Wednesday, June 15, 2022

Hey my heart, tell me...

 අහේතු කාලේන කජ්ජෙන පුහුලං උනාම ඉතිං පුහුලම දිහාම බලාගෙන ඉඳල වැඩක් නෑනේ අයිබෝවන්ඩ, කෝමහරි කජ්ජක් දෙකක්, එහෙමත් නැත්තං ඉංග්‍රීසියෙන් කියන විදියෙ solace එකක් හොයාගන්ඩත් එපාය, නැද්ද මං අහන්නෙ.

බණ පොතක් හෙම කියවගෙන ධර්මය ඔබට මග වේවා! ලෙසට ධර්ම මාර්ගයෙ යන්ඩත් ඇහැක්. නැත්තං විද්‍යාවෙන් උත්තරයක් හොයාගෙන ගිහින්, රසායන විද්‍යාවේ මුලධර්මවලට අනුකූලව C2H6O , තවත් විදියකින් කියනවනං ඊතෛල් ගෘප් (CH3-CH2) එකට හයිඩ්‍රෝක්සිල් ගෘප් එක (OH) එකතුකරලා හදාගන්නා ද්‍රවය ෂැන්ඩි ඇතුව හෝ නැතුව පාවිච්චි කරන්ඩ උනත් ඇහැක්. ක්‍රීඩාවට, recreational drugs නමැති දෙයක් හෝ ලාවට (හෝ සද්දෙට) සිංදුවක් උනත් හෝ ඕවයෙ කොම්බිනේෂන් එකක් උනත් අපිට පාවිච්චි කොරාන්ඩ ඇහැක් හිටං.

Thank you https://www.madanmohan.in 

මදන් මොහාන් කියන්නෙ ඉන්දියාවේ හිටි අති දක්ෂ මධුර මනෝහර තනු නිර්මාපකයෙක්, සංගීත අධ්‍යක්ෂක වරයෙක්. ආතල් කඩන්නෙ නැතුව කලාවට සිංදුවෙ ෆ්ලෝ එක ගෙනියන්ඩ රුසියෙක්.

මදන් ජී තනුව රචනා කරන ඒ දිල් මුජේ බටා දේ - තූ කිස් පිආ ගයා හේ පරණ හින්දි චිත්‍රපටි ගීතයක්. මේක ඔරිජිනල් එක නම් නෙවේ, අළුත් ආටිස්ට්ල කියන කොටත් පොඩි ගතියක් තියෙනවා නේ. නැද්ද?

සංගීතගෙ ගායනේ කොහොමත් අගෙයි, ඒක නෙවේ කොහොමද ධෝලක් මාස්ටර් ජී ?. ආන්න වැඩ!

ජයවේවා!
Stay safe, stay active 

Saturday, February 19, 2022

නන්ද ජී - Dedicated Worker

පරණ කතා ලියවෙන එකේ මක්කටෛ තව බලා ඉන්නේ කියල මටත් එකක් ලියන්ඩ හිතුනා. ඇහැක්නං කියෝලම බලමුකෝ.

(Image from: dbsjeyaraj.com)

ඕන්න නෝනාවරුනි මහත්වරුනි තොරණෙ කතාව කියවෙන්නේ මෙහෙමයි.

එබවුට් තර්ටි ඉයර්ස් එගෝ ඒ කියන්නේ 1992 විතර පොඩි, ඒ කිව්වට පොඩිත් නෙවේ, කේස් එකක් උනා නව දිල්ලියේ ඩිෆෙන්ස් කොළණියේ. ඩිෆෙන්ස් කොළණිය ගැන කියනවනම්, 1947 ඉන්දියා පාකිස්ථාන් වෙන්වුනාට පස්සේ පාකිස්ථාන් පැත්තට වෙන්ඩ ගෙවල් තිබිච්චි ඉන්දියන් සොල්දාදුවන් පදිංචි කරාන්ඩ දකුණු දිල්ලියේ නිර්මාණය කරපු තැනක්. දැන් නං හැමෝම ඉන්න ටිකාක් විතර පොෂ් තැනක්.

ඔන්න පොරක් ඇවිල්ල හෙන සද්දයක් දාල පරණ අපාර්ට්මන්ට් එහෙක හිටි අවුරුදු 94ක් වයස මහළු මිනිසෙක්ව එළියට ඇදල දානවා ගෙවල් කුලිය ගෙව්වේ නැත කියල. පරණ ඇඳක්, කුස්සියේ තියෙන පරණ ඇල්මේනියම් වලං කීපයක්, ප්ලාස්ටික් බාල්දියක්, පැරණ මග්‍ එකක් වගේ ඒ මනුස්සයාගේ සබ්බසකලමනාවත් ඒ එක්කම ගෙයින් එලියට ඇදල දානවා. අපේ වගේම තමා ඉතිං, වටාපිටේ සේරෝම ඇවිල්ල හිටං ඇන්ටනා ටියුන් කරගෙන සෝ එක බලනවා. අනේ අපොයි, අහිංසක මනුස්සය, පව්!, කතා ගොඩයි හැබැයි ප්‍රස්නේ ගැන කවුරුත් නෝ කතා. 

