Friday, November 29, 2019

ඇසළ කුණට ජයවේවා!

ගුඩ් මෝනිං එකක් වේවා!

තාව මෙහෙමනේ උනේ සෑර්.

හැත්තැහතේ තිබ්බනේ සෑර් 'මන්ත්‍රී තරඟයක්'. ඔව් ඔව් අර පේමදාස මහත්තය අත් දෙකට පොල් බෑ දෙක අරගෙන මේ පොල්බෑය කීයද,  මේ පොල්බෑය කීයද කියල එක එක බෑය වෙන වෙනම පේන්නලා ගනං ටීචර් වගේ අපෙන් අහනවා එතකොට පොල් ගෙඩිය කියක් උනාද කියල. අන්න එහෙමයි ඒකාලේ..  අපිට ගනං සාස්තරේ හිටං එතුමල කියල දුන්නේ.

හිච්චි එකා කාලේ ඉතිං හැට්ටරුත් යනවා චන්ද මීටිං බලන්ඩ හිටං, කොළ කෑල්ලක් එහෙම අරගෙන පැන්සලෙන් ගාන එකතු කරලා බැලින්නං හරියටම හරිනේ. ඒ මහත්තය ඇත්තනේ කියල තියෙන්නේ. හැබැයි චියර් කරන කෂ්ටිය 'හැත්තැහතේ ..ත්ත නැතේ..' කෑගහල කියන එකනං හරියට තේරුං ගියේ නං නෑ. එතකොට ගෑනු ඔක්කොම පිරිමි වෙනවද නැත්තං අමුතුම ජාතියක් වෙනවද කියල තමයි පස්නේ තිබ්බේ. 

ඔන්න ඔය තරඟෙට බලපිටියේ ආසනෙන් ඉල්ලුව සුදර්මන් මහත්තයත්. 
ස්වාධීන අපේක්ෂකයා.
සුදර්මන් මහත්තය බලපිටියේ ගුරු විද්‍යාලෙන් පැන්ෂන් එහෙම ගිහිල්ල හිටං එයාගේ වතුපිටිටික බලා කියාගෙන හිටියේ. නෝනත් නෑ මගේ හිතේ ඒ වෙනකොට. දුවයි බෑනයි තමා ගෙදර හිටියේ තඩි ඇල්සේසන් බල්ලට අමතරව. කාර් තුනක්ද කොහෙද තිබ්බ, කොන්සල් එකයි, පෝඩ් ප්‍රිපෙට් එකයි තව මගේ හිතේ හිල්මන් එහෙකුයි. 
වත්තක් දෙකක් විකුණලා සල්ලිත් ලැහැස්ති කොරගෙන තමයි සුදර්මන් මහත්තය ගේමට බැස්සේ.

අම්මට සිරි, ගමේ විතරක් නෙවේ අල්ලපු ගං වල රස්තියාදු කෙල කෙල හිටි හාදයෝ සේරෝම සුදර්මන් මහත්තයාගේ ගෙදර. කහ සේට් ඇඳල, කහ තොප්පි දාල කියල වෑඈඩක් නෑ ..

උන්ම අතිං ලියල හිටං තාප්ප වල ගැහුවා කහ පාට පෝස්ටරයක්. එළ කිරි වගේ.


නෝමන් මහත්තය ගහල තියෙනවා අලියාට ඔබේ වටිනා චන්දය දෙන්ඩ කියල, අසෝක මහත්තය කියනව ගියපාර වගේම යතුරට චන්දෙ දෙන්ඩ කියල, ලස්මන් මහත්තයත් එහෙමයි, අතට චන්දෙ දෙන්ඩ කියනවා. සුදර්මන් මහත්තය විතරක් කොහෙවත් නැති කුණකට චන්දෙ දෙන්ඩ කියනවා. මට නං හිතුනේ මේ කියන්නේ පාරුතොට පොල් ලෙලි වලවල් ගැන කියල, අපේ හරියේ මාදුගඟේ ගොඩ හරියට වෙන්ඩ එක සිය ගානට පොල් ලෙලි වලවල් තියෙනවා, එව්වට ලෙලි දාල පල් කොරල ඊට පස්සේ තලලා තමා ඒකාලේ පොල් කොහු හදන්නේ. ඔය වලවල් සදා හයිඩ්‍රජන් සල්පයිඩ් ගඳයි. රත්ගම එව්වෝ වගේ කතරගම යන වාහන වලට කියල පොල් ලෙලි තලවගත්තේ නෑ අපේ ගමේ අය. අහිංසක මිනිස්සු.

