අලියා ගුලිත් කාල.

අංකල් ආව.. මාරුවෙන් මාරුවට බැලුව මේසෙ දිහයි කොල්ලෝ සෙට් එකයි දිහයි.

මොකෝ අංකල් මොකක් හරි වැඩක් සෙට් වෙලාද?. කියන්ඩ අපි කෂ් ගාල කාල එන්නං

නෑ නෑ පුතාල කන්න..

ආයෙම ඇඹරුම් යන්ත්‍ර වැඩ.
බත් පිඟන් එනවා, ආයේ එනවා, ආයෙත් එනවා.
එළවළු මාළු එනවා, ආයෙ  එනවා

දැන් මෙහෙමනේ වැඩේ.

කොල්ලෙක්ගෙ අක්ක බඳින කොට ඇට්ටෝම් පලේ බ‍ර වැඩ අංශේ එන්නේ මල්ලියට නේ. ප්‍රෙන්ට තනියම අදින්න දෙන්නේ නෑ යාලුවෝ සෙට් එකත් එනවා උදව්වට. එව්වා යුතුකම්. අක්කල ඉන්න මල්ලිල ඔව්ව දන්නව.

දැන් දවස් කීපයක්ම ගේම දීල ඊයේ රෑත් නයිටඇදල උදේ වෙනකොට කොල්ලොන්ගේ වැඩ "දැනට" අහවරයි. ඉතුරු වැඩ හවසට. ජෝඩුව එහෙම පිටත් උනාට පස්සෙ
නාල කරලා කාරිය කොල්ලොටික ඉන්නවා සුද්දෝ වගේ ටයි එහෙම දාල.

මනමාලයාගේ සපත්තු වලට වතුරදාල මෂ්ෂිනා ගතමනාවට මුද්දත් එහෙම අරගෙන ගැන්සිය එකෙල මෙකෙල වෙවී ඉන්නවා කරන්ඩ හරිහමං වැඩක් නැතුව. ඔය ඉන්න අතරේ බඩා කියපි අඩෝ අපි අලිය ගුලි ටිකක් ගේමු. දවල්ට කන්ඩත් තව වෙලා තියෙනවෙනේ.

අලිය ගුලි කාපු එකා දන්නවා මාත්‍රාව සහ විශේෂයෙන්ම වැරෙන් පහර දෙන්ඩ හොඳ නැති බව. ඒත් එතන හිටි සමහරු එදා තමයි නමෝ විත්තියෙන් සළු වෙන්නේ.

කෝමහරි අංකල් කෑමට කතා කරන කොට ටීම් එක සරුංගල් හෙලිකොප්ටර් වලින් තමයි මේසෙට ගියේ ඈ..

දැන් දෙවෙනි පාරටත් , ආයේ විනාඩි දහයකින් පැය කාලෙකින් විතර අංකල් ආව.

වැඩක් තියේනං කියන්ඩ අංකල් මේ කෑවා මේ ආව

නෑ නෑ කන්න කන්න පුතාල කන්න..
ආයෙම ඇඹරුම් යන්ත්‍ර වැඩ.
බත් පිඟන් එනවා, ආයේ එනවා, ආයෙත් එනවා.
එළවළු මාළු එනවා, ආයෙ  එනවා , බැදපු මාළු, කට්ලට් හ්ම්.. හ්ම්..

තව පැය කාලකින් විතර අන්කල් අයෙමත් ආව. මූණත් ටිකක් අප්ෂෙට්.

අංකල් මොකක්ද අවුලක්ද? කියන්ඩ අපි දෙන්නං වැඩේ..

ආ ආ කන්න කන්න පුතාල කන්න.. තව කන්න ඉන්නව.. පුතාල කන්න




මේ පැත්තේ පැමිණියාටත් ඔබගේ වටිනා කාලයටත් තැන්කිව් වේවා!    
Myself Hattor

Monday, June 8, 2020

පුෂ්පෙය - My friend Pushpe

පුෂ්පෙය හිත හොඳ එකා.

තනි වාක්‍යයකින් සැටිපිකෙට් එකක් දෙන්ඩයි කිව්වොත් ඔහොම්මම තමයි ලියන්ඩ වෙන්නෙත්.
අඩි හයට නං වැඩියි උස නමුත් එච්චර සරීර පෝසතෙක් නං නෙවෙයි. කෙට්ටු පරාණේ.
කොහෙ දැක්කත් හා.. මචෝ කොහොමෙයි කියල ඔලුව එහෙම පොඩ්ඩක් පැත්තට නවල කරල කතා නොකර ඉන්නේ පුෂ්පෙය නෙවෙයි.

ශිෂ්‍යයෝ කාලේ දන්නවනේ ඉතින් අතේ සල්ලි බාගෙ එහෙමත් නැහැ නොවැ හිටං. නරක පුරුදු වලටත් ඇබ්බැහිවෙනවත් අඩුයි නොවැ එතකොට.

රෑ පිරිතක් හෙම තියෙනවා නං පුෂ්පෙය බැහැල වැඩ. ඕ යේස් හන්ඩ්‍රඩ් පසෙන්ට්
කළමනා සපයන වැඩ වල ඉඳන් සේරෝම වැඩ හොයල බලල හිටං පිරිත පටන්ගත්තට පස්සේ පුෂ්පෙය ඕන්න ටිකක් රිලීස් වෙනවා.
ආං එතැනදී පුෂ්පෙය යනවා පිරිත් ශ්‍රවනය නොකර ඉන්න අයගෙන් නිදහසට කරුණු විමසන්ඩ.

පුෂ්පෙයත් ළඟ නවනවා කෂ කෂ ගාල. වෙන මක්කටවත් නෙවේ ශිෂ්‍යයොන්ගේම හොඳට. ළඟ නැව්වම බඩු ඉක්මනට ඉවරයි නොවැ . දැං  ඉතිං මක්කැයි ශිෂ්‍යයෝ බොන්නේ. අන්න එතනයි පොයින්ට් එක තියෙන්නේ. පුෂ්පෙය හොඳට හිතා මතා ඕක කොරන්නේ.  බොන්ඩ දෙයක් ඉතුරුවෙලා නැති නිසා  නොබොන ශිෂ්‍යයන්ට පිං ඒවගේම ඒ අවස්ථාව බලෙන්ම ලබාදුන් පුෂ්පෙයටත් පිං.

ටිහකින් ඔන්න පුෂ්පෙයගේ මූණ එහෙක් වෙනවා මෙහේක් වෙනවා. ඔබ හරි. 
නිව්ටන් උන්නැහෙගෙ නියමයට අනුව තැපෑලෙන් රිසල්ට් එක ඇවිත්.


මචං අපේ අම්ම දන්නවනං මං බොනවැයි කියලා ...... පුෂ්පෙයා අඬනව

පුෂ්පෙය හිත හොඳ එකා.

Friday, May 29, 2020

ඇල් ටී ටී ඊ ගණන්කාරයෝ - யாழ்ப்பாணம் எழுபத்தைந்து

Thank you trips.lakdasun.org for the photo 

කිලිනොච්චි ටවුමෙ පාර නියමෙටම හදල කාපට් ඔක්කොම දාල හරියට චීස් කෑල්ල වගේ.
ටෝබොත් නැති 2C ඇන්ජිමෙත් ඉතින් එහෙමටයි කියල පිකප් එහෙකුත් නැති උනත් හිටන් ආයෙ මක්කටෙයි කියල අපේ පයිලටුත් අරින්ඩ ගත්ත. ලෑල්ලටම පාගනවා. 
මෙච්චරක් වෙලා වලවල් වල වැටී වැටි බොකු කටින් අරං ආපු හැට්ටර්ට නින්දකුත් ගියා.  මේ වෙසක් පෝය කාලේ බොරු කියන්ඩත් හොඳ නැති නිසා සෑර් ඇත්තම කියනවනං නින්ද යා..ආ..ගෙන ආවා.

