Sunday, November 5, 2023

පස්සට රිවස්

ගුඩ් මෝනිං එකක් වේවා මිත්‍රෝරුනි, ගුඩ් මෝනිං!


හුගිය සතියක   හයිවේ ඉබ්බා කතාවේ අපේ හිතවත් කැප්ටන් විජේබාහු මේම කොමෙන්ට් එකක් කොටලා තිබ්බ.

ඒ කෙසේද යත්:

මම දැකපු හොඳම අධි වේගේ පස්සට රිවර්ස් කිරීම ගැන, දවසක් මම බැංකොක් අධි වේගේ ටැක්සි එකක යනකොට මැන් වැරදි exit එක ගත්තා, පහල පාර දැක්කම මැන්ට වැඩේ තේරුණා, මු ටක් ගාල පස්ස බලලා මිටර් සීයක් විතර වන්ගුවේ අධි වේගේටම රිවර්ස් කරානේ.

අනේ මේ, ඔයාගේ මේ රථ වර්ණනාව අපේ රථගාය වැඩි වෙනවනේ.

අම්මට සිරි, මම විජේබාහු 

උපුටා ගැනීම අවසන් 


රිවස් කිරීම ගැන කිව්වම මටත් පරණ කතාවක් මතක් උනා.(ෆෝවඩ් කෝම උනත් රිවස් එකට සෙකන්ඩ් වෙනවද අපි! බණ පොතකවත් අහල තියෙන දෙයක්ද )

ඩිස්ක්ලේමර් එක: ඕකේ දැන් ටෙස්ල පදින අය ඔටෝ ගියර් පාවිච්චි කරන අය සමාවෙලා වෙන මක්කාවත් බැලුවනං හොඳා.

අපි වගේ ලඩි පැද්ද, දැනටත් පදින හා පදින්න බලාපොරොත්තුවෙන අය නං බැලුවට අමනාපයක් නෑ ..

කාලෙකට ඉස්සර දවසක්දා වෙඩිමකට යන්ඩෝනඋනා අපේ බෙටර් හාෆ් එකට. නොට් සෝ බෙටර් හාෆ් එකටත් එක්කම තමා ඉන්විටේෂම. සූට් එකක් දාගත්තෙ කාලෙකට පස්සෙ කියන්ඩමත් බෑ මොකද ඒ කාලේ ළඟ ළඟ අර ටීම් එකේ කට්ටිය වෙඩින් ගන්නවා.

දැන් ඔන්න වෙඩිම තිබුණෙ නිට්ටඹුවේ රණතිසර එකේ. තනිකඩ කාලෙ වගේ කෑම වෙලාව ලංවෙලා ගොහින් හිටං තැන්කිව් කියල ඒ වැඩේට සෙට් වෙන්ඩ බෑ කාන්තා පාර්ශ්වයට ෆුල් සෝ එකම බලන්ඩ ඕනේ ජෝඩුව එන එකද පෝරුවද අරකද මේකද අරයගෙ මේකප් එක මොකක්ද කොහෙන්ද දාල තියෙන්නේ, අර සාරිය තව ටිකක් ලාපාට කලස් වලින් ගත්තනං ෂෝක්  හෝල් නයින් යාඩ්ස් ම ඕනේ.

දැන් ඔන්න රෙජිස්ට්‍රාර් නෝනත් ඇවිත් වැඩේ ඔෆීශියල් කරලා හිටං ලයිසම අතට දෙන්ඩ ලෑස්තිය.

ම්හු නෝ ඇක්ෂන්,

රෙජිස්ට්‍රාර් නෝනා වටපිට බලනව, මනමාලිගේ කට්ටිය කලබලවෙලා වගේ පේනව.

මේ.... ප්‍රදීපල තාම නෑ නේ එයාගෙ හස්බන් ලු සාක්කියට අස්සං කරන්න ඉන්නේ.

ඔව් නේ බුවා පේන්ඩ නෑ නේ.

රෙජිස්ට්‍රාර් නෝනට තව වෙඩිමකටත් යන්ඩෝනලු. හුකා කෝ තොප්පි කිව්වලු! අස්සං බුවා තාම නෑ නේ.

