Sunday, October 15, 2023

දැන් වේලාව රාත්‍රී දහයයි

 ද සෙනසුරාදා!

දැන් වෙලාව රෑ දහයයි.

ඕ යේස් ටෙන් ඇට් නෛට්. (EDT - ඊස්ටන් ඩේලෛට් ටෛම්)

සමහරු දහයයි කියල උදෙන්ම බ්ලොග් පෝස්ට් දාල තිබුණ හිටං. හැබැයි දැන් තමා හරිම වෙලාව! රෑ දහයයි.

Thanks to clker.com for the image


පරණ කතාවක් මතක් උනා.

ඔන්න මං උසස් පෙළ කියල විබාගේකට ලෑස්ති උනා නේ කාලෙකට ඉස්සර.

ටවුමෙ හෝල් එකට පිචෑර් එකක් ඇවිත් තිබුණ ඒ නිසා සෙට් එකම පීරියඩ් දෙකක් කට් කරලා හිටං එක බලන්ඩ යන්ඩ ලෑස්ති උනා. සෝ එක දෙකයි තිහට.

එක හමාරයි වෙලාව. බයිෂලෙත් පැදගෙන යනව රීගල් හෝල් එකට යන්ඩ.

අම්මටසිරි 'සමතය' එනවා ඉස්සරහට.
මල්ලෙ කොඑද මේ දාඩිය පොල්ල දාගෙන තකානියේ යන්නෙ.
මූ මගේ බයිෂලේ නවත්තල හැඬල් එකෙන් අල්ල ගත්ත.

සමතපාල මම යනවා පිචෑර් එකක් බලන්න. මරු කව්බෝයි සෝ එකක් ඇවිල්ල රීගල් එකට.
මල්ලෙ අපි නං ඩෙක් පීස් වලිං තමා පිල්ම් බලන්නෙ.
මං ලබන පාර එනකොට හොඳ ජපං ඩෙක් එකක් ගේන්නං.
දැන් අහපංකො සවුදියෙ වරුණාව !

මේ ඒක නෙවෙයි සමතෙ මං පස්සේ වෙලාවක එන්නං ඔය කතා අහන්ඩ. දැන් පරක්කුත් වෙලා මං යන්නං.
මොන පරක්කුවක්ද මල්ලෙ තාම එකොළහයි කාලයි නෙ. දෙකෛ තිහනේ සෝ එක.
අයිෂේ මම ගෙදරින් පිට වෙනකොටත් එක හමාරෛ. තමුසේ මේ දොඩෝනවා.

නෑ මල්ලෙ මේ බලන්ඩ. තාම එකොළහයි කාලයි. මෙන්න සමතය එයාගේ කැසියෝ ඩිජිටල් ඔරලෝසුව මට පෙන්නනවා.
ඔව්!, ඒකෙ වෙලාව එකොළහයි කාලයි.
මල්ලෙ මේ තමා හරිම වෙලාව. සවුදි වෙලාව හරියටම හරි!
මේ තවුසෙ ඕකේ වෙලාව හදාගන්නවා. මං යනව මට පරක්කු උනා.



ඒ එක.

දෙක, තවත් කෞතුක චරිතයක්!. ඩබ්ලිව් එස්.

ඩබ්ලිව් එසා, මාත් එක්ක එකම ඔපීසියේ වැඩ කළ අයෙක්. වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක්.
හැට්ටර් අත් ඔරලෝසුවක් පාවිච්චි නොකරන කෙනෙක්. (වෙලාවට වැඩ නෑ, එම නිසා ටයිම් පීස් අවශ්‍යත් නැත).

දවසක් මොකක් හෝ හේතුවකට මම ඩබ්ලිව් එස් ගෙන් වෙලාව විමසුවා.ඩබ්ලිව් එස්ගෙ වෙලාව හරියටම පැයක් වැඩියි.
මොකෝ බොස් ඕකෙ පැයක් වැඩියි නේ!
මෙහෙමනේ හැට්ටර්, දැන් උදේට වෙලාව බැලුවම මට හිතෙන්නෙ මම පරක්කුයි කියල, ඒ නිසා ඉක්මනට ලෑස්ති වෙලා වෙලාවට වැඩට එනවා. 
ඉතිං බොස් ගෙදර යනකොටත් පැයක් කලිං යනවද? 
බොටත් ඕනෙ නැති මගුලක්  නෑ. අනිත් උං වැඩ ඇරිලා යනකොට මමත් යනවා.

අපිලට දිරෙව්වෙ නැති උනාට, ඩබ්ලිව් එස් ඇත්තටම වෙලාවට කලාවට වැඩ කරන කෙනෙක්, ඒ වගේම බොහොම .. මං කොහොමද හරියටම ඒක කියන්නෙ .. කියමුකෝ අධිප්‍රවේශම්සහිත කියලා..
වැඩට ඇවිත් හතට දෙකක් තියෙද්දී පොත අස්සං කරනවා. හතට එකක් තියෙද්දී නෙට්වර්ක් එකට ලොග් වෙනවා. හරියටම හතට මොකක් හරි ලෝකෙ නැති මයින(ර්) එලාම් එහෙකට ට්‍රබල් ටිකට් එකක් දානවා. මෙහෙමනේ හැට්ටර්, මම තැන තුනකින්ම මගේ එන්ට්‍රිය රෙකෝඩ් කරනවා. 
වැඩ ඇරෙන කොටත් එහෙමම තමයි. තුනට ට්‍රබල් ටිකට් එක. තුනයි එකට ලොග් ඔෆ්, තුනයි දෙකට සයිනෝෆ්.

