Wednesday, June 15, 2022

Hey my heart, tell me...

 හේතු කාලේන කජ්ජෙන පුහුලං උනාම ඉතිං පුහුලම දිහාම බලාගෙන ඉඳල වැඩක් නෑනේ අයිබෝවන්ඩ, කෝමහරි කජ්ජක් දෙකක්, එහෙමත් නැත්තං ඉංග්‍රීසියෙන් කියන විදියෙ solace එකක් හොයාගන්ඩත් එපාය, නැද්ද මං අහන්නෙ.

බණ පොතක් හෙම කියවගෙන ධර්මය ඔබට මග වේවා! ලෙසට ධර්ම මාර්ගයෙ යන්ඩත් ඇහැක්. නැත්තං විද්‍යාවෙන් උත්තරයක් හොයාගෙන ගිහින්, රසායන විද්‍යාවේ මුලධර්මවලට අනුකූලව C2H6, තවත් විදියකින් කියනවනං ඊතෛල් ගෘප් (CH3-CH2) එකට හයිඩ්‍රෝක්සිල් ගෘප් එක (OH) එකතුකරලා හදාගන්නා ද්‍රවය ෂැන්ඩි ඇතුව හෝ නැතුව පාවිච්චි කරන්ඩ උනත් ඇහැක්. ක්‍රීඩාවට, recreational drugs නමැති දෙයක් හෝ ලාවට (හෝ සද්දෙට) සිංදුවක් උනත් හෝ ඕවයෙ කොම්බිනේෂන් එකක් උනත් අපිට පාවිච්චි කොරාන්ඩ ඇහැක් හිටං.

Thank you https://www.madanmohan.in 

මදන් මොහාන් කියන්නෙ ඉන්දියාවේ හිටි අති දක්ෂ මධුර මනෝහර තනු නිර්මාපකයෙක්, සංගීත අධ්‍යක්ෂක වරයෙක්. ආතල් කඩන්නෙ නැතුව කලාවට සිංදුවෙ ෆ්ලෝ එක ගෙනියන්ඩ රුසියෙක්.

මදන් ජී තනුව රචනා කරන ඒ දිල් මුජේ බටා දේ - තූ කිස් පිආ ගයා හේ පරණ හින්දි චිත්‍රපටි ගීතයක්. මේක ඔරිජිනල් එක නම් නෙවේ, අළුත් ආටිස්ට්ල කියන කොටත් පොඩි ගතියක් තියෙනවා නේ. නැද්ද?

සංගීතගෙ ගායනේ කොහොමත් අගෙයි, ඒක නෙවේ කොහොමද ධෝලක් මාස්ටර් ජී ?. ආන්න වැඩ!

ජයවේවා!
Stay safe, stay active 

14 comments:

  1. solace ද මන්දා, පට්ට ලස්සන සිංදුව. ඒත් මම තේරුම හොයන්න ගිහින් ආතල් එක කඩා ගත්තා.

    සිංදුව කියන කෙලී, නියව-නියව කියන කොට මට හිතිච්ච ඒවා මෙතන ලියන්න අමාරුයි. ඒත් මම නියම ආතල් එකක් ගත්තා. අර මහත-දෙහත කැමරාකාරයා, නිකටට මාස්ක් දාගත්ත වාදක මඞුල්ල, හප්පා දුන්න සැපක්?

    මොන එකක්ද මන්දා, මට මතක් වුනේ මෙන්න මේක:
    https://www.youtube.com/watch?v=bymRNX0NJDo

    ReplyDelete
    Replies
    1. ආතල් ගැනීම අපේ පරම අයිතියකි, ෂර්!

      Delete
    2. හා හා , අපේ කැටා ඔච්චර බය නෑ

      Delete
  2. අඩේ හැට්ටරේ, මේකෙ ඔරිමජිනල් එකක් නරකම නෑ බොලේ. ගිනිකූරු කට් රැව්ල, ඔලුව නැටවිල්ලම වගේ එව්වා හරියට රසවිඳින්න නං ඉතිං සතවරුසයක් විතර පස්සට ටයිම් ට්‍රැවල් කරන්න වෙනවා.
    https://www.youtube.com/watch?v=bmrRFQnpe80

    ReplyDelete
    Replies
    1. ආ.. හ. හා... කියනකොට අශෝක් කුමාර් කොම්පියුස් ( නමියගේ වීදිය ®) වෙලා බලන ඒ බැලිල්ල.

      Delete
    2. හොඳ වෙලාවට පයිප්පයක් ලැබුන සින්දුව අහන්න

      Delete
  3. හ්ම්ම් ඒක ලස්සනයි . බස්සා කියන්නැහේ ඒ මුව කමල.

    ReplyDelete
  4. මගේ ආසම එකක්. https://www.youtube.com/watch?v=1eHJ3I_Re3g&list=RDCLAK5uy_mLINy9qpTonGQC-ruYaB7k1QSb89CsyUU&index=4

    ReplyDelete
  5. මේක කොහොමද - https://www.facebook.com/watch/?v=1015913842375558

    ReplyDelete
  6. කොහොමත් හිංදි කියන්නේ මම බොහොම ආශාවෙන් රස විඳින සංගීතයක්! ස්ංගීතය යනු විශ්ව භාෂාවක්ය කියන අදහසට මේ තරම් හොඳ උදාහරණ කොහෙන් සොයන්නද?

    ReplyDelete