Friday, December 29, 2017

විසිපහ පස් දෙනෙක් අතරේ සම සමව බෙදීම.. Ho….ly Sh!t

ගුඩ් මෝනිං වේවා ඔබ සැමටම.

පස්නපස්නපස්න..

මෙව්වා ගැටළු කොරගන්ඩ එකනේ වැඩේපස්න පස්න විදියටම තියාගන්ඩගැටළු කොරගන්ඩ එපා. අර කතාවටත් කියන්නේ සෝඩා එප්හා කියල. අන්න ඒ වගේ. පස්න එප්හා.

මේක ලියන්ඩ හේතු උනේ එමා මිසීගෙ 'ඇයිගෑණුන්ට මෙහෙම වෙන්නෙ?'  බ්ලොග් පොස්ට් එක සහ ඉයන් සෑර්ගේ 'ඇයිපිරිමින්ට මෙහෙම වෙන්නේ?'  පොස්ට් එක. සොක්‍රටීස් ලා ප්ලේටෝල වගේ ඒ ලොකු ලොක්කෝ දාර්ශනික සංකල්ප විශ්ලේෂණය කොරනකොට අපි වගේ දෙකයි පනහේ කෂ්ටිය අම්මට සිරි ඒකත් හරි බලන් යනකොට මේකත් හරි කියා කියා බකමුණෝ වගේ දෙපැත්ත බල බලා ඉන්නවානැද්ද මං කියන්නේ.

මේ අපොස(සා පෙ) වත් ලියල නැති ප(beep)ක් මොන හු(beep)ක් කියනවද කියල හිතෙනවා නේද?. සෑර්ලට කියන්ඩ සා පෙ නොලිව්වට මිත්රයෙක්ට හොරට සා පෙ ගණන් පත්තරේ නං ලියල දීල තියෙනවා. හැට්ටර්ගේ ඉස්සර ඉඳලම ඔය ගණන් ස්තරේජිල්මාට්ජල්තරපරිගණක (කොම්පියුටර් කියන ජාතිය ඒ කාලේ තිබ්බේ නැහැ)  වැඩ කෑලි ගැන බෝම ලොකු කුයි කුයි එකක් තිබ්බ. දැන් කියල අඩු  නැහැ නෙවේ. දැනුත් තියෙනවා. ඇයි මැජික්අර කාලයක් තිබ්බනේ මැජික් බලයෙන් IP ඇඩ්‍රස් බලා දෙනු ලැබේ කියල කේස් එකකුත්. තාම හොයනවා හොයාගන්ඩ බැරිඋනාදන්නා එකෙක්වත් කියල දෙන්නේ නැහැ නේ. ඔන්න අපේ කෂ්ටියගේ ගුරු මුෂ්ටි හැන්ගිල්ල. කෝමද රටක් දියුණු වෙන්නේ ඔයවගේ කෂ්ටිය එක්ක. නැද්ද මං කියන්නේ.

ගණන් සාස්තරේ කිව්වම මතක් උනේ මෙන්න මේ සරල ගණිත ක්‍රමේ ඔව් ඔව් බෝල්පොයින්ට් පෑනෙන් තමයි අස්සන් කරන්නේසොරි වෙන්ඩ ඕනේනෑ මං කිව්වේ මේ ගාන හදන්නේ.

ඒක හොඳ නැත්තන් මේක  බලන්ඩකෝ.

දැන් හරිනේ... පුල් පිට් නේ.
බහිමු මාතෘකාවට.

ඔබ සැමට සුබ නව වසරක් වේවා!
මේන් තිංසරීර සවුක්කිය හොඳින් තියාගන්ඩ බලන්ඩඅනික්වා අපි එන එන විදියට ගහ උලුවස්සා ක්‍රමේට කරමු.

එහෙනං හරිනේ ඈ,
මේං අපි ගියා.


Have Fun Guys!



ප. ලි.: මාව හොයාගෙන ඇවිල්ල ඉස්තුති කරන්ඩ ඕනේ විදියට කොළඹ සහ ගාල්ලේ සිටින ඔබ සැමට නව වසරේ උදාව සෙලිබ්‍රේට් කරවන්නේ. හැට්ටර් කිව්වොත් කිව්වා, තනි වචනේ මිනිහා...
ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් දෙසැම්බර් 31 දා ලබුගම හා කලටුවාව ජලාශ වලටත් ගාල්ලේ බීක්කේ මහා වතුර ටැංකියටත් කිරි හට්ටියක් සහ පැණි මුලක් බැගින් දමන්නට සියලු සැලසුම් සම්පාදිතයි. ගෙදර ඉඳන්ම කිරියෙන් පැණියෙන් නාගෙන ඔබ සැමට අලුත් අවුරුද්ද සමරවන්නේ කවුද ඉතිං ,  

Friday, December 15, 2017

තවමත් අවුල්, නමුත් මම නැවත ආරම්භ කරන්නම් (I still mess up but I'll just start again)

ගුඩ්ම ගුඩ් මෝනිං එකක් වේවා!  ,

අන්තිම පොස්ට් එක ලියල අවුරුද්දක්ම ගියා. දැන් අලුත් අවුරුද්දකුත් ලඟම එනවා. ඒ අතරතුරේ ලෝකේ හොඳටම වෙනස් වෙලා. හැබැයි තාම කරකැවෙනවා.

