Tuesday, November 28, 2023

Oh NO!


 

රසික සුරියආරච්චි සිනුවර සිට වාර්තා කරයි.

ස්තුතියි 


14 comments:

  1. මේ පොස්ට් එක නම් තේරෙන්නෙ නෑ.... - Mayya

    ReplyDelete
    Replies
    1. රසික සිඩ්නි වැසියෙක්නේ. ඒගොල්ලෝ නගරේ නම සිංහලට හරවලා සිනුවර කරලා තිබ්බේ.
      අපි ඇහුවම කොහොමද ඕගොල්ලෝ තමන්ගේ ආතල් එකට නගරෙක නම වෙනස් කරන්නේ කිව්වමත් උත්තරේ නෑ සිනුවර ම තමා කියල.

      Delete
  2. රසිකම නම දාල රසිකම අයින් කිරීම. 😀

    ReplyDelete
  3. රසික ලිස්සල වැටිලා පුක (කුනුහරුපයක් නොවේ) බිම වැදිලා මොලේ තැලිලා වගේ.

    ReplyDelete
  4. Facebook ගැන ඔය අදහස මුළින් ඉදිරිපත් කළේ නාලක ගුණවර්ධන මහතා.

    ReplyDelete
  5. රංග තේනුවරNovember 29, 2023 at 8:08 AM

    මිනිහාට දැන් අවදානේ ඕනි. මානසික ලෙඩක් ඕක. අනුකම්පා කරමු. කවුරු හරි මිය ගියාම නිවන් සැප ලැබේවා හරි ඒ වගේ දෙයක් කියනවනේ සාමාන්‍යයෙන් අපි.
    ඕකටත් ඔය මනුස්සයා කිව්වේ ඒ මෝඩ ප්‍රාර්ථනයක් කියලා.

    හැබැයි ඔය මනුස්සයෙ මව මිය ගියාම ලොකුවට බැනර් ගැහුවා නිවන් සැප ලැබේවා කියලා.

    ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියන්නේ ඔව්වට තමයි.

    ReplyDelete
    Replies
    1. කරුණාකරලා අම්මලාව මේකට ගාවගන්ඩ එපා.

      Delete
  6. රසික සූරියආරච්චි කියන්නේ ඉස්සර කතන්දරකාරයා කියලා නමකින් පඩ, ජී, ශුක්‍ර, ඔසප් ගැන බ්ලොග් එකක් ලියපු මානසික රෝගියා නේද?

    ReplyDelete
  7. ඒකෙ තාම කොමෙන්ට් පෙන්නන්නෙ නෑනෙ.

    ReplyDelete
  8. කොහොමද ටොනුවර මේ දවස්වල?

    ReplyDelete
    Replies
    1. ඇවිල්ල ඇවිල්ලා ටොනුවරට හේමන්ත ඇවිල්ලා.
      සිනුවරට වසන්ත එනකොට ටොනුවරට හේමන්ත එනවා..
      කැනුවර පොඩි ස'ට කාලෙකිං කතාකරන්ඩත් බැරිඋනා, ට්‍රෛ කළාට පොඩි සේර් බිසී වගේ ගන්නේ නෑ.

      Delete
  9. අද කුල්ල කුජීත දවසක්. උදේ ඉදලා නියෝන් එළි කහපාටක් තියෙනකොට මට හිතුනා මේම වෙයි කියලා. ගතවෙන මොහොතේ සතුට කොහොමද හොයාගන්නේ? ජීවිතේ කියන්නේ වෙන සුත්තක් නෙවෙයි. කරකවලා කරකවලා අතෑරියාම වටයක් දෙකක් තුනක් කැරකිලා ජීවිතේ හොයාගන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ. ඒකට ඉතිං ට්‍රෝනේඩෝවක් අස්සේ උනත් පියවිසිහිය රැකගැනීමේ මිකැනිසම් එක අභ්‍යාස කරලා තියෙන්න ඕනී. කොහොම වුණත් දුක දියවෙලා ගංවතුර ගලන නිමේශයෙන් බේරෙන්න උස්බිමක් හොයනකොට මට පෙනුනේ මහරගම පරණපාරේ ෆිල්ම් හෝල් එකට අල්ලපු බාර් එක.

    උදේ ඉදලා තිබුණ අවුල එක්කම ගල් කාලක් ඕඩර් කරේ අමුවෙන්ම ගසන්න හිතාගෙන.. වයිඩ් පෝක් නැතිවුණත් කළුවට කළු ගැහුන ටවුන් පෝක් ප්ලේට් එකක් එක්ක වැඩේ යන්න පටන් ගත්තා. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද හැමදාම වගේ අදත් හිතන්න පටන් ගත්තා. උත්තරයක් නෑ. ඩන්හීල් එකක් ගැහුවා ඒත් උත්තරයක් නෑ. ජීවිත සුළි සුළඟ උඩ පාවෙන්න කෙසෙල් කොට ඕවිල්ලක් හදාගන්න මම හිතුවා. මම හිටිය මේසේ හෝස් ගාලා එළියේ එළිය මූනට ගහන තැනක්..