අර කහ සේට් කෂ්ටිය ඉන්නවා නේද, ඉස්සර වැලේ වැල් නැතුව බීඩි බිබී හිටියට දැන් උන් හන්දියේ කඩේට 'ෂියෑට්' එකක් ගන්ඩ යන්නෙත් පෝඩ් ප්‍රිපෙට් එකේ, ඒකත් පුල්ම ලෝඩ් එක ගහල. කොහොමද ඒක.. 
ඉස්ටේජ් ගහනවා, කහ කොඩි දානවා, උන්ම කතාත් පවත්වනවා, ඔරෙන්ජන් බාර්ලි බොනවා. බොරු කියන්ඩ ඕනේ නෑ ළඟ හිටියොත් අපටත් බාර්ලි හම්බ වෙනවා.. වැඩ ලක්සයයි.

දැන් ඔන්න පිංවතුනි සුදර්මන් මහත්තය කතාව කරනවා.
නෝනාවරුනි, මහත්වරුනි, දරුවනි.   වශයෙන් පටන් ගෙන...
පේමදාස මහත්තයලට  සිරිමාවෝලට වගේ ලොකු පස්න, ප්‍රතිපත්හි ප්‍රකාසන අරව මෙව්වා නැහැ. 
සුදර්මන් මහත්තය කියන්නේ එක දෙයයි.
මිත්‍රවරුනි, දැන් අපේ ගම දියුණු කොරන්ඩ ඕනේ. කොහොමද? 
මෙන්න මේකයි මගේ පැලෑන.

දැන් අපේ ගමේ බැලු බැලු අත තියෙනවනේ පොල් ගස්.
මම මංත්‍රී උනාම හැම ගහකම බඳින්ඩ හරකෙක් සපයලා දෙනවා. ඌ එතන තියෙන තණකොළ ටික කාවි. ඔහෙලට තියෙන්නේ වතුර ටිකක්, ඉඳ හිට පුන්නක්කු ටිකක් දෙන එක විතරයි.
උගේ කිරි තමන්ට ඇති පමණ බීල ඉතුරු ටික විකුණන්ඩ ඇහැකි. ගොම ටික දාල එළවළුවක් වවා ගන්ඩ ඇහැකි.
නිරෝගී මිනිසුන් සහ අමතර අදායමක්!

ඉත්න් ඔහෙලට තියෙන්නේ ඇස ලකුණට චන්දය දෙන එක විතරයි.
simple as that.

පස්සෙන් පහු වෙනකොට සුදර්මන් මහත්තය කතාවේ අගට තව කෑල්ලකුත් එකතුකළා. ඒ මොකක්ද;
මම දැන් දිනලා ඉවරයි, දැන් මට තියෙන්නේ මැජෝරිටිය හදාගන්ඩ එක තමයි. ඩික්ෂනරියක් වත් නැති එකේ මක්කැයි මේ මැජෝරිටිය කියල දැනගන්ඩ හැට්ටර්ට නං සෑහෙන කාලයක් ගියා.

ඔන්න දැන් පහුගිය 16 වගේ ඉලෙක්ෂන් දවස උදාඋනා. චන්දෙ දැම්ම. චන්ද පෙට්ටි ගාල්ලේ කච්චේරියට ගෙනිච්චා. සුදර්මන් මහත්තයත් ඒ එක්කම ගාලු ගියා.

අම්මට සිරි ඊට පස්සෙනේ කෙළිය. සුදර්මන් මහත්තයාගේ ගෙදර ඇස්ටෝම් පළ වගේ, කෑමද, බීමද, අරවද මේවද , වෑ.. ඩක් නෑ. සැට් එක පුල් වොලියුම්. ඇම් ඇස්ලගේ ඇන්ටන් ජෝන්ලගේ බයිලා එකක් පස්සේ එකක්. කස්ටියක් නටනවා. හැබැයි හත අට වෙනකොටම සමහරු පැණි වෙලා භූගත වෙලාත් හිටිය. 


