Monday, August 30, 2021

ෆුට් නෝට් කල්ලිය නැවතත් ... ලස්සන අඹ ගසක් සොයාලා ..

තට්ටයගේ කොලමට කොමෙන්ට් එකක් දාන්ඩ යද්දී නිකං අර මීයට වෙච්චිදේ වගේ වැඩක් උනා මට. චීස් කෑල්ල කනවද නැහ්නං කරෝල කෑල්ල කනවද වගේ. අන්තිමේ චීස් කෑල්ලෙන් පොඩ්ඩක් කාල කරෝල කෑල්ලටම වැඩේ දෙන්ඩ තමා උනේ.

ඔන්න ඔහොමයි දෙවෙනි ෆුට් නෝට් එක සෙට් උනේ.   
ඒ කොහොමෙයි කියනවනං: ඉස්සර, කාලෙක පටම්ම මගේ රතේ සේවිස් කරන්ඩ ගෙනිච්චෙ රාජිරියේ පොඩි ජොයින්ට් එහෙකට. 
අයිතිකාරයා හිටියේ නැහ්නං මෑන්ස්ගේ මාමණ්ඩි ඉන්නවා ඔපීසියෙ, ෂොප් ෆ්ලො එකේ ගෝලයො තුනයි. එකෙක් සරීර හොරා අනික් දෙන්න තමා ඇත්තටම ෂෝ එක ඇද්දෙ.

සෙනසුරාදා වගේ දවසක ගියාම මාත් වැඩේ අහවර වෙනකම්ම ඉන්නවා උනුත් එක්ක බයිලා පාරක් හේම ගහගෙන. කිරි තේ නං ලැබිල නෑ හැබැයි තිබහක් ආවොත් කම්මැලියව යවල කෝක් බඩී පහක් ගෙන්නගන්නව. 

ළඟ හිටියම ඉතිං හරියට නොසේදුනු තැනක් දැක්කොත් මල්ලි ආං අතන තව ටිකක් හෝදපන්කො කියන්ඩත් අර මුල්ලට ලෝබ නැතුව තව තෙල් ටිකක් අල්ලපන් බං කියල මට ඕන විදියට වැඩේ කරගන්ඩ ඇහැක්නේ. නැද්ද.

එකෙක් හිටිය, සමහර විට වැඩ කාරණ වෙලාව පිරිත් සුත්‍ර කෑලි හෙම කියන. දවසක් රතේ පිහිදාන වෙලේ මේකා මගෙන් අහනවා, සර්, (ඒ කාලෙ උන් මට කතාකරන්නේ එහෙමයි, ඔව්ව ඔය කස්ටමර් සේවිස් කෑලි ඈ), පංසලේ අඹ ගහට පොල්ලක් ගැහුවොත් මොකෑ වෙන්නෙ කියල.
වෙන මොනා වෙන්ඩද 'සාදු' ඇවිත් හොඳට බැණලා, උඹේ අම්මටත් පෝයට සිල් ගන්ඩ තැනක් නැතිවෙන එක තමා වෙන්නෙ  කියල කිව්වා.

ඉතින් සර්, ඒක වැරදියිනේ. හරි විදියටනං කියන්ඩ ඕනෙ, ළමයා ඔය අඹ රුකට කැට කැබලිති, මුගුරු වලින් පහර නොදෙන්න. ඔය අඹ ඵල හොඳින් පැසුණු හෝ ඉදුණු පසු නෙළාගෙන අන් අයටත් දී බෙදාහදාගෙන රස විඳින්න කියලනේ.

උඹනං ඉතිං ...
Image credits : https://fineartamerica.com and Karen Su



අනික සර්, මේ දැන් කාලේ ඔය ගාථා, පිරිත් සුත්‍ර සේරෝම කට පාඩම් කරන්ඩත් ඕනැන්නෙනෑ. මුල් පේලිය දෙක දැන ගත්තම හොඳටෝම ඇති.

ඒ කොහොමද බං එහෙම වෙන්නෙ 

ඇයි සර්, මුල පේලිය, දෙක කිව්වා ඉන් පස්සේ 'යනාදී වශයෙන් අප මහා බෝසතාණන් වහන්සේ' කියල ගේම ගොඩ දාගන්ඩ ඇහක්නේ.

තමුසේ නං ඕයි ...

මේ ඒක නෙවෙයි තමුසේ කොහොමෙයි ඔව්ව ඔච්චර විස්තර දන්නෙ 

සර්, පොඩි කාලේ මට මහණ වෙන්ඩ ලොකු ආසාවක් තිබ්බ නේ. 
පංසලේ ලොකු හාමුදුරුවන්ටත් අපේ අම්ම කියල තිබුනේ මේ ගැන.
ඉතින් ඉස්කෝලේ ඇරිලා ආව බඩ්ඩිංග කෑව මං පන්සලේ.

ඔහොම යනකොට පොඩි සාදු දැම්ම ඉංග්‍රීසි පංතියක්. අපිත් ඉතින් හරි අසාවෙන් ගියා ඉංග්‍රීසි ඉගෙනගන්ඩ.
හැබැයි ඉස්සරහ පේලියට ගන්නේ ගේල්ස්ල විතරයි. මම දවසක් ඉස්සරහ පේලියේ වාඩි උනා කියල පස්සේ පේළියට එලෙව්ව.
ඉස්සරහ පේළියට යන්ඩ දෙන්නෙමනෑ.
මටත් මේක හරි පස්නයක්, ඒ නිසා දවසක් පංතියට නෑවිත් ජනේලෙ ළඟ හැංගිලා බලාගෙන හිටිය මෙතන මක්කයි වෙන්නේ කියල.

හා හා සාදු කකුල කකුල. ඔන්න ඔච්චරයි මං කිව්වේ.

ඊළඟ පාර පන්සලට ගිය වෙලාවේ ලොකු සාදු අපේ අම්මට කියල තියෙනෙව, කර්ණාවති උපාසකම්මෙ මේ කොල්ලනං සාසනේට ගැළපෙන්නෙ නෑ කියල.    

ඔන්න ඔහොමයි සර් මගේ පංසල් සිහිනේ බොඳඋනේ.

ඔහෙලා මේ කතා සීරියස් ගණන් ගන්නවා හෙම නෙවෙයි.

හැබැයි ඉතිං සීරියස්ම ස්ටෆ් ඕනෙනං මෙන්න මෙව්වා..


ජයවේවා!