Wednesday, December 20, 2023

හෙට උදේට

ටැක්නිකල් වැඩිලු හිටං! 


ඉඳියාප්ප තවත් කන්න බෑ  

මුංඇට මට එපා  

කිරිබත් මට එපා  


ඔයවගේ කතාවක් කිව්වෙ අපේ ගැමේජ් (Gamage) ට්‍රිපක් ගොහිං ආ වෙලාවක. 

ගැමේජ් ගැන මං කලිං කියල නෑ. ගැමේජ් වැඩකළේ ජල සම්පාදනේ, මං පොඩි ට්‍රේනිං එහෙකට ගොහිං හිටිය එතන කාලයක්. 

බෝම අහිංසක පොර, කාටවත් කිසිම වරදක් කරන්නේ නෑ උදව්වක් මිසක හැබැයි මිත්‍රෝරුනි ගැමේජ් ගේ බයස් පොයින්ට් එක අපිට වඩා වෙනස් තැනක තිබුණේ, ෆුල් කඩු බයස්. ඕ යේස්! 

(මේ බයස් එක ගැන වැඩිය හිතන්ඩ කරන්ඩ ඕන්නෑ, ඉලැක්ට්‍රොනික් තාක්සනේදි, බයස් පොයින්ට් එක වෙනස් කිරීමෙන් ට්‍රාන්සිස්ටර් එක ස්විච් එකෙක් විදියටද ඇම්ප්ලිෆයර් එකක් විදියටද එහෙම නං පවර් එක වැඩියෙන්ද, ඩිස්ටෝෂන් අඩුවෙන්ද (සිග්නල් එක එලෙසම තැබෙන) එහෙම්මත් නැත්තං එෆිෂන්සි (කාර්යක්‍ෂමතාව) වැඩියෙන්ද ආදී වශයෙන් ක්ලාස් A, B, C  ආදී නොයෙක් නොයෙක් මෝඩ් වලට යොමු කරාන්ඩ ඇහැක්) 

එනිවේ, ගැමේජ් ගෙං තමා වෙනදා එලෝලු රොටි දෙකක් කාල කහට එකක් බිව්ව මං, ER දෙකක් කාල ප්ලේන්ටිය බොන ලෙවල් එකට රූපාන්තරණය උනේ. 

ලෝං වීකෙන්ඩෙකේ සැට් එකක් එක්ක කැන්ඩිලයිට් (Nuwaraeliya) ගොහිං පෙන් කේක් - pencake කාපු වරුණාව මතක්වෙනකොටත් ආසයි.  සුවඳ නාහෙට දැනුනනං අනිවා අපිත් කැන්ඩිලයිට් ඉන්නවා වගේ. පණ පිහිටුවල කතාව. 




දැන් දෙමු ජම්බු! 


ජපානෙං පටංගමු  

දොරයකි - ජපං ස්වීට් පෑන් කේක්  

සුවිට් නැතුව සේවරි ඕනෙ නං ඔකොනොමියකි 


කොරියාවෙං එකසිය ගානට  

ජං ජාති


සවුදි පෑන්කේක්  

හ්ම්ම් එහෙමත් එකෙක් තියෙනවද? 


 සුද්දොංගෙ එව්ව  

එංගලන්තෙ බ්‍රිටිෂ් පෑන්කේක්  

මේකට දාන්නෙ අපි පාං පිටි (all purpose flour) කියන එව්වයි, ලුණුයි, කිරියි බිත්තරයි  

දොරයකි මේ පාං පිටි වලින් ගතියට එන්නේ නෑ එකට කේක් පිටි ඕනෙ. 


මක්කැයි මල්ලි මේ පාං පිටියි, කේක් පිටියි. දෙකම තිරිඟු පිටි නේ.  

මේකනේ තිරිඟු ජාති ගොඩාක් තියෙනවනේ. 

ඕකෙ තියෙනවා වින්ටර් වීට් - සිසිර තිරිඟු (කොමද මගේ පරිවර්තනේ, එල නේ) 

මෙව්ව ඇට පැළවෙන්ඩ දාන්නෙ හේමන්තෙදි පැළවෙලා සිසිරෙදි නිදාගෙන ආයෙ වසන්තකාලෙ ඉඳලා හැදිලා වැඩිලා ග්‍රීෂ්ම ඉර්තුවේ හෝ ඊටත් පස්සේ හේමන්තෙ මුලදී තමා අස්වැන්න ගන්නෙ. ඔව්වයෙ ග්ලුටන් (ප්‍රෝටීන් විශේෂයක්) ප්‍රතිශතය වැඩියි. පාං වලට තමා හොඳ. මේකෙං හදන්නේ bread flour. ඔරිජිනල් පාං පිටි. 

