Thursday, March 5, 2020

සිරිල්‍යා

සෑර්ලටයි මිසීලටයි ගුඩ් මෝනිං එකක් වේවා!




දවසක් හැට්ටර් ගියා  සිරිල්‍යාගෙ කඩේට, දීපානි ඉස්ටෝස් එකට.

කඩේ තිබ්බේ අම්බලංගොඩ ඉස්ටේසන් පාරේ, හරියටම කිව්වානං මාරකැට් එක පැත්තට වෙන්ඩ. අනිත් පැත්තට ගියොත් සිහිවිකල් ඉස්පෙයාස් කඩේ (මිනිස්සු එහෙම කිව්වට වෙහිකල් ස්පෙයාස් කියල තමයි බෝඩ් එකේ තිබ්බේ) එහෙම පහු කොරගෙන හිටං ඉස්ටේසමට යන්ඩ ඇහැක්.

සිරිල්‍යාගෙ කඩේ කිව්වම ඒකේ ඉතිං නැති අහවල් එකක් නෑ, අස්ප බිත්තරයක් හෙව්වොත් එකත් කොහේ හරි ඇති.
මට වෙලා තිබුනේ හැමදාම උදේට අල්පෙනෙති හොයන්ඩ බෑනේ, අනික එක දෙක වෙලා දෙක තුන වෙලා බොත්තං ටික රිප්ලේස් කර ගන්ඩ දැන් කාලේ හරි ගොහිං තිබ්බෙ.

ඔන්න ඉතිං මං කඩේට ගිහිං  - සිරිල්‍යා මට සේට් බොත්තං හතරක් දෙන්ඩ - කියල කිව්වා. සිරිල්‍යා ගිහිං අල්මාරිය ඇරලා බොත්තං හතර ගෙනත් පොඩි ඇක්සයිස් කොල බෑක් එහෙකටත් දාල කවුන්ටරේ උඩිං තියල හිටං මට කිව්වා
සත පණහයිනේ මල්ලෙ කියල. සාක්කුවට අත දාල සතපණහ අරං කවුන්ටරෙං තියන කොටම අම්මා වෑ ඩා ක් නෑ ජීවිතේ.... අමුම අමු කුයිලක් ආව.
හරියට අලිය, හරක, කාලෙකින් නාවපු නැති බල්ල ඇයි තව, මාසෙකින් හෝදලා නැති 'the සරම'. (the පාවිච්චි කළේ one and only නිසා) ඔය සේරොම මික්ස් සැන්ට් එකක් වගේ. මොකාද මේ අමුතු සතා කියල නිකම්ම ඔටෝමැටික් හැරවෙනකොටම;

ආ සිරිල්මුදලාලි කෝමද 
බැලින්නං එච් කිව් අයි සෑර්
එතකොට තමයි දැක්කේ මේ යකා මගේ බයිෂලේ ගන්ඩ බැරි විදියටයි පොලිස් ජීප් එක නවත්තල තියෙන්නේ කියල. දැන් ඉතිං ඉන්ඩ එපෑය මේ යකා යනකං     

මුදලාලි අද අපේ පුතාගේ බර්ත් දේ එකනේ. බබාට රිමෝට් කොන්ට්‍රෝල් කාර් එකක් ඕනෙලු.

ආ එන්ඩ බබා මේ තියෙන්නෙ තෝරගන්ඩ එකක්.

කොල්ලත් ඉතින් ඇතුලටම ගොහිං හිටං තියෙන ලොකුම එකම තෝරාගත්තාය කියමුකො.
සිරිල්‍යා පෙට්ටියත් හොඳට ඔතල කරලා හිටං කොල්ල බබාට දුන්න.

හා හා ඔහොම බෑනේ .... මුදලාලි අංකල්ට තැන්කිව් කියන්ඩ 

තැන්කිව් අංකල් 

මුදලාලි අපි ගිහිං එන්නං

ඩබල ජීප් එකත් ඉස්ටාට් කොරගෙන සෝක් එකට සන්තෝසෙං පිටවෙලා ගියා ඉතිං.

සිරිල්‍යා මං දිහා බැලුවා

සිරිල්‍යා මෙන්න සල්ලි මං එහෙනං ගොහිං එන්නං.

හැට්ටර් බොත්තං හතරත් අරන් පිටත් උනා ගෙදර යන්ඩ.

මල්ලෙ මේ සතපණහ අරං යන්ඩ

ඔන්න ඔහොමයි පොලිසියේ  එච් කිව් අයි සෑර්  හැට්ටර්ට  බොත්තං අරං දුන්නු කතාව ඉවර උනේ.


බොහෝත් තැන්කිව් මේ පැත්තේ ආවට 
And if you want some fun, don't be afraid brah!  sing .....


ජයවේවා!
Myself Hattor


අමතක උනා කියන්ඩ . තැන්කිව් පොලිස්  අංකල්!