Wednesday, June 15, 2022

Hey my heart, tell me...

 හේතු කාලේන කජ්ජෙන පුහුලං උනාම ඉතිං පුහුලම දිහාම බලාගෙන ඉඳල වැඩක් නෑනේ අයිබෝවන්ඩ, කෝමහරි කජ්ජක් දෙකක්, එහෙමත් නැත්තං ඉංග්‍රීසියෙන් කියන විදියෙ solace එකක් හොයාගන්ඩත් එපාය, නැද්ද මං අහන්නෙ.

බණ පොතක් හෙම කියවගෙන ධර්මය ඔබට මග වේවා! ලෙසට ධර්ම මාර්ගයෙ යන්ඩත් ඇහැක්. නැත්තං විද්‍යාවෙන් උත්තරයක් හොයාගෙන ගිහින්, රසායන විද්‍යාවේ මුලධර්මවලට අනුකූලව C2H6, තවත් විදියකින් කියනවනං ඊතෛල් ගෘප් (CH3-CH2) එකට හයිඩ්‍රෝක්සිල් ගෘප් එක (OH) එකතුකරලා හදාගන්නා ද්‍රවය ෂැන්ඩි ඇතුව හෝ නැතුව පාවිච්චි කරන්ඩ උනත් ඇහැක්. ක්‍රීඩාවට, recreational drugs නමැති දෙයක් හෝ ලාවට (හෝ සද්දෙට) සිංදුවක් උනත් හෝ ඕවයෙ කොම්බිනේෂන් එකක් උනත් අපිට පාවිච්චි කොරාන්ඩ ඇහැක් හිටං.

Thank you https://www.madanmohan.in 

මදන් මොහාන් කියන්නෙ ඉන්දියාවේ හිටි අති දක්ෂ මධුර මනෝහර තනු නිර්මාපකයෙක්, සංගීත අධ්‍යක්ෂක වරයෙක්. ආතල් කඩන්නෙ නැතුව කලාවට සිංදුවෙ ෆ්ලෝ එක ගෙනියන්ඩ රුසියෙක්.

මදන් ජී තනුව රචනා කරන ඒ දිල් මුජේ බටා දේ - තූ කිස් පිආ ගයා හේ පරණ හින්දි චිත්‍රපටි ගීතයක්. මේක ඔරිජිනල් එක නම් නෙවේ, අළුත් ආටිස්ට්ල කියන කොටත් පොඩි ගතියක් තියෙනවා නේ. නැද්ද?

සංගීතගෙ ගායනේ කොහොමත් අගෙයි, ඒක නෙවේ කොහොමද ධෝලක් මාස්ටර් ජී ?. ආන්න වැඩ!

ජයවේවා!
Stay safe, stay active 

Saturday, February 19, 2022

නන්ද ජී - Dedicated Worker

රණ කතා ලියවෙන එකේ මක්කටෛ තව බලා ඉන්නේ කියල මටත් එකක් ලියන්ඩ හිතුනා. ඇහැක්නං කියෝලම බලමුකෝ.

(Image from: dbsjeyaraj.com)

ඕන්න නෝනාවරුනි මහත්වරුනි තොරණෙ කතාව කියවෙන්නේ මෙහෙමයි.

එබවුට් තර්ටි ඉයර්ස් එගෝ ඒ කියන්නේ 1992 විතර පොඩි, ඒ කිව්වට පොඩිත් නෙවේ, කේස් එකක් උනා නව දිල්ලියේ ඩිෆෙන්ස් කොළණියේ. ඩිෆෙන්ස් කොළණිය ගැන කියනවනම්, 1947 ඉන්දියා පාකිස්ථාන් වෙන්වුනාට පස්සේ පාකිස්ථාන් පැත්තට වෙන්ඩ ගෙවල් තිබිච්චි ඉන්දියන් සොල්දාදුවන් පදිංචි කරාන්ඩ දකුණු දිල්ලියේ නිර්මාණය කරපු තැනක්. දැන් නං හැමෝම ඉන්න ටිකාක් විතර පොෂ් තැනක්.

ඔන්න පොරක් ඇවිල්ල හෙන සද්දයක් දාල පරණ අපාර්ට්මන්ට් එහෙක හිටි අවුරුදු 94ක් වයස මහළු මිනිසෙක්ව එළියට ඇදල දානවා ගෙවල් කුලිය ගෙව්වේ නැත කියල. පරණ ඇඳක්, කුස්සියේ තියෙන පරණ ඇල්මේනියම් වලං කීපයක්, ප්ලාස්ටික් බාල්දියක්, පැරණ මග්‍ එකක් වගේ ඒ මනුස්සයාගේ සබ්බසකලමනාවත් ඒ එක්කම ගෙයින් එලියට ඇදල දානවා. අපේ වගේම තමා ඉතිං, වටාපිටේ සේරෝම ඇවිල්ල හිටං ඇන්ටනා ටියුන් කරගෙන සෝ එක බලනවා. අනේ අපොයි, අහිංසක මනුස්සය, පව්!, කතා ගොඩයි හැබැයි ප්‍රස්නේ ගැන කවුරුත් නෝ කතා. 