පොඩි එකා කාලේ ජූනියස් උන්නැහැ බන්දුල සෑර්ගේ අහවල් එක නිදහස් කොලාට පස්සේ ප්‍රයිවෙට් බස් හෙම දුවන්ඩ ගත්තනේ.
කොටුවේ ඉස්ටේසම ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ තමා යාපනේ බස් ලෝඩ් කෙරුවේ.
"යාල්පානම් එලුවත්ති අයින්දු."
තාම මතකයි රනර්ල කෑ ගහන්නේ අන්න එහෙම.
ඒ කාලෙ යාපනේ යන්ඩ හිතුනේ හේතු කීපෙකට.
යාපනේ තියෙනව කියන තල් අතු වැටවල් මොනවගේද බලන්ඩ කොච්චර රස්නේද බලන්ඩ වගේ සමාජ භූගෝලීය සාධක
එතනින් ගියාම යනකල් දිගටම 'නොමිලේ'  දෙමළ පිචෑර්ස් බලන්ඩ
නමුත් මුලිකම දේ මනෝරාමා බස් එක. එකේ ඉස්සරහ ඇක්සල් දෙකයි, දෙකම කැපෙනවා.අන්න එකේ යන්ඩ.


Thank you Jon's pics for the photo 

යාල්පානම් යන්ඩ කොච්චරවත් ආස හිතුනට කෝ සල්ලි. එලුවත්ති අයින්දු තියා අයින්දු රුපී වත් නෑ අතේ.

අම් .ම..ට.. සිරි අපේ කැප්ටන් ගැහුවනෙ බ්‍රේක් පාරක් නළල වීදුරුවේ වදින්ඩ.

අයින් කරලා නැවැත්තුව.
අපේ දෙමළ මිත්‍රය හනිකට වාහනෙන් බැස්සා. ඇල් ටී ටී ඊ රාළහාමි මොන මොනවදෝ කිව්වා.
හයි ඉස්පීඩ්.
එලුවත්ති අයින්දු සෑර්
මහත්තය ලඟට ගිහින් දඩ කොලේ ලියවගන්ඩ
මහත්තය ඉන්නවා කොහොඹ ගහක හෙවනේ, මහත්තයාගේ රතේ - කිරි කිරි බයිෂල් එකක් තියෙනවා එහායින් ලැගේජ් ඉස්ටෑන්ඩ් ඔක්කොම ගහල.
හැට ලිමිට් එක අපි හැත්තෑපහට ඇවිල්ල. ඒකයි නඩුව
අපි ඇත්තම කිව්වා. Oh yes, the truth, the whole truth and nothing but the truth
ඇත්තම කියනවනං සෑර්  අපි යාපනෙං පිටත් වෙන්ඩ හිටියේ උදේ 9ට විතර. නමුත් බොස් මේක කරලා දෙන්ඩකෝ - ඕකේ ඒක කළා කියමුකෝ. අනේ මේකත් පොඩ්ඩක් බලන්ඩකෝ. ඔහොම පොඩ්ඩ පොඩ්ඩ බල බල ඉඳල දවල්ටත් කාල මයෙහිතේ එකට දෙකට විතර තමා පිටත් උනේ.
අද රෑටත් හට් එකක ඉන්න බෑ චෙක් පොයින්ට් එක වහන්ඩ කලින් යාගන්ඩ ඕනේ ඒකයි මේ ටික ඇරියේ කියල.
අපි ගිය තැනත් කිව්වම සහ ඊටත් වැඩිය අපේ අහිංසක මූණු දැක්කම එස් අයි මහත්තය අපිට යන්ඩ දුන්න. නිකම්මත් නෙවේ ඇරලා යාමේ පලවිපාකේ දන්නේ නෑ මේ මෝඩයා තාලෙ ලෙචෑර් එකකුත් සමග.

දැන් අපි දෙන්න වෑන් එකට එනවා.
හැට්ටර්ට දැන් මේක ලොකු පස්නයක්. මොකද අපිව නවත්තපු රාළහාමි අතේ ස්පීඩ් ගන් එකක් නෑ. හැබැයි මොකක් හරි මිට මොලවාගෙන ඉන්නවා.
අහපං බං කොහොමද ඉස්පීඩ් එක මැන්නේ කියල
ජෝ ගිහින් ඇහුව රාළහාමි කොල්ලගෙන්. ඌට හිනාවකුත් ගියා.පස්සේ මා දිහාවට හැරිලා පෙන්නුවා ඉස්ටොප් වොච් එකකුයි ලැමිනේට් කරපු පොඩි කොලේකුයි.
මමත් ලඟට ගියා. ජෝ ට්‍රාන්ස්ලේට් කරලා දුන්නා.
ගරුසරුවට සෑර් කියල හෙම කතාකරල කියනවා අර කණුව ළඟ ඉඳල මේ ගස ලඟට එන්ඩ තප්පර 10යි යන්නේ හැටට එනවා නං.
සෑර්ල තප්පර අටට ආව. මේ චාට් එකේ විදියට තප්පර අටයි කියන්නේ හැත්තෑ පහයි.

හරිනේ, ඉස්කෝලෙ යනකාලේ විද්‍යාවට ඉගෙන ගත්තානේ වේගය = දුර/ කාලය කියල.
ඕ යේස් එව්වා ඉගෙනගත්ත ඒ කාලෙ.
(කසනවා වාගේනං ඉතිං S=u
t+
21ft2 ත් හරි තමා )

Thank you Veri Ivanova for the photo 


දෙන්නටම තැන්කිව් කියල ඉතුරු ටිකත් පුළුවන් හයියෙන්ම ආව. 

ඔය මොනවා කොහොම උනත් කර්ව් එක පාත් කරන්ඩ සපෝට් එක දීපු ඔබ සැමට ජයවේවා!





Wednesday, April 29, 2020

ලොකු ලොකු ඇංජිං අස්සෙ අලුක්කාල්

ගුඩ් මෝනිං එකක් වේවා!


All rights and credits of the image to

ලොකු ලොකු ඇංජිං  කිව්වාම ඒ අංශේ ඉන්න ප්‍රධානම කෙනෙක් තමා මගේ ලෝකය එකේ ඉන්න කලන සෑර්. ඕඕ යේස් එයා තමයි, හරියට හරි අර රෝසි අක්කගේ මල්ලි තමා. ඇංජිං කිව්වම ඇංජිං විතරක්ම තිබ්බොත් ඉතින් උඩින්නේ යන්ඩ වෙන්නේ ප්ලේන් රොකට් වාගේ, ඒ නිසා බිමිං යනවනං ට්‍රාන්ස්මිෂන් එහෙකුත් එපෑය. ඔන්න ඕනෙනං TC (තට්ටයගේ කොලම) එකේ මංජුල සෑර් ඉන්නවා ඒ අංශෙ වැඩකටයුතු වලට - (හතර ඩබ්ලියු ඩී දැක්කම හ්ම් හ්ම් - ඉස්සර අපේ ගමේ දන්සැලේ වට්ටක්ක හොදි බෙදන කොට , ම්හු ම්හු  පිඟාන අතිනුත් වහගන්නවා , හැබැයි අල තෙල් මික්ෂර් එක එනකොට නං ඇහෙන්නේ හ්ම් හ්ම් විතරයි ) . රැස් වළලු කරකවන එකයි පනහේ 1.5V ඩීසී මෝටර් වගේ එව්වට නං ඉතිං හැට්ටර්ටත් මක්කහරි කොරගන්ඩ බැරිකමක් නෑ .

