ගුඩ් මෝනිං එකක් වේවා!
කලණව මට මුණගැහිල නෑ. අඩුම ගානෙ කතා කරලාවත් නෑ.
ඒ වගේම තමා අනිත් බ්ලොග් ලියන්නෝ, කොමෙන්ට් කරුවෝද ඇතුළුව හමුවෙලා හෝ කතාකරලා තියෙන්නේ දකුණු අතේ ඇඟිලි ගානට තමා.
නමුත්, නමුත්, මේ ලියන්නො ගැන තියෙන්නේ බොහොම පහන් හැඟීමක්. වෙරි ක්ලෝස් ෆීලින් එකක්. බොහොම කාලෙක ඉඳන් දන්න හිතෛෂියෝ වගේ.
එහෙම කෙනෙක්ට කරදරයක් උනාම ඒකත් බොක්කටම වදිනව.
මට කියන්ඩ තියෙන එකම දේ අනේ මේ බොලා තම තමන්ගෙ සරීර සෞඛ්‍යය ගැන ටිකක් හොඳට අවධානයෙන් ඉඳාල්ල. අඩුම ගානෙ පොඩිඋන් ඉන්න ඈයො වත්.
ලොකු ලොකු ඇංජිං අස්සෙ අලුක්කාල්
මරදානෙන් ඉදිරියට
හරියටම හයයි හතලිස් හයට කුමාරය කෝච්චියෙ හෝන් එක ගහල ඉස්සරහට අද්දන්ඩ පටන් ගත්තා.
ලංකාවේ විතරක් නෙවේ Eurostar කෝච්චිය පැරිස් යන්ඩ ලන්ඩන් නුවර ශාන්ත පැන්ක්‍රස් ස්ටේෂමෙන් අදින්නෙත් උදේ හයයි තිස් එකට! ධූමරථ නැකත් යුරෝපෙ කියල වෙනසකුත් නෑ හිටං.
පැටළුණු නූල් බෝලයක් වගේ සංකීර්ණ රේල් පීලි නෙට්වර්ක් එකකින් කෝම කොම හරි නියම වෙලාවටම කොළඹ කොටුවට ලඟා වුනා.
තුන්වන වේදිකාවට දැන් පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී ..... ගාල්ල බල පිටත්වේ. එය නවත්වන්නේ ........
එතකොටම වගේ ඔන්න ඔහොම ලවුස්පීකර් නිවේදනයකුත් ඇහුනා.
දැන් පිටත් වෙන්ඩ වෙලාව හරි. අපි තාම කොටුවෙ.
දැන් වෙලාව විනාඩි පහක් පරක්කුයි
කුමාරයට මල
ඇන්ජිමේ ඒ පැත්තට යනවා මේ පැත්තට යනව. අර කූඩුවේ දාල ඉන්න කොටිය වගේ.
දැන් පැය බාගයයි
විනාඩි හතලිස් පහයි
මට නං කීයට ගියත් එකයි. අද ගෙදර තනියම.
කළුතර රෙස්ට්හවුස් එක වහල නැත්තං බියර් එකකුත් බීල පැල් කවියකුත් කියාගෙන ගෙදර යන්ඩ ඇහැක්.
මොකෝ බං මේක යන්නැත්තෙ.
අර මලේ ඉඳන් එන මගුල එනකං ඉන්ඩෝන බං, එකෙ බඩුයි තැපැල් මලුයි පැසෙන්ජස්ලයි ගෙනියන්ඩත් ඕනේ නේ.
ඕන්න තව ටිහෙකින් විතර අනිත් ප්ලැට්ෆෝම් එකට කෝච්චියක් ආව.
හෙන කලබලයක්. මමත් ඔලුව එලියට දාගෙන බලාගෙන හිටිය.
මිනිස්සු දුවගෙන ඇවිත් මේකට නගිනව. බඩුමුට්ටු තැපැල් මලු ලෝඩ් කරනවා දාහක් වැඩ.
තව ටිකකින් කුමාරය ඉඳගත්තා ප්‍රෑම් ප්‍රෑම් අපි පිටත් උනා.
පොඩි බිංගෙවල් වගේව ඇතුලෙන් ගොහිං කොම්පඤඤවීදියත් පහුකරන් මූද අද්දරින් ඔන්න අපි නගරෙන් එලියට ආව.
හැට්ටර් දැනටම මේක පැයක් හමාරක් පරක්කුයි බං
මේකේ යන බොහෝ දෙනා තම තමංගේ ස්ටේෂන් වලින් ලාස්ට් බස් එක අල්ලන්ඩ යන උං. ඒක ගිහිල්ල නං උන්ට ගෙවල් වල යන්ඩ එක්කො එළිවෙනකන් පයින් ගාටන්ඩ වෙනව නැත්තං නොවටිනා ගානකට තෙපාවක් හයර් කරගන්ඩ වෙනව.
ඔය මිනිස්සු මටනං මක්කවත් කියන්නේ නෑ හැබැයි අර අහක ඉන්න සෞඛ්‍ය මිස් නිරපරාදෙ බැණුන් අහනව.
අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය මිස් කුමාරයාගේ අම්ම.
මේම ගිහිං හරියන්නෙ නෑ මචං හයියෙන් යන්ඩ වෙනව.
(Throttle control එක )නොච් තුනේ ගිය කෝච්චිය නොච් හතර පහ උනා.
එන්ජිම හොඳට සැර දාල යනව.
හැබැයි මිත්‍රෝරුනි හරිම සැපයි උඩදාල පොළවේ ගහනවා වගේ ඩාං ඩාං ගාල ඇන්ජිම අඟල් කීපයක් උඩ ගොහින් ආපහු අර යකඩ පීල්ලට වදිනවා..
මේ ඒකෙන් මේකෙන් වැඩක් නෑ මේක මග හිට හිට යන්ඩ බෑ. අපි නොච් තුනේම යං.
අම්මටසිරි අමතක උනානේ, රිලේ එකට සිංහලෙන් කියන්නේ 'පිලියවනය' කියල.
අඟහරුවගෙ පොස්ට් එකෙකින් ඉගෙනගත්තේ.
පිලියවනය ගැන එයා ඉදිරියේදී කියල දේවි.ඒ අතරතුර මක්කහරි කොස්සක් තියෙනවනං කියන්ඩ, පුළුවන් එකක්නං පැහැදිලි කරලා දෙන්නම්.
අදට හොඳටෝම ඇති. කෝච්චි කතාත් ඇති.
මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි.
අද අනුස්මරණ දිනයක් නිසා බයිලා නෑ
මේක තිලක් කමෝද් රාගය. සන්ධ්‍යා කාලයේ රාගයක්. ලාවට සිංගල් මෝල්ට් එකක් ඔන් රොක්ස් තිබ්බනං ..ම්ම්ම්ම්
උස්තාද් රෂිඩ් ඛාන්ගේ මේ ගීතයත් (Jab we met පිචෑස් එකේ) තිලක් කමෝද් බේස් කරගත්ත එකක් ඈ
Myself Hattor