මෙන්න මේ අස්සේ බ්‍රයිඩ්ගේ අක්ක ඇවිත් මට ආරාධනා කරනවා මල්ලි ඔයා මේ කසාදෙට අස්සං කරන්ඩ කියල.

මේ උන්දැ දැක්කෙත් අදමයි, මනමාලි දැක්කේ අද උදේ මෙතනට ආවට පස්සෙ .පෝරුවෙ ඉන්නකොට.

හැබැයි උදේ මට දන්නා අඳුනන පොරක් හම්බෙලා කතාකළා, මෑන්ස් අපේ වැඩපළට යන එන කෙනෙක්, අක්කගේ හස්බන් තැන!. ඌ දන්නවා මගේ නොම්මරේ.

යන්න යන්න කියල නිසි බලධාරයගෙනුත් ඕඩස්. (කැප්ටන්ගේ වයිෆ් කර්නල් ලු නේ. නැද්ද )

යේස් මෑම්.

ඉතිං ඕන කජ්ජු ගහක් යටිං කියල මාත් ගොහිං වාඩිඋනා.

අස්සං කරන්ඩ ඔන්න මෙන්න .. මට පේනව අර ඩබල සීන් එකට එන්ටර් වෙනවා.

මං පොරව දන්නව. අපේ අයිය වැඩකරන තැන මිකැනිකල් ඉංජිනේරුවෙක්. උඹම ඕක කරපං තාලෙ ගෙස්චර් එකක් දාගෙන ඌ මාරුඋනා. දැන් ලයිෂන් එක ඉෂූ කරලා සුබ පතලා තැන්කිව් කියලා එතනින් මාරුවෙනකොට අහවලා මට ලඟිම්ම පුටුවකුත් තියාගෙන කතාකළා.

මචෝ මාර වැඩේ නේ උනේ. කාරෙකේ රිවස් එක වැටෙන්නේ නැතුව ගියානෙ බං. පිට්ටනියක් හම්බෙනකන් නුවර පාරේ ඈතට හිහිං යූ ටර්න් එකක් ගහන් ආවෙ. 

හ්ම්ම්  (පිට්ටනිය තියෙන්නේ ගෙදර වෙන්ඩෑති. මුං දෙන්න බැඳලා තාම මාසයක් නෑ.  මවුගේ එක්ස්කියුසස් )

මේ මශ්ශිනා උඹ කලිං නං යන්ඩ එපා සුදෝ. අනේ මේ හැමෝම යනකං ඉඳල තරානැතුව මේක පොඩ්ඩක් තල්ලුකරලා දීපං මචෝ මට හරවගන්ඩ.

හ්ම්ම් (කාල බීල අහක්කවෙලා ටයි කෝටුත් දාගෙන කට්ට අව්වෙ තල්ලුකොරාන්කෝ කාර්)

අනේ මචෝ උඹ ඉන්නව නේද?

බේරුමක්ම නෑ 

ඕකේ. මොකක්ද උඹේ රතේ 

මචං මොරිස් මරීන එකක් 



යතුරත් අරං වරෙන් පොඩ්ඩක් 

හා යමං 

මේ මේ කොහෙද ඔය දෙන්න හෙමීට යන්නේ. ස්ටීරියෝ නාදයක් 

මේ අපි පොඩ්ඩක් පහළට යනවා.

ප්‍රදීපා අපි කාර් එක ගාවට යනව අර රිවස් එකෙ ප්‍රස්නෙ බලන්න 

ගියා කාර් එක ලඟට.

යතුර දියං 

නැග්ග

ස්ටාට් කළා 

රිවස් ගියර් එකට දැම්ම 

කාරෙක රිවස් කරලා මූන පාර පැත්තට දාල නැවැත්තුව.

මෙන්න උඹේ යතුර.