මාස හයකට විතර පස්සෙ මට හිතුණා ඩබ්ලිව් එසාගෙ වෙලාව කෝමද කියල බලන්ඩ. එදා පැයයි තව විනාඩි කීපයක් වැඩියි.

හ්ම්..
සෙයිකෝ ඩේ ඇන් ඩෙට් හොඳ ඔරලෝසුවක් ඒක. දැන් වැඩිඋන විනාඩිය හදන්න ඩබ්ලිව් එස් කිසිදිනක කටුව ආපසු කරකවන්නේ නැත. ඔරලෝසුව කැඩේ යයි කියා. ඕක පැය විසි හතරක් ඉදිරියට කරකවන්නෙත් නැත. ගෙවෙයි කියා. 
ඇයි දවස, දිනේ ඔක්කොම වෙනස් කරන්ඩ එපාය.  තව ගෙවෙනව

ඩබ්ලිව් එස් ගැන  තව ටිකක් කියනවනං මෑන්ස්ට ටී වී දෙකක් තිබුනා. අඟල් 26, කලර් එකක් (ඒ කාලෙ තිබුණු ලොකුම සයිස් එක) සහ අඟල් දොළහේ බ්ලැක් ඇන් වයිට් එකක්. කලර් ටී වී එකට හොඳ ලස්සන කවරයක් හෙම දාල, උඩින් ප්ලාස්ටික් මල් පෝච්චියක් එහෙමත් තියල තිබ්බේ. කළු සුදු එකේ තමා සියලුම දේවල් බලන්නේ. යථාර්තය වගේනේ. කළු සුදු නේ.

ඩබ්ලිව් එස් ගැන නං කතා සරිත් සාගරේ වගේ එකක් යනකොට එකක් මතක් වෙනවා.
සෙකටරි කෙනෙක් වත් හොයාගන්ඩ ඕනෙ හිටං ඔව්ව ලියනවනං.

බයිලා උනත් මේ දෙකම සත්‍ය සිද්ධි බවටත් නම් ද සත්‍ය බවටත් සහතික වෙමි!
කාල වෙලාව සහ ඩේටා වියදම් කරගෙන මෙහි පැමිණි ඔබ සැමට ස්තුතියි!

ජයවේවා!

 
ප. ලි.
සමතයගේ ඔරලෝසුවෙ වෙලාව පස්සෙ දවසක මං හරියට හදලා දුන්න.
ලංකාවෙ වෙලාව නේ වෙලාව!

27 comments:

  1. ආ! හැට්ටර්! කියලා වැඩක් න්නෑ! ඉල ඇට ඉලාස්ටික් උනා දැං නිකං ප්ලාස්ටික් වෙලා!
    ජයවේවා ආපහු ලියන්න පටන් ගත්තට!

    එන හෙනහුරාදා දහයට ඩබ්ලිව් එස් ගේ කතාවකින් හමුවෙමු!

    ReplyDelete
    Replies
    1. තැන්කිව්. තැන්කිව්. මේක ලිව්වේ ඔබ තුමාලගේ සත්ක්‍රියාවට පොඩි උපහාරයක් කරන්න.
      ඇත්තම කියනවනං මම වෙනත් සයිඩ් බ්ලොග් එකක් පොඩියට පටන් ගත්තා.
      මේක වහලා දාල එකට මාරුවෙන්න තමා අදහස.

      ජයවේවා!

      Delete
    2. දැං ඔන්න සතියක්ම කල් තියෙනවා ඊළඟ ශනිදා දහයට කලබලයක් නැතිව පෝස්ට් එකක් දාන්න!

      Delete
    3. ඇයි දෙයියනේ වෙන බ්ලොග් එකක්? ඇයි එහෙම කරණ්නේ?

      Delete
  2. අර සැටලයිට් මැඩම් ලංකාන්ඩුවේ ඔරලෝසුව පැයක් ඉස්සාරට කරකවලා පස්සේ පැය භාගයන් පස්සට ගැහුවා.. හැබැයි උන්දෑ වෙලාවට වැඩකිරිල්ලට රෑකොඩ් තියලා තිබ්බා නෙව. ඔය වේලාව වෙනස් කිරිල්ල දකුණු කොනේ රට වස්සෝ පිලිගත්තත් උතුරුකොනේ උන්නැහැලා පයිසෙකෙට මායිම් කොලේ නෑ.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ඔව් අසංග, අපිත් ඕමන්තේදී වෙලාව වෙනස් කරගෙන තමා ගියේ, ඒ කාලෙ.

      ජයවේවා!

