සවුද් දුවනව කාලිඩ් උගෙ පස්සෙන් එලෝනව.
කාලිඩ්ට හොඳටම මල ඒ උනාට සවුද් නං පස්ස හැරි හැරි හක හක ගගා හිනාවෙමින් තමා දුවන්නෙ.
මේක සිද්ද උනේ මම අබ්දෙල්ල රජ්ජුරුවොංගෙ ආණ්ඩුවෙ රටඉඳි කොම්පැනියක රස්සාව කරන කාලෙ. බලන්ඩ එපැයි ඒකෙ ලෝගො එක විතරක්. රටඉඳි ගහ දෙපැත්තෙ කඩු දෙකක් හේත්තු කරල හිටං තව තව ගැජමැටික් ටිකකුත් දාල...
කාලිඩ් ගැන කියනවනම් වෙලාවට වැඩට එන, තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන, ටී රූම් එකේ බයිලා ගායකයන්ගේ සංසදයේ සාමාජිකයෙක් නොවන, වැඩිය අනෙක් අය සමග බජනයට නොයන, එක්ස්ටර්නල් ඩිග්‍රියකුත් කරන, බෙන්ස් 260SEL එකක් පදින වැදගත් සවුදි තරුණයෙක්.
සවුද් කියන්නේ ඔය හැම එකකම අනෙක් පැත්ත.
හැබැයි සවුද්ගෙ සමහර නීති නං අපිත් පාවිච්චි කළා. වන් මිනිට් මීන්ස් ලේට්, ටූ මිනිට්ස් ටූ ලේට්, තර්ටි මිනිට්ස් - මාෆි මුශ්කිලා (ඒ කියන්නේ නෝ ප්‍රොබ්ලම්).
කොහොම නමුත් සවුද් බොහොම දුර දිග බලලා වැඩ කරන කෙනෙක්. මිනිහගෙ පුත්‍රයාගේ නම මිතෙබ්. එතකොට මූව හඳුන්වන්නෙ, මූට සමහරවිට කතාකරන්නෙත් අබු මිතෙබ් (මිතෙබ්ගෙ පියා) කියල. මේකා දවසක් මට කියනව කොල්ලට නම දැම්මෙ බ්‍රින්ස් මිතෙබ් (මේ අය ඉංග්‍රීසි P අකුර ශබ්ද කරන්නේ B ලෙසට, උදාහරණයක් ලෙසට බොන්නෙ බෙබ්සි ලියන්නේ එක්කො බෙන් එකෙන් නැත්තං බෙන්සිල් එකෙන් ) කොල්ල ලොකු උන කාලෙක මිතෙබ් කුමාරය රජවෙයි, එතකොට අබු මිතෙබ් කියනකොට කාටද ආඩම්බර කියල.. සවුදි අරාබියේ මේ ලඟක් වෙනකංම රජකම ගියේ අයියගෙන් මල්ලිට ලෙසට.
මම මගේ කාමරේට එනව, සවුද් දුවගෙනම ඇවිල්ල කාමරේ ඇතුලෙන් ලොක් කර ගත්ත. මමත් එලියේ.
කාලිඩ් 'අන්තඃ කර්බාන්' (මුගෙ ඔලුව හොඳ නෑ ) කියලා මූ දොර අරින පාටක් නැති නිසා තමන්ගේ මේසෙට ගියා.
ඒ පාර තමා සවුද් මට කාමරේට එන්න ඉඩ දුන්නෙ.
සවුද්ට වැඩ වැඩි උනාම අපේ කාමරේට ඇවිත් අපිට වාත වෙනව. එහෙම වෙලාවට අපේ ෆෝන් එක ආන්සර් කරන්නෙත් ඒකා. සිංහල වගේ කටහඬක් ඇහුනොත් සිංහලෙන් කතා කරනව ටිකක්, නම මොකක්ද, කොහෙද ඉන්නේ, කොතනද වැඩ කරන්නේ, කාටද කතා කරන්න ඕනේ වගේ දේවල්. වැඩේ ටිකක් ඇඩ්වාන්ස් වෙනකොට ඕකේ මම මෙයාට දෙන්නම් කියල අපි කාටහරි දෙනව.