දැන් තල්ලු කරන්ඩ ඕන්නෑ ඉස්ටාට් කරගෙන ඉස්සරහර පලෑන් 

මේ මේ උඹ කොහොමද රිවස් එකට දැම්මෙ 

යකෝ මායි ප්‍රදිපයි කොච්චර මාන්සි උනාද රිවස් එකට දාගන්ඩ (මං නොදන්න මාන්සිය)

උඹ අදද මේක මුලිම්ම එලෙව්වේ 

නෑ බං මම ට්‍රයල් පෙන්නුවෙත් මේකෙං 

ප්‍රදීපා ඩ්‍රයිවින් ඉගෙනගත්තෙත් ට්‍රයල් පෙන්නුවෙත් දෙකම මෙකෙම්මයි 

අම්මප!

එතකොට ඒකාලෙ රිවස් එක වැඩකළා ?

මේ ඒවයින් වැඩක් නෑ උඹ රිවස් එක දාපු විදිය කියපං 

මමම ඕක කියන්ඩ ඕන්නෑ 

ගොහිං ගියර් නොබ් එකේ (බෝලෙ) කොටල තියෙනෙවව බලපංකො. R අකුර ළඟ හොඳ සෝදිසියෙන් බලපං මචං.

කාරෙක ස්ටාට් උනා. මෙන්න කාරෙක පස්සට යනව.

මචං වැඩේ හරිද 

ඔව් බන් R එක ළඟ ඒකෙ රිවස් එක දාන විදිය ඇඳල තියෙනවනේ! 

දැන් උඹල දෙන්නම මේක එලෙව්ව. ට්‍රයලුත් දුන්න මේකෙම්ම!!

නෝනාවරුනි මහත්වරුනි ඔය සමහර පරණ වාහන වල රිවස් ගියර් එක එක්කෝ උඩට උස්සල එහමත් නැත්නම් පහලට තදකරලා තමා දාන්ඩ තියෙන්නේ.

එම නිසා ගියර් බෝලෙ ඕක මක්කහරි විදියකට කියල තියෙනවා.

සමහර  බ්‍රිටිෂ් හා ප්‍රංශ කාර්වල pull up රිවස්  පොක්ස්වාගන් වල පුෂ් ඩවුන් රිවස් 





මගේ මිත්‍රය පහුකාලෙ මට ඇරිය ඇරිල්ලක් හිතෝතුනි කොහොමද දන්නවද කලිසම තියෙද්දීම!

තමන්ගේ වටිනා කාලය වැයකරමින් මේ බයිලා ඇසූ ඔබට බොහොම ස්තුතියි.

ජයවේවා!
Myself Hattor 

28 comments:

  1. හැමදාම වාගේම ඉළ ඇට වයිබ්‍රේට් වන කථාවක්.
    ඔව් සමහර ගියර් බෝලවල පොඩියට Up - Down / Push - Pull කියලා කොටලත් තියෙනවා.
    මේකට ප්‍රධාන හේතුව ඉස්සරහට යද්දී වැරදීමකින් රිවර්ස් එකට වැටෙයි (දායී කියලා වෙන්නෝන!
    තව එකක් මතක් උනා ඔඅය මොරිස් මරීනා එක තමයි ලංකාවට ඩීසල් කාර් කියලා මුල්ම කාලේ ආවේ!
    ඒ වගේම ඒකම තමයි මොරිස් ඔස්ටින් වල මළගම සනිටුහන් කලේ කියලයි මටනම් හිතෙන්නේ?
    මොකද කියන්නේ?
    යාළුවා ඇරපු ඇරිල්ල ඇසීමේ ආසාවෙන් සිටිමි!

    ReplyDelete
    Replies
    1. ඔව්, සිංගප්පූරුවෙ ටැක්සි දුවෝපුව තමා මුලිං ආවෙ.
      රහස් රකින, අනුන්ගෙ පවුල් අවුල් නොකරන්ඩ වැඩ කරන මිනිසුන් උනාම වෙන ප්‍රතිපල තමා.
      තමංගේ පවුලට හොඳ මිනිහ වෙන්ඩ.. අනේ සර් වැඩක් නෑ කතාකරලා.

      ජයවේවා!

      Delete
    2. මොරිස් මරීනා එකට කලින් ඩීසල් කාර් ලංකාවේ තිබුනා. බෙන්ස් කාර් විශේෂයෙන්.

