Sunday, December 3, 2023

අශ්වයොත් දුවන්නේ මල්ලි මීහරක් වගේ

හෙවත් Myself 


Myself රචනාව දිගයි නමුත් කෑල්ලක් වත් ලියන්ඩ බලමු.

කීප දෙනෙක් නම් මේ හාල් කෑල්ල ගැන ටිකක් දන්නව, ඕ යේස් ඔරිජිනල් ගංකබරාස්ම තමා. නෝ ඩවුට් බඩී. නෝ ඩවුට්

රස්සාවල් නං ගනං කළොත් අඩුම ගානේ පාළහක් (fifteen) වත් දැනට කරලා ඇති, එක පාරක් මාව රස්සාවෙන් fire කරලත් තියෙනවා. ඔව් ජිවිතේ හැටි. ඔය රස්සා වලින් බොහොමයක්ම ලංකාවේ සහ වෙනත් රටවල ආණ්ඩු, ප්‍රාන්ත, පළාත් ආණ්ඩු වලට තමා වැඩ කරලා තියෙන්නේ. අනෙක් කාරණේ තමා මේ රස්සාවල් බොහොමයක් එකකට එකක් වෙනස් ෆීල්ඩ් වල වීම. රස්සාව ඉන්ටරෙස්ටිං නැත්තං මම එතන වැඩි කලක් රැඳෙන්නේ නෑ. ඒ අතිං මහා මුරණ්ඩු ජීවියෙක්. 

ප්‍රස්තුතයට අදාළ වන්නේ අවුරුදු විස්සකට විතර එහායිං වුනු සිද්ධියක්.

කොළඹට ළඟ එක්තරා ආයතනයක තිබ්බ හයිටෙක් යන්ත්‍රයක් ලෝකල් ඒජන්ට් එක්ක තිබ්බ අවුලකට එවුන්ව කපලා ඉන්දියාවෙන් OEM (original equipment manufacturer) ගෙ ඒජන්ට් එක්ක ඩිරෙක්ට් එකතු වෙලා ඒකෙ නඩත්තු වැඩ කටයුතු කරගෙන ගියා. ඇමරිකන් කොම්පැනියක් උනාට ඉන්දියාවේ ලොකු ඔපරේෂන් එකක් තිබුන එයාලගෙ.  

යම්කිසි වේලාවකදී මේකෙ ප්‍රශ්නයක් ඇවිල්ල OEM ඩොලර් ලක්ෂ දෙක හමාරක මුදලක් (මිලියන කාලක්) ඉල්ලනවා අවශ්‍ය ස්පෙයා පාට් ගෙන්වන්නට. ඒ කෑලි වලට පමණයි, සවිකිරීමේ හා අනෙකුත් ගාස්තු වලට අමතරව. මේ යන්ත්‍රය ඒ කාලෙ ඩොලර් මිලියන තුන හමාරක් හතරක් පමණ උනා.

එතැනදී යන්ත්‍රය හිමිකරුවන් ලෝකල් ඒජන්ට්ට නැවත කතා කරනවා මේක ගොඩ දාල දෙන්ඩය කියලා

ඒ අයත් ඇවිත් ඔව් මේකට අර කෑල්ල දාන්ඩ ඕනේ, අපිට උනත් එක ඇනවුම් කරන්ඩ වෙන්නේ OEM හරහාම පමණයි, ඒ නිසා ඒ අය එක්කම වැඩේ කරගෙන යනලෙස කියනවා.

හිමිකරුවනුත් වැඩේ අත අරින්නේ නෑ, මොරටුව යුනිවසිටියේ ලොකු මහත්තැන් දෙපලකට කියනවා මේක හදා ගන්ඩ උදව් කොරාන්ඩෙයි කියලා. එතන ඉලෙක්ට්‍රොනික් දෙපර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තුමන් දෙපලක් මේක අලම කරලා දානවා. ඉන්වර්ටරේ තියෙන හයි පවර් IGBT එකක් පුපුරෝලා හිටං, ඔය IGBT එකක් ඩොලර් 3000-5000 අතර මුදලක් වෙනවා. මැෂිමේ ඕව 4ක් තියෙනවා. කොම්පැණියෙන් අලුත් එකක් ගෙන්නාගෙන හයිකළත් දැන් මැෂිම වැඩ කරන්නෙම නෑ කියමුකො. ෆිනිතෝ.

දැන් ඒ ඩබල කොම්පැනියෙන් සේවිස් මැනුවල් ඉල්ලනවා, කොම්පැනිය ඒවා තුන්වන පාර්ශ්වයකට දෙන්න බෑ කියනවා.

