Saturday, March 1, 2025

බ්ලොමය

බ්ලොමය  නැත්තං සාමාන්‍ය ව්‍යවහාරේ බ්ලොම් එක එහෙමත් නැත්තං කොළඹ විශ්ව විද්‍යාලයේ Bloemfontein Medical Students Hostel එක.

වචනයේ පරිසමප්තියෙම්ම වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරෙ. එහම උනාට එග්සෑම් ඇනගත්තු පරණ ශිෂ්‍යයො, ඇයි ගජයො ඔය සියල්ලෝම ඕකේ වාසය කරනව. 

ඒ කෝම වෙතත් බාහිර පුද්ගලයන්ට මෙහි නවාතැන් දීම නීතියෙම්ම තහනං. රටම දන්න ලොක්කෙක් වෙච්චි මේකෙ වෝඩා නොහොත් වෝඩන් තුමා, මේ ශිෂ්‍යයන්ගෙ විනය බොහොම ඉහලින් තැකූ පුද්ගලයෙක්. 

මේ වෛද්‍ය ශිෂ්‍යයොත් මනුෂ්‍යයො නේ. සමහරු කෝමහරි මේකට රෑට රෑට 'කෑලි' ස්මගල් කරනවා හිටං තම තමංගේ ක්‍රීඩා සම්බන්ධ ක්‍රියාකාරකම් වලට.

 මුලදී මුලදී ශිෂ්‍යයො මේවට අහුවෙලා විනය ක්‍රියාමාර්ග වලට යටත් කළත් අපේ ජනාධිපති තුමා වරක් කිව්වා වගේ ළමයෙක් උනත් හැමදාම එකම තැන හැංගෙන්නෙ නෑ වගේ ශිෂ්‍යයොත් ස්මාට් උනා.

දැන් ඔන්න විනය පාලක තුමා හොස්ටල් එකට පැනල කාන්තාවක් අල්ලගන්නව (ශිෂ්‍යය මාරු වෙනව) කාමරේ දෙන්නෙක් ඉන්නවනේ. ඉතිං තුමා අහනව කොයි මහත්තයද තමාව මෙතනට ගෙනාවෙ කියල.

සර්, කෝදාගොඩ කියල මහත්තයෙක් තමා මාව ගෙනාවෙ. තුමාගෙ මූණ රතු වෙනව. තව කාන්තාවක් අල්ලගත්තත් බලනකොට එතනත් කෝදාගොඩ කියල මහත්තයෙක් තමා එයාව ගෙනල්ල තියෙන්නෙ.

මේ මහත්තයත් එක්ක ශිෂ්‍යයො කොපමණ තරහකින්ද හිටියෙ කියනවනං බ්ලොම් එකේ බල්ලටත් නම දාල තිබුණේ කෝදා කියල. 

ලොකු මහත්තය ඔතනිං යන වෙලාවක සිකුරිටි මල්ලි බල්ලට කතාකළාම;

මහත්තයත් හැරිලා බලනව වලිගෙ වනවන බල්ලත් එනව.


කොළඹ නගරාධිපති තුමත් මේකෙ ආදී ශිෂ්‍යයෙක්ද දන්නේ නෑ දැන් මේ පාරේ නම කිංසි ලේන් කියන එකත් වෙනස් කරලා.

176 Professor Nandadasa Kodagoda Rd, Colombo 00700, Sri Lanka

Wednesday, February 12, 2025

වෛටෞට්

 Whiteout

සිසිරලගෙ කාලෙ එහෙමත් නැත්නං winter සමයෙ වටපිටාව හිමෙන් වැහිලා ආකාසෙත් වලාකුළුවලින් පිරිලා ඉර එළියක් නැතුව තියෙන කලට වෙන දෙයක් මේක. තද මීදුම, අධික හිම පතනය වගේ දේ වලිනුත් මේක වෙනවා. මෙතනදි ක්ෂිතිජයක් හොයාගන්ඩ බෑ ඒ කියන්නේ කිසිම රෙෆරන්ස් එකක් ගන්ඩ බෑ. 

සුදූ..., හැමතැනම සුදු. 