අංකලුත් කියනවා 'සාහිබ් මට තව ටික දවසක් දෙන්ඩ මං ඇරියස් එක ගෙවල දාන්නං' කියල. අයිතිකාරයත් ටිකක් කල්පනා කරලා අකමැත්තෙන් වගේ කියනවා ඕකේ මේ අන්තිම වතාව කියල හිතාගන්නව වෙලාවට කුලිය නොදුන්නොත් ඊළඟ පාර තමුංව පාරටම අදාල දානවා කියල. ඕං ඉතිං අංකලුත් දොට්ට දාපු ලට්ටලොට්ට ටිකත් අරං අයෙමත් ගේ ඇතුලටම යනවා හිටං.

සීන් එක මේම සීරියල් වෙලා යනකොට ඔතනින් ජනමාධ්‍යවේදියෙක් යනවා කියන්ඩකෝ. මේ වයසක ඩෑල්වලට මේම කරන එක මහ ධාතු වැඩ නේ කියල පොරටත් එකසිය ගානට මල පයිනවා. යකෝ මේක නිදහස් භාරත් දේශේ, අදම ලියනවා ආටිකල් එකක් පත්තරේට කියල, ඇල්මේනියම් බඩු ටිකයි මෑන්ස්ලගේ ආගියුමන්ට් සීන් එකයි ඒම පොටෝසුත් අරගෙන, හෙඩිමකුත් දාල  'කුලිය නොදුන් නිසා කුරිරු නිවෙස් හිමියා වයසක කුලී නිවැසියා පන්නා දමයි' එඩිටර් උන්නැහේට දෙනවා.

එඩිටර් උන්නැහෙත් දැනුංතේරුං ඇති මිනිහනේ,  ඉතිං ඩ්රාෆ්ට් එක කියවල කරලා හිටං පොටෝ ටික බලනකොට මූණ තුෂ්නිම්භුතයිස් ඒ කියන්නේ ෂොක් වෙලා වගේ අහනවා ළමයා මේ ලොකු උන්නැහේව දන්නවද කියලත්. කොල්ල දන්න අංකලයෙක් නෑ, සර් මේ මිනිහා කළ වැඩේ හරි නෑ 'වයසටවත් ගරු කළේ නෑ' කියල උත්තර දුන්න. (මේ අර කවුද වයසට ගරු කරපං මල්ලි කියල ටෙලිපෝන් කළ එක්කෙනා...)

 එනිවේ, නෙක්ස්ට් ඩේ උදාඋනා.

අම්මටසිරි, පොලිස් ජීප්


පෙරටුකරගෙන බීකන් හයිකරපු ඇම්බැසඩර් කාර් පෝලිමක්

අර එපාට්මන්ට් එක ඉස්සරහ. සුදු සූට් කාරයෝ පෝලිමේ ගෙට අතුල්වෙනවා,  කළු සූට් තුවක්කු කාරයෝ වටේටම, පොලිස්ලා සීරුවෙන් ඉඳන් සැලියුට් ගහනව එක කෙළියයි. ඒ අතරෙ අර ඊයේ හිටි නරඹන්නෝ සීරිස් එකේ දෙවෙනි කතාංගය බලන්ඩ සෙට්වෙලා.

නිවෙස් හිමියට පුල් හොල්මං ද පොල්කොළ වයි දීස් කපුටාස් ආ ෆ්ලයින් ටු කුරුම්බා ට්‍රී කියල මෑන්සුත් එන්ටර් උනා සීන්ස් එකට. කොහේ යන්ඩද කළු සූට් කාරයෝ මේකව එලවලම දැම්ම. බැරිම තැන පාරට ගොහින් පොලිස් ජීප් එකක් ළඟ හිටි හාදයෙක්ගෙන් ඇහුවම මොකක්ද රාළහාමි මෙතන වෙන්නේ කියල වද නොදී මෙන්න මේක බලනව අයිශේ අපිටත් වැඩ තියෙනව කියල පත්තරයක් දුන්න.  

කපුටාස් හිටිං රෝල්ස් රොයිස් බ්ලෙඩ්ස් රොටේටින්,  නවසීලන්තයේ අපේ ගෙදර රුපියල් 540කින් දවසක් කමු. 'ගුල්සාරිලාල් නන්ද, දෙවරක් අගමැති, අද ගතකරණ දුක්ඛිත ජීවිතය' මෙන්න පත්තරේ හෙඩ් ලයින්. කෙළියනේ තාප්පෙට. ඊයේ ලොක්කට සද්දෙ දාන හැටි පොටෝත් එක්කම..