කියන්ඩ ලැජ්ජ නෑ මහත්වරුනි හැට්ටර් හිරේ ගියා. නිකන් නෙවේ සල්ලිත් දීලා. කෝමද ආතල් එක. වෙලාවක් ආවම කියමු විස්තරේ.

මේ වැදගත් සිංහල බ්ලොග් ලියන්නං අතරේ, ඒ කියන්නේ, හරියටම කියනවනං, බහුතරයක් වන , රට රටවල සංචාරය කොරපු, රට රාජ්ජවල ගිහිං ලොකු උපාදි අරගත්තු (එක්කෙනෙක් කියනවා ඒවා පස්තාච්චි කියල නමුත් ඔය ලොකු සෑර්ල මිසීලා ඔව්ව ගණන් ගන්නවා හෙම නෙවේ), කැම්පස් විද්‍යාල වල කට්ට කාපු (ඒගොල්ලෝ එහෙම කිව්වට මේ හැට්ටර්නං කියන්නේ තෘතීයික අධ්‍යාපනය ලබපු, ඔව්ව ගරුකටයුතු වැඩ නැද්ද මං කියන්නේ), එතනිං ගියාම, කොම්පියුටර් අංශයේ ඉහලටම ගිය , ආ... තව, අමතක කොරන්ඩ හොඳ නැහැ මිල්ටේරිවල තරු ඔටුණු , පටි ගහපු, රණවිරු (අර සී රිග් කොට කලිසං ගහල කොල්ලන්ට නෙලපු හාදයෝ වගේ නෙවේ හොඳ වැදගත් මාත්තුරු) සහ එකී නොකී බ්ලොග් කරුවන් අතරේ දෙකයි පනහේ ටැට්ටර් කාරයෙක් ඇට අස්සේ පනුවෝ දාන්ඩ යන්නේ අහවල් එහෙකටදැයි කියල හිතුනු වාර බොහොමයි මාත්තුරුනි. හැමෝම බුදු උනොත් දානයක් වත් දෙන්ඩ එකෙක් ඉතුරුවෙන්නේ නෑ නේ පින්වතුනි. ඒ නිසා හැට්ටරුත් හිතුව තව ටිකක් එල්ලිලා ඉන්ඩ ට්‍රයක් දෙන්ඩ.

ලොකු සෑර්ලට මිසීලට කියන්ඩ.. ටැට්ටර් කෙළිය කරන්ඩත් ලේසි නැහැ - බැරිම තැන ඒක දීල දැම්ම.
හැට්ටර් ඉපදිලා තියෙන්නේ වයිමගෙ ඉට්ටැයික් එකක් තිබ්බ දවසකනේ,... ඉතින් හැට්ටර් එදා කරෙත් අද කරන්නෙත් හෙට කරන්නෙත් බැරි වැඩම තමා. යථාර්තය වගේ කළු සුදු ඒ කියන්නේ Black and White සිංහලෙන් කියනවනං 'බැරි වැඩ' අද සිට. 


මතකනේ කලින් කිව්ව හිරේ කේස් ඒක. කවුද සෑර්ල මිස්ටේක් නොකරන්නේ? අපි දෙය්යොද? 
මගේ මිත්‍රයෙක් හිටිය කාලෙකට උඩදී, එයා රිනුවර (ඒ කියන්නේ රියාද් නගරයේ - බ්ලොග් ඉට්ටැයිල් එකට දැන් ඔහොම තමයි පිටරට නගර වල නං ගං ලියන්නේ) පොඩි ටැපික් කේස් එකකට ඇතුලට දාල තිබිල තියෙනවා, මේ... දඩේ ගෙවනකං විතරයි, දවසක් වත් නැහැ - උගේ යාලුවෝ(?) එසැනින් මෑන්ගේ නම වෙනස් කරලා, H G කුරේ කියල. ඔන්න ඔහොමයි ලොකු සෑර්ල අපේ අයගේ වැඩ කටයුතු. කියන්නේ නං සිරකරුවාත් මනුෂ්ශයෙකි කියලා, මේකා හිරෙත් නෙවේ හිටියේ පොලිස් කුඩුවේ. පොඩ්ඩක් කියන්නේ දශමෙකින් කාලක් තිබුනත් ඇති පදයක් හදන්ඩ. 

ගියදේ  ගියාවේ. .ඔව්ව අල්ලලා දාල පොඩි ෆන් එකක් ගමු.

Have fun!. Try everything (make sure it is legal !!)