ගුඩ් මෝනිං එකක් වේවා!
කලණව මට මුණගැහිල නෑ. අඩුම ගානෙ කතා කරලාවත් නෑ.
ඒ වගේම තමා අනිත් බ්ලොග් ලියන්නෝ, කොමෙන්ට් කරුවෝද ඇතුළුව හමුවෙලා හෝ කතාකරලා තියෙන්නේ දකුණු අතේ ඇඟිලි ගානට තමා.
නමුත්, නමුත්, මේ ලියන්නො ගැන තියෙන්නේ බොහොම පහන් හැඟීමක්. වෙරි ක්ලෝස් ෆීලින් එකක්. බොහොම කාලෙක ඉඳන් දන්න හිතෛෂියෝ වගේ.
එහෙම කෙනෙක්ට කරදරයක් උනාම ඒකත් බොක්කටම වදිනව.
මට කියන්ඩ තියෙන එකම දේ අනේ මේ බොලා තම තමන්ගෙ සරීර සෞඛ්‍යය ගැන ටිකක් හොඳට අවධානයෙන් ඉඳාල්ල. අඩුම ගානෙ පොඩිඋන් ඉන්න ඈයො වත්.
ලොකු ලොකු ඇංජිං අස්සෙ අලුක්කාල්
අපේ කලණ සර්
මරදානෙන් ඉදිරියට
හරියටම හයයි හතලිස් හයට කුමාරය කෝච්චියෙ හෝන් එක ගහල ඉස්සරහට අද්දන්ඩ පටන් ගත්තා.
ලංකාවේ විතරක් නෙවේ Eurostar කෝච්චිය පැරිස් යන්ඩ ලන්ඩන් නුවර ශාන්ත පැන්ක්‍රස් ස්ටේෂමෙන් අදින්නෙත් උදේ හයයි තිස් එකට! ධූමරථ නැකත් යුරෝපෙ කියල වෙනසකුත් නෑ හිටං.
පැටළුණු නූල් බෝලයක් වගේ සංකීර්ණ රේල් පීලි නෙට්වර්ක් එකකින් කෝම කොම හරි නියම වෙලාවටම කොළඹ කොටුවට ලඟා වුනා.
තුන්වන වේදිකාවට දැන් පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී ..... ගාල්ල බල පිටත්වේ. එය නවත්වන්නේ ........
එතකොටම වගේ ඔන්න ඔහොම ලවුස්පීකර් නිවේදනයකුත් ඇහුනා.
දැන් පිටත් වෙන්ඩ වෙලාව හරි. අපි තාම කොටුවෙ.
දැන් වෙලාව විනාඩි පහක් පරක්කුයි
කුමාරයට මල
ඇන්ජිමේ ඒ පැත්තට යනවා මේ පැත්තට යනව. අර කූඩුවේ දාල ඉන්න කොටිය වගේ.
දැන් පැය බාගයයි
විනාඩි හතලිස් පහයි
මට නං කීයට ගියත් එකයි. අද ගෙදර තනියම.
කළුතර රෙස්ට්හවුස් එක වහල නැත්තං බියර් එකකුත් බීල පැල් කවියකුත් කියාගෙන ගෙදර යන්ඩ ඇහැක්.
මොකෝ බං මේක යන්නැත්තෙ.
අර මලේ ඉඳන් එන මගුල එනකං ඉන්ඩෝන බං, එකෙ බඩුයි තැපැල් මලුයි පැසෙන්ජස්ලයි ගෙනියන්ඩත් ඕනේ නේ.
ඕන්න තව ටිහෙකින් විතර අනිත් ප්ලැට්ෆෝම් එකට කෝච්චියක් ආව.
හෙන කලබලයක්. මමත් ඔලුව එලියට දාගෙන බලාගෙන හිටිය.
මිනිස්සු දුවගෙන ඇවිත් මේකට නගිනව. බඩුමුට්ටු තැපැල් මලු ලෝඩ් කරනවා දාහක් වැඩ.
තව ටිකකින් කුමාරය ඉඳගත්තා ප්‍රෑම් ප්‍රෑම් අපි පිටත් උනා.