අංකලුත් කියනවා 'සාහිබ් මට තව ටික දවසක් දෙන්ඩ මං ඇරියස් එක ගෙවල දාන්නං' කියල. අයිතිකාරයත් ටිකක් කල්පනා කරලා අකමැත්තෙන් වගේ කියනවා ඕකේ මේ අන්තිම වතාව කියල හිතාගන්නව වෙලාවට කුලිය නොදුන්නොත් ඊළඟ පාර තමුංව පාරටම අදාල දානවා කියල. ඕං ඉතිං අංකලුත් දොට්ට දාපු ලට්ටලොට්ට ටිකත් අරං අයෙමත් ගේ ඇතුලටම යනවා හිටං.

සීන් එක මේම සීරියල් වෙලා යනකොට ඔතනින් ජනමාධ්‍යවේදියෙක් යනවා කියන්ඩකෝ. මේ වයසක ඩෑල්වලට මේම කරන එක මහ ධාතු වැඩ නේ කියල පොරටත් එකසිය ගානට මල පයිනවා. යකෝ මේක නිදහස් භාරත් දේශේ, අදම ලියනවා ආටිකල් එකක් පත්තරේට කියල, ඇල්මේනියම් බඩු ටිකයි මෑන්ස්ලගේ ආගියුමන්ට් සීන් එකයි ඒම පොටෝසුත් අරගෙන, හෙඩිමකුත් දාල  'කුලිය නොදුන් නිසා කුරිරු නිවෙස් හිමියා වයසක කුලී නිවැසියා පන්නා දමයි' එඩිටර් උන්නැහේට දෙනවා.

එඩිටර් උන්නැහෙත් දැනුංතේරුං ඇති මිනිහනේ,  ඉතිං ඩ්රාෆ්ට් එක කියවල කරලා හිටං පොටෝ ටික බලනකොට මූණ තුෂ්නිම්භුතයිස් ඒ කියන්නේ ෂොක් වෙලා වගේ අහනවා ළමයා මේ ලොකු උන්නැහේව දන්නවද කියලත්. කොල්ල දන්න අංකලයෙක් නෑ, සර් මේ මිනිහා කළ වැඩේ හරි නෑ 'වයසටවත් ගරු කළේ නෑ' කියල උත්තර දුන්න. (මේ අර කවුද වයසට ගරු කරපං මල්ලි කියල ටෙලිපෝන් කළ එක්කෙනා...)

 එනිවේ, නෙක්ස්ට් ඩේ උදාඋනා.

අම්මටසිරි, පොලිස් ජීප්


පෙරටුකරගෙන බීකන් හයිකරපු ඇම්බැසඩර් කාර් පෝලිමක්

අර එපාට්මන්ට් එක ඉස්සරහ. සුදු සූට් කාරයෝ පෝලිමේ ගෙට අතුල්වෙනවා,  කළු සූට් තුවක්කු කාරයෝ වටේටම, පොලිස්ලා සීරුවෙන් ඉඳන් සැලියුට් ගහනව එක කෙළියයි. ඒ අතරෙ අර ඊයේ හිටි නරඹන්නෝ සීරිස් එකේ දෙවෙනි කතාංගය බලන්ඩ සෙට්වෙලා.

නිවෙස් හිමියට පුල් හොල්මං ද පොල්කොළ වයි දීස් කපුටාස් ආ ෆ්ලයින් ටු කුරුම්බා ට්‍රී කියල මෑන්සුත් එන්ටර් උනා සීන්ස් එකට. කොහේ යන්ඩද කළු සූට් කාරයෝ මේකව එලවලම දැම්ම. බැරිම තැන පාරට ගොහින් පොලිස් ජීප් එකක් ළඟ හිටි හාදයෙක්ගෙන් ඇහුවම මොකක්ද රාළහාමි මෙතන වෙන්නේ කියල වද නොදී මෙන්න මේක බලනව අයිශේ අපිටත් වැඩ තියෙනව කියල පත්තරයක් දුන්න.  

කපුටාස් හිටිං රෝල්ස් රොයිස් බ්ලෙඩ්ස් රොටේටින්නවසීලන්තයේ අපේ ගෙදර රුපියල් 540කින් දවසක් කමු. 'ගුල්සාරිලාල් නන්ද, දෙවරක් අගමැති, අද ගතකරණ දුක්ඛිත ජීවිතය' මෙන්න පත්තරේ හෙඩ් ලයින්. කෙළියනේ තාප්පෙට. ඊයේ ලොක්කට සද්දෙ දාන හැටි පොටෝත් එක්කම..

