Wednesday, April 29, 2020

ලොකු ලොකු ඇංජිං අස්සෙ අලුක්කාල්

ගුඩ් මෝනිං එකක් වේවා!


All rights and credits of the image to

ලොකු ලොකු ඇංජිං  කිව්වාම ඒ අංශේ ඉන්න ප්‍රධානම කෙනෙක් තමා මගේ ලෝකය එකේ ඉන්න කලන සෑර්. ඕඕ යේස් එයා තමයි, හරියට හරි අර රෝසි අක්කගේ මල්ලි තමා. ඇංජිං කිව්වම ඇංජිං විතරක්ම තිබ්බොත් ඉතින් උඩින්නේ යන්ඩ වෙන්නේ ප්ලේන් රොකට් වාගේ, ඒ නිසා බිමිං යනවනං ට්‍රාන්ස්මිෂන් එහෙකුත් එපෑය. ඔන්න ඕනෙනං TC (තට්ටයගේ කොලම) එකේ මංජුල සෑර් ඉන්නවා ඒ අංශෙ වැඩකටයුතු වලට - (හතර ඩබ්ලියු ඩී දැක්කම හ්ම් හ්ම් - ඉස්සර අපේ ගමේ දන්සැලේ වට්ටක්ක හොදි බෙදන කොට , ම්හු ම්හු  පිඟාන අතිනුත් වහගන්නවා , හැබැයි අල තෙල් මික්ෂර් එක එනකොට නං ඇහෙන්නේ හ්ම් හ්ම් විතරයි ) . රැස් වළලු කරකවන එකයි පනහේ 1.5V ඩීසී මෝටර් වගේ එව්වට නං ඉතිං හැට්ටර්ටත් මක්කහරි කොරගන්ඩ බැරිකමක් නෑ .

කලන සෑර්ගෙයි හැට්ටර්ගෙයි තියෙනවා පොඩි කෝච්චි හුටපටේකුත්. නැද්ද කලන සෑර්. හැබැයි ටැලිපෝන් නොම්මරේ දෙන්ඩ කැල්ගරි වලට එන්ඩ කිව්වා එකනං හරි මදි සෑර්. (නෝක්කඩුවට නෙවේ සෑර් කවටකමට කිව්වේ හොඳේ.). ඉතිං ටැලිපෝන් නොම්මරේ ගන්ඩ එහෙ යන්ඩ ලැස්ති උනා කියමුකො. සරණාගතයෝ වගේ හොරාට නැවේ යන්ඩ බැලුවට, කැල්ගරිවලට වරායක් නෑලුනේ. ඉතිං මොකේදැයි දං වළඳන්නේ කිව්වලු . වීසත් එපෑය. වෙලාවට මතක්උනා හොඳ බොක්කක් ඉන්නවා නේද කැල්ගරි වලම කියල , එලම කිරි. ඉස්සර එකට වැඩ කළේ, පර්ෂියන් ජාතිකයා, කාලෙකින් දැක්කෙත් නැහැ, යැවුවා මේලක් හැට්ටර්ට ඉස්පොන්සර් ලියුමක් එවන්ඩ කියල වීස එකක් ගන්ඩ. මෙන්න ඌ එවනවා හැට්ටර් උඹට සනීප නැද්ද කියල මේ හද්ද වින්ටරේ මෙහෙ එන්ඩ හිතෙන්නේ.  මං ඇහුව මොකෝ පස්නේ, ඇයි ඉස්සර උඹයි මායි වින්ටර්වල එකට වැඩ කරේ මතක නැද්ද කියල. මෙන්න එතකොට මෑන්ස් කියනවා හැට්ටර් මේ කාලේ එලියට ගිහිං චූ එකක් දැම්මම අයිස් කූරක් තමා බඩී එන්නෙ කියල.   බි. පෙ. සි.