කොයිමෙන් කොයිම හරි වැඩේ එතනිං එහාට ඇදෙන්නෙ නෑ.

දුන්නොත් හදන්නං කියනවා - අපිට දෙන්න බෑ කියනව.

ඔය අව් අස්සේ එතන ලොක්කට කවුරුහරි ගිනිගෙඩිය දීල තියෙනවා කොටා රෝඩ් එකේ තැනක ප්‍රින්ටිං ජොයින්ට් එහෙක හැට්ටර් කියල එකෙක් ඉන්නවාය ඌට නං ඕක ගොඩදාල දෙන්ඩ ඇහැක් වෙයිය කියල.

එයා ඇවිත් අපේ බොස්ට, මිස්ට RPට (මම කියන්නේ TRD - Toyota Racing Development නං නෙවෙයි) කතාකරලා උදව් ඉල්ලලා තියෙනවා.

හැට් මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා පුලුවන්නං කරලා දෙන්ඩ. ඕනේ නං වැඩ වෙලාවෙ ගියත් ප්‍රශ්නයක් නෑ කියල අවසර පත්‍රය නිකුත් කරනවා.

ඔන්න ඔතනදි තමා මිත්‍රෝරුනි හැට්ටර් එන්ටර් වෙන්නේ.

මොකාද මේ කුරුල්ලා කියල බලන්ඩ අතිං ඩීසල් ටැංකියකුත් ගහගෙන ඊළඟ දවසෙ වරුවෙන් මම පිටත්උනා just like  එළාර කිං එහෙං කමිං දුටුගැමුණු කිං මෙහෙං කමිං ක්‍රමේට

වෙන දවසක තව ටිකක් ලියමු  


18 comments:

  1. මැදෑ හරි බරි ගැහිල සීන් එකට එන්ටර් වෙනකොටම වෙන දවසකලු..සැක්...හා කමක් නෑ ඉතිම් බලා ඉමුකො

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ඩෝන.
      අපේ සිරිලෛයට වගේ මටත් දවසෙ පැය විසිහතර මදියි මිසී මේ දවස්වල

      Delete
  2. දැං ඉතිං සතියක් ඉන්න එපැයි ක්ලයිමැක්ස් එක දැනගන්න!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේව ලියනකොට අගක් මුලක් තෝරල ලියන්ඩේපාය. නැද්ද

      Delete
  3. මදෑ කතාව කියවන්ඩ කෝපි එකකුත් අරං වාඩි උනා. ඊළඟ කෑල්ල දානකං, මං බොට කමෙන්ට් කරන්නෑ.

    - මයිසෙල්ෆ් ඩ්‍රැකී.

    ReplyDelete
  4. චැහ් අපරාදෙ අර අනික් කෑලි තුනත් පුපුරනකල් තව කාලයක් බලා ඉන්න උනානෙ.

    ReplyDelete
  5. ඒ කියන්නෙ තව දවසක ඉන්න වෙනෝ
    ඒ හින්දා මෙන්න මෙහෙම මාත් යනෝ...

    ජයවේවා

    ReplyDelete
  6. මම කැමතිම ජාතියෙ කතා. අහා IGBT, මම මැදපෙරදිග හිටි කාලෙ මතක් වුනා.
    නෙද්දකිං විතරක්. සෙද්ද, කෝ බොල කතාව?😏😂

    ReplyDelete
  7. කියවන්ඩ හදනකොටම මතු සම්බන්ධයි

    ReplyDelete
  8. WHT ගැනත් ලියයිනෙ

    ReplyDelete
  9. යකෝ අපි ලියලා දාන කමෙන්ට්ස් ටික බහිරවයා කනවද?

    ReplyDelete
    Replies
    1. තට්ටයාගෙ බ්ලොග් එකට දාන කමෙන්ට් උනත් බහිරවයා කනවා නේද?

      Delete
  10. හැට්ටරය බීල කුිාබඩසුඅඉසෙුඉඅවතනකජබදනාිජෙවඉමදව

    ReplyDelete
  11. චැ හරිම කැතයි වැඩේ...කලයිමැක්ස් එකේදි ලමයා ඇහුරණා වගේ වැඩක් නේ මේක - Mayya

    ReplyDelete
  12. කුතුහලය ඇවිස්සුවනම් ඉක්මනට ලියන්න

    ReplyDelete
  13. Ikmanatama ithurutikath liyanna.

    ReplyDelete