ගුල්සාරිලාල් නන්ද හෙවත් පල්ලෙවත්ත ජී 'නන්ද ජී' ඉන්දියාවේ නිදහස් සටනේ නේරුලා, ගාන්ධිලා සමග එකට වැඩ කළ කෙනෙක්. අගමැති නේරුගේ සහ අගමැති ශාස්ත්‍රීගේ අභාවයන්ගෙන් පසු අන්තර්කාලීන (Interim) අගමැති වෙලා තිබෙනවා. වැඩබලන අගමැතිකමක් ගැන ඉන්දියන් ව්‍යවස්ථාවේ සඳහන්ව නැති නිසා අන්තර්කාලීන අගමැතිත් රටේ අගමැති කෙනෙක් ලෙස තමා සලකන්නේ. 1971දී ඉන්දිරා ගාන්ධි අගමැති ලෙස පත්වුනාට පසු ඔය නවීන වැඩ මට ගැලපෙන්නේ නෑ කියා දේශපාලනයෙන් විශ්‍රාම ගෙන, ජනෙල් කූරු වල එල්ලී, ආගමික සහ සමාජ සේවා කටයුතු වල යෙදුනා.

අපි මේ දීමනා ලබාගැනීම වැනි දේ වලට සටන් කළේ නැත කියා හිටපු අගමැති කෙනෙකුට හිමිවන රුපියල් 500 දීමනාව පවා ඔහු ප්‍රතික්ෂේප කළ අයෙක්. හිතවතුන්ගෙන්, දුවගෙන් හෝ පුතුන් දෙදෙනාගෙන් වත් කිසිම මුදල් උපකාරයක් ලබාගෙන නෑ. - බලාගෙන යනකොට අපි හම්බුකළොත් අපි කනවා ජාතියේ ඔරිජිනල් පොරක් -. පස්සෙන්පහු බොහෝ දෙනාගේ බලකිරීම මත ඔහු රුපියල් 500 දීමනාව ලබාගෙන තිබෙනවා. ඒක වුනත් නියමිත දිනයට නොලැබෙන නිසා තමා ගෙවල් කුලිය පරක්කු වෙලා තිබෙන්නේත්.

මේ සිද්ධියෙන් පසු වුවත් රජයෙන් ලබාදුන් නිවස ප්‍රතික්ෂේපකළ ඔහු පසු කලක අහමෙදාබාද්හි සිය දුවණියගේ නිවසට පදිංචිය සඳහා ගොස් තිබෙනවා.

1997දී ඉන්දියාවේ ඉහලම සිවිල් සම්මානය වන 'භාරත් රත්න'යෙන් පිදුම් ලැබූ ශ්‍ශ්‍රී ගුල්සාරිලාල් නන්ද 1998දී මියයන විට වයස අවුරුදු 99 මස 6ක්.

 අපි මේ දීමනා ලබාගැනීම වැනි දේ වලට සටන් කළේ නැත කියා හිටපු අගමැති කෙනෙකුට හිමිවන රුපියල් 500 දීමනාව පවා ඔහු ප්‍රතික්ෂේප කළ අයෙක්. හිතවතුන්ගෙන්, දුවගෙන් හෝ පුතුන් දෙදෙනාගෙන් වත් කිසිම මුදල් උපකාරයක් ලබාගෙන නෑ. - බලාගෙන යනකොට අපි හම්බුකළොත් අපි කනවා ජාතියේ ඔරිජිනල් පොරක් -. පස්සෙන්පහු බොහෝ දෙනාගේ බලකිරීම මත ඔහු රුපියල් 500 දීමනාව ලබාගෙන තිබෙනවා. ඒක වුනත් නියමිත දිනයට නොලැබෙන නිසා තමා ගෙවල් කුලිය පරක්කු වෙලා තිබෙන්නේත්.

මේ සිද්ධියෙන් පසු වුවත් රජයෙන් ලබාදුන් නිවස ප්‍රතික්ෂේපකළ ඔහු පසු කලක අහමෙදාබාද්හි සිය දුවණියගේ නිවසට පදිංචිය සඳහා ගොස් තිබෙනවා.

1997දී ඉන්දියාවේ ඉහලම සිවිල් සම්මානය වන 'භාරත් රත්න'යෙන් පිදුම් ලැබූ ශ්‍රී ගුල්සාරිලාල් නන්ද 1998දී මියයන විට වයස අවුරුදු 99 මස 6ක්.

අපේ පල්ලෙවත්ත ජී ගේ පින්තුරේ දැම්මේ මේ නන්ද ජි වගේම එයත් වෙස්ට් එකක් අඳින නිසා මිසක් වෙන දේකට නං නෙවේ, හරිය. අනික අපේ පල්ලෙවත්ත ජී ඔය ගෙවල් කතා අරව මෙව්වා දන්නේ නෑ එව්වා ඉන්දියාවේ පත්තරවල ගියාට ලංකාවේ පත්තරවල යන්නෑනෙ.  

ශ්‍රී ගුල්සාරිලාල් නන්ද