ඔන්න දැන් පාන්දර ජාමේ සුදර්මන්, මහත්තයාගේ කාර් එක එනවා. සෙනගට වගේ වගක් නෑ. කනවා, බොනවා. ෂියෑට් ගහනවා එක සිය ගානට මේ හෙට සුනාමිය එනවා වගේ. . මහත්තය ගියා සැට් එක ඕෆ් කළා, සෙනග පුල් හොල්මං, 
තුන්සිය හතලිස් දෙකක් ඉඳිද්දී අනික්  සේරෝම කැරි වේෂිගේ පුතාල දැන්ම පලයව් එලියට කියල කෑගහල කිව්වා.

මයින්ද දේශප්‍රිය මහත්තයගෙන් ඇහුවොත් කියාවි කොහොමද පරණ චන්ද ප්‍රතිපල  බලන්නේ කියල. (මගේ නම නං කියන්න එපා, එයා අපේ ගුරුතුමා.. විවහාරික ගණිතේ ඉගැන්නුවේ). 

සත්‍ය සිද්ධිය ඔතනින් ඉවරයි.

දැන් ඔන්න සුදර්මන් මහත්තය ගෙට ගිහින් වොෂ් එකක් එහෙම දාල සරමකුත් ඇඳගෙන එනවලු පාටියට.
දෙශීයකුත් දාගෙන ගිහින් සැට් එක ඔන් කරලා හෙම හිටං දැම්මලු   සින්දුවක්.


නැවිලා සරමේ කොනකිං අල්ලලා උස්සල ගත්තලු හිටං ඈ ..

ඉතුරු ටිකත් ම කියන්ඩ ඕනේ නෑ නේ ...


ජයවේවා!
Myself Hattor

 


 




Wednesday, November 27, 2019

Leela's Crab Curry - ඩයස් කකුළුවෝ

නියුයෝක් නගරයේ (හෝ ඒ අසල) ජිවත්වන SKIZ ප්‍රනාන්දු ශෙෆ් තුමා සෑර් නියම රෙසිපියක් දාල තියෙනව ඔබේ බටේ   (මේක පරණ එකක් ඈ...)


Thank you allrecipeshub.com for the image

හලාවත ඔරිජිනල් රෙසිපියක්, SKIZ සෑර්ගේ ඉංගිරිසියෙන් ලියූ පොතේ (Rice & Curry: Sri Lankan Home Cooking) සම්පුර්ණ කතාවම තියෙනවා.

අන්න කොල්ලෝ. රට ඉඳං සිංහලෙන් බ්ලොග් ලිය ලිය ලංකාවේ වැරදි මේකයි, ලංකාව හදන මගේ ක්‍රමේ අහවල් එකයි, අරකයි, මේකයි, මගෙත් ඉතින් ඇදයි තමයි ඒ උනාට අහවලාගේ අරක ඇදයි කියකිය හිටියෙ නෑ ඇමරිකාවේ ඉන්නේ, ඉංගිරිසියෙන්ම ලිව්වා පොත. amazon එකට ගියා එතන තියෙනවා ඕනේ නං ගනිං. එහෙම නැතුව අඩුම කුඩුම ගානටම දැන ගන්න්න්න්ඩම ඕනෙනං ගූගල් කළොත් බඩු  ෂුවර් බඩේ බත් වගේ.

ඉතින් සෑර් ඔය කකුළුවොයි කිව්වම එක එක ජාතියේ කකුළුවෝ ඉන්නවනේ. මූදු කකුළුවගෙන් පටන් ගත්තම ගඟේද එයින් ගියාම කක්කුට්ටොද, රළා කකුලුවොද අන්තිමට ඒ මදිවට ගූ කකුළුවොත් ඉන්නවනේ. අන්තිමට කියූ එවුන් හොද්දට වත් ගන්නෙ නෑ මං දන්නා තරමින්.

ඔය කකුළුවෝ කියන ජාතිය හිටං යන්නේ ඇදේටමනේ. නෝ ෆෝවඩ් මෝෂන්, ෂයිඩ් එකටමයි අදින්නේ එලයින්මන් ගොහින් වගේ.

