ගුඩ් මෝනිං එකක් වේවා මිත්‍රෝරුනි, ගුඩ් මෝනිං!
පහුගිය සතියක හයිවේ ඉබ්බා කතාවේ අපේ හිතවත් කැප්ටන් විජේබාහු මේම කොමෙන්ට් එකක් කොටලා තිබ්බ.
ඒ කෙසේද යත්:
මම දැකපු හොඳම අධි වේගේ පස්සට රිවර්ස් කිරීම ගැන, දවසක් මම බැංකොක් අධි වේගේ ටැක්සි එකක යනකොට මැන් වැරදි exit එක ගත්තා, පහල පාර දැක්කම මැන්ට වැඩේ තේරුණා, මු ටක් ගාල පස්ස බලලා මිටර් සීයක් විතර වන්ගුවේ අධි වේගේටම රිවර්ස් කරානේ.
අනේ මේ, ඔයාගේ මේ රථ වර්ණනාව අපේ රථගාය වැඩි වෙනවනේ.
අම්මට සිරි, මම විජේබාහු
උපුටා ගැනීම අවසන්
රිවස් කිරීම ගැන කිව්වම මටත් පරණ කතාවක් මතක් උනා.(ෆෝවඩ් කෝම උනත් රිවස් එකට සෙකන්ඩ් වෙනවද අපි! බණ පොතකවත් අහල තියෙන දෙයක්ද )
ඩිස්ක්ලේමර් එක: ඕකේ දැන් ටෙස්ල පදින අය ඔටෝ ගියර් පාවිච්චි කරන අය සමාවෙලා වෙන මක්කාවත් බැලුවනං හොඳා.
අපි වගේ ලඩි පැද්ද, දැනටත් පදින හා පදින්න බලාපොරොත්තුවෙන අය නං බැලුවට අමනාපයක් නෑ ..
කාලෙකට ඉස්සර දවසක්දා වෙඩිමකට යන්ඩෝනඋනා අපේ බෙටර් හාෆ් එකට. නොට් සෝ බෙටර් හාෆ් එකටත් එක්කම තමා ඉන්විටේෂම. සූට් එකක් දාගත්තෙ කාලෙකට පස්සෙ කියන්ඩමත් බෑ මොකද ඒ කාලේ ළඟ ළඟ අර ටීම් එකේ කට්ටිය වෙඩින් ගන්නවා.
දැන් ඔන්න වෙඩිම තිබුණෙ නිට්ටඹුවේ රණතිසර එකේ. තනිකඩ කාලෙ වගේ කෑම වෙලාව ලංවෙලා ගොහින් හිටං තැන්කිව් කියල ඒ වැඩේට සෙට් වෙන්ඩ බෑ කාන්තා පාර්ශ්වයට ෆුල් සෝ එකම බලන්ඩ ඕනේ ජෝඩුව එන එකද පෝරුවද අරකද මේකද අරයගෙ මේකප් එක මොකක්ද කොහෙන්ද දාල තියෙන්නේ, අර සාරිය තව ටිකක් ලාපාට කලස් වලින් ගත්තනං ෂෝක් හෝල් නයින් යාඩ්ස් ම ඕනේ.
දැන් ඔන්න රෙජිස්ට්‍රාර් නෝනත් ඇවිත් වැඩේ ඔෆීශියල් කරලා හිටං ලයිසම අතට දෙන්ඩ ලෑස්තිය.
ම්හු නෝ ඇක්ෂන්,
රෙජිස්ට්‍රාර් නෝනා වටපිට බලනව, මනමාලිගේ කට්ටිය කලබලවෙලා වගේ පේනව.
මේ.... ප්රදීපල තාම නෑ නේ එයාගෙ හස්බන් ලු සාක්කියට අස්සං කරන්න ඉන්නේ.
ඔව් නේ බුවා පේන්ඩ නෑ නේ.
රෙජිස්ට්‍රාර් නෝනට තව වෙඩිමකටත් යන්ඩෝනලු. හුකා කෝ තොප්පි කිව්වලු! අස්සං බුවා තාම නෑ නේ.
මෙන්න මේ අස්සේ බ්‍රයිඩ්ගේ අක්ක ඇවිත් මට ආරාධනා කරනවා මල්ලි ඔයා මේ කසාදෙට අස්සං කරන්ඩ කියල.
මේ උන්දැ දැක්කෙත් අදමයි, මනමාලි දැක්කේ අද උදේ මෙතනට ආවට පස්සෙ .පෝරුවෙ ඉන්නකොට.
හැබැයි උදේ මට දන්නා අඳුනන පොරක් හම්බෙලා කතාකළා, මෑන්ස් අපේ වැඩපළට යන එන කෙනෙක්, අක්කගේ හස්බන් තැන!. ඌ දන්නවා මගේ නොම්මරේ.
යන්න යන්න කියල නිසි බලධාරයගෙනුත් ඕඩස්. (කැප්ටන්ගේ වයිෆ් කර්නල් ලු නේ. නැද්ද )
යේස් මෑම්.
ඉතිං ඕන කජ්ජු ගහක් යටිං කියල මාත් ගොහිං වාඩිඋනා.
අස්සං කරන්ඩ ඔන්න මෙන්න .. මට පේනව අර ඩබල සීන් එකට එන්ටර් වෙනවා.
මං පොරව දන්නව. අපේ අයිය වැඩකරන තැන මිකැනිකල් ඉංජිනේරුවෙක්. උඹම ඕක කරපං තාලෙ ගෙස්චර් එකක් දාගෙන ඌ මාරුඋනා. දැන් ලයිෂන් එක ඉෂූ කරලා සුබ පතලා තැන්කිව් කියලා එතනින් මාරුවෙනකොට අහවලා මට ලඟිම්ම පුටුවකුත් තියාගෙන කතාකළා.