ගුල්සාරිලාල් නන්ද හෙවත් පල්ලෙවත්ත ජී 'නන්ද ජී' ඉන්දියාවේ නිදහස් සටනේ නේරුලා, ගාන්ධිලා සමග එකට වැඩ කළ කෙනෙක්. අගමැති නේරුගේ සහ අගමැති ශාස්ත්‍රීගේ අභාවයන්ගෙන් පසු අන්තර්කාලීන (Interim) අගමැති වෙලා තිබෙනවා. වැඩබලන අගමැතිකමක් ගැන ඉන්දියන් ව්‍යවස්ථාවේ සඳහන්ව නැති නිසා අන්තර්කාලීන අගමැතිත් රටේ අගමැති කෙනෙක් ලෙස තමා සලකන්නේ. 1971දී ඉන්දිරා ගාන්ධි අගමැති ලෙස පත්වුනාට පසු ඔය නවීන වැඩ මට ගැලපෙන්නේ නෑ කියා දේශපාලනයෙන් විශ්‍රාම ගෙන, ජනෙල් කූරු වල එල්ලී, ආගමික සහ සමාජ සේවා කටයුතු වල යෙදුනා.

අපි මේ දීමනා ලබාගැනීම වැනි දේ වලට සටන් කළේ නැත කියා හිටපු අගමැති කෙනෙකුට හිමිවන රුපියල් 500 දීමනාව පවා ඔහු ප්‍රතික්ෂේප කළ අයෙක්. හිතවතුන්ගෙන්, දුවගෙන් හෝ පුතුන් දෙදෙනාගෙන් වත් කිසිම මුදල් උපකාරයක් ලබාගෙන නෑ. - බලාගෙන යනකොට අපි හම්බුකළොත් අපි කනවා ජාතියේ ඔරිජිනල් පොරක් -. පස්සෙන්පහු බොහෝ දෙනාගේ බලකිරීම මත ඔහු රුපියල් 500 දීමනාව ලබාගෙන තිබෙනවා. ඒක වුනත් නියමිත දිනයට නොලැබෙන නිසා තමා ගෙවල් කුලිය පරක්කු වෙලා තිබෙන්නේත්.

මේ සිද්ධියෙන් පසු වුවත් රජයෙන් ලබාදුන් නිවස ප්‍රතික්ෂේපකළ ඔහු පසු කලක අහමෙදාබාද්හි සිය දුවණියගේ නිවසට පදිංචිය සඳහා ගොස් තිබෙනවා.

1997දී ඉන්දියාවේ ඉහලම සිවිල් සම්මානය වන 'භාරත් රත්න'යෙන් පිදුම් ලැබූ ශ්‍ශ්‍රී ගුල්සාරිලාල් නන්ද 1998දී මියයන විට වයස අවුරුදු 99 මස 6ක්.

 අපි මේ දීමනා ලබාගැනීම වැනි දේ වලට සටන් කළේ නැත කියා හිටපු අගමැති කෙනෙකුට හිමිවන රුපියල් 500 දීමනාව පවා ඔහු ප්‍රතික්ෂේප කළ අයෙක්. හිතවතුන්ගෙන්, දුවගෙන් හෝ පුතුන් දෙදෙනාගෙන් වත් කිසිම මුදල් උපකාරයක් ලබාගෙන නෑ. - බලාගෙන යනකොට අපි හම්බුකළොත් අපි කනවා ජාතියේ ඔරිජිනල් පොරක් -. පස්සෙන්පහු බොහෝ දෙනාගේ බලකිරීම මත ඔහු රුපියල් 500 දීමනාව ලබාගෙන තිබෙනවා. ඒක වුනත් නියමිත දිනයට නොලැබෙන නිසා තමා ගෙවල් කුලිය පරක්කු වෙලා තිබෙන්නේත්.

මේ සිද්ධියෙන් පසු වුවත් රජයෙන් ලබාදුන් නිවස ප්‍රතික්ෂේපකළ ඔහු පසු කලක අහමෙදාබාද්හි සිය දුවණියගේ නිවසට පදිංචිය සඳහා ගොස් තිබෙනවා.

1997දී ඉන්දියාවේ ඉහලම සිවිල් සම්මානය වන 'භාරත් රත්න'යෙන් පිදුම් ලැබූ ශ්‍රී ගුල්සාරිලාල් නන්ද 1998දී මියයන විට වයස අවුරුදු 99 මස 6ක්.