කලන සෑර්ගෙයි හැට්ටර්ගෙයි තියෙනවා පොඩි කෝච්චි හුටපටේකුත්. නැද්ද කලන සෑර්. හැබැයි ටැලිපෝන් නොම්මරේ දෙන්ඩ කැල්ගරි වලට එන්ඩ කිව්වා එකනං හරි මදි සෑර්. (නෝක්කඩුවට නෙවේ සෑර් කවටකමට කිව්වේ හොඳේ.). ඉතිං ටැලිපෝන් නොම්මරේ ගන්ඩ එහෙ යන්ඩ ලැස්ති උනා කියමුකො. සරණාගතයෝ වගේ හොරාට නැවේ යන්ඩ බැලුවට, කැල්ගරිවලට වරායක් නෑලුනේ. ඉතිං මොකේදැයි දං වළඳන්නේ කිව්වලු . වීසත් එපෑය. වෙලාවට මතක්උනා හොඳ බොක්කක් ඉන්නවා නේද කැල්ගරි වලම කියල , එලම කිරි. ඉස්සර එකට වැඩ කළේ, පර්ෂියන් ජාතිකයා, කාලෙකින් දැක්කෙත් නැහැ, යැවුවා මේලක් හැට්ටර්ට ඉස්පොන්සර් ලියුමක් එවන්ඩ කියල වීස එකක් ගන්ඩ. මෙන්න ඌ එවනවා හැට්ටර් උඹට සනීප නැද්ද කියල මේ හද්ද වින්ටරේ මෙහෙ එන්ඩ හිතෙන්නේ.  මං ඇහුව මොකෝ පස්නේ, ඇයි ඉස්සර උඹයි මායි වින්ටර්වල එකට වැඩ කරේ මතක නැද්ද කියල. මෙන්න එතකොට මෑන්ස් කියනවා හැට්ටර් මේ කාලේ එලියට ගිහිං චූ එකක් දැම්මම අයිස් කූරක් තමා බඩී එන්නෙ කියල.   බි. පෙ. සි.

කොහොමිං කොහොමිං හරි ඔන්න ඉතිං දවසක් හැට්ටර් වැඩ අහවරවෙලා හිටං ගෙදර යනවා. 103 බොරැල්ලෙන් නැග්ග මරදානෙන් බැස්ස. මෙච්චරවෙලා ඔපිස්එකේ චාටර්වෙවී ඉඳල දැන් ඉතිං පුකට පැස්ටෝල් වැදිච්ච බල්ල වගේ දුහනවා ඉස්ටේසමට. වැඩේ කියන්නේ බොහොමදාට ප්ලැට්පෝම් එකට යනකොටම කෝච්චිය අදිනවනේ ඒකයි මේ හේතුව. අම්.. ම.. ට.. සිරි පොලිසිය හරියේදී වැදුන කියන්නේ පිට හරහ දෝං ගාල සොට් එකක්. හැරුන නෙවේ හැරවුනා, බැලින්නං කුමාරයා, ඌට හිනා, මගේ පිට කීං කීං ගානවා තාම. අඩ්ඩෝ හැට්ටර් තෝ මේ තකහනියේ කොහෙද යකෝ දුවන්නේ..කෙලිම්ම අපේ  ගමේ බාසාවෙන් මුල්ම පස්නේ. කුමාරයා ගැන කියනවනං කුමාරයයි මායි සරෝජිනී මිස්ගේ පංතියේ අන්තිම පේලියේ අවුරුදු දෙකක්ම හිටියේ එක ළඟ. අනිත් එකා පේමෙ. පේමය දැන් නිව් සීලන්ඩ් රටේ කොම්පියුටර් ලොක්කෙක්. අපි තුන්දෙනා කැඩෙටිං මාස්ටර් ඉංචාජ් ගෙන් ගුටි කාල ඇති එකසිය ගානට. ලුතිනන් Amaraseela, A. ගෝන හමුදාවේ, අජන්ත උන්නැහේ නම ලියන්නෙත් හමුදාවේ විදියට, ඇවිදින්නෙත් පැරේඩ් එකේ යනවා වගේ, පපුව ඉස්සරහර දාල, ඉදිරිය බලාගෙන, ගමනේ යා තාලෙට. ටක්  ටක් ටක්  ටක් තාම මැවිලා පේනවා.

ඉතිං කුමාරයා ගැන කියන්ඩ බැරි උනානේ. මෑන්ස් ඒ වෙනකොට රේල්ලුවේ වැඩ, ටිකක් විතර සීනියර් ඇංජිං ඩ්‍රයිවර් කෙනෙක්.
මගේ උත්තරේ මචෝ මං මේ ගෙදර යනවා. ඉතිං ඌ කියපි වර අද මාත් එක්ක යමං.
මම මේල් එක අදිනවා. මං තෝව ගේ ලඟිං දාං යන්නං කියල. අන්න යාලුවෝ. ප්‍රයිවෙට් බස් දුහනවා වාගෙ පුතා. මේ.. ක.. ට.. කිසීම ගානක් නෑ නේ පුතා.

මං කිව්වා දැන් ඉන්නේ  කළුතරය කියල. කොහේ උනත් කමක් නෑ මං උඹව දාගෙන යන්නං, වරෙං  වරෙං  අද මාත් එක්ක යමං.
මට ඉතිං ඔප්ෂන් එහෙකුත් නෑ, කලිං ගියා කියල කොරන්ඩ ඇති අහවල් එහෙකුත් නෑ. හරි හරි යමං යමං කිව්වා ඉතිං.
උඹ රෑට කන්නේ මොනවාද? දෙවැනි පස්නේ. යකෝ ගෙදර ගිහිං මක්ක හරි කනවා. තාම  පහ මාර වෙලත් නෑනේ බං.
අපිට ඉතිං ගාල්ලට යනකොට කන්ඩ දේකුත් නෑ මගදී මේක කැඩුනොත් බඩුම තමා. ඒ හින්ද මක්කාවත්  ගන්ඩ ඕනේ මරදානෙං. ගියසුමානෙත් මේක උතුරෙ කැඩුන බං. උතුර කියන්නේ කළුතර උතුර ඉස්ටේසම. ඈ. යකෝ මං ඉන්නෙත් උතුරෙනේ. දන්නවනං අගේට නයිට ගහන්ඩ තිබ්බ උඹේ ප්ලේස් එකේ.
සුමනේ, උඹ ගන්න එකක් මටත් ගෙනෙන් බං කියල ගෝලයට සල්ලි කොලයක් දීල, උඹ වරෙන් කොල්ලො මම ඇන්ජිමට යනවා යාලුවත් එක්ක ඈ..

ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් සමගින් අපි ප්ලැට්පෝම් එකට ආව. තාම හය වෙලත් නෑ,
ෂෙඩුල් ටයිම් හයයි පනහ නයිට් මේල් එක ප්ලැට්පෝම් එකේ ගුජු ගුජු ගුජු... ගගා ඉස්ටාට් එකේ මෙන්න මේ වගේ. 
එකම වෙනස ඇන්ජිම තිබ්බේ ඉස්සරහ පස්සට (අංශක 180කින්), පාට එලෙසටම, ටයිප් එක M6.





Wednesday, April 15, 2020

කණේ මෛල්

කොරෝන වෛරසේට කණේ මෛල් වල කොහොමද සම්බන්ධ උනේ? මේවා දැවෙන පස්න .

පිස්සු නැත්තං හොඳයි සෑර්.

කණේ මෛල් කිව්වම මුලින්ම මතක් වෙන්නේ තමන්ගේ කණේ තියෙන මෛල් නෙවෙයි නේ. හරිනේ. 

ඕ යේස් පොක්ෂගන් එක තමායි.

VW 1302RS - තැන්කිව් එක doovi.com එකට.

කියන විදියට මේක 1302RS  එකක් හැබැයි 1303RS එකක් තිබ්බොත් PPN  පවසලා පලක් නෑ, ජිවිතේ මල්. දැන් තිබ්බොත් හෙට ගන්නවා. ඕ යේස්, නෝ ටූ ව'ඩ්ස් බේබ්.

මේ බීට්ල් එකේ ඉතිහාසේ ගත්තම පටාන් අරං තියෙන්නෙම ගේමකින්නේ. හිට්ලර්ට හදන්ඩ ඕනේ උනා පර්ඩිනන්ඩ් පෝෂ් හැදුව. හැබැයි වැඩේ කියන්නේ පෝෂ් චෙකොස්ලොවේකියාවේ ටට්ර කොම්පැනියේ ලෙද්විංක උන්නැහේගෙන් ශේප් එකේ කොපිලයින් පාරක් දීල තමයි වැඩේට බැස්සේ. මාර බඩු, යාළුවගේ ගෙදර ගිහිං කාල බීල හිටං ඩිසයින් එකටත් ගේම දීල තමා පස්ස බැලුවේ. දැන් කාලෙ කියල ඉතින් වැඩි වෙනසක් නෑනේ. ඉතාලි පුට්බෝල් ටීම් එකේ Mauro Icardi ත් ඉන්නේ.

