ෆූජියමා ගිණි කන්ද.
අපි ඉගෙනගත්තේ එහෙමයි.
නමුත් ඒක ටිකක් විතර සැර වැඩියි නේ. ගිණි ??
ජපන්නු කියන විදියට කිව්වම ෆූජි-සං කියන නම එච්චර බරපතල නෑ නේ.
කාලෙකට පස්සේ බ්ලොග් පැත්තෙ ආවම අජිත් ස'ගේ ජපං සංචාර විස්තර දකින්න ලැබුනා. ඒක මරු ඈ ..
ෆූජි-සං ගැන නොකියවෙච්ච ටිකක් ලියන්ඩයි මගේ අදහස. වෙලා තිබුනොත් වෙන දවසක කියෝතො ගැන එහෙ ප්‍රසිද්ධ ගෙයිෂාවො ගැනත් ලියමු.
ලංකාවෙ ලොකු ගස් වලට (කඳු වලට නං මම දන්නෙ නෑ) වගේ ජපානෙ කඳු වලට අධිගෘහිත දෙවියො ඉන්නවා. ඒ අයට කියන්නෙ 'කමි' කියල. යේස් යේස් අර සුදු පුතාට කියන නමම තමා.
නමුත් විශේෂෙ වෙන්නෙ මේ කඳු කමී ලා දේවතාවියෝ - female - වීම.
ෆූජි කන්ද සහ සියලුම ගිණි කඳු වලට සහ සකුරා මල් වලට අධිගෘහිත කමි තමා Konohanasakuya-hime.
ඒ උත්තමාවිය ගැන වැඩි විස්තර කියවන්ඩ අවශ්‍ය නං මේ ලිංක් එකෙං බලාගන්ඩ ඇහැක්. වීඩියෝවක් නං මෙතනිං
ගිණිකඳු වලට බොස් කරලා පිරිමි දෙයියෙක් නොදා කාන්තා පරාණයක්ම දාන්ඩත් ඒ කාලෙ උනත් ජප්පන්ට බරපතළ හේතු කාරණා තියෙන්ඩ ඇති.
ඒ කෝම උනත් ෆූජි තුමා තරණය කිරීමේදී පිරිමින්ට වඩා කාන්තාවන්ට අමාරුකම් ඇතිවෙනවා (ඇතිකරනවා) කියා කතාවකුත් මට අසන්නට ලැබුණා.
අජිත් ස' කීවා වගේ කන්දෙ පාර තියෙන්නෙ ෆිෆ්ත් ස්ටේෂන් එකට පමණයි.
කන්ද මුදුනට නගින අයට 6-9 පහුකරගෙන මුදුනටම යන්ඩ ඇහැක්.
සේරම ෆිෆ්ත් ස්ටේෂන් හතරක් තියෙනවා කන්දෙ වෙනත් පැතිවලින් උඩට නගින පාරවල්.
යොෂිද මංපෙත ගැන කිව්වොත්,
ෆූජියොෂිද පංසලේ ඉඳං කන්දෙ මුදුනට තියෙන යොෂිද මංපෙතේ (Yoshida trail) ස්ටේෂන් 10ක් තියෙනවා.
කවගුචිකෝ පැත්තේ ඉඳල යොෂිද මංපෙත ලෙසටම උඩට නගින්ඩ හොඳ පාරක් තියෙනව.
මේක ටොල් රෝඩ් එකක්, ෆිෆ්ත් ස්ටේෂන් එකට යනකම් හදල දීල තියෙන්නේ සුබරු (Subaru) කොම්පැණියෙන්. ඒකෙ නම ෆූජි සුබරු ලයින්. ෆිෆ්ත් ස්ටේෂන් එකෙන් කන්ද මුදුනට නගින්නෙ නැත්තං ඔචුදො මංපෙතේ කිලෝමීටර් පහක විතර රවුමක් දාන්ඩත් ඇහැක් , ඒක යන්නේ කන්ද වටේ, හැබැයි සම්පුර්ණ රවුම නෙවේ.