අපේ පල්ලෙවත්ත ජී ගේ පින්තුරේ දැම්මේ මේ නන්ද ජි වගේම එයත් වෙස්ට් එකක් අඳින නිසා මිසක් වෙන දේකට නං නෙවේ, හරිය. අනික අපේ පල්ලෙවත්ත ජී ඔය ගෙවල් කතා අරව මෙව්වා දන්නේ නෑ එව්වා ඉන්දියාවේ පත්තරවල ගියාට ලංකාවේ පත්තරවල යන්නෑනෙ.  

ශ්‍රී ගුල්සාරිලාල් නන්ද 


Tuesday, October 19, 2021

අපේ කලණ සර්


The seasons have changed. 

It’s ‘Fall’ here in the Northern hemisphere, or in classic British English, it’s Autumn, the season of colors. 

Leaves are changing color, greens becoming beautiful red, yellow and bright golden. 

The weather is becoming cooler and the cool breeze - which often times become heavy winds - blow those beauties around, and are followed by drizzle and rain. 

Yesterday I was watching our cat 'Boom-Boom', though just a year old but looks and behaves like a big boy now, runs and jumps to catch those falling leaves and biting them imitating catching a bird. Very happy indeed.

Today morning I was driving along, winding through rural farmland, passing harvested fields, orange pumpkin patches ready for Jack-O-lanterns, and orchards full of ripe apples. The air is cool and crisp, usual for an early Fall day.

Radio is chirping like always but everything just bouncing off from my ear drum and nothing is getting into the brain. Brain is in lockdown fully engaged in processing something else. Feel a void somewhere.

Why 'this' beautiful leaf?. Still green but being very colorful?

මම කලණ සර්ට කොමෙන්ට් ලියන විදියට - ලොකු ඇන්ජින් අංශෙ එහෙමත් නැත්තන් රෝසි අක්කගෙ මල්ලි!

ඇත්තටම මගේ කෝච්චි කතාව ලිව්වේ කලණට. නමුත් මට ඒකෙ ඉතුරුටික ලියාගන්ඩ බැරිඋනා. දුකයි.

අපි කවදාවත් හමුවෙලා හෝ කතාකරලා නෑ. අඩුම ගන්නේ ඊමේල් එකක්වත්.

නමුත් හමුවෙලා ටිකක් කතාකරන්ඩ ආසාවකුත් තිබුනා. එක චාන්ස් එහෙකුත් මිස් උනා මයෙහිතේ.

නමුත් අද කලණ නෑ.

නොදුටු අපිට මෙහෙම නම් කලණගේ බිරිඳට හා දුවටත්, අදරැතියන්ටත් එය කෙසේ දරගන්නවාදයි සිතාගන්ඩත් අමාරු කරුණක්. විශේෂයෙන්ම දුවට. අපේ සාතිශය කණගාටුව ඔබ සැමට.

නමුත් ඉපදුනු අප සැමට මරණය නියතයි, එකම අනියතදේ එය කොයිවෙලේ එයිද කියන එකයි.

( Photo credit - https://kalanarajindaattygalle.weebly.com/)

කලණ සර්ට පැතූ බෝධියකින් නිවන් සුව ලැබේවා!

Take a good rest buddy!

 Myself Hattor


My last conversation with Kalana

ලොකු සර්. වැඩේ මරු ඈ. මේ ලොක්ඩවුන් කාලෙ මෙහෙම එකක් දැක්කත් සනීපයි.
හැට්ටර් මේම කියනවට අමනාප වෙන්ඩ එපා සර්. පොටෝ ටික ටිකාක් විතර enhance කරලා දැම්මොත් එළ කිරි.
ලයිට්රූම්, පොටෝෂොප්, ප්‍රොෆෙෂනල් ඉමේජ් එඩිටිං වලට දැන්ම වියදම් කරන්ඩ එපා. බලන්ඩ GIMP වගේ එකක්. ඔය පින්තුරවල බ්‍රයිට්නස්, කොන්ට්‍රාස්ට් පොඩ්ඩක් එහා මෙහා කරල විතරක් (ඕනෙනං ෂැඩෝ, හයිලයිට් පොඩ්ඩක් ඇජස් කරලා හිටං)හොඳට පණ පිහිටුවල දෙන්ඩ ඇහැක්.
මම කාලයක් රස්සාවට ඔය වැඩ කරලා තියෙනවා commercial printing අංශෙ. ට්‍රයි එකක් දීල බලන්ඩ.

ජයවේවා!
Myself Hattor

Reply

Replies
  1. හැට්ටර් මලයා , බොහොම ස්තුතී වෙන්ට ඕනේ .....(මොකට අමනාප වෙන්නද කොච්චරවටිනවාද මේ දේ ... ) මෙහෙම දෙයක් කිව්වාට ... හිටින්නකෝ GIMP ට්‍රයි කරන්න මමත් .

    ජය වේවා මලයා :D

Wednesday, April 29, 2020

ලොකු ලොකු ඇංජිං අස්සෙ අලුක්කාල්

ගුඩ් මෝනිං එකක් වේවා!