මට මේ තකහනියක් කකුළුවෝ මතක් උනේ, මේ ලඟදි රට ඉන්න වෙන්ඩ සුද්දෙක් (or may be trying to make sudda guys හෙළ! "බය සමය නැවතත් එළැඹ ඇත - Back to the future!" කියල දාපු පොස්ට් එක දැකලයි. සන්ජන හත්තොටුව සෑර්ගේ ටුවිට් එකක් දැකල ලොක්කට නන් ඉස්ටොප් ලූස් මෝෂන්  වගේ. යකෝ, ඕස්ට්‍රේලියාවේ ඉන්න එකේ අඩුගානේ හරියට ඉංගිරිසි ටිකක්, වැඩිය නෙවේ මේ ටිකක්, ඉගෙනගනින්කෝ අඩු ගානේ මේ අකුරු 256 ටුවිට් එකක් වත් හරියට තෝරගන්න. IELTS සැටිපිකෙට් නං හැට්ටරුත් හදා ගන්නං, එව්වා මහා වැඩ නෙවේ තිස්ස අත්තනායකල ඉන්නකං .

 හත්තොටුව සෑර්ගේ ටුවිට් එකේ විදියට කොම්පැනියේ අයිතිකාරයා ඒක දාන්ඩ දෙන්නේ නැතිලු.
ඉතිං කොම්පැනි අයිතිකාරයෙක් නොවීත් ලොජියේ රසික කරන්නෙත් ඒකමනේ. අද ඊයේ නෙවෙයි කාලෙකම ඉඳල. කොමෙන්ට් එකක් දැම්මම එයා කොම්පැනියේ ලොක්ක වගේ කැමතිනං විතරයි පබ්ලිෂ් කරන්නෙ. බොරුද මං කියන්නේ. මුං නං ගූ කකුලුවෝම තමා අඩු ගානේ හොද්දකටවත් දාන්ඩ බෑ. චීයා...

Myself Hattor.

Tuesday, November 19, 2019

රසික ඩයස් සහ 'ගෝටාබයට ඡන්දය දුන් උං ගැන මගේ අදහස'

ඕස්ට්‍රේලියා රටේ සිනුවර (එවැනි නමක් ඕස්ට්‍රේලියා සිතියමේ සොයාගන්ඩ බැරිවිය, සමාවන්ඩ) නම් කල්පිත ග්‍රාමයේ වෙසෙන සියල්ල දත් මහා පඬිරුවනක් ලෙස හැසිරෙන, මැවිසුරු (කොහොමද ඒක), රසිකලොජියට අදිගෘහිත, රසික සුරියආරච්චි සෑර් තමාගේ බ්ලොගයේ ' ගෝටාබයට ඡන්දය දුන් උං ගැන මගේ අදහස' නමින් පෝස්ට් එකක් ලියමින් ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපල ගැන තමාගේ ඇති අප්‍රසාදය හා නොකැමැත්ත ප්‍රකාශ කර සිටී. ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති පරම අයිතියට ගරුකරන මා එයට ඔහු ජිවත්වන රටෙත් ලංකාවේත් නීතියෙන්ම අවකාශ සලසා දී තිබෙන බවද ප්‍රකාශ කර සිටී.


(උපුටාගැනීම https://rasikalogy.blogspot.com)

ලොජියෙරසික සෑර් සත්‍ය කරුණු හතරකින් බ්ලොග් පොස්ට් එක පටන් ගෙන තිබීම සතුටට කරුණකි.

එනම්;

ලංකාවේ ඡන්ද බලය හිමි ජනතාව තම කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඡන්ද ප්‍රතිඵලය දැන් ඉතා පැහැදිළි ය. මගේ අප්‍රියතම අපේක්‍ෂකයා වූ ගෝටාබය රාජපක්‍ෂ 52 වඩා වැඩි බහුතරයකින්, වැඩි ඡන්ද දහතුන් ලක්‍ෂයකින් පමණ ජයග්‍රහණය කරන බව පෙනේ.

වැඩි දෙනාගේ කැමැත්ත ගෝටාබය රාජපක්‍ෂට නිසා, ජනාධිපති විය යුත්තේ ඔහු ය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයයි.