ත්‍රිපිටකයේ ධනිය සුත්‍රයේ ධනිය ගෝපාල තෙමේ මෙසේ පවසා තිබේ. ඒ කෙසේද යත්;

"මම සිදු කළ බත්කිස ඇතියෙම්, දෝනා ලද කිරි ඇතියෙම්, ‘මහී’ ගංතෙර සමීපයෙහි අනුකූලපරිජනයා සමඟ වාස ඇතියෙම් වෙමි. වාසගෘහය (තෘණපර්ණච්ඡදනයෙන්) සෙවෙණි කරණ ලදී. ගිනි දල්වන ලදී. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව."

 ඒ වගේ උණුසුම් කළ ගෙදර ඉඳං තේ එකක් කෝපි එකක් බොන ගමං පොතක් හෝ Netflix පිචෑර් බලන්ඩ වාසනාව නැති අපි වගේ රස්සාවට එහෙ මෙහෙ දුවන උන්ට නං ඉතිං බඩුම තමා, හෙඩ් ලෛට් ෆොග් ලෛට් මක්ක ගැහුවත් පාරක් තොටක් නං හොයාගන්ඩ නම් බෑ මහත්වරුනි.

ඒ එක්කම නෝනාවරුනි මහත්වරුනි විදුලිය ගැන කතා කොරන විට නම් බ්ලැකෞට් හා බ්‍රෞනෞට් කියා දෙකකුත් අසන්නට ලැබේ. ඉස්සර කාලෙ ඒ කියන්නේ අවුරුදු 76ක කාලෙ වඳුරෝ කූඤ්ඤ ඇදල උන්ගේ වලිග හිර කරගත්තට දැන් ඉන්න නවීන වඳුරෝ නොදන්නා ලැයිට් වෑර් වල වැඩකටයුතු කොරන්ඩ ගොහිං රටම අඳුරෙ තිබ්බනේ හිටං. අන්න ඒ වැඩේ බ්ලැකෞට්.

බ්‍රෞනෞට් එකකදි නං ලැයිට් යන්ඩම යන්නේ නෑ අර ගැස්සි ගැස්සි තියෙනවා, ඩිම් වෙනව වගේ ඩාම් වෙන ඩූම් වෙන වැඩ තමා වෙන්නෙ. බ්ලැකෞට් එකක් එන්ඩ කලියෙන් බ්‍රෞනෞට් එකක් එන්ඩත් ලොකු චෑන්ස් එකක් තියෙනවා. ඔය ස'ජ් ප්‍රොටෙක්ටර් වගේ දෙයකින් ගෙදර තියන විදුලි උපකරණ වලට බ්‍රෞනෞට් එකකින් වෙන අතුරු අබාධ ටිකක් විතර අඩු කරගන්ඩත් ඇහැක්.

මම හිතන්නෙ කලිං "පාඩමක" කිව්ව මේ ලොකු ලෛන් ට්‍රිප් වෙන විදියක්. (ලොකු ලෛන් දාපු සහ දාන මොන ලොක්කත් දවසක අනිවා ට්‍රිප් වෙනවම තමා... බි.පෙ.සි.)

P * ω

මතක අය අත උස්සන්ඩ 

ඔතන සමීකරණේ වම් පැත්ත තමා ජෙනරේටරෙන් ජනනය කරන බලය 

දකුණු පැත්තෙ මුල් ග්‍රීක් අකුරෙන් කියන්නෙ අපි, පාරිභෝගිකයා පරිභෝජනය කරන බලයට සමානුපාතික දෙයක්.

දෙවැනි ග්‍රීක් අකුර, අර "ය" යන්න වගේ එක තමා පද්ධතියේ ගැස්සීම. ලංකාව, එංගලංතේ, ඔලංතේ (අර සිනුවර තියෙන්නේ එහෙ) වගේ ධනවාදී රටවල ඕක තප්පරේට 50ස් වරක් ගැස්සෙන්නත් (50 Hz) ලෙසටත් ඇමරිකා ජපාන වගේ රටවල තප්පරේට 60 වරක් ගැස්සෙන්නත් (60 Hz) ලෙසටත් තමා ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ. ඔය Hz යුනිට් එක, හ'ට්ස්, ජ'මන් ජාතික Heinrich Rudolf Hertz තුමා සිහිවෙන්ඩ දාපු දෙයක්. 

ඔය 50 පනහෙම තියාගන්ඩ තමා ට්‍රෛ එක. ඒත් කොමහරි 49.5 ත් 50.5 අතර තියාගන්ඩම ඕනෙ. දැන් ආයිමත් අර සමීකරණෙට යමු.