All rights and credits of the image to

ලොකු ලොකු ඇංජිං  කිව්වාම ඒ අංශේ ඉන්න ප්‍රධානම කෙනෙක් තමා මගේ ලෝකය එකේ ඉන්න කලන සෑර්. ඕඕ යේස් එයා තමයි, හරියට හරි අර රෝසි අක්කගේ මල්ලි තමා. ඇංජිං කිව්වම ඇංජිං විතරක්ම තිබ්බොත් ඉතින් උඩින්නේ යන්ඩ වෙන්නේ ප්ලේන් රොකට් වාගේ, ඒ නිසා බිමිං යනවනං ට්‍රාන්ස්මිෂන් එහෙකුත් එපෑය. ඔන්න ඕනෙනං TC (තට්ටයගේ කොලම) එකේ මංජුල සෑර් ඉන්නවා ඒ අංශෙ වැඩකටයුතු වලට - (හතර ඩබ්ලියු ඩී දැක්කම හ්ම් හ්ම් - ඉස්සර අපේ ගමේ දන්සැලේ වට්ටක්ක හොදි බෙදන කොට , ම්හු ම්හු  පිඟාන අතිනුත් වහගන්නවා , හැබැයි අල තෙල් මික්ෂර් එක එනකොට නං ඇහෙන්නේ හ්ම් හ්ම් විතරයි ) . රැස් වළලු කරකවන එකයි පනහේ 1.5V ඩීසී මෝටර් වගේ එව්වට නං ඉතිං හැට්ටර්ටත් මක්කහරි කොරගන්ඩ බැරිකමක් නෑ .

කලන සෑර්ගෙයි හැට්ටර්ගෙයි තියෙනවා පොඩි කෝච්චි හුටපටේකුත්. නැද්ද කලන සෑර්. හැබැයි ටැලිපෝන් නොම්මරේ දෙන්ඩ කැල්ගරි වලට එන්ඩ කිව්වා එකනං හරි මදි සෑර්. (නෝක්කඩුවට නෙවේ සෑර් කවටකමට කිව්වේ හොඳේ.). ඉතිං ටැලිපෝන් නොම්මරේ ගන්ඩ එහෙ යන්ඩ ලැස්ති උනා කියමුකො. සරණාගතයෝ වගේ හොරාට නැවේ යන්ඩ බැලුවට, කැල්ගරිවලට වරායක් නෑලුනේ. ඉතිං මොකේදැයි දං වළඳන්නේ කිව්වලු . වීසත් එපෑය. වෙලාවට මතක්උනා හොඳ බොක්කක් ඉන්නවා නේද කැල්ගරි වලම කියල , එලම කිරි. ඉස්සර එකට වැඩ කළේ, පර්ෂියන් ජාතිකයා, කාලෙකින් දැක්කෙත් නැහැ, යැවුවා මේලක් හැට්ටර්ට ඉස්පොන්සර් ලියුමක් එවන්ඩ කියල වීස එකක් ගන්ඩ. මෙන්න ඌ එවනවා හැට්ටර් උඹට සනීප නැද්ද කියල මේ හද්ද වින්ටරේ මෙහෙ එන්ඩ හිතෙන්නේ.  මං ඇහුව මොකෝ පස්නේ, ඇයි ඉස්සර උඹයි මායි වින්ටර්වල එකට වැඩ කරේ මතක නැද්ද කියල. මෙන්න එතකොට මෑන්ස් කියනවා හැට්ටර් මේ කාලේ එලියට ගිහිං චූ එකක් දැම්මම අයිස් කූරක් තමා බඩී එන්නෙ කියල.   බි. පෙ. සි.