සාමාන්‍යයෙන් spring wheat කියන්නෙ මෘදු soft wheat එකක්. හැබැයි ඩුරම් වීට් තමා තදම ජාතිය, පස්තා හදන්න ගන්න ජාතිය, නමුත් මේක වසන්ත තිරිඟුවක් (spring wheat). 

soft wheat වලිං ගන්න පිටි තමා කේක් පිටි cake flour. ප්‍රෝටීන් ප්‍රතිශතය අඩුයි. මේකෙං පාං හදන්ඩ ගියොත් පිපෙනව හොරයි. 

කඩෙං තිරිඟු පිටි කියල ගන්න එව්වා බොහෝවිට තද සහ මෘදු පිටිවල සංකලනයක්. ඕකට all purpose flour කියල කියනවා.

හොඳටම පිපුනෙ නැතත් පාං වලටත් ඕකේ, පොඩ්ඩක් chewy ගතිය ආවට කේක් වලටත් වරදක් නෑ. 

ඔය ග්ලුටන් එක වතුර වගේ දියර එක්ක එකතු කරලා අනන කොට ග්ලුටන් ඩිවලොප් වෙනවා කියල කතාවත් වෙනව. ඒ කියන්නේ එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා ප්‍රෝටීන් දංවැලක් වගේ, කෙඳි වගේ හැදෙනවා. පාං මෝලියක් අනපු කෙනෙක් දන්නවා මුලදී එන්න එන්න ඇනිල්ල අමාරුවෙනවා ඒ එක්කම මතුපිට සිනිඳු වෙනවා. 

පාං වලට ඔය කෙඳි හැදෙන්ඩ ඕන උනාට කේක් එක soft කරගන්ඩ නම් කෙඳි අවම කරගන්ඩ ඕනෙ. එනිසා පාං වගේ ලොකුවට කේක්‌, පෑන්කේක් වගේව අනන්ඩ ඕනන්නෑ. එහෙම ඇනුවොත් ග්ලුටන් ඩිවලොප් වෙලා රබර් වගේ වෙනවා. 

ඔන්න ඕක නිසා තමා දොරයකි වලට කේක් පිටි ඕනේ කියන්නෙ. හරිනේ .. 


නැවතත් එංගලන්තෙ British pancakes  

all purpose flour, ලුණු, බිත්තර සහ කිරි  

මේකේ all purpose පාවිච්චි කලාට වැඩිය අනන්නෙ කරන්නේ හෙම නෑ ජෙන්ටල් ෆෝල්ඩිං, යාන්තං පිටි ටික මික්ස් උන නොඋන ගානට.  


නෙදර්ලන්තෙ, ලංසි කෂ්ටියගේ ඩච් පෑන්කෙක් Pannenkokken  

මේකත් එංගලන්තෙ වගේමයි හැබැයි බැටර් එක පෑන් එකට දැම්ම ගමං ඇපල්, කෙසෙල්, බේකන් එක ජාතියක් හෝ කීපයක් දාල තමා හදන්නෙ. 


 ප්‍රංස ක්‍රෙප්ස් Crepes  

මේක හොඳට මික්ස් කරල හිටං හදන එකක්. බ්ලෙන්ඩරේ ගහතෑකි.

all purpose ග්‍රෑම් 150 කට සීනි ග්‍රෑම් 50ක් සහ ලුණු තේ හැඳි බාගයක් විතරත් දාල හොඳට මික්ස් කරගන්ඩ  

බිත්තර 4ක් හොඳට බීට් කරලා ඒකට දියකරලා නිවාගත් බටර් (melted and cooled)  ග්‍රෑම් 50කුත් දාල හොඳට මික්ස් කරගන්ඩ  

කිරි මි.ලී  250 දාල මික්ස් කරගන්ඩ  

ආයෙත් කිරි මි.ලී  250 දාල මික්ස් කරගන්ඩ  (ඔක්කොම ලීටර් බාගයයි) 

(වැනිලා තේ හැන්දක් හමාරක් දැම්මයි කියල වැරැද්දක් වෙන්නේ නෑ ) 

දැන් මේකට කලිං මික්ස් කරගත්ත සීනි පිටි මික්ස්චර් එකෙන් ටික ටික දදා කැට නැතිවෙන්ඩ හොඳ ස්මූත් බැටර් එකක් හදාගන්ඩ. පැය බාගයක් විතර පැත්තකින් තිබ්බට කමක් නෑ   

මේක හදන කොට තැටිය හොඳට රත් වෙලා තියෙන්ඩෝනෙ  (මීඩියම් හයි, ඩයල් එක හතේ අටේ වගේ). 