      Delete
    3. අනුර කුමාර ඇමරිකන් කුක්කා

      Delete
  2. මහේෂ් වලතරNovember 5, 2023 at 8:05 AM

    මොනවද මේ ලියලා තියෙන පල් හෑලි.
    කතාවේ අගක් මුලක් මොකවත් තේරෙන්නේ නැහැ.

    අජිත් ධර්මකීර්ති මහත්තයා ට දැන් අපරාදේ කියලා හිතෙනවා ඇති ශනිදා 10 ට කියලා බ්ලොග් පොස්ට් රැල්ලක්පටන් ගත්තේ කියලා

    ReplyDelete
    Replies
    1. සොරි සර්, තවුසන් ඇපොලජීස් . තේරෙන විදියට මක්කවත් ලියන්ඩ බලන්නං.
      අනෙක ගැන නං ඉතිං දර්මකීර්ති මහත්තයගෙන්ම තමා අහන්ඩ ඕනෙ.

      ජයවේවා!

      Delete
    2. පටන් ගත්තේ මම නෙමේ යම්කෝ , ඔය තට්ටයගේ කොලම , අහක ඉන්න නයි මගේ ඇඟේ ගහන්න එපා 😀

      Delete
  3. අනේ වාහනේක නැගලා වාඩිවෙලා යනවා ඇරෙන්න මේ කතන්දර මෙලෝ අල බෝලයක් තේරුනේ නෑ.ඒ උනාට කතා ස්ටයිල් එක මරු.👍

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මිසී වාහනයක් එළවන එකත් ඉගෙනගන්ඩ ඕනේ දෙයක් දැන් කාලෙ. පොඩ්ඩක් ඒ ගැනත් හිතල බලන්ඩ.

      ඒ මක්ක උනත් මං නං අපේ හාමිනේගෙං අහන්නෙම මම මක්කටෙයි මේ ලැයිසන් එකක් ගත්තේ කියලා.
      සිකුරාදා වැඩ ඇරුන වෙලේ ඉඳං දැන් වෙනකොට කිලෝමීටර දාහකට වැඩිය එළවලා තියෙනවා.


      ජයවේවා!

      Delete
    2. බෑනේ බෑනේ ඉගෙනගන්න කියල වාහනයක් පැද්ද දවසෙ ගෙදර තාප්පෙත් කඩාගෙන කාණු පල්ලෙනෙ.අනේ ඉතින් එදා ඉදන් මට වාහන භීතිකාව

      Delete
    3. උනදේ උනා.
      එක්ස්පර්ට් ඩ්‍රයිවර්ලා කුඩු වෙන්ඩ හැපෙන්නෙ. ප්‍රොෆෙෂනල් රේස් කාර් ඩ්‍රයිවර්ල ට්‍රැක් එක අයිනේ තියෙන ටයර් පේළි පෙරළාගෙන යන්නෙ (ටයර් පේළි තියන උන දන්නේ නැද්ද මේකෙ පදින්නෙ නියම බුලට් කියල)

      සත්තලං එක්ස්පර්ට් ඩ්‍රයිවර් උනාට රියදුරු උපදේශකයෙක් නොවේනම් හොඳම වැඩේ ලර්නස් එකක් අල්ලං මුලදී පුරුදු වෙන එක. ලයිසන් එකත් ගත්තට පස්සෙ තමන්ගෙ වාහනේ පදින්ඩ. කාන්තාවෝ ආවම ගෑස් දීපං ප... කියල කුණුහරුපෙන් බැනල කකුලට පොල්ලකින් ගහන්නේ නෑ,. කොල්ලොන්ට වගේ. කරුණාවෙන් උගන්නනව. අත්දුටුයි.
      යන්ඩ ලර්නස් එකකට, ඔය වැඩේ අද කාලෙ තිබියයුතුම ස්කිල් එකක්.

      ඔන්න බලන්ඩ තව අවුරුදු දෙකකින් හයිවේ එකේ සීයට යන්නැද්ද කියල. ඕඕ යේස්.

      ජයවේවා!