P * ω

දැන් අපි අධි පරිභෝජනේ කළොත් අර  එක වැඩි වෙනවා. ඒත්  එහෙම්මම නිසා ω අඩු වෙනවා.

ඔන්න ඕක බලන්ඩ තමා ලං(කා) වි(නෝද) ම(න්ඩලේ) සිස්ටම් කොන්ට්‍රෝල් අංශෙ තියෙන්නේ.

ඉස්සර දෙමටගොඩ කෙන්ට් පාරේ තිබ්බ එක දැන් වැදගත් පලාතක් උන පැලවත්තෙ, චෑං නෝනමහත්තය එහෙම නිතර යන එන පළාත, තමා ස්ථානගත කරලා තියෙන්නේ. 

ආන්න එතන ලොක්කොන්ට ඔය සමීකරණෙ බැලන්ස් වෙන්ඩ වම් පැත්තට තව පවර් ස්ටේෂන් එක්ක එකතු කරන්ඩ පුළුවන් අර නොම්මරේ 50 වෙන්ඩ. බොහෝවේලාවට ඔය කේස් එන්ඩ ඇහැක් නිසා ජල විදුලි බලාගාරයක් හැමතිස්සෙම අඩු පරිමාවකින් දුවවනව. පරිභෝජනේ වැඩි වෙනකොට අර ජල බලගාරෙ පොඩ්ඩක් ලෝඩ් කරලා, තව වැඩිපුර වතුර ටිකක් ඇරල හිටං, වැඩිපුර බලයක් උපද්දවනවා. ඔන්න ඕක තමා  මූලිකම මුලික ලෝඩ් බැලංෂින් සීන් එක. නියම ක්‍රමේ නං බොහොම සංකීර්ණයි.

මේකෙ මේ අහිංසක වඳුරෙක් පිට දැම්මට වඳුරන්ගෙන් පැවත එන ය අතේ අති විශාල වැරැද්දක් තියෙනවා.

සිස්ටම් කොන්ට්‍රෝල් කෂ්ටිය හරියට රස්සාව කළානං පානදුරේ ග්‍රිඩ් සබ් එකට වඳුරා පැනල ෂෝට් කළා කියල ලංකාවම බ්ලැකෞට් වෙන්ඩ විදියක් නෑ . නෝරොච්චෝලෙ ජෙනි තුනම එකපාරටම හිටින්ඩ විදියක් නෑ එතන උන් හරියට තමංගේ වැඩේ කළානං.

නෝරොච්චෝලෙ වගේ බලාගාර එක පාරටම නැවතෙන්නැතුව හෞස් ලෝඩ් එකෙන් දුවන්ඩ ඇහැක් වෙන්ඩ ඕනේ. මෙගාවොට් 900ක යුනිට් එකක හෞස් ලෝඩ් එක (ඇතුළේ වැඩ කටයුතු වලට අවශ්‍ය බලය) මෙගාවොට් 50-100ක් වත් වෙනවා. පොතේ හැටියට ඒකෙං ස්ටේශන් එක නවතින්නේ නැතුව ඇදගෙන යන්ඩ ඇහැක් වෙන්ඩ ඕනේ

නමුත් පොතේ තිබුණට ඒවා ඒ විදියටම ස්ථාපනය කරලද කියන්ඩ මම දන්නේ නෑ.


මතකද JejuAir බෝඉං 737-800 එකක් බානකොට හැපිලා ජීවිත179ක් විනාශ වෙලා දෙන්නෙක් විතරක් ජීවිත බේරාගන්නවා.

ලෑන්ඩින් ඇප්‍රොච් එකේදී කුරුල්ලෝ හැපිලා එක එන්ජිමකුත් ඊළඟට අනික් එන්ජිමත් ක්‍රියා විරහිත වෙනවා.

කළු පෙට්ටි සොයගත්තත් ඒවායේ අන්තිම විනාඩි 4 ගැන කිසිම සටහනක් නෑ.

අන්තිමට සොයනකොට දැනගන්ඩ ලැබිලා තියෙනවා කළු පෙට්ටි වලට බලය සපයල තිබෙන්නෙ එක එන්ජිමකට සම්බන්ධ ජෙනරේටරේකින් පමණක් කියා. කුරුල්ලා වැදුනා එන්ජිම ෂට් ඩවුන් උනා ජෙනරෙටරේ නැවතුනා කළු පෙට්ටියට විදුලිය විසංධි උනා. 

