Thursday, February 8, 2018

ඩිප්ලෝ-මැටි (සිංහයයි තරු තුනයි)

නිදහස් දිනේ එක්සත් රාජධානියේ අගනුවර (අර ටීම් එක වෙලාවට එංගලන්තේ නොහිටියේ - නැත්තං ඕක දැනටම 'ලනුවර' කොරල ඉවරයි) අපේ තානාපති කාර්යාලේ ඉස්සරහ වෙච්චි කේස් එක. නොයෙක් නොයෙක් දෙනා නොයෙක් ආකාරයේ 'අර්ථ කථන' දෙනවා ඒකට.මෙන්න හැට්ටර්ගේ ඉස්ටෝරිය.

හයිඩ් පාක් ගාඩන් එකේ නුවර පෙරහැර යනවා වගේනේ අර තුන් දෙනා ඉන්නේ. අම්මප එම්බසියේ වැඩ නැද්ද? එහෙමත් නැත්තං පොඩ්ඩක් හයිඩ් පාක් පිටිය සිසාරා හමා එන සීතල මද නල .. කොහොමද ඒක ..කූල් ප්‍රෙස් එයා පාරක් දාන්නද එහෙමත් නැත්තං ප්‍රයිවෙට් එකේ පොඩි ෂියෑට් පාරක් අදින්ඩද  දන්නෙත් නැහැ කෂ්ටිය ඔය එලියට වෙලා ඉන්නේ. එහෙම්මමත් නැත්තං ඇල් ටී ටී ඊ සංවිධානේ ගාඩොප්ඔනර් එක රිසීව් කොරන්ඩ වෙන්ඩත් ඇහැකි. නැද්ද මං කියන්නේ.

ඔය මොක උනත් ඇම්බසියේ කෂ්ටිය කොරපු වැඩේ බෝම වැරදියි. දැන් බලන්ඩ හැත්තෑව හරි තිහ හරි අපේ නිදහස් දිනේ නේ මේ. එතකොට ඔය පෙළපාලියේ ගියා කියන්නෙත් ලංකාවෙන් රාජධානියට ගිය අයලුනේ (තව ඒගොල්ලොන්ගේ තමිල්නාඩුවේ නෑදෑයොත් හිටියලු, එව්වා වැඩක් නෑ කෝම හරි නෑදෑයො නේ). බලන්ඩ අපේ දෙදහස් පන්සීයේ සංස්කෘතියේ සදාචාරේ. ඒකෙ තියෙන්නේ වෙන මොකක්වත් නෙවේ මුලිකවම ආගන්තුක සත්කාරෙ, ප්‍රබාකරන් අච්චර ත්‍රස්තවාදියා වෙලත් මෑන්ගේ පොඩි එකාට බිස්කට් දුන්නේ කවුද? එව්වා අමතකද? අන්න එහෙම ජාතියක් අපි. ඉතින් එහෙව් එකේ අර පට්ට සීතලේ ජැකට් ඇඳගෙන තවත් සීතල ඉවසගන්ඩම බැරුව අත් දෙකම ජැකට් සාක්කුවේ දාගෙන වෙව්ල වෙව්ලා හිටි සැට් එකට, මාරි බිස්කට් පැකට් දෙකක් කඩලා, උණු උණුවේ ප්ලේන් ටී ටිකක් වක්කොරගෙන එව්වා බොන්නේ නැති අයට පැන්ටා මෙගා බෝතලේකුත් අරගෙන පොඩි සංග්‍රහයක් දෙන්ඩ නේ තිබුනේ. ඔව්ව අපි කියල දෙන්ඩ ඕනේ දේවල්ද? නෑනේ. ඔය කොලිටි ඇඟේම තියෙන්ඩ ඕනේ. බොරුද මං කියන්නේ හිටං.

ඊට පස්සේ ඔය තේ බෙදන ගමං මල්ලිලා උදේට කාලද ඉන්නේ, හවසට කොහෙද සෙට් වෙන්නේ? වගේ පොඩි පහේ කතාවක් කාරිය දාල අහක්ක වෙලාමල්ලිලා මේ මළ වින්ටර්එකේ
 සීතලේ ඉඳල නිකං නිස්කාරනේ ලෙඩ හදාගන්ඩ එපා. අපි ඇතුලට ගිහින් කතාකරමු කියල ඇතුලට එක්කගෙන ගොහින් හොයල බලල කොරන්ඩ ඕන දේවල් ටික කොරල දුන්න නං ඉවරයිනේ. මේ බෙල්ල අතගාන්ඩ යන්නේ නැතුව. බෙල්ල අතගාන්ඩ ඕනෙමනං එව්වට නියමිත තැන්  තියෙනවා.

එතකොට අම්බැසිය ඉස්සරහා නිදහස් දිනේට නාට්ටිය සංදර්ශනයක් තියන්ඩ කස්ටියක් රියසල් කොරනවා කියල පොලිසියෙන් කලින්ම කිව්වනේ. අන්න ඒකට සෝක් එකට ලෑස්ති වෙන්ඩ තිබ්බනේ. අපේ අර නේවි ලොක්කෙක් හිටියේ නැවෙන් බැහැල එකසිය ගානට වටේටම නෙලපු. අන්න එයාට චීප් ගෙස්  විදියට එන්ඩ කිව්වනං සී රිග් සූට් දෙහෙකුත් අරගෙන හිටං (දෙවෙනි එක ටිකක් පොඩි සයිස් එකක් අර බ්‍රිගේඩියර් කොලුවට) වැඩේ ගොඩ. රූම් නම්බර් වන් එකට දානවා නේවි ලොක්ක නම්බර් ටූ එකේ බෙල්ල අතගාන ලොක්ක. හරිනේ වැඩේ. ඒටික හරි. එතකොට අර බිස්කට් කකා තේ පැන්ටා බිබී ඉන්න කෂ්ටියගෙන් මොනවාද පස්න කියල අහල කොලේක එහෙම ලියාගෙන තම්බි ඔයා රූම් නම්බර් වන් එකට ඔයා ටූ එකට කියල යැව්වම සී රිග් කාරයෝ දෙන්නා වනක්කම් තම්බි කියල පිලි අරගෙන අවශ්‍යදේ කොරල දේවි. දොර ඇරුනාම ඔව් මැඩම් මං තමයි හාව කියල ඇම්බැසඩර් නෝනටත් තැන්කිව් කියල යන්ඩ යාවි. පස්නේ ඉවරයි ආයේ හයිඩ් පාක් එන්ඩ ඕනේ නැහැ. අපේ ජාතියේ නායකයෝ පරණ පොලිස්පතිලා අරගොල්ලෝ මෙගොල්ලොගේ පස්න විසඳුවේ, කල් නොඇර එවෙලේම සෙනිකවම විසඳුවේ ඔන්න ඔය විධියට. මතක නැද්ද? කෝ ඉගෙනගෙන නෑ නේ. ඉතින් මැටි කියන්නේ ඩිප්ලො-මැටි ම තමයි. දන්නේ නැත්තං දැන්වත්   කල්‍යාණමිත්‍ර සෑර්ලාගෙන්   ඉයන් සෑර්ලාගෙන් ඔව්ව ඉගෙනගන්ඩ.


 කතාව ඉවරයි.   දෙන්න හඬ මෙන්න ඉඩ!

එහෙනං පිට්නේ..ඔබට ගුඩ් මෝනිං එකක්ම වේවා!