පොඩි බිංගෙවල් වගේව ඇතුලෙන් ගොහිං කොම්පඤඤවීදියත් පහුකරන් මූද අද්දරින් ඔන්න අපි නගරෙන් එලියට ආව.
හැට්ටර් දැනටම මේක පැයක් හමාරක් පරක්කුයි බං
මේකේ යන බොහෝ දෙනා තම තමංගේ ස්ටේෂන් වලින් ලාස්ට් බස් එක අල්ලන්ඩ යන උං. ඒක ගිහිල්ල නං උන්ට ගෙවල් වල යන්ඩ එක්කො එළිවෙනකන් පයින් ගාටන්ඩ වෙනව නැත්තං නොවටිනා ගානකට තෙපාවක් හයර් කරගන්ඩ වෙනව.
ඔය මිනිස්සු මටනං මක්කවත් කියන්නේ නෑ හැබැයි අර අහක ඉන්න සෞඛ්‍ය මිස් නිරපරාදෙ බැණුන් අහනව.
අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය මිස් කුමාරයාගේ අම්ම.
මේම ගිහිං හරියන්නෙ නෑ මචං හයියෙන් යන්ඩ වෙනව.
(Throttle control එක )නොච් තුනේ ගිය කෝච්චිය නොච් හතර පහ උනා.
එන්ජිම හොඳට සැර දාල යනව.
හැබැයි මිත්‍රෝරුනි හරිම සැපයි උඩදාල පොළවේ ගහනවා වගේ ඩාං ඩාං ගාල ඇන්ජිම අඟල් කීපයක් උඩ ගොහින් ආපහු අර යකඩ පීල්ලට වදිනවා..
මොකෝ බං මේ සැප!
මේකේ ඩෑම්පර් ගිහිං අපේ වේශිගෙපුතාල ඒව දාන්නෑ බං.
උඹට මේ ටික වෙලාවට මෙහෙම නං හිතාගත්තැකිනේ හැමදාම දුවන අපි ගැන.
නොදන්නා අයට: මේ ඩෑම්පරේ කියන්නේ කාර්වල තියෙන සොකැට්සෝබරේටම (shock absorber) තමා. එකේ නියම නම ඇත්තටම ඩෑම්පර්
ඕන්න දැන් කොල්ලුපිටිය පාස් උනා. කෝච්චිය ඇරලා යනවා. නොච් පහේ නේ යන්නේ. මේවායේ ඇක්සලේටර් නෑ ගියර් වගේ 'නොච්' එක තමා වේගේ අඩු වැඩි කරන්ඩ තියෙන්නේ.
බම්බලපිටිය ස්ටේෂම පේනව.
එන්ජිමේ ඇතුලෙ ලයිට් නිවුනා.
රේල්පාර මක්කාවත් පේන්නෙ නෑ.කෝච්චියෙ හෙඩ් ලයිට් එකත් නිවිලා.
කෝච්චියෙ සද්දෙ විතරයි ඇන්ජිමේ සද්දෙ නැවතිලා.
ඇන්ජිම නැවතුනත් කෝච්චිය ඉස්සරහටම යනව - ඇයි මේකෙ ඉන්නෙ හෙළයො නේ !
ඉදිරියටම යවු හෙළයිනි ඉදිරියටම යව්!
කුමාරය සීට් එක කරකවාගෙන පස්සට හැරිල කළුවරේම මක්කද කළා.
ගුජු ගුජු ගුජු ගුජු කැබින් එකේ ලයිට් පත්තුඋනා ඉස්ටේෂම පාස්වෙලා නමුත් දැන් පාර පේනවා.
අගේන් ග්‍රැජග් ග්‍රැජුවලි (ඉන්ග්ලිෂ් වලින් ක්‍රමක්‍රමයෙන්) නොච් පහට. ආයෙමත් අරිනව එකසිය ගානටම
අනේ පිංවත් නෝනාවරුනි මහත්වරුනි වැල්ලවත්ත පඋඋනා විතරයි හුකා මේක ආයෙමත් හිට්ටා.
