කපන්නැතුව පාං ගෙඩි දෙකක් දෙන්න මල්ලි
පහුගිය දොහේ බො ..හෝ..ඕ ..ම. කාලෙකට පස්සේ නෙට් එකේ රවුමක් ගහන වෙලේ දැක්ක පේරාදෙණියේ IMF විරෝධී සාකච්චාවක් රජයේ ඉහල අණකින් නවත්තලා කියල හිටං. හොඳ වැඩේ ඕකුන්ට, ඔව්ව නවත්තන්නමයි ඕනෙ.
මේ තෙල් නැවකට සල්ලි දිගන්න බැරුව චාටර් වෙච්ච රටක් IMF එකත් එක්ක එකතු වෙලා මාස තුනෙන් - සොරි - පෝය තුනෙන් ඩොලර් බිලියන හය හමාරක ඉතුරුම් ශේෂයක් තියෙන විදියට හැදුව කියල අපේ සුනිල් ඇමැතිතුමයි සමන්ත ඇමති තුමයි මේ පහුගිය සතියේ නේ කිව්වේ. එහෙව් එකේ මේ හාදයොන්ට තියන්න තිබ්බේ "ඉක්මනිම්ම රටක් ගොඩදාන IMF වික්‍රමය" වගේ සාකච්චාවක් නේ.
එනිවේ ඉන් පස්සෙ ඉකොනොමැට්ට තුමාගෙ අලුත් පෝස්ටුවක වෛද්‍යාචාර්ය නලින්ද ඇමතිතුමාගේ කතාවක් ගැන තිබිල ඒ ගැනත් පොඩ්ඩක් හොයල බැලුව මක්කැයි මේ කියල.
ඒ කතාවෙන් මට නම් හැඟීගියේ මේ හලෝ අපිට මාස්ටර් ප්ලෑන් එකක් තියේය, අපි වැඩ කරන්නේ අන්න ඒකටය.ඔය කොල්ලටයි බල්ලටයි ඕන ඕන තැන ඕන ඕන දේවල් අටවන්න කරන්න දෙන්නට බැරිය. අනික අපිට කතරගම දෙයියෝ නෙවේ තිස්තුන් කෝටියක් දෙයියන්ටත් වැඩිය සල්ලි තියේය ඔහෙලා තමුංගෙ වැඩක් බලගන්නවනං යෙහෙකිය, වගේ දෙයක්. නමුත් ඒ අතරම අද මෙරට ආර්ථිකය අමාරු තැනක පවතින බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි කියලත් නිවුස් තියෙනවා.
පළමුවෙනි එකටනම් කියන්න තියෙන්නෙ ඔය ප්ලෑන් සහ සිස්ටම් අපි නම් දන්න කාලෙ සිටම පැවති බවත් එදත් එක එකාට හිතූ හිතූ විදියට බිල්ඩින් ගහන්නවත් ලොකු ලොකු යන්ත්‍ර සුත්‍ර මිලදී ගන්නවත් බැරි බවය.
දෙවෙනි එක ගැන නම් ඔච්චර සල්ලිත් තියෙන එකේ, සුවසිරිපායෙ ඉඳල BES එක මැද්දෙන් ඩි සේරම් ප්ලේස් එකට ගොහිං වමට හැරිලා නොරිස් කැනල් පාරෙන් දකුණට ගිහිං හිටං , ඕනෙනං විනාඩි 15-20ක් විතර යයි, මහ ඉස්පිරිතාලෙ OPD එකටයි මෙඩිකල් වෝඩ් එකකටයිත් ගිහිං බැලුවනං මට නං කියන්න තියෙන්නේ - ඇමතිතුමාට ආස හිතෙයි, කියල තමයි.
Beste vrienden (Dear friends)
Hier ben ik weer (Here I am again)
Have Fun!
Welkom terug lieve broeder Hector.
ReplyDeleteik wens je een gelukkig nieuwjaar.
වැලැක්විය නොහැකි වූ කරුණු කිහිපයක් නිසා "ගිනි සිසිල" මාසික වැඩිහිටි සඟරාවේ ජනවාරි 2025 කලාපය අද උදෑසන නිකුත් නොවෙන බව කරුණාවෙන් දැනුම් දෙමි.