බටර් හරි තෙල් ටිකක් හරි තැටියෙ ගාගෙන (අඟල් 10, 12 තැටියකට බැටර් එක 1/3 කප් - 80 මි. ලී වගේ ඇති). මේක බොහොම තුනියට හදන්නෙ. 

ආප්පෙ දානව වගේ තැටිය කරකවලා ස්ප්‍රෙඩ් කරගන්ඩෝන. වාටිය කරවේගන අයිනෙන් පොඩ්ඩක් ඉස්සෙනකොට අනිත් පැත්ත දාල තව චූට්ටක් රත් කරගන්ඩ. 


 ඒ මගේ විදිය මේ මාස්ටර් ෂෙෆ් ලගේ ක්‍රමේ 



 දැං මයි ෆේවරිට් ඇමරිකන් පෑන්කේක්  

මෙව්වට දානවා පිපුම් ද්‍රව්‍ය, බේකිං පවුඩර්,  බේකිං සෝඩ වගේව ඈ  

මුලිම්ම් බටර් ග්‍රෑම් 60ක් දියකරගමු  

all purpose flour ග්‍රෑම් 240ක් (පෙනේරෙකිං හලලම ගන්ඩ) සීනි මේස හැඳි 4ක් (මේස හැන්දක් සාමාන්‍යයෙන් මි. ලී. 15යි) බේකින් පවුඩර් තේ හැඳි 4ක් (තේ හැන්දක් මි.ලී 5යි) ලුණුත් තේ හැඳි කාලක් විතර වගේ දාල හොඳට මික්ස් කරගන්ඩලා. 

බිත්තර දෙකක් හොඳට බීට් කරගෙන එකටම කිරි මි.ලී 480ක් දාල අයෙමත් බීට් කරගෙන, වැනිලා තේ හැන්දක් සහ මෙල්ටඩ් බටර් ද දමා තව ටිකක් බීට් කරගන්ඩ. 

පිටි මික්ස් එක කොටස් වශයෙන් තුන් හතර වතාවකට දියර මික්ස් එකට දාලා යාන්තං මික්ස් වෙන ගානට ජෙන්ට්ලි ෆෝල්ඩ් කරගන්ඩ. අරහෙං මෙහෙං පිටි කැට තිබ්බට කමක් නෑ. 

පැය බාගයක් විතර පැත්තකින් තියල පෑන් එක මධ්‍යම ප්‍රමානෙට ටිකක් අඩුවෙන් රත් කරගන්ඩ. තැටිය රත් උනාම බටර් ටිකක් එහෙම ගාල  බැටර් එකෙන් 1/4 කප් (මි. ලී 60ක්) විතර දාල විනාඩි දෙක තුනකින් උඩ බුබුළු ඒම නැවතුනහම වගේ අනිත් පැත්ත දාල තව විනාඩි දෙකක් විතර තියල ගන්ඩ. මේ කාල සීමාවල්, ප්‍රමාණ අඩු වැඩි කරලා පිච්චේන්නෙත් නැති, මැද අමුත් නැති පෑන්කේක් එකක් හදාගන්ඩ ඇහැක්. 

මේක හදන කොට බටර් වෙනුවට නියුට්‍රල් කුකිං ඔයිල් එකක් උනත් ආදේශ කරාන්ඩත් ඇහැක් නමුත් බටර් වෙනම රසක්! 


ඔව්ව වැඩක් නෑ මෙන්න මිත්‍රෝරුනි  

අයිසිං ඔන් ද කේක් හෙවත් ජයග්‍රාහකයා. 