ඔන්න ඔය පාරෙ පොඩි කතාන්දරයක් තියෙනවා.
මේකෙ එක කොටසක පාරෙ කට්ට කපල තියෙනව ජපං නැළවිලි ගීයක් ඇසෙන ලෙසට
මේ කන්ද, අඩුමගානේ එයිට්ත් ස්ටේෂන් එකෙන් ඉහළ අයිති ෂින්තො පන්සලකට. පුද්ගලික ඉඩමක්. නමුත් කාලෙන් කාලෙට ආණ්ඩුවට පවරාගෙන නැවත රිලීස් කරලා නැවත පවරාගෙන වගේ නඩුහබ එහෙමත් තියෙනව.
කවගුචිකො වැවෙන් ෆූජි-සං ගේ හොඳ පින්තුරයක් ගන්ඩ ඇහැක්. ඔය මොනවා උනත් 'කමි' ගෙ අවසරේ නැත්තං, එහෙමත් නැත්තං කුමන හෝ හේතුවකට - කාන්තාවක් නේ - කමි අමනාප වෙලානං කඳු මුදුන වලාකුළු වලින් වහලා දානවා.
මේක බලන්ඩ ආවට 'අරිගතෝ ගොසයිමස්!'
දෙවැනි ලෝක යුද්දෙ කාලෙ ඇමරිකන් සබ්මැරින් එකක් පෙරිස්කෝප් එකකින් ගත්ත පින්තුරයක්.
ඔචුදො මංපෙත
අම්මට සිරි , මරේ මරු ඈ , ලින්ක් ඔක්කොටමත් ගියා . හැට්ටර් සං ගේ හොඳ විස්තරයක් . ජපානේ මට මෙච්චර කල් මග හැරුන එකට මට කණගාටුයි . ඇත්තටම මම අවුරුදු දෙක තුනක් වැඩ කරන්න හදාගෙන යනවා තරුණ කාලේ නම්. බිරින්දෑ නම් කිව්වා ෆුජි කන්ද පයින් තරණය කරමු කියල . ඒ අදහස අත ඇරලා තමා ගියේ බස් එකේ . ගේෂාවෝ බලන එක නම් මිස් වුනා ඇත්තටම වෙලා මදි වෙලා . ඒ කියන්නේ ආයේ යනවා කියන එක තමා
ReplyDeleteඅජිත් ස' ඒ කතාව නිවැරදියි.
Deleteනැවත ගියත් තව අළුත් දේ දැනගන්න දැකගන්න හැකිවෙනවා.
කෙසේ වෙතත් ජපානෙ බොහොම ලස්සනයි.
ජයවේවා!
අජියා සං ටයි හැට්ටර් සං ටයි බොහෝම ඉස්කෝතුයි. විස්තරේ පංකාදු පහයි තව ටිකයි. මමත් අපෙ හාමිනේ එක්ක යන්ට හිතන් ඉන්නව මේ අවුරුද්දෙවත් ඒ අහ කරක් ගහල එන්න. අපේ කැමැත්ත එච්චර ටුවරිස්ට්ල යන්නෙ නැති පැති වල හක්කලං කරන්න ඕං. හැට්ටර් සං පුරුදු කාරයෙක් වගෙ වෙච්චි එකෙ කියමුකො ඒ වගෙ විස්තර ටිකක්.
ReplyDeleteකෞශල්‍ය සං, හොඳ අදහසක්. අනෙක් රටවල් වගේම සීසනල් වෙනස්කම් නිසා තමන් කැමතිම දේ තිබෙන කාලෙක යන්ඩ. Regardless you will enjoy.
Deleteකීප දෙනෙක් යනවනං එයාපෝට් එකේදී wifi ඩොන්ගල් ගන්ඩ. හැමෝම රෝමිං ගෙවන්ඩ නෑ. දෙන්නෙක් නං ගණන් මිනුම් ටිකක් හොයල බලන්ඩ. අපි නරිට වලින් අරං ඔසාක වලින් රිටන් කළේ. ගන්නවනං ඒ ගැනත් සොයල බලන්ඩ.