අන්තිමට ලෙද්විංක උන්නැහේ නඩු දැම්ම, පෝෂ් උන්නැහේ ගානක් දීල වැඩේ සෙටමෝල් කොරගන්ඩ තමයිලු ලෑස්තිය එතැනදී හිට්ලර් කිව්වලු එයා වැඩේ බලාගඤඤං කියල.හිට්ලර් චෙක් රට ආක්‍රමණය කළා

යුද්දේ ඉවර උනා. චෙක් රටෙන් ලෙද්විංක උන්නැහේව හිරේ දැම්ම හිට්ලර් එක්ක පයිරු පාසනකං තියාගත්තා කියල.

හිරෙන් නිදහස් වෙලා ඇවිත් ලෙද්විංක උන්නැහේ පොක්ෂගන් කොම්පැනියට නඩු දාල දිනලා අලාබෙකුත් ගත්තා.

පොක්ෂගන් කොම්පැනිය ආතල් එකේ දියුණුවෙලා ගියා. ඔන්න ඔහොමයි කතාව උනේ සෑර්.


ටට්ර 97(1938)  - තැන්කිව් එක lanemotormuseum.org එකට.

ඉතින් සෑර්, පොක්ෂගන් එකේ ඇන්ජිම එයා කූල් නිසා මෙයාල ඒකට තිබ්බ එක හුළං කවුළුවක් හරියට මෛල් තියෙන කණක්  වගේය කියල පෙනුනේ මේ අපේ සිරි ලංකාවේ කෙකෙන්ටම තමාලු. හැබැයි කණේ මෛල් මොඩල් කියනකොට නිකන් ඩොටේ වගේ කියල එක Ventilator මොඩල් කියල වැඩේ ඉන්ග්ලිෂ් කළාලු. ඔන්න ඔහොම තමයි ඉතිහාස පොතේ තිබ්බේ.

ඒ අනුව බලන කල සිංහලෙන් කණේ මෛල් ඉංගිරිසියට පරිවර්තනය කලවිට ventilator බව පෙනීයයි  හැට්ටර් වැරදි නං කියන්ඩ සෑර් හොඳේ. වැරදීම දේව ගතියකි කියල කතාවකුත් තියෙනවනේ.

පහුගිය දොහේ ඉතාලියට, ප්‍රංශෙට, ඉස්පාඤඤ රට ඇමරිකාව ඇතුළු බටහිරයන්ට මොකක්ද තිබ්බ අඩුපාඩුව, කණේ මෛල් නේද?. අපිට කණේ මෛල් අඩුයි, වහාම නිෂ්පාදනය කොරන්ඩ ඕනේ කියල ඒ අය බොහොම කලබලෙන් වැඩකටයුතු පටන්ගත්ත.

ඉන්දියාවේ කියනවා අපිට හදන්ඩ ඇහැකි නමුත් පැක්ටරියේ කැපෑසිටි නෑ, ඇමරිකාවේ එව්වා හදන කොම්පැනි කියනවා අපිට පාට්ස් නෑ කියල. කාර් හදපු කොම්පැනි බොහොමයක් දැන් කාර් හැදීලල පැත්තක දාල වෙන්ටිලේටර් හදනවා. යුරෝපේ ඕපන් සෝස් 3D ප්‍රින්ටඩ් කණේ මෛල්  එකක් ටෙස් කරගෙන යනවා. එකසිය ගානට ලෝකෙම වැඩ.

ඔය අතරේ කී බෝඩ් රණ විරුවෝ උද්ගෝෂණය කරනවා ඕන තරමට කණේ මෛලක් වත් ගෙන්නගෙනනැති මේ ආණ්ඩු මක්කටෙයි කියල.

දැන් බලන්ඩ සෑර් අපේ ගෙවල්වල එක කුස්සියනෙ තියෙන්නේ. ඒකට එක ගෑස් සිලින්ඩරයයි තව ඕනෙමනං, ඒ කියන්නේ රෑට වොෂ් එකක් හෙම දාගෙන, සරමට බැහැල  චූන් එකේ පැණි ටිකක් හෙම පානය කරමින්, සින්දුවක් හෙම අහගෙන අහිංසක විදියට කාටවත් ඇණයක් නොවී තමන්ගේ පාඩුවේ කාලය ගත කරමින් සිටින කල විරුද්ධ පක්ෂෙන් ගෑස් ඉවරයි ඉක්මනට කඩ වහන්ඩ කලින් ගෑස් එකක් ගේන්ඩ කියල දෝෂාභියෝග එනවට බයේ, ෂේප් එකේ ඉස්පෙයාවීල් සිලින්ඩරයක් ස්ථානගත කරලා තියෙනවා. ඒත් අම්මාපල්ල ඔය දෙකම ඉවර වෙනකං අපේ විරුද්ධ පක්ෂෙ සද්දේ වහල ඉන්නවනේ. බොරුද මං කියන්නේ.

ඔන්න ඔය වගේ හොස්පිටල් ඩිසයින් කරනකොටත් ICU ඇඳන් ප්‍රමාණය රෝහලේ මුළු ඇඳන් ප්‍රමාණයෙන් සියයට 2ක 5ක ප්‍රමාණයක් තමා වෙන්වෙන්නේ. ICU ඇඳට එක  කණේ මෛල් එකයි.

ඔය වෙන්ටිලේටර් කිව්වම ඔව්වට බන්දුල සෑර්ගෙ ලොකු සම්බන්දෙකුත් තියෙනවා.ධන සහ රින කියල. සාමාන්‍යයෙන් දැන් කාලේ පාවිච්චි කෙරෙන්නේ ධන හෙවත් Positive වර්ගයේ එව්වා. බන්දුල සෑර් ආණ්ඩුවේ ඉන්නකොට එහෙම වෙන්ඩත් එපායැ. නැද්ද .හැබැයි දැනට අවුරුදු දන්නා කලේ ඉඳලම ධන තමයි. ධන කියන්නේ වායුගෝලයට වඩා වැඩි පිඩනයකින් පෙනහළුවලට වාතය ලබාදීම. එකට ඔක්සිජන්ද, තෙතමනේද ඔක්කොම ගානට බැලන්ස් කරලා, බැලුම පුපුරන්නේ නැති වෙන්ඩ හුළං ප්‍රමානෙ (volume එක)  සහ බැලුමට ඔරොත්තු දෙන පරිදි ප්‍රෙෂර් එකද සැට් කරන්ඩ වෙනම ඉගෙනගත්තු මහත්තුරු නෝනලා ICU එකේ ඉන්නවා.