මචෝ මාර වැඩේ නේ උනේ. කාරෙකේ රිවස් එක වැටෙන්නේ නැතුව ගියානෙ බං. පිට්ටනියක් හම්බෙනකන් නුවර පාරේ ඈතට හිහිං යූ ටර්න් එකක් ගහන් ආවෙ.
හ්ම්ම් (පිට්ටනිය තියෙන්නේ ගෙදර වෙන්ඩෑති. මුං දෙන්න බැඳලා තාම මාසයක් නෑ. මවුගේ එක්ස්කියුසස් )
මේ මශ්ශිනා උඹ කලිං නං යන්ඩ එපා සුදෝ. අනේ මේ හැමෝම යනකං ඉඳල තරානැතුව මේක පොඩ්ඩක් තල්ලුකරලා දීපං මචෝ මට හරවගන්ඩ.
හ්ම්ම් (කාල බීල අහක්කවෙලා ටයි කෝටුත් දාගෙන කට්ට අව්වෙ තල්ලුකොරාන්කෝ කාර්)
අනේ මචෝ උඹ ඉන්නව නේද?
බේරුමක්ම නෑ
ඕකේ. මොකක්ද උඹේ රතේ
මචං මොරිස් මරීන එකක්
යතුරත් අරං වරෙන් පොඩ්ඩක්
හා යමං
මේ මේ කොහෙද ඔය දෙන්න හෙමීට යන්නේ. ස්ටීරියෝ නාදයක්
මේ අපි පොඩ්ඩක් පහළට යනවා.
ප්‍රදීපා අපි කාර් එක ගාවට යනව අර රිවස් එකෙ ප්‍රස්නෙ බලන්න
ගියා කාර් එක ලඟට.
යතුර දියං
නැග්ග
ස්ටාට් කළා
රිවස් ගියර් එකට දැම්ම
කාරෙක රිවස් කරලා මූන පාර පැත්තට දාල නැවැත්තුව.
මෙන්න උඹේ යතුර.
දැන් තල්ලු කරන්ඩ ඕන්නෑ ඉස්ටාට් කරගෙන ඉස්සරහර පලෑන්
මේ මේ උඹ කොහොමද රිවස් එකට දැම්මෙ
යකෝ මායි ප්රදිපයි කොච්චර මාන්සි උනාද රිවස් එකට දාගන්ඩ (මං නොදන්න මාන්සිය)
උඹ අදද මේක මුලිම්ම එලෙව්වේ
නෑ බං මම ට්‍රයල් පෙන්නුවෙත් මේකෙං
ප්‍රදීපා ඩ්‍රයිවින් ඉගෙනගත්තෙත් ට්‍රයල් පෙන්නුවෙත් දෙකම මෙකෙම්මයි
අම්මප!
එතකොට ඒකාලෙ රිවස් එක වැඩකළා ?
මේ ඒවයින් වැඩක් නෑ උඹ රිවස් එක දාපු විදිය කියපං
මමම ඕක කියන්ඩ ඕන්නෑ
ගොහිං ගියර් නොබ් එකේ (බෝලෙ) කොටල තියෙනෙවව බලපංකො. R අකුර ළඟ හොඳ සෝදිසියෙන් බලපං මචං.
කාරෙක ස්ටාට් උනා. මෙන්න කාරෙක පස්සට යනව.
මචං වැඩේ හරිද
ඔව් බන් R එක ළඟ ඒකෙ රිවස් එක දාන විදිය ඇඳල තියෙනවනේ!
දැන් උඹල දෙන්නම මේක එලෙව්ව. ට්‍රයලුත් දුන්න මේකෙම්ම!!
නෝනාවරුනි මහත්වරුනි ඔය සමහර පරණ වාහන වල රිවස් ගියර් එක එක්කෝ උඩට උස්සල එහමත් නැත්නම් පහලට තදකරලා තමා දාන්ඩ තියෙන්නේ.
එම නිසා ගියර් බෝලෙ ඕක මක්කහරි විදියකට කියල තියෙනවා.
සමහර බ්‍රිටිෂ් හා ප්‍රංශ කාර්වල pull up රිවස් පොක්ස්වාගන් වල පුෂ් ඩවුන් රිවස්
ලොකු සර්. වැඩේ මරු ඈ. මේ ලොක්ඩවුන් කාලෙ මෙහෙම එකක් දැක්කත් සනීපයි.
Replyහැට්ටර් මේම කියනවට අමනාප වෙන්ඩ එපා සර්. පොටෝ ටික ටිකාක් විතර enhance කරලා දැම්මොත් එළ කිරි.
ලයිට්රූම්, පොටෝෂොප්, ප්‍රොෆෙෂනල් ඉමේජ් එඩිටිං වලට දැන්ම වියදම් කරන්ඩ එපා. බලන්ඩ GIMP වගේ එකක්. ඔය පින්තුරවල බ්‍රයිට්නස්, කොන්ට්‍රාස්ට් පොඩ්ඩක් එහා මෙහා කරල විතරක් (ඕනෙනං ෂැඩෝ, හයිලයිට් පොඩ්ඩක් ඇජස් කරලා හිටං)හොඳට පණ පිහිටුවල දෙන්ඩ ඇහැක්.
මම කාලයක් රස්සාවට ඔය වැඩ කරලා තියෙනවා commercial printing අංශෙ. ට්‍රයි එකක් දීල බලන්ඩ.
ජයවේවා!
Myself Hattor