නමුත් දශක කීපයකට කලිං කළු පෙට්ටියට බැටරි සම්බන්ධතාවයක් දිය යුතුයි කියා නීතියකුත් පනවා තිබෙනවා.

නොරෝච්චෝලේත් ඔය වාගේ සීන් එකක් වෙන්ඩත් බැරි නෑ. 

මොනවා උනත් කමක් නෑ නියමාකාරයෙන් වෙච්ච දේ හෙව්වොත් ඉදිරියටවත් ඔව්ව වෙන එක නවත්තගන්ඩ ඇහැක් වෙයි.

හැබැයි වඳුරෝ පැන්නා, මෛනල කුඩූ හැදුවා, සීයා කජු කකා හිටිය මිසක් මක්කාවත් කරලා නෑ වගේ ලොවෙත් නැති දේ කියා කියා, අනුන්ට බෝලෙ පාස් කරලා පොඩි උන් වගේ Not me Not me කියා කියා හිටියොත් නං ඉතිං බඩුම තමා.


විද්‍යාවේ මෙහෙම දෙයක් තියෙනවා.

අශ්ව බල 1 = වොට් 745.7 

1hp =745.7 W 

ඉරිදා ලැයිට් යනකොට ලෝඩ් එක මෙගාවොට් 1600ක් විතර තිබුනලු.

1600MW = 1600000000 W 

එක වඳුරෙකුට මේක නවත්තන්න ඇහැක් නං වඳුරාට අඩුම ගානේ මෙගාවොට් 1600ක් බලයක් තිබිය යුතුයි නේද මිත්‍රෝරුනි.

එසේනම් එය අශ්ව බල වලින් කියන්නේ නම් 1600000000/745.7


වඳුරු බල 1 = අශ්ව  බල 2145634.97

එනම් වඳුරු බල 1 = අශ්ව බල මිලියන 2ක්!!

ලේසි නෑ !!


කෙසේ හෝ ඔබ වඳුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න!


තැන්කිව් ඇන්ඩ් යූ ගයිස් ටේක් කෙයා 

බායි ෆෝ නව්


  

Tuesday, January 7, 2025

Ai Em Ef

 පන්නැතුව පාං ගෙඩි දෙකක් දෙන්න මල්ලි 


පහුගිය දොහේ බො ..හෝ..ඕ ..ම.  කාලෙකට පස්සේ නෙට් එකේ රවුමක් ගහන වෙලේ දැක්ක පේරාදෙණියේ IMF විරෝධී සාකච්චාවක් රජයේ ඉහල  අණකින් නවත්තලා කියල හිටං. හොඳ වැඩේ ඕකුන්ට, ඔව්ව නවත්තන්නමයි ඕනෙ.

මේ තෙල් නැවකට සල්ලි දිගන්න බැරුව චාටර් වෙච්ච රටක් IMF එකත් එක්ක එකතු වෙලා මාස තුනෙන් - සොරි - පෝය තුනෙන් ඩොලර් බිලියන හය හමාරක ඉතුරුම් ශේෂයක් තියෙන විදියට හැදුව කියල අපේ සුනිල් ඇමැතිතුමයි සමන්ත ඇමති තුමයි මේ පහුගිය සතියේ නේ කිව්වේ. එහෙව් එකේ මේ හාදයොන්ට තියන්න තිබ්බේ "ඉක්මනිම්ම රටක් ගොඩදාන IMF වික්‍රමය" වගේ සාකච්චාවක් නේ.

එනිවේ ඉන් පස්සෙ ඉකොනොමැට්ට තුමාගෙ අලුත් පෝස්ටුවක වෛද්‍යාචාර්ය නලින්ද ඇමතිතුමාගේ කතාවක් ගැන තිබිල ඒ ගැනත් පොඩ්ඩක් හොයල බැලුව මක්කැයි මේ කියල.