මැෂිම ගැන කිව්වොත්, මේක බෝම බරපතල හොඳට බොන්ඩ වෙන කේස් එකක්. මොකද මේක Life Critical කැටගරියේ තියෙන්නේ. මැෂිම නැවතුනොත් මැෂිම හයිකරලා තියෙන එන්ජිමත් නවතිනවා. එමනිසා එලාම්ද, ඉන්ටලොක්ද අරවද මේවද එමට. එමනිසා කාලයක් ඔව්ව දිව්වේ තනිකරම නියුමැටික් ක්‍රමයෙන්, එනම් සම්පිඩිත වායුවෙන්. නෝ ඉලැක්ට්‍රික් නෝ ප්‍රොබ්ලම්. නවීන තාක්ශනේට අනුව ඩිජිටල් කොන්ට්‍රෝල් සිස්ටම් භාවිතා කරනවා, ඒවා කුඩයි, අඩු වියදම් හා වැඩි ප්‍රෙසිෂන් (නිරවද්‍යතාවය?). ඒවගේම විශ්වසනීයත්වය( reliability) බොහොම ඉහලයි. මුලික පිරිවැය, නඩත්තු වියදම් ඒවත් බොහොම ඉහලයි. ඕවා නිතිපතා ගානට මිම්මට කැලිබ්‍රේට් (ක්‍රමාංකනය) කරලා හෙම තියාගන්ඩ ඕනේ. කොහොමද මිලි ලීටර් 200ක් යවන්ඩ කීවම 250ක් යැව්වොත්, බැලුම පිපුරුනොත් බබීත් සුං බබීගේ අම්මි පැටියත් සුං.එමනිසා සේෆ්ටි අංශේ බෝම වැදගත්. (අපේ කල්‍යාණමිත්‍ර තුමා මතක් වෙන්නේ මේං මේවගේ වෙලාවට තමා. හැබෑටම ඒ සෑර්ට මක් වෙලාද? අපිල එක්ක අමනාප පොජ්ජ වෙලාද මන්ද)

අර කලින් කිව්ව රිණ(සෘණ) හෙවත් negative pressure මුලධර්මයේ එව්වා දැනට පාවිච්චි වෙනවා නැතිම තරම්. ඒවා ස්වභාවයෙන්ම විශාලයි (bulky). හැබැයි නිෂ්පාදනය බොහොම සිම්පල් ධන අයිටම් එක්ක බලන කල. ලොකු පෙට්ටියක් සහ වැකුම් පොම්පයක් (ගෙදර පාවිච්චි කරන වැකුමක් පවා) සහ සොලිනොයිඩ් වෑල් හෝ වෙනත් වෑල් දෙකක්, වැකුම් ගේජ් එකක් වගේ ඉතා කුඩා අම්පන්න ප්‍රමාණයක්. මෙහිදී කරන්නේ එයා සීල් පෙට්ටියක රෝගියා තබා, (ඔලුව විතරක් එලියේ හොඳේ) පෙට්ටිය වැකුම් කිරීමයි. එවිට ඉබේම හුස්ම ඇතුලට එයි. වැකුම් රිලීස් කලාම හුස්ම පිටවෙයි. වැකුම් ප්‍රමාණය හා මිනිත්තුවකට කෙරෙන වාර ගණන යාන්ත්‍රිකව ඇජස් කිරීමට ක්‍රමයක් පහසුවෙන් නිර්මාණය කල හැකියි. ඉක්මනින් සැදීමට හා අඩු වියදමකින් නිම කිරීමට හැකියි. හුරුබුහුටි බව නම් නැත. වැඩි විස්තර ඕනෙමනං  මේක බලමු

ඔය මොනවා ෆේල් උනත් ෆුල් මැනුවල් ඇම්බු බෑග් එකත් අමතක කොරන්ඩ හොඳ නෑ

අවශ්‍ය උනොත් දෙමුකෝ වැඩේ.

ජයවේවා!

මග තොටේ චාටර් නොවී ගෙදරටමවී සිටි අය ප්‍රමුඛ කෝවිඩ් වක්‍රය පැතලි කිරීමට සහය දුන් සියලු දෙනාට හැට්ටර්ගේ ම හෘදයාංගම ස්තුතිය මෙයින් පුදකරමි.

.
ටැට්ටර් අත්‍යාවශ්‍ය සේවාවක් වීම නිසා අත්‍යාවශ්‍ය සේවයේ යෙදෙන මටත් ටැට්ටර් ගැන සිංදු කිවූ මංජුල මහතාටත් තැන්කිව් වේවා! (කොහොමද ඒක )


Stay safe and you take care,

Myself Hattor







Thursday, March 5, 2020

සිරිල්‍යා

සෑර්ලටයි මිසීලටයි ගුඩ් මෝනිං එකක් වේවා!




දවසක් හැට්ටර් ගියා  සිරිල්‍යාගෙ කඩේට, දීපානි ඉස්ටෝස් එකට.

කඩේ තිබ්බේ අම්බලංගොඩ ඉස්ටේසන් පාරේ, හරියටම කිව්වානං මාරකැට් එක පැත්තට වෙන්ඩ. අනිත් පැත්තට ගියොත් සිහිවිකල් ඉස්පෙයාස් කඩේ (මිනිස්සු එහෙම කිව්වට වෙහිකල් ස්පෙයාස් කියල තමයි බෝඩ් එකේ තිබ්බේ) එහෙම පහු කොරගෙන හිටං ඉස්ටේසමට යන්ඩ ඇහැක්.

සිරිල්‍යාගෙ කඩේ කිව්වම ඒකේ ඉතිං නැති අහවල් එකක් නෑ, අස්ප බිත්තරයක් හෙව්වොත් එකත් කොහේ හරි ඇති.
මට වෙලා තිබුනේ හැමදාම උදේට අල්පෙනෙති හොයන්ඩ බෑනේ, අනික එක දෙක වෙලා දෙක තුන වෙලා බොත්තං ටික රිප්ලේස් කර ගන්ඩ දැන් කාලේ හරි ගොහිං තිබ්බෙ.

ඔන්න ඉතිං මං කඩේට ගිහිං  - සිරිල්‍යා මට සේට් බොත්තං හතරක් දෙන්ඩ - කියල කිව්වා. සිරිල්‍යා ගිහිං අල්මාරිය ඇරලා බොත්තං හතර ගෙනත් පොඩි ඇක්සයිස් කොල බෑක් එහෙකටත් දාල කවුන්ටරේ උඩිං තියල හිටං මට කිව්වා
සත පණහයිනේ මල්ලෙ කියල. සාක්කුවට අත දාල සතපණහ අරං කවුන්ටරෙං තියන කොටම අම්මා වෑ ඩා ක් නෑ ජීවිතේ.... අමුම අමු කුයිලක් ආව.
හරියට අලිය, හරක, කාලෙකින් නාවපු නැති බල්ල ඇයි තව, මාසෙකින් හෝදලා නැති 'the සරම'. (the පාවිච්චි කළේ one and only නිසා) ඔය සේරොම මික්ස් සැන්ට් එකක් වගේ. මොකාද මේ අමුතු සතා කියල නිකම්ම ඔටෝමැටික් හැරවෙනකොටම;

ආ සිරිල්මුදලාලි කෝමද 
බැලින්නං එච් කිව් අයි සෑර්
එතකොට තමයි දැක්කේ මේ යකා මගේ බයිෂලේ ගන්ඩ බැරි විදියටයි පොලිස් ජීප් එක නවත්තල තියෙන්නේ කියල. දැන් ඉතිං ඉන්ඩ එපෑය මේ යකා යනකං     

මුදලාලි අද අපේ පුතාගේ බර්ත් දේ එකනේ. බබාට රිමෝට් කොන්ට්‍රෝල් කාර් එකක් ඕනෙලු.

ආ එන්ඩ බබා මේ තියෙන්නෙ තෝරගන්ඩ එකක්.

කොල්ලත් ඉතින් ඇතුලටම ගොහිං හිටං තියෙන ලොකුම එකම තෝරාගත්තාය කියමුකො.
සිරිල්‍යා පෙට්ටියත් හොඳට ඔතල කරලා හිටං කොල්ල බබාට දුන්න.

හා හා ඔහොම බෑනේ .... මුදලාලි අංකල්ට තැන්කිව් කියන්ඩ 

තැන්කිව් අංකල් 

මුදලාලි අපි ගිහිං එන්නං

ඩබල ජීප් එකත් ඉස්ටාට් කොරගෙන සෝක් එකට සන්තෝසෙං පිටවෙලා ගියා ඉතිං.

සිරිල්‍යා මං දිහා බැලුවා

සිරිල්‍යා මෙන්න සල්ලි මං එහෙනං ගොහිං එන්නං.

හැට්ටර් බොත්තං හතරත් අරන් පිටත් උනා ගෙදර යන්ඩ.

මල්ලෙ මේ සතපණහ අරං යන්ඩ

ඔන්න ඔහොමයි පොලිසියේ  එච් කිව් අයි සෑර්  හැට්ටර්ට  බොත්තං අරං දුන්නු කතාව ඉවර උනේ.