විනාඩි 9:46 ඉඳල බලන්ඩලා

(මං දන්නව ඊට පස්සෙ බොලා බෙරල් ගෙ අහවල් එක ආයෙ මුල ඉඳං බලනවා කියල) 

 

මෙච්චර වීඩියෝ බලලා තවත් ලැජ්ජ නැත්තං  

මෙන්න මේකත් බැලුවට සයිබර් ක්‍රයිම් යුනිට් එකෙං ඔහෙලව අල්ලං යනේකක් නෑ. 



 


ඔබ සැමට සිරි සුබ නත්තලක් වේවා! 

21 comments:

  1. හෙට උදේට එඤ්ඤං ඉඳියාප්ප කන්න.🤭

    ReplyDelete
    Replies
    1. //පාං මෝලියක් අනපු කෙනෙක් දන්නවා//
      පණ යන වැඩකි. පසුව පාන් මැසිමක් ගෙන යූටියුබ් පාන් සෑදීමට උත්සාහ ගත්තද, මහන්සියේ, වියදමේ හැටියට ප්‍රතිඵල ආවේ නැති නිසා දැන් කඩේ බැගට්, බේගල් සහ විවිධ පාන් වලින් සැනසෙමි.


      Delete
    2. මේක මගේ ගෝ ටු රෙසිපිය, පාං ගෙඩියකට
      පාං පිටි ග්‍රෑම් 400 (ඕල් ප්'පස් උනත් කමක්නෑ )
      ඕකට ලුණු තේ හැන්දකුයි සීනි මේස හැන්දකුයි දාල ටිකක් මික්ස් කරගන්ඩ
      උණුසුම් වතුර ග්‍රෑම් 250ක් අරගෙන සීනි තේ හැඳි කාලක් වගේ දාල දියකරගන්ඩ
      වතුර ෆැරන්හයිට් 110 වගේ නං මරු හැබැයි 114ට වගේ වැඩිනන් හොඳ නෑ යීස්ට් මැරෙනව
      දැන් මේකට යීස්ට් ග්‍රෑම් 5ක් 6ක් දාල හොඳට මික්ස් කරලා විනාඩි 7-8 ක් තියන්න.
      බුබුළු දාල ඇක්ටිව් වෙලා ඒවි. එහෙම නැත්තං යීස්ට් එක වැඩක් නෑ. (පැකට් එහෙක ග්‍රෑම් 7ක් තියෙනවා)

      දැන් මැෂිමේ බෝල් එකට පිටි දාල, ඊට පස්සෙ යීස්ට් ද්‍රාවනෙත් දාල, ඩෝ හුක් එක හයිකරලා ස්ලෝ දුවන්ඩ විනාඩි 3ක් විතර
      සේරම ඇනිල එක බෝලයක් වගේ උනාම තෙල් ml 10-15 හෝ රූම් ටෙම්පරේචර් බටර් ග්‍රෑම් 10-15ක් දාලා ස්පීඩ් එක වැඩිකරලා තව විනාඩි 12ක් විතර අනාගන්ඩ. (මේ කිව්වේ කිචන් ඒඩ් එකේ ටයිමිං ඈ ) ඒ වෙනකොට වටේ ඇලෙන ගතිය නෑ. ඔතන තියෙනවා වින්ඩෝ පේන් Window pane ටෙස්ට් කියල එකක්. අන්න ඒ ගානට ආවම ඇති.

      දැන් ලාවට තෙල් ටිකක් ගාල, ක්ලිං රැප් එකකින් වහලා පැයක් විතර තියන්ඩ. සයිස් එක ඩබල් වත් වෙනකං.

      දැන් එලියට අරං පංච් කරලා හුළං ටික ඇරලා, විනාඩියක් දෙකක් නීඩ් කරගෙන, ශේප් කරලා පෑන් ඒකට දාන්ඩ. පෑන් එකට කුකින් ස්ප්‍රේ එකක් හෝ තෙල් ගාන්ඩ අමතක කරන්ඩ එපා.

      එගේන්, අර විදියටම වහලා, විනාඩි 45ක් පැයක් විතර තියෙනකොට රිම් එකෙන් අඟලක් විතර උඩට පිපිලා තියේවි.

      දැන් අවන් එක 390F ට රත් උනාම විනාඩි 30ක් පුච්චගන්ඩ.

      අවන් එකේ තිබ්බ ගමම්ම පාං ගෙඩියේ උඩට වතුර ටිකක් ස්ප්‍රේ කළොත් ක්‍රස්ට් එකේ හොඳට එනවා, නැතුව උනත් නෝ ප්‍රස්.

