Sunday, December 10, 2023

රේඩියෝ රේ ප්‍යාර්කෙරේ

න්න ඉතිං ඉස්තානෙ ගේට්ටුව ලඟටත් ආව කියමුකෝ. ගේට්ටුවෙ ඉන්න 'උස' හාදයෙක් ඇවිත් මගේ නම ගම උපං ඉස්තානෙ ආදී නොයෙක් විස්තරත් අහගෙන කාවද මුණගැහෙන්ද ඕනෙ කියලත් අහගෙන ඊට අමතරව මගෙ අයිඩෙන්ටි කාඩ් එකත් අරං ඇතුලට ගියා. ඉන් පස්සෙ තව 'උස' හාදයෙක් ඇවිත් වාහනේ ඇන්ජිම හොදින් තෙල් මාරුකරලා ග්‍රීස් ගහල කාරිය කරලා තියෙනවද, බූට් එක පිරිසිදුව තියෙනවද, චැසිය මලකඩ කාලා හෙම නැද්ද යනාදී විස්තරත් හොඳින් බලා කියාගෙන ඉන්නාතරේ අර මුලින් ආපු හාදය අයෙමත් ඇවිත් මහත්තයට අපේ ස' පොඩ්ඩක් කතා කරනව කිව්වා.

මහත්තයට කාවද මුණගැහෙන්ඩ ඕනේ කිව්වෙ

චීෆ් රේඩියොලොජිස්ට්  මහත්තයව 

ඒ කිව්වේ 

ඔව් ඒ මහත්තය තමා 

මොකක්ද ඒ මහත්තයගෙ නම 

වික්‍රමරත්න 

ආ වික්‍රමරත්න ස' ද 

ඔව් එය තමා 


හලෝ මේ වික්‍රමරත්න ස' ද 

....

ස' ගේ රේඩියෝ එක හදන්ඩ මේ කෙනෙක් ඇවිල්ල ඉන්නව. එවන්නද?

----

මවුත් පීස් එක අතිං වහගෙන 

මහත්තයාගෙ නම මොකක්ද 

කුමාර් කියල කියන්ඩ 

....

...

හරි ස' යන්ඩ 


ඒ අව්අස්සෙ මගේ නම අද දිනය දැන් වෙලාව ලියූ පේලියෙ අස්සං කරන්ඩයි කියල CR පොතකුත් දුන්න. මගේ ගේට්ටු අස්සන 'ඕ.පු' එකත් සිංහලෙම්ම ලිව්වට පස්සේ ඇතුල්වීමට අවසර ලැබුනා. 'ඕ. හු.'  කියල අස්සං කරන වෙලාවලුත් නැතුවම නෙවේ.

දැන් ප්‍රශ්නේ හැට්ටර් කෝමද එක පාරටම කුමාර් උනේ.

වැඩේ මෙහෙමයි.

ඉස්කෝලෙදි චන්දරේ 

ඊළඟට ඉගෙනගත්ත තැන ලාස්ට් නේම් එක 

රස්සාවෙදි බොහෝවෙලාවට කුමාර් 

රටඉඳි කොම්පැණියේදී තව නමක් 

දැන් කතාකරන්නේ මගේ පුරුතුගීසි නමින් 

හා තව එකක් ඤාතීන් අතර වෙනත් නමක්! 

ඔන්න ඔය විදියට මාව අඳුන්වන ක්‍රමෙන් දන්නව කොතැන කොනෙක්ෂන් එකක්ද කියල හිටං.

Good afternoon, Sir.

Hello... good to see you, long time no see

Yeah, I am in the printing industry now.

එනිවේ, ඔන්න මැෂිම තියෙන කාමරේට ආව. පෙනුමේං නං අගේට තියෙනවා. ටෙම්පරේචර් හියුමිඩිටි රෙකෝඩර් වැඩ කරනවා, ඕවර් නෑ අන්ඩර් නෑ විතින් ලිමිට්. තෙකළා විදුලියත් කළාවට 230 වෝල්ට් ගානේ පෙන්නනවා, 50 හර්ට්ස් ගානට තියෙනවා. මේසයක් උඩ පුපුරලා ලොඳ එලියට පැනපු IGBT එකකුත් තියෙනවා.


ලොකු සර් මේකෙ සේවිස් රිපෝට් ටික බලන්ඩ ඇහැක්ද ?

ලතා මේ කුමාර් ස'ට සී ටී එකේ ෆයිල් එක ගෙනත් දෙන්න  

දැන් මැෂිම මොකක්ද කියල කිව්වනේ.

මේ පහළ තියෙන්නේ ඒ වගේ එකකින් ගත්ත පිංතූරයක්.

වමේ රෙෆරන්ස් ඉමේජ් එකේ තියෙන තැනින් හරහට කපල පලු කරාම පේන දේ තමා දකුණේ තියෙන්නේ.