ගෝටාබය රාජපක්‍ෂට ඡන්දය දුන් ඡන්දදායකින් පිරිස ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කිරීමට සුදුසුම පුද්ගලයා ඔහු ම ය. වෙන කිසිදු අපේක්‍ෂකයෙකුට කිසිසේත් ම එය කළ නොහැකි බව නොරහසකි.

මා බලාපොරොත්තු වූයේ මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලැබේවි ය කියා වූ නමුත් අවාසනාවට මෙන් මගේ බලාපොරොත්තුව ඉටු නොවුණි.
(උපුටාගැනීම https://rasikalogy.blogspot.com)

ඔබගේ අවංක අදහස් දැක්වීමට තැන්කිව් වේවා!

නමුත් හැට්ටර්ට ඇති දැවෙන පස්නේ ලොජියෙරසික සෑර් ගෝටාබය රාජපක්ෂ සෑර්ට ඡන්දය දුන් අය පිළිබඳව කරන විග්‍රහයයි.
දන්නා සිංහලෙන්ම කියනවනං, හැට්ටර්ට වැටහෙන අන්දමට එය එතරම්ම දරුණු සාහසික අවඥා සහගත වෛරී ලියවිල්ලක් මිසක් කිසිම ආකාරයක විග්‍රහයක් නොවන නිසාය.

ලංකාවේ ජනගහනයෙන්   6,924,255 ජනතාව අමනයින් සහ කපටියන් බව රසික සෑර් ලියා පළකර සිටී.
එයින් අති බහුතරය අමනයින් බවත් ඒ පිරිස තමන්ගේ අමනකම වටහා ගෙන නොමැති බවත් ඔවුන් ගැන අනුකම්පාවෙන් සඳහන් කරන  රසික සෑර් ඒ අමනයින් සිතාගෙන ඉන්නේ තමන් රට ගැන සිතන දේශප්‍රේමීන් හා කළගුණ දන්නා යහපත් පුද්ගලයින් බවට හඳුන්වාදෙයි.

ඉන් අනතුරුව ගෝටාබය රාජපක්ෂට සෑර්ට ඡන්දය දුන් අය අතරින් සුළුතරයක් වූ කපටියන් අමු ජාතිවාදීන් සහ ලාවට ජාතිවාදීන් හා පුද්ගලික වාසි සොයන අවස්ථාවාදීන් ලෙසට වර්ග කරයි.

දැන් ලොකුම පස්නේ කොහොමද මේ දේ රසික සෑර් ටක්කෙටම කිව්වේ කියන එකයි. එකෙක්වත් අඩු නැතුව අර 6,924,255ම  අමනයින් සහ කපටියන් බව කොහොමද රසික සෑර් දැනගත්තේ.  අන්න ඒ ක්‍රමේ අපිටත් කිව්වනං ඔන්නහේ ඕක විස්වාස කරන්ඩත් තිබ්බ. දැන් ඔය ගෝටාබය සෑරුත් තමන්ටමනේ චන්දෙ දෙන්ඩ ඇත්තේ, නැතුව සජිත් සෑර්ට හරි වෙන කාටහරි නෙවේනේ. ඉතිං ලොජියෙරසික සෑර්ට අනුව අපේ ජනාධිපතිත් එක්කෝ අමනයෙක් නැත්තං කපටියෙක්. අම්මප නව නිංගිරහවක් නේ වෙලා තියෙන්නේ බලාගෙන යනකොට.

එකෝමත් එක කාලෙක හැට්ටර් උසස් පෙලේ ගනං ඉගෙන ගන්න කාලේ අභ්‍යුහනයෙන් හරි ඔප්පු කරලා පෙන්නුවේ නැත්තං සරෝජිනී මිස් ලකුණු දුන්නේ නං නැහැ. බලාගෙන යනකොට ආනන්දේ හිට්ට නං ෂපාන් එකේ පේරාදෙණියේ ඉංජිනියරින් යන්ඩ තිබ්බ විතරක් නෙවේ AIT එකේ ගොඩ දාගන්ඩත් තිබ්බ. දෙවියනේ දෙයක් ඔප්පු කොරන්ඩ තියා උගන්නලවත් නෑනේ  එව්වා වල. බලන්ඩ ඒකෙත් හැටි. කොළඹට කිරි ගමට කැකිරි .