      පාං ගෙඩිය පිච්චුනාම ඇතුලෙ 200F වගේ, අවන් එකේ තියෙද්දීම බලන්ඩ.

      දෙන්ඩ ට්‍රයක්. වැඩේ හොඳට ආවොත්, යූ බටෙන් ඇඩ්වාන්ස් එව්වා හදතෑකි. මාලු පාංද, ජෑං පාංද, රෝස් පාංද අරවද මේවද ඔක්කොම.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. තෑන්ක්ස් බට් නෝ කැන් ඩූ, මේට්. ඔහොම එකෂිය ගාණට අත්හදා බලන්නත් එක්ක හදලා ගිලපු පාන්, කේක්, රෝස් පාන්, මාලු පාං ගිලල අන්තිම ෆුල් බොඩි චෙක් එකේදි ඩොකා ඇහැව්වා පිටි කෑම සීනි එහෙම කනවද? කියලා.
      මං කිව්වා "නැතුව,නැතුව" කියලා.
      ඩොකා කිව්වෙ නැතෑ "හා එහෙමද, කලින්ම බකට් එකට පයින් ගහනවද, නැත්නම් ඒවා කන එක නවත්තනවද?" කියල.😮

      Delete
  2. අපිත් ඉතින් පෑන්කේක් කන්නේ වීඩීයෝ එකේ විදිහට තමයි...පැණි පොල් පෑන්කේක්..

    නුවර එලිය ට කැන්ඩි ලයිට් කිව්වා එහෙනම්...;) -MAYYA

    ReplyDelete
    Replies
    1. නැතුව. නැතුව.
      Myself Hattor

      Delete
  3. බයස් එකක් දාල හදන පෑංකේක් ගැන ඇහුවමයි.

    නුවරේළියට ඔය එක එක නං හදල ඔහේ අලකොමාගෙන් කන්න තමයි හදන්නේ ඔය. (පෑංකේක්)

    ReplyDelete
    Replies
    1. ලේකම් තුමාට පොඩ්ඩක් ටැට් ටැට් ටැට් ටැට් ටැපලිලා වගේ.
      බයස් එක තිබ්බේ කඩු පයිට් වලට.
      Myself Hattor

      Delete
  4. උඩම එක කාල ත්යනව. දෙවෙනි එක සෝවියට් රුසියාවේ දී කාපු බ්ලිනි වගේ. පොඩි පෑන් කේක් ජාතියක්. හාමිනේට දැම්ම ලින්ක් එක හදල දෙන්න කියල. හැට්ටර් ගේ ගිය පාර ලිපියට දාපු එක. https://kolambagamaya.blogspot.com/2023/12/blog-post_20.html

    ReplyDelete
  5. //ටැක්නිකල් වැඩිලු හිටං! //

    පුදුමයි. අපේ ඩී ජී එම් බැස්ටියංතුමාව නොදන්න අය ඉන්නවයි කිව්වාම

    ReplyDelete
    Replies
    1. ඒම කියන්න එපා බොස්. මමත් දැන් සංගමේ සාමාජිකයෙක්.

      -ඉස්සර බ්ලොග් ලියපු බස්සෙක් -

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. https://kolambagamaya.blogspot.com/2023/12/blog-post_20.html

      Delete
  6. අම්මටසිරි, මීට පස්සේ අපි කන්නේ යු බටේ පැන් කේක්, හැලප නම් ආයේ කන්නේ නෑ
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විජේ අයියා, හැලප ගෙදරම හදාගන්ඩෝන, කඩේ එව්ව නිකං රොටි වගේ.
      තුමනි කුමක්ද ඕස්ට්‍රේලියානු පෑන්කේක් වර්ගය?

      Myself Hattor

      Delete
  7. ආහ්. කෑම වට්ටෝරු පිරිලා... රහයි රහයි. ඔන්න දුමියත් මෙදා ශනිදා දහයට රස කෑමක් හදන්නලු ඉන්නෙ...😀
    ජයවේවා !!!

    ReplyDelete
  8. දෙයියනේ දැන් බලාන ගියාම මේක තනිකරම කුකරි ක්ලාස් එකක් උනානේ! ඕ යේස්!

    ReplyDelete
  9. ශා.... මරුනේ කුකරි පාඩම් ටික. තැම්කු හොදේ.

    ReplyDelete