කොහොමිං කොහොමිං හරි ඔන්න ඉතිං දවසක් හැට්ටර් වැඩ අහවරවෙලා හිටං ගෙදර යනවා. 103 බොරැල්ලෙන් නැග්ග මරදානෙන් බැස්ස. මෙච්චරවෙලා ඔපිස්එකේ චාටර්වෙවී ඉඳල දැන් ඉතිං පුකට පැස්ටෝල් වැදිච්ච බල්ල වගේ දුහනවා ඉස්ටේසමට. වැඩේ කියන්නේ බොහොමදාට ප්ලැට්පෝම් එකට යනකොටම කෝච්චිය අදිනවනේ ඒකයි මේ හේතුව. අම්.. ම.. ට.. සිරි පොලිසිය හරියේදී වැදුන කියන්නේ පිට හරහ දෝං ගාල සොට් එකක්. හැරුන නෙවේ හැරවුනා, බැලින්නං කුමාරයා, ඌට හිනා, මගේ පිට කීං කීං ගානවා තාම. අඩ්ඩෝ හැට්ටර් තෝ මේ තකහනියේ කොහෙද යකෝ දුවන්නේ..කෙලිම්ම අපේ  ගමේ බාසාවෙන් මුල්ම පස්නේ. කුමාරයා ගැන කියනවනං කුමාරයයි මායි සරෝජිනී මිස්ගේ පංතියේ අන්තිම පේලියේ අවුරුදු දෙකක්ම හිටියේ එක ළඟ. අනිත් එකා පේමෙ. පේමය දැන් නිව් සීලන්ඩ් රටේ කොම්පියුටර් ලොක්කෙක්. අපි තුන්දෙනා කැඩෙටිං මාස්ටර් ඉංචාජ් ගෙන් ගුටි කාල ඇති එකසිය ගානට. ලුතිනන් Amaraseela, A. ගෝන හමුදාවේ, අජන්ත උන්නැහේ නම ලියන්නෙත් හමුදාවේ විදියට, ඇවිදින්නෙත් පැරේඩ් එකේ යනවා වගේ, පපුව ඉස්සරහර දාල, ඉදිරිය බලාගෙන, ගමනේ යා තාලෙට. ටක්  ටක් ටක්  ටක් තාම මැවිලා පේනවා.

ඉතිං කුමාරයා ගැන කියන්ඩ බැරි උනානේ. මෑන්ස් ඒ වෙනකොට රේල්ලුවේ වැඩ, ටිකක් විතර සීනියර් ඇංජිං ඩ්‍රයිවර් කෙනෙක්.
මගේ උත්තරේ මචෝ මං මේ ගෙදර යනවා. ඉතිං ඌ කියපි වර අද මාත් එක්ක යමං.
මම මේල් එක අදිනවා. මං තෝව ගේ ලඟිං දාං යන්නං කියල. අන්න යාලුවෝ. ප්‍රයිවෙට් බස් දුහනවා වාගෙ පුතා. මේ.. ක.. ට.. කිසීම ගානක් නෑ නේ පුතා.

මං කිව්වා දැන් ඉන්නේ  කළුතරය කියල. කොහේ උනත් කමක් නෑ මං උඹව දාගෙන යන්නං, වරෙං  වරෙං  අද මාත් එක්ක යමං.
මට ඉතිං ඔප්ෂන් එහෙකුත් නෑ, කලිං ගියා කියල කොරන්ඩ ඇති අහවල් එහෙකුත් නෑ. හරි හරි යමං යමං කිව්වා ඉතිං.
උඹ රෑට කන්නේ මොනවාද? දෙවැනි පස්නේ. යකෝ ගෙදර ගිහිං මක්ක හරි කනවා. තාම  පහ මාර වෙලත් නෑනේ බං.
අපිට ඉතිං ගාල්ලට යනකොට කන්ඩ දේකුත් නෑ මගදී මේක කැඩුනොත් බඩුම තමා. ඒ හින්ද මක්කාවත්  ගන්ඩ ඕනේ මරදානෙං. ගියසුමානෙත් මේක උතුරෙ කැඩුන බං. උතුර කියන්නේ කළුතර උතුර ඉස්ටේසම. ඈ. යකෝ මං ඉන්නෙත් උතුරෙනේ. දන්නවනං අගේට නයිට ගහන්ඩ තිබ්බ උඹේ ප්ලේස් එකේ.
සුමනේ, උඹ ගන්න එකක් මටත් ගෙනෙන් බං කියල ගෝලයට සල්ලි කොලයක් දීල, උඹ වරෙන් කොල්ලො මම ඇන්ජිමට යනවා යාලුවත් එක්ක ඈ..

ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් සමගින් අපි ප්ලැට්පෝම් එකට ආව. තාම හය වෙලත් නෑ,
ෂෙඩුල් ටයිම් හයයි හතලිස් හය නයිට් මේල් එක ප්ලැට්පෝම් එකේ ගුජු ගුජු ගුජු... ගගා ඉස්ටාට් එකේ මෙන්න මේ වගේ. 
එකම වෙනස ඇන්ජිම තිබ්බේ ඉස්සරහ පස්සට (අංශක 180කින්), පාට එලෙසටම, ටයිප් එක M6.





6 comments:

  1. මම මේ කියවගෙන කියවගෙන ගිය විදියට තව ඩිංගෙන් අකුරු නැති හරියත් කියවගෙන කියවගෙන යනවා.
    එච්චර ගැම්මෙන් ලියපු කතාවෙ ඊළඟ මොකද උනේ?
    මමත් එක් වරක් කොළඹ කොටුවේ ඉඳන් පේරාදෙනිය හංදියට වෙනකල් ගියා ඇංජිමක.
    ඒක වනන වැනිල්ල; ජෝන් ඩොයිලිට පේන්න ගජමන් නෝනාවත් එහෙම වනන්නේ නතිව ඇති.
    මමයි මගෙ යාළුවා ෂානකයි උගෙ කොල්ලයි මගෙ කොල්ලයි ඇංජිමේ අයිති කාරයෝ දෙන්නයි ඔක්කෝම හය දෙනයි.
    මම ජිං භාගෙකුත් මගේ පොඩි කැමරා බෑග් එකේ දාගෙන හිටියේ.
    අනේ ඉතිං අපි තුන් හතර දෙනා සූට්ට සූට්ට බෙදා හදාගෙන පාවිච්චි කලා!
    කොහොමත් ඇංජිං ඩ්‍රැයිවර් මහත්තුරු වැඩිය කැමති ඉස්සරහ පස්සට හරවගෙන (Short Route)යන්න තමයි. මොකද එතකොට එයාලගෙ කුටියට දුම රස්නෙ ගහන එක අඩුයිලු.

    ReplyDelete
    Replies
    1. තාම සිග්නල් නෑ සෑර්

      Myself Hattor

      Delete
    2. පිස්සුනෙ කෙලින්නේ ඉතිං?

      Delete
  2. Interesting, two stroke diesel engine? I love the sound of M6. (Wijebahu)

    ReplyDelete
  3. සමාවෙන්න ඕනේ හැට්ටර් මලයා .....පමාඋනාට .

    අනිවා... හැට්ටර් මලයා .... පොඩි එකක් නොවේ ... ලොකු එකක් නේද . කැනඩා වල පැත්තක ගාල් කරලා තියෙන ... අපේ රටේ ගජරාමෙට අවුරුදු හැටකටත් එහා කාලයක් වැඩකරන ඇම් 2 ගැන නේද ...

    නයිට් මේල් එක තවම ගෙනියන්නේ නාකි හයිය ජර්මන් කාරයා ද ? හයේ මාතර කෝච්චිය (මුහුදුබඩ කගවේනා) ගෙනියන්නේ දැන් ඉන්දියන් කාරයෙන් ලු නේද ?

    ReplyDelete