සවුද් බෙඩුයින් ගෝත්‍රයේ කෙනෙක්, ඒ කියන්නේ කාන්තාරෙ එඬේර පරම්පරාවෙ. ඒ ගැන බොහොම ආඩම්බරයි - රටේ අයිතිකාරයො අපි කියල තමා හැම තිස්සෙම කියන්නේ. අපි ඔටුවන්ගේ බුරුල්ලෙන් කිරි බීපු එවුං මේ නගරේ ඉන්න උං වගේ නෙවේ හොඳට හයි හත්තිය තියෙන උන් කියල තමා සවුද්ගේ කටේ තියෙන්නේ. ඒ උනාට අනිත් උංනම් කියන්නේ මුං මේ කාන්තාරෙන් ආපු පල් මෝඩයෝ මුංට මොළේ නෑ කියලා.
මේ ඒක නෙවේ මොකෑ අර කාලිඩ් උඹව මරන්ඩ වගේ එලෙව්වෙ.
කාලිඩ්ගේ අම්ම ඌට බැනල මම උඹව හැදුවෙ මේ වගේද කියල.
ඉතිං සවුද් උඹ ඒකට මක් කොරන්ඩැයි බං
නෑ නෑ කාලිඩ්ගේ අම්මගේ ගෙදරට උඹලැයි රටෙන් හවුස් මේඩ් කෙනෙක් ඇවිල්ල ඉතිං කාලිඩ්ට ඕනේ උනා සිංහලෙන් ඇගේ නම මොකක්ද කියල අහන විදිය.
ඉතිං උඹ මක්කැයි කිව්වේ.
මම රොශාන් ගෙන් අහල තමා ඒක කිව්වෙ හක හක හක
දිස් ඉස් ඉන්ටරෙස්ටිං, ඇයි උඹ රොශාන්ගෙන් ඇහැව්වේ උඹ හොඳටම දන්නවනේ නම අහන විදිය
ඒක රොශාන්ගෙම්ම අහගනිං ආයෙමත් හක හක හක
දවාලෙ තේ එකක් බොන්ඩ ගියාම රොශානුත් එතන තේ බොනව.
රොශාන්, සවුද් ඊයේ උඹෙන් මක්කවත් ඇහුවද
ඌටත් හිනා, ඔව් ඔව් අහපු එක මම කියල දුන්න. සවුද් ඒක කොලේක ලියාගෙනම ගියා.
සවුද්, දැන් උඹ අර කොලේ ලියාගෙන ගිය එකට මක්කැයි කොරේ
ආ මං ඒක කාලිඩ්ට දුන්න
ඒකෙ තියෙන විදියට කාලිඩ් ඒ ළමය ගෙන් නම අහල
නම ඇහුව විතරයි කෙල්ල හනික දුවල ගිහිං කාලිඩ්ගේ අම්මට කියල
එතකොට තමා කාලිඩ්ට අම්ම බැනල තියෙන්නෙ
හරි හරි දැන් කියපන්කො උඹ කොහොමෙයි නම අහන හැටි ලියල දුන්නෙ
තන මිරිකමුද කියල හක හක හක
අම්මප සවුද් තෝ නං.......
ඔය නම් තුනම ඇත්තම නම්. ඔතනින් අස් උනාට පස්සෙ කිසිම කොන්ටැක් එකක් නෑ.
හැබැයි රොශාන් මේක දැක්කොත් - අඩෝ හැන්ඩියා උඹට ඕක තාම මතකද කියල අහවි
සවුද් මහ හයියෙන් හක හක ගාල හිනාවෙයි
කාලිඩ් හෙමිං සීරුවෙ එතනිං ෂේප් වෙයි.








