Wednesday, January 10, 2018

කමියගේ තේ කඩේ - කිරි තේ, green tea, black tea and සේෆ් ටී

 කල්‍යාණ මිත්‍ර සෑර් අපට නොයෙක් දේ කියාදෙනවා, මතක්කොරලා දෙනවා, අනතුරු අඟවනවා. ගුරු හරුකම් දෙනවා. වතුර පයිප්ප හයි කොරනවා. ඇයි එයා මයිල් සම්මාන උස්සව, එව්වා එහෙම ලේසියෙන් අමතක වෙනවද?

හෝව්, හෝව්, පනිනවනේ. පොඩ්ඩක් ඉන්ඩ, පොඩ්ඩක් ඉන්ඩ, ප්‍රශ්න අහන්ඩ වෙනම කාලයක් දෙනවා.

කිව්වාම ඉන්න්..ඩකෝ ඉවසලා, මොකක්ද අර කිව්වේ?  කසනවට? නෑ සෑර්, කල්‍යාණ මිත්‍ර සෑර් අර යස අගේට ඉන්නේ.
කසනවට නෙවෙයි සෑර් එව්වා කොරන්නේ මේ අපිව බේරගන්ඩ තියෙන උවමනාවට. යහපත් චේතනාවෙන්.

ඒ කියන්නේ, ඔය සේෆ් ටී එක බොන්නේ නැතුව සිංහල ජාතිය වඳවෙලා ගියොත් කවුද කල්‍යාණ මිත්‍ර සෑර් ලියන කවි සොරි වෙන්ඩ ඕනේ මේ මේ  අපි ලියන බ්ලොග් බලන්ඩ ඉන්නේ. ඔටුවොද? නෑ නේ.

 තට්ටයගේ කොළමේ සෑර්, ඇයි ටැපික් පොලෝසියේ ඉයන්  සෑර් .. එතුමන්ලා හැමෝම මේ වැඩේට සම්මාදන් වෙනවා නොයෙක් නොයෙක් ක්‍රම වලින්.

මටත් මතක් වුනේ සුද්දෙක් මට කියා දීපු උපදේසයක්, ඔය සේෆ් ටී සම්බන්දයෙන්.

ඕං ඉතින් දවසක් හැට්ටර් කැඩිච්චි මැසිමක් (මොනවාද කියන්නේ අටං සෑර් නං දන්නවා ඔව්ව වල වැඩ කෑල්ල පරතෙරටම) රෙපයාර් කොරන්ඩ පටන් ගත්තා. ජෙෆ් සුද්ද එහා පැත්තේ වැඩ.
සුද්ද කෑ ගහල අහනවා ඒයි හැට්ටර් උඹ මැරෙන්නද යන්නේ යකෝ, ඔතන වෝල්ට් ලස්සයක් දෙකක් (100-200kV) තියෙනවා, සෙල්ලන්කොරන්ඩ එන්ඩ එපා. තොපි ලංකාවේ ටී හැදුවට සේෆ් ටී කියන නාමයක් ඉගෙනගෙන නැහැ කියල. මල කියන්නේ සුද්දට ටියුලිප් මල. හොඳම එක, ඔරිජිනල් ඕලන්ද මල ඈ . දම්පාට තිත් තිත්. මෙහෙ වරෙන් මෙන්න මේක ඉගෙන ගනිං
තව තව එව්වා කිව්වා, ඉංගිරිසියෙන් කිව්වා ඒවා ටී වී එකේ දැම්ම නං යන්නේ beep beep beeeeep beep යනාදී වශයෙන් විනාඩි පහක් දහයක් විතරම. එක දිගටම වැල නොකැඩි.

කොරන්ඩ ගිය වැඩේ නවත්තල හැට්ටර් ගොහින් වාඩි උනා. ජෙෆ් සුද්දත් ආවා.

සුද්ද කියනවා වැඩක් කොරන්ඩ පටං ගන්ඩ කලිං ලොටෝ කොරන්ඩ ඉගෙන ගනින් කියල. කවුරු දන්න ලොටෝද බං සෑර්. අපි දන්නේ ලොටෝ ලොතරැයියනේ, නැද්ද මං කියන්නේ.   
මං සේප් එකේ සුද්දාගෙන් ඇහුව මොකද්ද ජෙෆ් ලොටෝ කියන්නේ කියල, ඌට තේරුංගියා හැට්ටර් මෙව්වා ගැන කිසි අල බෝලයක් (හින්දි වලින් කියනවනං භෝලයක්) දන්නේ නැහැ කියල.

දැන් සුද්ද ඉංගිරිසියෙන් කියනවා හැට්ටර් සිංහලෙන් කොලේක ලියා ගන්නවා.

යකෝ ලොටෝ කියන්නේ ලොකවුට් ටැගවුට් ඕක නොකලොත් උඹ නොකවුට් වෙන්ඩ තියෙන චෑන්ස් එක බෝම වැඩියි කියල.

LOTO – Lock Out Tag Out : පිස්සු හැදිලා හොඳ වෙලා ආයේ හැදෙනවා.

මැසිමක් රෙපයාර් කොරන්ඩ හරි නඩත්තු (උසාවියෙන් පණවන එව්වා නෙවේ PM -preventative maintenance) කටයුතු, සේවා (service) කොරන්ඩ කලිං ඒකෙ ගබඩා වෙලා තියෙන සක්තිය මුදා හරින්නට සිංහලෙන් කියනවා නං රිලීස් කොරන්නට ඕනේ කියලා තමා මුලින්ම කියල දුන්නේ. ඉන් පස්සේ සක්ති ප්‍රභවය අයිසොලේට් කොරන්ඩ ඕනේ. ඔය සක්තිය කීප ආකාරයකින් ගබඩා වෙලා තියෙන්නට ඇහැකියි, ඒ කිව්වේ, විදුලි (electrical), යාන්ත්‍රික (mechanical), රසායනික (chemical) , තව තියෙනවා gravitational, pneumatic, hydraulic ආදී නොයෙක් නොයෙක් ආකාර වලින්.

සාමාන්‍යයෙන් ඔය ගබඩා වෙලා තියෙන සක්තිය රිලීස් කිරීමේ ක්‍රම යන්තරයේම අඩංගු වෙලා තියෙනවා නමුත් මැසිම කැඩිලා නං මුදා හැරීමේ කෑල්ල හරියාකාරව වැඩ නොකරන්ඩ තියෙන චෑන්ස් එක බෝම වැඩියි. එහෙම උනාම අත තිබ්බොත් ගෝරි ගොඩයි නෑ නෑ බ..ඩු..ම තමයි. හරිය.

ලොටෝ ඉස්ටෝරි බොහොම දිග කතා, පුල් ඉලාස්ටික්.

කෝක කොහොම උනත් ඔව්ව නෙවෙයි වැඩ -මගේ යාළුවා ක්ලවුස්, අන්න කොල්ලෝ!,  දුන්න ගේම  මෙතනින් බලාගන්ඩ ඇහැකි කැමති කෙනෙකුට.

එහෙනං පිට්නේ.. ගුඩ් මෝනිං එකක් වේවා ඔබ සැමටම.

(මතක ඇතුව ලොටෝ ක්‍රීඩා කොරන්ඩ. හොරා වගේ හිටියට කල්‍යාණ මිත්‍ර සෑර් ඔව්ව හොඳට දන්නවා. පස්සේ වෙලාවක අර 'බස් කතා' එහෙම ලියල අහවර උන කාලෙක ලියයි මගේ හිතේ.)