කොහොමිං කොහොමිං හරි ඔන්න ඉතිං දවසක් හැට්ටර් වැඩ අහවරවෙලා හිටං ගෙදර යනවා. 103 බොරැල්ලෙන් නැග්ග මරදානෙන් බැස්ස. මෙච්චරවෙලා ඔපිස්එකේ චාටර්වෙවී ඉඳල දැන් ඉතිං පුකට පැස්ටෝල් වැදිච්ච බල්ල වගේ දුහනවා ඉස්ටේසමට. වැඩේ කියන්නේ බොහොමදාට ප්ලැට්පෝම් එකට යනකොටම කෝච්චිය අදිනවනේ ඒකයි මේ හේතුව. අම්.. ම.. ට.. සිරි පොලිසිය හරියේදී වැදුන කියන්නේ පිට හරහ දෝං ගාල සොට් එකක්. හැරුන නෙවේ හැරවුනා, බැලින්නං කුමාරයා, ඌට හිනා, මගේ පිට කීං කීං ගානවා තාම. අඩ්ඩෝ හැට්ටර් තෝ මේ තකහනියේ කොහෙද යකෝ දුවන්නේ..කෙලිම්ම අපේ  ගමේ බාසාවෙන් මුල්ම පස්නේ. කුමාරයා ගැන කියනවනං කුමාරයයි මායි සරෝජිනී මිස්ගේ පංතියේ අන්තිම පේලියේ අවුරුදු දෙකක්ම හිටියේ එක ළඟ. අනිත් එකා පේමෙ. පේමය දැන් නිව් සීලන්ඩ් රටේ කොම්පියුටර් ලොක්කෙක්. අපි තුන්දෙනා කැඩෙටිං මාස්ටර් ඉංචාජ් ගෙන් ගුටි කාල ඇති එකසිය ගානට. ලුතිනන් Amaraseela, A. ගෝන හමුදාවේ, අජන්ත උන්නැහේ නම ලියන්නෙත් හමුදාවේ විදියට, ඇවිදින්නෙත් පැරේඩ් එකේ යනවා වගේ, පපුව ඉස්සරහර දාල, ඉදිරිය බලාගෙන, ගමනේ යා තාලෙට. ටක්  ටක් ටක්  ටක් තාම මැවිලා පේනවා.

ඉතිං කුමාරයා ගැන කියන්ඩ බැරි උනානේ. මෑන්ස් ඒ වෙනකොට රේල්ලුවේ වැඩ, ටිකක් විතර සීනියර් ඇංජිං ඩ්‍රයිවර් කෙනෙක්.
මගේ උත්තරේ මචෝ මං මේ ගෙදර යනවා. ඉතිං ඌ කියපි වර අද මාත් එක්ක යමං.
මම මේල් එක අදිනවා. මං තෝව ගේ ලඟිං දාං යන්නං කියල. අන්න යාලුවෝ. ප්‍රයිවෙට් බස් දුහනවා වාගෙ පුතා. මේ.. ක.. ට.. කිසීම ගානක් නෑ නේ පුතා.

මං කිව්වා දැන් ඉන්නේ  කළුතරය කියල. කොහේ උනත් කමක් නෑ මං උඹව දාගෙන යන්නං, වරෙං  වරෙං  අද මාත් එක්ක යමං.
මට ඉතිං ඔප්ෂන් එහෙකුත් නෑ, කලිං ගියා කියල කොරන්ඩ ඇති අහවල් එහෙකුත් නෑ. හරි හරි යමං යමං කිව්වා ඉතිං.
උඹ රෑට කන්නේ මොනවාද? දෙවැනි පස්නේ. යකෝ ගෙදර ගිහිං මක්ක හරි කනවා. තාම  පහ මාර වෙලත් නෑනේ බං.
අපිට ඉතිං ගාල්ලට යනකොට කන්ඩ දේකුත් නෑ මගදී මේක කැඩුනොත් බඩුම තමා. ඒ හින්ද මක්කාවත්  ගන්ඩ ඕනේ මරදානෙං. ගියසුමානෙත් මේක උතුරෙ කැඩුන බං. උතුර කියන්නේ කළුතර උතුර ඉස්ටේසම. ඈ. යකෝ මං ඉන්නෙත් උතුරෙනේ. දන්නවනං අගේට නයිට ගහන්ඩ තිබ්බ උඹේ ප්ලේස් එකේ.
සුමනේ, උඹ ගන්න එකක් මටත් ගෙනෙන් බං කියල ගෝලයට සල්ලි කොලයක් දීල, උඹ වරෙන් කොල්ලො මම ඇන්ජිමට යනවා යාලුවත් එක්ක ඈ..

ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් සමගින් අපි ප්ලැට්පෝම් එකට ආව. තාම හය වෙලත් නෑ,
ෂෙඩුල් ටයිම් හයයි හතලිස් හය නයිට් මේල් එක ප්ලැට්පෝම් එකේ ගුජු ගුජු ගුජු... ගගා ඉස්ටාට් එකේ මෙන්න මේ වගේ. 
එකම වෙනස ඇන්ජිම තිබ්බේ ඉස්සරහ පස්සට (අංශක 180කින්), පාට එලෙසටම, ටයිප් එක M6.





Saturday, November 30, 2019

ඇසළ කුණට ජයවේවා!

ගුඩ් මෝනිං එකක් වේවා!

කතාව මෙහෙමනේ උනේ සෑර්.

හැත්තැහතේ තිබ්බනේ සෑර් 'මන්ත්‍රී තරඟයක්'. ඔව් ඔව් අර පේමදාස මහත්තය අත් දෙකට පොල් බෑ දෙක අරගෙන මේ පොල්බෑය කීයද,  මේ පොල්බෑය කීයද කියල එක එක බෑය වෙන වෙනම පේන්නලා ගනං ටීචර් වගේ අපෙන් අහනවා එතකොට පොල් ගෙඩිය කියක් උනාද කියල. අන්න එහෙමයි ඒකාලේ..  අපිට ගනං සාස්තරේ හිටං එතුමල කියල දුන්නේ.