      Delete
  3. Replies
    1. ඉස්තලන්ගෙ කතානං මරු ඈ ..

      ජයවේවා!

      Delete
  4. Replies
    1. සයිඩ් එකත් පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ.
      මේ කාටවත් වැඩක් නැති බයිලා නැතුව ලයිට් ටෙක්නිකල් ටච් එකක් එක්ක ලියන්ඩ තමා හිතං ඉන්නේ.

      ජයවේවා!

      Delete
    2. අඩේ එහෙම කියන්න එපා. මේවත් හොඳයි අතරින් පතර.

      Delete
  5. කිත්සිරි - දෙමටගොඩOctober 15, 2023 at 9:41 AM

    ඉතාමත් හොද ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මේවා බයිලා කිත්සිරි. තව මක්කවත් ලියමුකො වෙලාවක් ආවොත්.

      ජයවේවා!

      Delete
  6. ඒ උනාට ලෝකයා නං කියන්නෙ හැට්ටර් උන්නැහෙ ඔරලෝසුවෙ කටු හැමවෙලාවෙම එකම තැනෙයි කියලයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ලේකම් තුමා, ලෝකයා මට ඔහොම කතාවක් කිව්වේ නෑ නේ.
      ඔය ලෝකයාත් අපේ අම්බලංගොඩ හිටි තවත් කෞතුක පොරක්.
      වත්තෙ සුද්ද දෙමළෙක් කිව්වේ අන්න ඌ තමා.


      ජයවේවා!

      Delete
  7. හැට්ටර්ගෙ පොස්ට් රසවිඳින්න බොහොම පහසුයි. ආයෙ දිගටම ලියන එකට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බස්නායක තුමාල නැත්තං බ්ලොග් ලෝකේ අඩුපාඩුයි.
      මතකද බොස්ගෙ ජලේබි, ඇෆ්ගන් ජලේබි. අන්න රසවිඳින එව්වා!

      https://www.youtube.com/watch?v=CTmKrwFu7wg
      බ්‍රෑම්ටන් කෂ්ටිය!!

      ජයවේවා!

      Delete
  8. ශනිදා දහය මේ පෝස්ටුව බලන්න මමත් ආවා. ජයවේවා

    ReplyDelete
    Replies
    1. දුමින්ද, ඇත්තටම සඳ ඊයෙ නං තැවිල්ලෙන් වෙන්ඩෑති හිටියේ.
      ඊයේ දවල් දොළහට එකට විතර සුර්ය ග්‍රහණයක් තිබ්බ මෙහෙ, අර ring of fire ටයිප් එකේ. බලන්ඩ සෙට් වෙලා හිටියේ මාත්.
      මොන, උදේ ඉඳම්ම වලාකුළු.
      ඉතිං දුමින්ද කියපු එක බොරුද?
      සඳත් දැන් තැවිල්ලෙන් රැඳුනනේ වලාවක්!

      ජයවේවා!

      Delete
  9. හැට්ටරේ මේක මරු ඈහ්.
    සුමති වගේ ඩෑල් නං ඒ දාස්සොල ලොරි ගාණට ඉන්නැති. මිනිස්සුන්ට ඔව්වෑ ගාණක් තියේයෑ. අපි ‌පොඩි දවස් වල වුණත් රට ගිය ඇත්තෙක් කියන්නෙ තත්වයක් තියෙන ඒකෙක්තමා

    ReplyDelete
    Replies
    1. හම්මා, උන්ගෙ තිබ්බ ගනං.
      අපි ඉතිං 'ගුවන් තොටුපළට' අධ්‍යාපන චාරිකාවක් විතරක් ගියඋන්නෙ.
      උන් ප්ලේන් එකෙන් රට රාජ්ජවල ගොහුං හිටං ඉන්ටනැෂනල් බුවාලානේ. ගමේදීත් උඩිං යන්නෙ.

      ජයවේවා!

      Delete
  10. අර කලර් සූපපෙට්ටය... ආරස්සා කරන වැඩේ මරැ 😂

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙවේ. කොම්පියුටර් දෙක (මතක තියාගන්ඩ එකක් නෙවේ දෙකක්!) පුටු සැට් එක ආදී නොයෙක් ජාති.
      ඔය ආරක්ෂක උපකරණ දාන්ඩ අමතක වෙන වෙලාවලුත් තිබුනා.
      කලෙකදී ඩබ්ලිව් එස්ගෙ වයිෆ්ට ළමයෙක් ලැබුණා. ඒක තව කතාවක්!

      ජයවේවා!

      Delete
  11. අම්මට සිරි දහයෙ පොරක්

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. ටෙන් ඔ ක්ලොක් EDT!

      ජයවේවා!

      Delete
    2. Thanks Ano, I passed your information to my handler.
      Have a great day!

      Delete
  12. කොහොමද හැට්ටර්
    වෙලානෙ ඇක්ටර්
    අදයිනෙ දැක්කේ
    වෙන්නට එන්ටර්

    අජිත් මහත්තයගෙ අඩවියෙන් දැකලයි ගොඩ වැදුණේ.

    ReplyDelete