ඒ කතාවෙන් මට නම් හැඟීගියේ මේ හලෝ අපිට මාස්ටර් ප්ලෑන් එකක් තියේය, අපි වැඩ කරන්නේ අන්න ඒකටය.ඔය කොල්ලටයි බල්ලටයි ඕන ඕන තැන ඕන ඕන දේවල් අටවන්න කරන්න දෙන්නට බැරිය. අනික අපිට කතරගම දෙයියෝ නෙවේ තිස්තුන් කෝටියක් දෙයියන්ටත් වැඩිය සල්ලි තියේය ඔහෙලා තමුංගෙ වැඩක් බලගන්නවනං යෙහෙකිය, වගේ දෙයක්. නමුත් ඒ අතරම අද මෙරට ආර්ථිකය අමාරු තැනක පවතින බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි කියලත් නිවුස් තියෙනවා.

පළමුවෙනි එකටනම් කියන්න තියෙන්නෙ ඔය ප්ලෑන් සහ සිස්ටම් අපි නම් දන්න කාලෙ සිටම පැවති බවත් එදත් එක එකාට හිතූ හිතූ විදියට බිල්ඩින් ගහන්නවත් ලොකු ලොකු යන්ත්‍ර සුත්‍ර මිලදී ගන්නවත් බැරි බවය.

දෙවෙනි එක ගැන නම් ඔච්චර සල්ලිත් තියෙන එකේ, සුවසිරිපායෙ ඉඳල BES එක මැද්දෙන් ඩි සේරම් ප්ලේස් එකට ගොහිං වමට හැරිලා නොරිස් කැනල් පාරෙන් දකුණට ගිහිං හිටං , ඕනෙනං විනාඩි 15-20ක් විතර යයි, මහ ඉස්පිරිතාලෙ OPD එකටයි  මෙඩිකල් වෝඩ් එකකටයිත් ගිහිං බැලුවනං මට නං කියන්න තියෙන්නේ - ඇමතිතුමාට ආස හිතෙයි, කියල තමයි.

ඔය අව් අස්සේ තමා ඉකොනොමැට්ට තුමාගෙ මෙන්න මේ පරණ පෝස්ටුව දැක්කෙ.
 
අම්මා. අපි නොදන්න අක්බාර් හෝල්.
එකසිය ගානට ගජේ ගහල ඇති ඕකෙ.
සහෝදරයෝ, මිත්‍රයො, මිත්‍රයොංගෙ මිත්‍රයො යනාදී වශයෙන්.

ඔන්න ඔයිං එක්කෙනෙක් තමා අපේ උපදාස මාමගේ පුතා.
ඒ කාලෙ ඉංජිනේරු ශිෂ්‍යය
පෝය දවසක් එක්ක ලෝං වීක් එන්ඩ් එකක් එනව.
මචං ගමේ සෙට් එකක් බහිනව, උඹ ගෙදර යනවනං මට මීල් ටිකට් ටික දියං.
ඔන්න ඔහොම තමා මීල් ටිකට් එකතු උනේ.

උදේ කෑමට කැන්ටිමෙන් කපන්නැතුව පාං ගෙඩි දෙකත් එක්ක හොදිත් ලැබුණා.


ඔය මීල් ටිකට් හයක බඩු !
(පාං ගෙඩියෙන් 1/3ක් තමා පෝශන් එක)
මොනාද කියන්නේ පැය බාගයක් ගියේ නෑ පිඟාන රිටන් උනා.
ජෝග්ගුවට කිරි තේ කුත් ලැබුණා.
තේ ටික බිබී අපෙ ලොක්ක කාමරේට ගියා.
(දවල්ට නං බිත්තරත් තිබුණා - ශිෂ්‍යයො අඩු දවසනෙ, මුදලාලිට ලාබයි!)

කාලෙකිං ඔය පැත්තෙ නොගිය නිසා දැන් නං කෝමද කියල දන්නෙ නෑ නමුත් කාලෙකට ඉස්සර අපි ගියාම 'අළුත්' ශිෂ්‍යයො එනවා කවුද මේ 'පොන්ටුවා' කියල බලාගන්න. එහෙව් කෑම රෙකෝඩ් එකක් තිබ්බ කොල්ලෙක් තමා අපේ උපදාස මාමගෙ පුතා.


පොන්ටුවා ගැන පස්සෙ තව වෙලාවක් ආවොත් ලියමු.
ඔබ සැමටත් තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේම රැකවරණයි!

Beste vrienden (Dear friends)

Hier ben ik weer (Here I am again)

Ons moeder zeej nog

 

Have Fun!