හිච්චි එකා කාලේ ඉතිං හැට්ටරුත් යනවා චන්ද මීටිං බලන්ඩ හිටං, කොළ කෑල්ලක් එහෙම අරගෙන පැන්සලෙන් ගාන එකතු කරලා බැලින්නං හරියටම හරිනේ. ඒ මහත්තය ඇත්තනේ කියල තියෙන්නේ. හැබැයි චියර් කරන කෂ්ටිය 'හැත්තැහතේ ..ත්ත නැතේ..' කෑගහල කියන එකනං හරියට තේරුං ගියේ නං නෑ. එතකොට ගෑනු ඔක්කොම පිරිමි වෙනවද නැත්තං අමුතුම ජාතියක් වෙනවද කියල තමයි පස්නේ තිබ්බේ. 

ඔන්න ඔය තරඟෙට බලපිටියේ ආසනෙන් ඉල්ලුව සුදර්මන් මහත්තයත්. 
ස්වාධීන අපේක්ෂකයා.
සුදර්මන් මහත්තය බලපිටියේ ගුරු විද්‍යාලෙන් පැන්ෂන් එහෙම ගිහිල්ල හිටං එයාගේ වතුපිටිටික බලා කියාගෙන හිටියේ. නෝනත් නෑ මගේ හිතේ ඒ වෙනකොට. දුවයි බෑනයි තමා ගෙදර හිටියේ තඩි ඇල්සේසන් බල්ලට අමතරව. කාර් තුනක්ද කොහෙද තිබ්බ, කොන්සල් එකයි, පෝඩ් ප්‍රිපෙට් එකයි තව මගේ හිතේ හිල්මන් එහෙකුයි. 
වත්තක් දෙකක් විකුණලා සල්ලිත් ලැහැස්ති කොරගෙන තමයි සුදර්මන් මහත්තය ගේමට බැස්සේ.

අම්මට සිරි, ගමේ විතරක් නෙවේ අල්ලපු ගං වල රස්තියාදු කෙල කෙල හිටි හාදයෝ සේරෝම සුදර්මන් මහත්තයාගේ ගෙදර. කහ සේට් ඇඳල, කහ තොප්පි දාල කියල වෑඈඩක් නෑ ..

උන්ම අතිං ලියල හිටං තාප්ප වල ගැහුවා කහ පාට පෝස්ටරයක්. එළ කිරි වගේ.


නෝමන් මහත්තය ගහල තියෙනවා අලියාට ඔබේ වටිනා චන්දය දෙන්ඩ කියල, අසෝක මහත්තය කියනව ගියපාර වගේම යතුරට චන්දෙ දෙන්ඩ කියල, ලස්මන් මහත්තයත් එහෙමයි, අතට චන්දෙ දෙන්ඩ කියනවා. සුදර්මන් මහත්තය විතරක් කොහෙවත් නැති කුණකට චන්දෙ දෙන්ඩ කියනවා. මට නං හිතුනේ මේ කියන්නේ පාරුතොට පොල් ලෙලි වලවල් ගැන කියල, අපේ හරියේ මාදුගඟේ ගොඩ හරියට වෙන්ඩ එක සිය ගානට පොල් ලෙලි වලවල් තියෙනවා, එව්වට ලෙලි දාල පල් කොරල ඊට පස්සේ තලලා තමා ඒකාලේ පොල් කොහු හදන්නේ. ඔය වලවල් සදා හයිඩ්‍රජන් සල්පයිඩ් ගඳයි. රත්ගම එව්වෝ වගේ කතරගම යන වාහන වලට කියල පොල් ලෙලි තලවගත්තේ නෑ අපේ ගමේ අය. අහිංසක මිනිස්සු.

අර කහ සේට් කෂ්ටිය ඉන්නවා නේද, ඉස්සර වැලේ වැල් නැතුව බීඩි බිබී හිටියට දැන් උන් හන්දියේ කඩේට 'ෂියෑට්' එකක් ගන්ඩ යන්නෙත් පෝඩ් ප්‍රිපෙට් එකේ, ඒකත් පුල්ම ලෝඩ් එක ගහල. කොහොමද ඒක.. 
ඉස්ටේජ් ගහනවා, කහ කොඩි දානවා, උන්ම කතාත් පවත්වනවා, ඔරෙන්ජන් බාර්ලි බොනවා. බොරු කියන්ඩ ඕනේ නෑ ළඟ හිටියොත් අපටත් බාර්ලි හම්බ වෙනවා.. වැඩ ලක්සයයි.