    මම සයිඩ් වෙන්න කල්පනා කළා...මේසේ මාරු කළා... ඒක මන්දාලෝකය වැටෙන කළුවර බිම් පෙදෙසක්. ඔහේ ඉදගෙන කාල ගහනකොට ඒක ඉවර වෙලා ඊළඟ කාලත් මේසෙට ඇවිත් තිබ්බා. මම මෙතනට නිතරම එන්න කැමති රස්සාව ආදරෙන් කරන වේටරයෙක් අපි එනකම් මඟබලාගෙන හිඳීම. ඌ හැම වෙලාවෙම අපි දිහා බලලා මොනාද කෙරෙන්න ඕනෑ කියලා අහන ගම්කැම්‍රියෙක්. අපි ඉස්සර ගමේ ඉන්න කාලේ ඉදලා ඉස්කෝලේ යන කාලේ ඉදලා ඉතිං මොනාද කෙරෙන්න ඕනී කියලා අහන එවුන්ට මාර කැමතියි. මූත් ඒවගේ කන්කාසියෙක්.

    කොහොමහරි ටික වෙලාවකින් අල්ලපු මේසෙට පොරොක් ඇවිත් ගල් සීයක් එක්ක ස්ප්‍රයිටෙක් සැන්ඩි කලා. මම ඔහේ බලාගෙන හිටියා. කැසට් එකේ ප්‍රින්ස්ගේ සිංදු සෝවක් ඔහේ සුළඟට මුසු වුණා.
    ප්‍රින්ස් ගැන මම ගොඩක් දේවල් දන්නවා. ඒ ඌ මම දැන් ජීවත්වෙන ගෙවල් හතාටකට එහා ජීවත් වුණ නිසා. ඒ රස කතා අතරේ කිමිදෙන ගමන් සයුරු කොනක හිඳ බලා සිටින්නෙමි ඔබ එනතුරු මා පවන් සලා.. අහගෙන ඉන්නකොට අල්ලපු මේසේ ගල් සීයේ හාදයා තවත් දෙසීයක් වීදුරුවට හලාගන්න ගමන් මෙහෙම ඇහුවා.

    මහත්තයා හින්දි දෙමළ සිංදුවලට ආසද?

    විනාශේ පටන් ගත්ත තැන එතන. මම ඔහේ හිනාවක් පාකලා. අපි බීලා වෙරි වෙන්න අතරමඟ මිනිස්සු. මම එහෙම උපේක්ෂාවක් දල්වාගෙන මගේ අලුත් මිත්‍රයාගේ කෝච්චියට බෙල්ලම තිබ්බා.
    කාදල් රොජරේ.. මිනිහා කැසියර් එක ඇත්තට බෙල්ල කරකෝ කරකෝ කීවා. හොරෙන් බල බල කීවා. එතකොට තුනේ කනිසම වදින්න පැය බාගයක් ඇති. බාරුවේ වැඩකොරන්නෝ වැඩ නතර කරන්න හීන බලන වෙලාවේ. ඒ අස්සේ මේකා සිංදුවක් පටන් අරං. ඊළඟ සිංදුව මම ආසම ඒක් පූල් දෝමාලි ෆිල්ම් එකේ. එක මලට බඹරු දෙන්නයි. කතාව ඒකයි.

    මගේ පළවෙනි චිත්‍රපටි බැලිල්ල. රත්නපුරේ ජෝති හෝල් එකේ තමයි බැලුවේ. ඒ ඉතිහාසයම මහරගමට ඇවිත් මාත් එක්ක ගලක් ගහන්න සෙට් උනා. ඒක වෙනම ආතල් එකක්. දැන් ඉතිං නොනවතින භාරත ගීත මේලා වගේ තමයි. හරිහරන්, ආශාබෝස්ලේ ලතා මංගෙෂ්කාර්, කිශෝර් කුමාර්, එස්පී, මුකේෂ්, වගේ අයගේ සිංදු කෑලී මිමිනිලි ඇහෙන්න ගත්තා...

    මහත්තයා කොහේද? මම රත්නපුරේ

    ආ මැණික් පුරේ...

    මම මාතලේ.. මම ට්‍රින්ටි කොලේජ් එකට ගියේ. 1985 තමයි ඉස්කූල් අවුට් වෙලා කොළඹ ආවේ. බොම්බේ කොම්පැනියක වැඩකරන්න තමයි ආවේ. දැන් ඉතිං ජීව්තේ මහරගම තමයි ගෙවෙන්නේ..
    නම මොකද්ද? මට නිකමට අහන්න හිතුනා.

    මම නිත්‍ය අනානන්දන්.. හැමදාම ආනන්දයෙන් තමයි මම ඉන්නේ. මේ බාර් එකේ ඔය පරණ අයගෙන් අහන්න මම එදා ඉදල මෙතනට තමයි බොන්න එන්නේ.. ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ.. සුටුස් ගාන්න පුලුවන්. මගේ ජීවිතේ හැමවෙලාවෙම ගෙවෙන්නේ ආනන්දයෙන්..

    මිනිහා ආයෙත් සිංදු කියන්න පටන් ගත්තා. ඒ කටහඬ.. ආයේ ඉතිං කතාකරන්න දෙයක් නෑ..දවසේ තිබුණ සියලු ප්‍රශ්න අකාමකා දැම්මා...!!!

    ReplyDelete