පෝස්ට් එකේ තව දුරටත් කියවාගෙන යද්දී ඔහු නව ජනාධිපතිට 'අලුතෙන් පත්වෙන ජනාධිපතියා පරිස්සම් විය යුත්තේ මේ සුළුතර කපටි පිරිසගෙනි' යනුවෙන් අනතුරු ඇඟවීමකුත් කරයි. අන්න එව්වා හොඳ වැඩ නමුත් සෑර්;

තමන්ගේ විදුහල්පතිතුමා කොච්චර අපතයෙක් උනත් පත්තරේට 'අපේ ප්‍රින්සිපල් කාරයා' ගැන කියන්නේ නැහැ නේ. පොඩිකාලේ හැට්ටර් ඉස්කෝලේ යනකොට ටීචර්ල අපිට කියල දුන්න කොහොමද වෙනත් කෙනෙකුට ආමන්තරණය  කොරන්නේ කියල, may be අපේ ඉස්කෝලේ විතරද දන්නෙනෑ එව්වා ඉගැන්නුවේ. සෑර්ල සුද්දොන්ගේ රටවල්වල හිටියට එව්වවල ළමයි තාත්තට Hey Martin how you doing man කියල කිව්වට මෙහෙ කියන්නේ නැහැ නේ. මම ඉතිං උගන්නන්න ඕනේ නැහැ නේ.

ඔය කතා අල්ලල දාමු.
අපි මෙහෙම බලමු.

රසික සෑර් ලංකාවේ ඉගෙනගෙන ඉංජිනේරු විද්‍යාව උපාධියකුත් ලැබුවා, මිසී පේරාදෙණියේ වෛද්‍ විද්‍යා  උපාධියකුත් ලැබුවා.කලෙකට උඩදී ඕස්ට්‍රේලියාවට ගිහිං එහෙ රස්සාවකුත් කරමින් එම රටට ප්‍රාන්තයට නගරයට බදු එහෙම ගෙවමින් සතුටින් සිටිනවා. හරිනේ. පිට් නේ.

මට  මෙතන තමන්ගේ අමනකම වටහා ගෙන නොමැති අමනයෙක් නං පෙනෙන්නේ නෑ. හැබැයි  යම් පුද්ගලයෙක් හෝ රටක් ආයෝජනයක් කරන්නේ තමාට හෝ  තම රටට ප්‍රතිලාභයක් බලාගෙන මිසක් අල්ලපු ගෙදර පවුලට ප්‍රතිලාභයක් පිණිස නෙවේ නේ. රසික සෑර්ට බලෙන් university යන්ඩ කිව්වේ නෑනේ, එයා ගියේ නැත්තන් වෙන කෙනෙක් යාවිනේ. නෝ ප්‍රස් ඇටෝල්  බේබි .

තමන්ගේ වැඩේ කරගෙන ශේප් එකේ මාරුවෙලාගිය කපටියෙක් නං මෙතන ඉන්නවද පිංවතුනි? කොහොමත්ම නෑ .
කිසිම විදියකින් මේවා පුද්ගලික වාසි සොයන අවස්ථාවාදීන්ගේ වැඩ නෙවේ මං නං හිතන්නේ.

රට ගැන සිතන දේශප්‍රේමියෙක් කියල හිතාගෙන රිමෝට් කොන්ට්රෝල් උපදෙස් දෙන්ඩ නං හපන් කවුරුවත් මෙතන ඉන්නවද . සද්දේ සිරා වැඩ සීරෝ.

අනේ සෑර් , සෑර්ට කරුණාවෙන් කියන්නේ මේ දැන් ඉස්ප්‍රින් කාලෙනේ, වැඩිපුර පිනි බාන්ඩ එලියට පහලියට යන්ඩ එපා සෑර්,

ජයවේවා!


ඕ සොරි සොරි, සෑර් පිනි බාන්ඩ ගියාට කමක් නෑ. කක්කුස්සි ගිහින් හෝදන්ඩ නං එපා, පීනස හැදේවි.