බොහෝත් තැන්කිව් මේ පැත්තේ ආවට 
And if you want some fun, don't be afraid brah!  sing .....


ජයවේවා!
Myself Hattor


අමතක උනා කියන්ඩ . තැන්කිව් පොලිස්  අංකල්!

Friday, February 21, 2020

පණ නැති වෛරස් - Welcome to the Dungeon

ගුඩ් මෝනිං එකක් වේවා!

චීනෙ වුහාන් පලාතෙන් පැතිරයන වෛරස්  ප්‍රබේධය ගැන දැන් ලෝකයේ බොහෝ දෙනා දන්නවා.

කොක් පාඩමේ උගන්වන විදියට 'කොකුන් වර්ග කීපයකි' වගේ වෛරස්  කිව්වම ඇසට නොපෙනෙන හා ඇසට පෙනෙන වශයෙන් මුලික වර්ග දෙකකි. ඇසට පෙනෙන ගැන කිව්වොත් එව්වා නම් අනිවාර්යයෙන්ම කකුල් දෙකේ වෛරස් වර්ග වේ.
ඇසට නොපෙනෙන ඒවා ගැන කියනවානං පණ ඇති හා නැති වශයෙන් මුලික වර්ග දෙකකි.

හංගේරියානු ඇමරිකානු ගණිතඥයෙක් වූ Neumann János Lajos හෙවත් ඉංග්‍රීසියෙන් ලියනවානං John Louis Von Neumann තුමා එකදාස් නවසිය පනස් ගණන් වලදී ඔහුගේ  Complicated Automata නිබන්ධනයේ Automation වලින් ඇතිවියහැකි දුර්විපාක ගැන සඳහනක් කර තිබේ. කෙලින්ම නමින් නොකීවත් එය අපව යොමුකරන්නේ කොම්පියුටර් වෛරස් වැනි බැෂ්ටි ප්‍රහාර ගැනයි.

1986-87 වනවිට මේන් ෆ්‍රේම් වැනි ලොකු ලොකු කොම්පියුටර් වලට වෛරස් 'වැනි' දේ කීපයක් ලියවී තිබුනද පර්සනල් කොම්පියුටර් වලට ලියු මුල්ම වෛරස් එක කියා ප්‍රසිද්ධ උනේ  © Brain හෙවත් C Brain ලෙසටයි.
කොරෝන වෛරසය කැස්ස, කිඹුහුම වැනි සමිප සම්බන්ධතා මගින් පැතිරෙද්දී  C Brain ෆ්ලොපි ඩිස්ක් මගින් පැතිරුනා.

හාඩ් ඩිස්ක් දුර්ලභ කාලයක්වූ (USB ඩ්‍රයිව් ගැන අසාවත් නැති කාලයක්වූ)  අසුගනන්වලදී බොහෝ දේ කල්තබාගැනුනේ ඩිස්කට් වලයි, හරියටම කියනවනං අඟල් 5 1/4 ඩිස්කට් වලයි.  ලෙඩ සහිත ඩිස්කට් එකක් ඩ්‍රයිව් එකට අතුලුකලවිට එය මුලින්ම කලේ යන්ත්‍රයේ මෙමරියේ 'බඩු හෑව්' ද කියා බැලීමයි. එසේ නොමැතිනම් මෙමරියේ නියමිත ස්ථානයේ වෛරස් කෝඩ් එක ස්ථාපනය කරයි. කිරිකිරි අලුත් ඩිස්කට් දැම්මොත් මෙමරියේ  'බඩු හෑව්' නං වෛරස් කෝඩ්එක  ඩිස්කට් එකට ලියා තබයි. මෙහිදී ඩිස්කට් එකේ බූට් සෙක්ටරය වෙනත් තැනකට කොපි කර එය බෑඩ් සෙක්ටර්  එකක් ලෙසට හඳුන්වාදෙයි. ඒ අතර බූට් සෙක්ටර් එකේ Welcome to the Dungeon සහ තවත් දේ ලිවීමෙන් කොම්පියුටරය බූට් කිරීම වළක්වාලයි. හැබැයි මේක හාඩ් ඩිස්ක් එකේ බූට් සෙක්ටර් එකට බලපෑමක් කලේ නම් නෑ.

සෑර්ලට මිස්ලට කියන්ඩ මේක කෙරුවේ පකිස්තාන ජාතික ඇල්වි සහෝදරයෝ, හරියටම කියනවානං අම්ජාඩ් සහ බශිට් ඩබල.

අම්ජාඩ්ලා මේක කළේ වෙනත් අරමුණකින් උනත් මෙයින් සෑහෙන අලාබහානි වගේම ලොකු අන්දොලනයකුත් ඒ කාලේ ඇති උනා. හැට්ටර්ගේ වැඩකටයුතුවලටත් මේ වෛරස්  එකෙන් තරමක බලපෑමක් ඇතිඋනා.

කවුරුහරි ඉන්ටරෙස්ට් කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් මේක බැලුවට  වරදක් වෙන්නේ නෑ. තවත් ඉන්ටරෙස්ට්ටඩ් නං වෛරස් එකේ ඇසම්බ්ලි කෝඩ් එකත් අවශ්‍යනං හොයාගන්ඩත් ඇහැක් හිටං.

Take care.

Myself Hattor.



Friday, February 14, 2020

අහවලා

අන්තර්ජාලයේ තිබී සොයාගන්නා ලදී.

නිර්මාණකරු සදා වැජඹේවා!
මෙවැනි ආතල් සපයන අන්තර්ජංජාලයටත් ජයවේවා!

මෙන්න අහවලා



Thursday, February 6, 2020

වැලන්ටයින් කාඩ් (දෙඤ්ඤාං ජම්බු ඉස්ටැයිල් )

ග්ලවුස් එකෙන් ක්ෂුද්‍ර ජීවින් ඇල්ලීම සහ 'I know the law පුතා' ගේ තවත් කතා

ගුඩ් මෝනිං එකක් වේවා!


All the rights and credits of the image to

මාර වැඩේ කියන්නේ සෑර්,
හැට්ටර්ට වැලන්ටයින් එන්ඩත් කලින්ම කාඩ් එකක්, හරියටම කියනවනං කාඩ් එකේ ලියන්ඩ ඉඩමදී නිසා බ්ලොග් පොස්ට් එකක්ම හම්බුවෙලානේ.

පහුගියදාක හැට්ටර් කොමෙන්ට් එකක් කෙටුව ඇමරිකාවේ ඉන්ටනැෂනල් ඩයස් මිසී කෙනෙක්ගේ බ්ලොගක. අපි ඉතිං කැලේ ඉන්න ටැට්ටර් කාරයොනේ මිසී, ග්ලවුස් දාගෙන බත් කන එවුන් නෙවේනේ සෑර්, ඉතින් පොඩි පහේ පස්නටිකක් තිබ්බ තේරුං බේරුං කොරගන්ඩ හිටං. ඉතින් එව්වා දැකල ඇමරිකන් මිසීට කොච්චර හැට්ටර්ට ලව් හිතිලද කියන්නේ තනිකර පෝස්ට් එකක්ම ලියල,අන්න එහෙම 'Loving' බ්ලොගාල කාටද ඉන්නේ. ගෙදර උන්දෑ වත් මේ වගේ ලව් එකෙන් කතා කොරන්නේ නෑ. හැබැයි අහපු පස්න වලට උත්තර දෙන්ඩත් අමතක කොරල නැහැ.
ඉන්ටනැෂනල් මිසී ගැන තවදුරටත් කිව්වොත්, කලුවිතාරණ වගේ, විකට් එකටම එන්ඩත් ඕනේ නැහැ, වයිඩ් වලටත් පැනලම ගහන්නේ. හැට්ටර්ට නං හිතෙන්නේ අර මාතලන් සෑර්ගේ ඉත්තෑව ඩයස් මිසී හුරතලේට ඇති කොරනවා වගේ කියලයි.