දැන් ඔන්න පිංවතුනි සුදර්මන් මහත්තය කතාව කරනවා.
නෝනාවරුනි, මහත්වරුනි, දරුවනි.   වශයෙන් පටන් ගෙන...
පේමදාස මහත්තයලට  සිරිමාවෝලට වගේ ලොකු පස්න, ප්‍රතිපත්හි ප්‍රකාසන අරව මෙව්වා නැහැ. 
සුදර්මන් මහත්තය කියන්නේ එක දෙයයි.
මිත්‍රවරුනි, දැන් අපේ ගම දියුණු කොරන්ඩ ඕනේ. කොහොමද? 
මෙන්න මේකයි මගේ පැලෑන.

දැන් අපේ ගමේ බැලු බැලු අත තියෙනවනේ පොල් ගස්.
මම මංත්‍රී උනාම හැම ගහකම බඳින්ඩ හරකෙක් සපයලා දෙනවා. ඌ එතන තියෙන තණකොළ ටික කාවි. ඔහෙලට තියෙන්නේ වතුර ටිකක්, ඉඳ හිට පුන්නක්කු ටිකක් දෙන එක විතරයි.
උගේ කිරි තමන්ට ඇති පමණ බීල ඉතුරු ටික විකුණන්ඩ ඇහැකි. ගොම ටික දාල එළවළුවක් වවා ගන්ඩ ඇහැකි.
නිරෝගී මිනිසුන් සහ අමතර අදායමක්!

ඉත්න් ඔහෙලට තියෙන්නේ ඇස ලකුණට චන්දය දෙන එක විතරයි.
simple as that.

පස්සෙන් පහු වෙනකොට සුදර්මන් මහත්තය කතාවේ අගට තව කෑල්ලකුත් එකතුකළා. ඒ මොකක්ද;
මම දැන් දිනලා ඉවරයි, දැන් මට තියෙන්නේ මැජෝරිටිය හදාගන්ඩ එක තමයි. ඩික්ෂනරියක් වත් නැති එකේ මක්කැයි මේ මැජෝරිටිය කියල දැනගන්ඩ හැට්ටර්ට නං සෑහෙන කාලයක් ගියා.

ඔන්න දැන් පහුගිය 16 වගේ ඉලෙක්ෂන් දවස උදාඋනා. චන්දෙ දැම්ම. චන්ද පෙට්ටි ගාල්ලේ කච්චේරියට ගෙනිච්චා. සුදර්මන් මහත්තයත් ඒ එක්කම ගාලු ගියා.

අම්මට සිරි ඊට පස්සෙනේ කෙළිය. සුදර්මන් මහත්තයාගේ ගෙදර ඇස්ටෝම් පළ වගේ, කෑමද, බීමද, අරවද මේවද , වෑ.. ඩක් නෑ. සැට් එක පුල් වොලියුම්. ඇම් ඇස්ලගේ ඇන්ටන් ජෝන්ලගේ බයිලා එකක් පස්සේ එකක්. කස්ටියක් නටනවා. හැබැයි හත අට වෙනකොටම සමහරු පැණි වෙලා භූගත වෙලාත් හිටිය. 


ඔන්න දැන් පාන්දර ජාමේ සුදර්මන්, මහත්තයාගේ කාර් එක එනවා. සෙනගට වගේ වගක් නෑ. කනවා, බොනවා. ෂියෑට් ගහනවා එක සිය ගානට මේ හෙට සුනාමිය එනවා වගේ. . මහත්තය ගියා සැට් එක ඕෆ් කළා, සෙනග පුල් හොල්මං, 
තුන්සිය හතලිස් දෙකක් ඉඳිද්දී අනික්  සේරෝම කැරි වේෂිගේ පුතාල දැන්ම පලයව් එලියට කියල කෑගහල කිව්වා.

මයින්ද දේශප්‍රිය මහත්තයගෙන් ඇහුවොත් කියාවි කොහොමද පරණ චන්ද ප්‍රතිපල  බලන්නේ කියල. (මගේ නම නං කියන්න එපා, එයා අපේ ගුරුතුමා.. විවහාරික ගණිතේ ඉගැන්නුවේ). 

සත්‍ය සිද්ධිය ඔතනින් ඉවරයි.

දැන් ඔන්න සුදර්මන් මහත්තය ගෙට ගිහින් වොෂ් එකක් එහෙම දාල සරමකුත් ඇඳගෙන එනවලු පාටියට.
දෙශීයකුත් දාගෙන ගිහින් සැට් එක ඔන් කරලා හෙම හිටං දැම්මලු   සින්දුවක්.


නැවිලා සරමේ කොනකිං අල්ලලා උස්සල ගත්තලු හිටං ඈ ..

ඉතුරු ටිකත් මමම කියන්ඩ ඕනේ නෑ නේ ...


ජයවේවා!
Myself Hattor