අපේ ළමයි 7-11 බොහොම ආසා කළා. ඒ වගේම වෙන්ඩින් මැෂින්. දුම්රිය ස්ථානවල බෙන්තො රසවත්. තව ට්‍රාන්ස්ලේට් ඇප් එකක් (පින්තුරේ text translate වටිනවා)සහ යෙන් මුදල් අතේ තියාගන්ඩ.
ට්‍රැඩිෂනල් Inn එකක නවතින්ඩ. ඒක හොඳ අත්දැකීමක් වේවි.
කසළ බැහැර කිරීමත් හැම තැනම නෑ.
Enjoy!!
ජයවේවා!
අපිත් නරිටා වලින් පටන් ගත්තේ . බෙන්ට බොක්ස් එක ගැන කීවාද මන්ද . හැබැයි මරු තමා .
Deleteමේකත් මරු හැට්ටරේ...කමී කිව්වෙ අර බ්ලොග් ලියපු උන්දැටද ?🙃 කවදා හරි ජපානෙට ගියොත් සකේ එකක් බීලා සකුරා මල් බලලා එනව මිසක් ගිනි කඳු නම් තරණය කරන්නෑ...😇😇
ReplyDeleteමිසී සකෙ සහ සකුරා පමණක් නම් මදි. හොඳටෝම මදි.
Deleteසකෙ ගැන මට මෙහෙම දෙයක් තේරුනා. බීම ජාතියට කියවෙන්නේ 'සකෙ'. සකේ කියනකොට සැමන් මාළු වගේ.
සකුරා බලන්ඩ නම් වසන්ත කාලෙ මුලදී යන්ඩ ඕනෙ. මේ පාර මල් පිපුණේ වෙනදට වඩා කලින්. එය ගෝලීය උෂ්ණත්වය ප්‍රශ්නයක් කියා කියනවා. කොහොම උනත් හොඳින් ප්ලෑන් කරලා යන්ඩ.
මම නම් කියන්නේ මුදල් ටිකක් එකතුකරන් ඉක්මනට යන්ඩ. ළඟ පාත රටවල් වලට පස්සෙන්පහු යන්ඩ බැරිය.
මට මේ අවුරුද්දෙ ඕල්ඩ් ෆේත්ෆුල් බලන්ඩ යෙලෝස්ටෝන් යන්ඩ ලොකු ඕනෙ කමක් තිබුණා නමුත් දැන් ඇමරිකාවෙ තත්වෙ වෙනස්.
එහෙ යනකං ජපානෙ ගේන්ඩ මිසී ගෙදරට ගෙදරට.
තෙන්පුර එකක් හදල හිටං කරාගෙ එකකුත් හදාගෙන දෙන්ඩකො ගෙදර පාටියක්.
ජයවේවා!
//යෙලෝස්ටෝන් යන්ඩ ලොකු ඕනෙ කමක් තිබුණා නමුත් දැන් ඇමරිකාවෙ තත්වෙ වෙනස්...//
Deleteආයෙ අහලා? ඇල් සැල්වදෝර් පැත්තෙ ටුවර් එකකුත් නිකම්ම දෙයි පැකේජ් එකටම.😋
ජපන්නු සකේ නෙමේ නේ කියන්නේ . සකේ කියන්නේ නිකන් මුන්ෂයින් වගේ . නිහොන්ෂු කියා නේ කියන්නේ . රයිස් වලින් හදපු එක රත් කරපු උණුසුම් සකේ එක නියමයි . ඇමෙරිකාවේ යන්න ලැබෙන්නේ නැහැ මටත් . බිරින්දෑ නම් ගියා සෑහෙන පාරක්
Deleteසබ්මැරීනෙ කොහෙද තිබුනෙ පිංතූරෙගන්නකොට මිස්ටර් හෙක්ටර්?