ඇත්තම කියනවනං හැට්ටර්ගේ හදාගන්ඩ බැරි වැරැද්දක් තියෙනවා, කෙනෙක් බොරු කියන ඒවා, හේතුවක් නැතුව අපහාස කරන එක වගේ දේවල් දැක්කම හැට්ටර්ට ටිකාආක් විතර මල පයිනවා.

මෙහෙම කියමුකෝ;
ලෝකෙන් උතුම් රට නොවුනත් ලංකාව හොඳ රටක්. අනිත් රටවල් වලත් හොඳ දේවල් තියෙනවා වගේම ලංකාවෙත් හොඳ දේවල් තියෙනවා. ලංකාවේ "හැමදේම" වැරදිය, තමා ජිවත්වන රටේ දේ තමා ඉතාම හොඳ කියා ලියන බ්ලොගාල ගැන මට තිබෙන්නේ නං අධික පිළිකුලක්.  උපතේ දී සිට, ඩයස්ලා වෙන්ඩ රට යන තෙක් සෞඛ්‍ය හා අධ්යාපනය සහ තවත් දේ නිසියාකාරව නොමිලේ නොලැබුණේ නං ඔය ඩයස් සෑර්ලට, ඩයස් මිසීලාට BSL 2-3 ලැබ් වල වැඩ කරනවා කියා කයිය ගහන්ඩ ලැබෙන්නෙත් නැත. තමන්ට කැමති රටකට හෝ ඉලෝන් මස්ක්ගේ යානාවේ නැගී අඟහරු ලෝකයට හෝ නිත්‍යානුකුලව ගොස් වැදගත් විදියට ජීවත්වන්නට ඕනෑම කෙනෙක්ට කාගෙන්වත් ලයිෂොන් ඕනෑත් නැත - එය ඔවුන්ගේ අයිතිවාසිකමකි. (ඉස්කොලර්ෂිප් එකට ගොස් ගල්වීම (බොන්ඩ් එක ගෙවා හෝ නොගෙවා) නම් වෙනත් කතාවකි) නමුත්, නමුත්, තමන්ට බොහෝ දේ දුන් රටට - ඒ දුන්නෙත් බොහොම අමාරුවෙන්, ලෝකෙට ණයවෙලා, ඉතාම සුළුවට හෝ කෘතඥතාවයක් පල කිරීම කෙසේ වෙතත් නැති වැරදි හදා ලංකාව  හෙළානොදැකීමටවත් ඔවුන් ඉගෙන ගෙන නැති එක ගැන ඇත්තේ කණගාටුවකි. ඇරියස් නැතුව හරි හමං විදියටකට ඉගෙන ගත්තානං මෙහෙ තමයි හැමදේම ඉස්තරම් නමුත් ලංකාවේ නං අජූතයි කියා වැරදි දාහක් හොයන වෙලේ, ඔය කියන එක වැරැද්දක් අඩු ගානේ ඔය කියන එකම එක වැරැද්දක් නිවැරදි කොරගන්ඩ ලංකාවට කුඩා හෝ උදව්වක් වත් නොකර අහක බලාගෙන එරටේ අසිරිය විඳිමින් මෙහේ නං මරු ඈ කියමින්, අපි නං මල්ලි මිඩ්ල් ක්ලාස් කියමින් ඉන්නෙත් නැත. කේස් එක, ඔවුන් එම රටෙන් හොඳ දේ දැක්කට ඒවා ඉගෙන ගෙනත් නැත, එසේ ඉගෙන ගත්තානං ඇපල් සහ දොඩම් සංසන්ධනය කළ නොහැකි සේ ලංකාවත් අමෙරිකාවත් සම තත්වයේ ලා සසඳන්නේත් නැත. ෂෝ කේස් එකේ ඩෝනට්, ස්ට්රුඩ්ල්, කේක්, මෆින්, කුකීස් අතරට ආප්පෙත් ගියාම අම්මට සිරි ආප්පෙට තාච්චියේ ඉඳලයි එතෙනට ආවේ කියල මතක නෑ කියනවලුනේ. ඔහොම යං!

හැට්ටර්ගැන මිසී ලියු වැලන්ටයින් ලව් පෝස්ට් එකට තැන්කිව් කියා යැවූ කොමෙන්ට් දැන් මිසීගෙ බ්ලොගේ පබ්ලිෂ් කොරන්නේ නැති නිසා (අමනාප වෙලාද දන්නේ නෑ) , පහන් සංවේගයට කොමෙන්ට් වලින් දෙකක් මෙසේ පලකරමි.

ඇමරිකන් ඩයස් මිසීගේ සිංහල භාෂාව හැසිරවීමේ අඩුපාඩුකම් ගැන ඔබට යම් අපහසුතාවයක් ඇතිවේනම් මුලින්ම සමාව අයදිමි.

1.
Sri Lankan-African Angel February 1, 2020 at 7:27 AM

ඇට්ටර්ගෙ භාෂා විලාසයෙන්ම මේක ලියන්න ආස හිතුන. කමක් නෑනෙ නේද? ඇට්ටර් වළන් කඩේට පැන්න කුළප්පු හරකෙක් වගේ මෙතන හතර අතට නෙළලා තියෙන්නෙ ඇට්ටර්ගෙ බ්ලොගයේ සෑහෙන්න බරසාර ලිපි පළකරන නිසා කියල හිතල ඒ පැත්තෙ ගියාමයි දැක්කෙ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ පොරක් බව. කිසිම බ්ලොග් කරැවෙක් නොකරපු අනිත් බ්ලොග් කරැවන්ට කෙලින්ම මඩගසන කුජීත පෝස්ට් ලිය ලිය, ඒ මදිවට පැත්තක ඉන්න Skiz වගේ අහිoසකයන්ව ඒ මිනිස්සුන්ගෙ කිසිම අනුදැනුමක් නැතිව ඒවට ඈඳාගෙන, අනුන්ට ගේම් දීම මගින් ඇටෙන්‍ෂන් බලෙන් ගන්න හදන මානසික රෝගියෙක් බව.

ඇට්ටර් කියපු පළවෙනි සීන් එකට මම කළින් පිළිතුරේ උත්තර දීල තියෙනවා.


//ඔබ, දශක කීපයකට පෙර ලංකාවෙන් ඇමරිකාවට ගිය ලෙසට ලියන බවක් පෙනේ , ලංකාවේ කාන්තාව අද සිටින්නේ දශක කිපයකට පෙර ලංකාවේ දුෂ්කර පෙදෙසක කාන්තාව සිටි විලසම යයි සිතාගෙන ලියුබවක් පෙනේ. 1980 තරම් ඈත කාලයේදී පවා නාගරික හා අර්ධ නාගරික කාන්තාව ඔබ දැන් කියන තරම් කට්ටක් කෑවේ නැති බව මම දනිමි.//


අනේ බන්, උඹේ මේ රිසර්ච් එකේ පබ්ලිෂින් ඩීටේල්ස් දීපන්කො අපටත් කියවන්න. ඒක හම්බුවෙනකන් අන්න අර උඩ පිළිතුරේ රිසර්ච් එකේ ඩේට යූස් කලාට කමක් නෑනෙ. උඹල වගේ ඔලුවෙ තියන මනස්ගාත ඇත්ත වගේ වමාරල නෙමේ උන් විද්‍යාත්මක ක්‍රමවේදයකට දත්ත එකතු කරල ඇනලයිස් කරල ලෝකෙ පිළිගත්ත ජර්නල් එකක පබ්ලිෂ් කරල තියෙන්නෙ. ඒකෙ conclusion එකේ කියනව


Wood was the principal cooking fuel used in 78.3% and 78.5% of households in 2000 and 2007, respectively. In 2007, 96.3% of estate sector households used firewood as compared to
84.2% in the rural and 34.6% in the urban sectors. Similar trends were noted in 2000 as well.

ඒකෙ introduction පළවෙනි වාක්‍යයේ කියනව

Exposure to indoor air pollution is estimated to account for more than 1.5 million deaths and 2.7% of the global burden of disease in year 2000 based on the deaths and Disability Adjusted Life Years (DALYs) from acute lower respiratory infections among children under five years of age, and chronic obstructive pulmonary disease and lung cancer among adults (WHO, 2007).