Credits to radiologykey.com


දැන් කිඩ්නි එක මොකක්ද කියල අඳුනගන්ඩ ඇහැක්නේ හිටං. එතකොට ඔය සුදු පාටට තියෙන්නේ කිඩ්නියේ ගල් ඈ. (ඒව ඇත්තටම නම් සුදු නෑ නමුත් මේ පිංතූරෙ කළු සුදු නිසා ඕම තමා පේන්නෙ). කොහොමද මහා ධමනිය (Aorta) පරිස්සං කරලා තියන හැටි.


https://www.wikidoc.org/index.php/File:Staghorn-calculus-001.jpg

ම්ම් මේකේ මේ අන්තිම රිපෝට් නෑ නේ, අන්තිමටම තියෙන්නේ මාස තුනකට කලින් කළ වැඩක් නේ.

මම හෙට එන්නං අලුත්ම සේවිස් රිපෝට් ටික ඉල්ලලා තියන්ඩ ඇහැක්ද?

හරි මම රික්වෙස්ට් එකක් දාන්නං.

දැන් ඉතිං ඉදිරියට යන්න නං මේකේ මක්කැයි කරලා තියෙන්නේ කියල දැන ගන්ඩ එපාය.
ඉතිං සේවිස් රිපෝට් ආවම ඕක හදල ඉවරයක් කරලම දාමු.

(ඇත්තම කියනවනං මිත්‍රෝරුනි මේක ලියන්ඩ අතිශයම කම්මැලියි)


ජයවේවා!

18 comments:

  1. ඕ.හු..මොනාද අප්පා කියවන්න වැඩේට එන්ටර් වෙනකොටම ඉවරකරනවනෙ...👻👻

    ReplyDelete
    Replies
    1. තවුසන් ඇපොලොජිස් මෑම්

      Delete
  2. කරදර ටිකක් අමතක කරනට හිතලා
    රසකර තිබෙනු ඇති නේදැයි තව හිතලා
    හරබර වෙමින් බැලුවා බ්ලොගයට එබිලා
    සරසර හඩම පමනයි නෑ මොකවත් ලියලා...

    කම්මැලිකම කවදා යයිද ?
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. සරසර හඩම පමනයි නෑනේ ලියලා...

      Delete
    2. නමක්ද නැති වෙනෝ
      එහෙත් නිතර එනෝ
      කවි පිලිතුරු දෙනෝ
      ලස්සනයි නෙ ඇනෝ....
      ජයවේවා !!!

      Delete
  3. "ජයවේවා!" කියලා කොහොම ලියන්නද මහ පාරේ අතර මං කරලා ගියාම!
    කොහොම උනත් ලබන සතියේ සෙනසුරාදාට ඉතිරි ටික බලමු නේද?

    ReplyDelete
  4. හුකා බොල අදත් කතාව කුට්ටි කරලා නේද?😏😁

    ReplyDelete
    Replies
    1. තවුසන් ඇපොලොජිස් සාර්

      මේක ලියන්ඩ ඕනැ උනේ කස්ටමර් උන්නැහේලගෙං
      ගාන කපාගන්ඩ තැත් කිරීම
      නොදන්නා දේ දන්නවා සේ කිරීමට ගොස් ඇන්නවීම
      සේෆ්ටි මක්කාවත් නොබලා වැඩට බැසීම වැනි දේට උදාහරණක් දෙන්ඩ.
      අනික් කාරණාව මේක හද්ද කම්මැලි ටොපික් එකක්
      බෝස්ටිං වීම ටෝන් ඩවුන් කිරීමත් ලොකු හේතුවක්.

      Delete
  5. මේ කතාව සම්පූර්ණෙන් කියවා මිස, කමෙන්ට් නො කරමි.

    ReplyDelete
  6. අපරාදෙ අදත් කෑල්ල පුපුරල නෑනෙ.

    ReplyDelete
  7. රෙද්ද අදත් පටන්ගන්නකොටම ඉවරයි.

    ReplyDelete
  8. ශනිදා දහයෙන් යළි ඇරඹුනු සිංහල බ්ලොග් රැල්ල නැවැත්විමට සිංහල බ්ලොග් විනාසකෙරුවන් යළිත් අනවශ්‍ය මඩ ගැහිලි හිංසාකාරි හා ප්‍රකෝපාකාරි කෙමෙන්ටු දැමිම පටන්ගෙන ඇත. රංග තේනුවර හා අජිත් ධර්මකුමාර නමින් හා වෙනත් ඇනෝ නම් වලින් පෙනි සිටින්නාවු දුර්ජන සිතුවිලි පිරුන මානසික ලෙඩුන් පිරිසක් අපගේ බ්ලොග් අතර මළපහකරන්නට සැදිපැහැදි ඇත. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි. එවාට ගොදුරු නොවන්න. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි.

    ReplyDelete
    Replies
    1. දැන් මෙහම දැම්මහම මම කොහේටවත් ගිහින් කොමෙන්ට් කරන්නේ කොහොමද? 😁

      Delete
  9. ඔයා එතකොට ඔය MIR machine , X-ray machine හෙමත් repair කරනවද?

    ReplyDelete
  10. හුම්. ඉතිරි ඩිංගත් දෑව නං...

    ReplyDelete