ReplyDeleteස' ඇමරිකන් නාවික හමුදාවෙන් කියන විධියට සබ් තිබිල තියෙන්නෙ තෝකියො බොක්කෙ (Tokyo Bay). කි.මී 100ට අඩුයි ලයින් සයිට්.
Deleteසබ් දෙකකින් ගත්ත පින්තුර තිබෙනවා.
https://trove.nla.gov.au/newspaper/article/194241360
ජයවේවා!
නියමයි පෝස්ට් එක. පෝස්ට් එකයි, කමෙන්ට් විස්තරයි දෙකම වටිනවා.
ReplyDeleteමම සැරයක් දැක්කා C$ 520 කට තෝකියෝ රිටර්න් ටිකට් එකක් තියනවා. ඒ ගානට වැන්කූවර් යන්නවත් බෑනෙ? ආයෙ ආවොත් ගිහින් 7-11 , බෙන්තො සහ ට්‍රැඩිෂනල් Inn කාලා එන්නත් හිතෙනවා.
මට එහෙදි බස්නායක ස' මතක් උනා.
Deleteස්ටුඩියෝ ජිබ්ලි එකේ ගස්වල තියෙන කොලපාට මතකයි නේද? ටිකක් අමුතු ශේඩ් එකක්
"ටොරානෝ " වල වත් ලංකාවෙවත් මම නම් ඒ කොලපාට දැකල නෑ.
එදත් කල්පනා කරමින් සිටියේ මක්කයි මේ පාට කියල.
ස'ට කියන්ඩ ස' ඇත්තටම ජපානෙ ගස්වල කොළ ඒ පාටයිනේ.
සමහරවිට ඉර එළිය වැටෙන ඈන්ගල් එකේ හෝ පස්වල තිබෙන වෙනස් ඛණිජ සංයුතියක් ද දන්නෙ නෑ ඒකට හේතුව.
එනිවේ ඔනිගිරි කාල ඔන්සං පාරක් එහෙම දාල එන්ඩ ස'
Enjoy
ජපානේ තියෙන්නේ අමුතුම වයිබ් එකක් . මට ජපානේ හරියන්නේ ඇයි කියන එකට බිරින්දෑ ගේ අදහස මේක. එයා හොලිඩේ මිසක් ගිහින් ඉන්න කැමති නැහැ . එයා කියනවා . මම සෝවියට් දේශයට කැමති එහෙ පිළිවෙල ,නීතිය නිසාලු . ජපානෙත් ඒ වගේම 90% නීතිය පිලි පදිං පිළිවෙලට ඉන්න මිනිස්සුලු . මට නම් එහෙම හිතුනේ . උන්ට ඕන තරම් නිදහස තියනව කියල හිතුනේ .
Deleteජපානය ගැන තවත් ලස්සන විස්තරයක්. අජිත් මහතගේ BLOG එකෙන් පස්සේ ජපානයට ආයෙත් යන්න ආසා හිතුනත් පොඩි පැකිලීමක් ඇතිවුනා ලඟකදී අහන්න ලැබුණ news නිසා.
ReplyDelete.https://www3.nhk.or.jp/nhkworld/en/news/20250701_24/
ඔය news එකේ තියන විදිහට
"A new damage estimate released in March of this year said the Nankai Trough megaquake could, in the worst-case scenario, kill 298,000 people and destroy 2.35 million buildings."'
සුන්දරත්වය යටින් පොඩි භයන්කාරත්වයක් රැඳිලා තියනවද කියලා හිතෙනවා.
සමහර විට ඒක නිසා වෙන්න ඇති රට ලස්සන , මිනිස්සු හොඳ
Delete//ඒ කාලෙ උනත් ජප්පන්ට බරපතළ හේතු කාරණා තියෙන්ඩ ඇති.// හුම් හුම්... 😁😂😂
ReplyDeleteජපානේ දෙවෙනි කතාවක් නැත්ද
ReplyDelete