එකේ ඉතුරැ ටිකත් කියවල දැනගනින් ඇත්ත මොකක්ද කියල බොරැ වපුර වපුර යන්නෙ නැතුව.


හැට්ටර් මේකට කියන්නේ  :
Oh Babe, Calm down. සම්පුර්ණයෙන්ම කියෙව්වා. But ,
Please understand that we are in 2020, most recent data in this paper is more than 12 years old. Anyway, I appreciate if you can provide the statistics of deaths due to wood burning stoves in Sri Lanka or at least due to poor indoor air quality. We need to compare and study the relevant real data.

2.
Sri Lankan-African Angel February 1, 2020 at 7:28 AM

//ලoකාවෙ පිළිකා, වකුගඩු රෝග, සහ ළමා දියවැඩියාව වසගතයක් වෙලා. පොඩ්ඩක් යථාර්ථය දිහා බලන්න..

ඇයි ලංකාවේ විතරක්, ඇමරිකාවේ ඔය වසංගත නැද්ද?//

තියෙනව බo ඒත් මේකනෙ වෙනස, ඇමරිකන් එවුන් තැන් තැන් වල පොර ටෝක් දෙන්නෑනෙ උන්ගෙ කෑම තමයි ලෝකෙ හොඳම කෑම කියල, උන්ට උඹලට වගේ ඇම්මක් නෑ. අනික ඇමරිකන් එකෙක් unhealthy/healthy කෑම කෑම තනිකර උගෙ choice එක. ලoකාවෙ එහෙමද, අසරණ අම්මල ළමයින්ට වැඩි හොඳට කොළ කැඳ හදල පොවල ගෙදරින් වතුර බෝතලේ පවා දීල ඉස්කෝලෙ යවන්නෙ, ඒත් ඒ අසරණ අම්මල දන්නෙ නෑ ඒ පළා වල කෘමිනාශක, කොස් මදුලෙ හාපික්, කහ කුඩු වල කලරින්, පාන් පිටි වල ප්ලාස්ටර් ඔෆ් පැරිස්, තෙල් බාල කරල පිළිකා කාරක,භූගත ජලය දූෂණය වෙලා බැර ලෝහ සාඳ්‍රණය වැඩියි, උඹ මේව දන්නෙම නැද්ද, වෙනත් ආකාරයකට කිව්වොත් ඇමරිකාවෙ වගේ චොයිස් එකක් ලoකාවෙ නෑ, මිනිස්සු කැමති උනත් නැතත් කෑම වල තත්වය බාල කරල තියෙන්නෙ, ඒ නිසා පැරණි කාලෙ ගුණම කෑම අද කාලෙ නරකම කෑම වෙන්ඩත් පුළුවන්. උඹල වගේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පරණ තැටියම ගහන එවුන් රටට කරන්නෙ මහ විනාසයක් කියල උඹට හිතෙන්නැද්ද?


//ඒ වගේම ඔබ නොදන්නවාට අපේ දකුණු ආසියානු ජීන්ස් වලට ආවේනික හෝ වැළඳීමට ඇමරිකානුවන්ට වඩා වැඩි සම්භාවිතාවයක් තිබෙන රෝග තිබෙනවා. අනිත් එක ඔබ කියූ රෝග බොහොමයක් ඇමරිකාවෙත් බහුලව පවතිනවා.//

අනේ බo උඹට වඩා හොඳට මම දන්නව ඒ ගැන. දැන් උඹ කියන්නෙ ලoකාවෙ එවුන්ගෙ ජාන වල ඔය ලෙඩ හැදෙන්න වැඩි නැමියාවක් තියෙන බවනෙ, එහෙනම් කරන්න ඕනම දේ කාබ් අධික කෑම සීමා කිරීමනෙ බo, නැතුව උඹල වගේ ඒක ප්‍රමෝට් කරන එක නෙමෙයිනෙ. ඊලඟට මිනිස්සුන්ට ව්‍යායාම කරන්න දිරි ගන්වන්න ඕන. ගෑනුන්ට සාරි අන්දන එක නවත්තල ක්‍රියාශීලි ඇඳුම් අන්දන්න ඕන. කොහෙද උඹල වගේ එවුන් ජාන ගැන දැනගත්තට ඒක පාවිච්චි කරන්නෙ ප්‍රශ්නෙ අඩු කරන්න නෙමේ ඔඩු දුවවන්නනෙ. වඳුරගෙ අතට දැළි පිහිය දුන්න වගේ තමයි උඹලට ජාන ගැන ඉගැන්වීමත්.

උඹේ ඊලඟ පල් හෑල්ලට මගේ "හැට්ටර් - මේ විට්ටර්ගෙ මල්ලී සහ Healthy Communication Tips" ලිපියෙ උත්තරය කියවපන්.


හැට්ටර්ට මේකට කියන්ඩ තියෙන්නේ  :
Oh come on, මිසී කියන විදියට ජාන ගැන වගේම මුළු මහත් අප්‍රිකාවේම කෑම ගැනත් මිසී තරං දන්නා කෙනෙක් නෑ ලු නේ. මං අහන්නේ මිසී How did you come to this conclusion that you know it better than me. i  believe i have a right to ask.

කාබ් අධික කෑම සීමා කිරීමෙන්, මිනිස්සුන්ට ව්‍යායාම කරන්න දිරිගැන්වීමෙන් හා ගෑනුන්ට සාරි අන්දන එක නවත්තල ක්‍රියාශීලි ඇඳුම් ඇඳීමෙන් (ජාන වලින් හැදෙන්න වැඩි නැමියාවක් තියෙන) ලෙඩ රෝග නැතිවේ!. Oh, my…පිස්සු නැත්තං ෂෝක් මෙයා. Very interesting. Who is the author of the study? අර TV එකේ කතාකරන ජ්‍යෝතිෂ කාරයෝවත් මේ වගේ විහිළු කරන්නේ නෑ මිසී .
පළා වල කෘමිනාශක, කොස් මදුලෙ හාපික්, කහ කුඩු වල කලරින්, පාන් පිටි වල ප්ලාස්ටර් ඔෆ් පැරිස්, තෙල් බාල කරල පිළිකා කාරක,භූගත ජලය දූෂණය වෙලා බැර ලෝහ සාඳ්‍රණය වැඩියි.
Babe,  You just cannot simply claim those without any supporting facts.  Publishing details of the research please… At least something, it needn’t to be peer reviewed. at least something published in a paper.

One more thing මිසී;

ලංකාවේ ජනගහනයෙන්   6,924,255 ජනතාව අමනයින් සහ කපටියන්ය කියා එක එක WPලාට ( WP -අහවලාගේ පුතා හෝ Wasantha Perera හෝ ඔබ කැමති විදියකට අර්ථ කථනය කල හැකිය) කියන්ඩ ඉඩ දෙන්නේ නැත. එසේ ලාංකිකයන්ට මඩ ගැසූ 'සිනුවර' ඩයස් බ්ලොගෙක්ට හැට්ටර් 'B&W - බැරි වැඩේ' පෝස්ට් එකක් දැමීම මඩ ගැසීමක් ලෙසට දකින කොලෙජ් ස්ටේෂන් එකේ ඇමරිකන් ඩයස් මිසීත් “Birds of a feather flock together" ඉංග්‍රීසි කියමන හැට්ටර්ට නැවත මතක් කර දෙයි.

මිසී, අනිත් පාර නානකොට සබන්ගාල හොඳට උලල නියම ක්‍රමේටම නාන්ඩ ඈ

(ඕනෙනං අල්ලපු ගෙදර තියෙන ස්ප්ලිෂ් ස්ප්ලෑෂ් එකෙන් හයි ප්‍රෙෂර් වතුර පාරක් ගහගන්ඩත් ඇහැක් ඈ ). 


තැන්කිව් වේවා!

Myself Hattor!


මෙහෙමද හොඳ   නැත්තං   මෙහෙමද ආස 

Oh, by the way,  I forgot to tell you, wash hands after entering and before exiting the laboratory.