ReplyDelete-රසික සූරියාරච්චි, සංස්කාරක, "ගිනිසිසිල" වැඩිහිටි සඟරාව
සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය,
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව.
හරි එහෙනං, අලුත් අවුරුද්දෙ පට්ටාං ගමු, පොන්ටුවා ගැනත් ලියලා.
ReplyDeleteසුනවේ!
Welcome back !
ReplyDeleteහැට්ටරයනං පාං ගෙඩියක්ම අතුරුදං කළා කියල තමයි අනික් අය කිව්වෙ.
ReplyDeleteදිගටම ලියමු.
පැතුමා ආයෙ ලියන්න පට්ටාන් අරගෙන. ගිහින් පොඩි තල්ලුවල් දෙමු නේද?
ReplyDeletehttps://biththiya.blogspot.com/2025/01/amazon-kindle.html
@ හැට්ටර්
ReplyDeleteඇත්තටම මේ සැරේ ජාජබ මාලිමාව කියලා බෝඩ් ලෑල්ල දාගෙන ආපු ජෙප්පන්ට ආණ්ඩුව ආවට පස්සෙ තමයි ජනතාව උන්ගෙ සැබෑ තරම දැන ගත්තෙ.ලොරි ටෝක් දුන්නට මෙලෝ දෙයක් කර ගන්න බැරි එවුන් බව දැන් මිනිස්සුන්ට තේරිලා කුණුහරුපෙන් බනිනවා.
ජෙපි බේගල් පැත්තකින් තියමු. මානුෂීය මෙහෙයුමෙන් උතුර නැගෙනහිර සාමකාමී කළාට පස්සේ බඩට කන්න ණය ගත්තෙ නැති ලැබෙන ආදායමෙන් පියවෙන්න ගත්ත යටිතල ව්‍යුහය සංවර්ධනය කිරීමට ගත්ත ව්‍යාපෘති ණයෙන් ආර්ථික දියුණුව ඇතිවුණා. රටේ කර්මාන්ත සේවා සහ සංචාරක කර්මාන්තය දියුණු වූණා
2004 වෙද්දි දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ආපසු ගෙවිය යුතුව තිබූ රාජ්‍ය ණය ශේෂය 104% යි.
ඒ තරම් ඉහළ අගයක තිබූණු ණය ශේෂය 2014 වෙද්දී 71% දක්වා බැහැල තිබුණා.
2005දි ඩොලර් 800 ට තිබ්බ ඒක පුද්ගල ආදායම 2014 දී ඩොලර් 3400 ට නැග්ගා.
උද්ධමනය 10% ඉඳල 5% ට අඩුකලා.
ආයෝජන ඩො.මි. 270 තිබුණු එක ඩො.මි. 1500 ක් කරා කොටස් වෙළඳපළ මිල දර්ශකය 1800 ඉඳල 7500 දක්වා වැඩිකරා
විරැකියාව 7% ඉඳල 4.3 දක්වා අඩු කරා
2005 ට කලින් කොළඹ තිබුනෙ පිට්ටු බම්බුවයි මහ බැංකු ගොඩනැඟිල්ලයි විතරයි.කාපට් පාරවල් රටටම තිබුනෙ දෙකයි. ඒත් ඒ කාලේ යුද්ධය පවතින අතරේම පටන්ගෙන තිබුණ යටිත, පහසුකම සංවර්ධනය නිසා අද 90% රටේ ප්‍රධාන පාරවල් සංවර්ධිතයි.
35% කට තිබු විදුලිය අද 90% ඉක්මවලා.
වරායවල් හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා. හයිවේ, දුම්රිය මාර්ග, මොරගහකන්ද වැනි ජලාශ, නිවාස සංකීර්ණ, තව තියෙනවා ඕනතරම් රටේ සංවර්ධනය වෙනුවෙන් කරපුවා.
7% ආර්ථික වර්ධනයක් තිබුනා.
ඔය කියන හැත්තැපස්වසර ඇතුලත විශාලතම ආර්ථික සංවර්ධන වේගය සහ රට ගොඩනැඟුන කාලය තමයි ඒ… ඒත් 2015 න් පස්සේ රට එකතැන නේද? ඒකට හේතුව මොකක්ද? IMF ණය උගුලට හසුවීම නේද?