කුමාරය ආයෙමත් කැරකිලා මක්කද කළා. ඒත් මේ පාර ඒක වැඩකළේ නෑ.
ඇසිස්ටන් ගෙන් ටෝච් එක (අපි ඉන්න පලාතෙ pass me the torch කිව්වම උඩබිම බලනව ඒක pass me the flashlight කියල කියන්ඩ ඕනෙ) ඉල්ලගෙන වෙන මක්කහරි කොරල හිටං ඇන්ජිම නැවත පණගන්වාගත්තා.
මචං ඇන්ජිම ගන්නකොටත් ඒකෙ නෝට් එකක් තිබ්බ මේක හිටිගමන් නවතිනවා කියල. ඒත් වෙන මොකක් කියල ගේන්නද? තියෙන එක එපැයි ගන්න.
දැන් උඹ මක්කයි කලේ මේක ඉස්ටාට් කරන්ඩ
මේකෙ මචං ඩෑම්පර් ගිහිං කිව්වනේ ඉතිං ඔහොම උඩ පැන පැන හයියෙන් යනකොට රේඩියෙටරේ වතුර කඳත් උඩ යට යනව ඒ එක්කම රේඩියෙටරේ ලෙවල් එම මයින්ඩ තියෙන ෆ්ලොටර් එකත් (අර සිස්ටන් එකේ එක වගේ) සමහර වෙලාවට ගොඩක් යටට යනවා. අන්න එහෙම යටට ගියාම හරියට ඇන්ජිමේ වතුර ලෙවල් එක අඩුයි කියල තමා සිග්නල් එක එන්නෙ. එතකොට වතුර නැතුව දුවල ඇන්ජිම සීස් වෙන එකෙන් බේරගන්ඩ කොන්ට්‍රෝල් එකෙන් ඇන්ජිම ඕෆ් කරලා දානවා. එකයි සිද්ධාන්තේ.
මෙතන පිටිපස්සේ තමා ඒකෙ රිලේ එක තියෙන්නේ. ඒකට පොඩි තට්ටුවක් දැම්මම බොහෝවිට ආයේ රීසෙට් වෙනවා නමුත් සමහර වෙලාවට ඒක ටිකක් ලොකු වැඩක් වෙනවා.
මෙන්න මේක තමා ඒකට බෙහෙත කියල මට අයිස් පලම් එකක මැද තියෙන ලී පතුරක් රිලේ බෝඩ් එකේම යටින් තියල තියෙනවා පෙන්නුව.
මේ ලී පතුර රිලේ එක මැදට රිංගුවනං මළාට ඕක ඕෆ් වෙන්නේ නෑ. හැබැයි එතකොට දන්නෙම නැතුව වතුර නැතුව දුවල ඇන්ජිම ෆුල් ඩැමේජ් වෙච්ච කේසුත් තියෙනවා.
මේ ඒකෙන් මේකෙන් වැඩක් නෑ මේක මග හිට හිට යන්ඩ බෑ. අපි නොච් තුනේම යං.
අම්මටසිරි අමතක උනානේ, රිලේ එකට සිංහලෙන් කියන්නේ 'පිලියවනය' කියල.
අඟහරුවගෙ පොස්ට් එකෙකින් ඉගෙනගත්තේ.
පිලියවනය ගැන එයා ඉදිරියේදී කියල දේවි.ඒ අතරතුර මක්කහරි කොස්සක් තියෙනවනං කියන්ඩ, පුළුවන් එකක්නං පැහැදිලි කරලා දෙන්නම්.
අදට හොඳටෝම ඇති. කෝච්චි කතාත් ඇති.
මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි.
අද අනුස්මරණ දිනයක් නිසා බයිලා නෑ
මේක තිලක් කමෝද් රාගය. සන්ධ්‍යා කාලයේ රාගයක්. ලාවට සිංගල් මෝල්ට් එකක් ඔන් රොක්ස් තිබ්බනං ..ම්ම්ම්ම්
උස්තාද් රෂිඩ් ඛාන්ගේ මේ ගීතයත් (Jab we met පිචෑස් එකේ) තිලක් කමෝද් බේස් කරගත්ත එකක් ඈ
Myself Hattor