      Delete
    4. නෑනේ නෑනේ මේක මේ මට අවුරුදු 17 දී විතර තාත්තාගේ ලඩිය පුරුදු වෙන්න ගිහින් වෙච්ච නස්පැත්තියක් ඊට පස්සෙ මට දිගටම භීතිකාව තමා කාලයක් යනකං ඉස්සරහ වාඩි වෙලා යන්නෙත් නෑ ඉස්සරහට එන වාහන දැක්කම මර හූ තියනවා 😜😜

      Delete
  4. හොද ලිපියක්.

    සිංහල බ්ලොග් කලාවේ උන්නතිය වෙනුවෙන් 'ශනිදා දහයට' නමැති සංකල්පය රැගෙන විත් බ්ලොග් කලාවේ නවමු ආරම්භයක් සනිටුහන් කිරීම සදහා කැප වෙන කොළඹ ගමයා බ්ලොග් අඩවියේ හිමිකරු අජිත් ධර්මකීර්ති මහතාටද ස්තුතිය පල කරමි.

    ReplyDelete
  5. දෙසිත් එකතු වන්නට හිටි වෙඩිමෙ ලවර්ස්
    ඔබ්ත් අත්සනක් දී පෙන්නුවේ පවර්ස්
    තවත් විටක වාහනෙ අරගත්තෙ රිවර්ස්
    මටත් මතක් වූවා ගීතයක් කවර්ස්....

    😀
    ජයවේවා !!!

    ReplyDelete
  6. අපේ යාලුවෙක් වන මුදිත ට්‍රයල් පෙන්නන්න ගිහින් ඇවිත් අපට එතන වෙච්ච දේවල්විස්තර කරද්දි,
    "එක්සැමිනර් කිව්ව ඔහොම ම නතර කරලා, වම් පැත්තෙ පාරට රිවස් කරන්ඩ කියල. මට අහන්ඩ බැරි උනා පිටිපස්සට ද කියල..." කියාගෙන කියාගෙන ගියා. ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි අපට හිනා ගියෙ.

    ReplyDelete

  7. මං හිතන්නෙ ඔහොම පල්ලෙහට තද කරලා රිවර්ස් එකට දාන්න තියෙන්නෙ ආරක්ෂාවට. එකක් යන ගමන් හදිසියේ අත්වැරදීමකින් රිවර්ස් එකට වැටෙන එක නවත්වන්න. මගීන්ගේ ආරක්ශාවට වගේම වාහනයේ ට්‍රාන්ස්මිශන් පද්ධතියෙත් ආරක්ශාවට. ඒ වගේම යුරෝපය වගේ රටවල නීතියෙන්ම තියෙනවා රිවර්ස් ගියර් එකට අමතර ෆීචර් එකක් දෙන්න ඕනේ කියලා ආරක්ශාවට.

    ReplyDelete
  8. වැරදීම
    ------

    අනුර දිසානායක මහත්මයාට ඇමෙරිකාවෙ දේශනයෙදි වචනයක් පැටලිලා වැරදුණා..

    ඒක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් දෙයක්..

    මම හිතන්නෙ නෑ ඔහුගෙ නොදැනුමක් කියල ඒක..

    ඒ වගේම ඔහුට ඉංග්‍රීසි බැරිකම නිසා ඔහු මෝඩයෙක් කියල මම හිතන්නෙ නෑ..

    විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කරලද නැද්ද මම දන්නෙ නැහැ..

    සම්පූර්ණ නැතත් ඔහු අදක්ෂයෙක් නෙවෙයි.

    ඇකඩමික් කෝස් එක අස්සෙ ශිෂ්‍ය ව්‍යාපාරෙ කලක් නායකත්වයක් දරපු නිසා දන්නව ලේසි මිනිහෙක්ට කැපෑසිටියක් එන්නෙ නෑ දේශපාලන සංවිධානයක නායකත්වය දරන්න..

    මේ කාරණා මුලින්ම මම කියන නිසා මාලිමා ෆේක් සෙට් එක බැහැල මට බනින්න කලින් කියවල ඉදියි කියල හිතනවා..

    බැන්නත් කමක් නෑ මගේ වෝල් එකේ කුණුහරුප , පුද්ගලික මඩ ගහල නිකන් කාලය නාස්ති වෙනව විතරයි ;එහෙම හැසිරෙන අර්ධ ශික්ෂණය වූ අයගෙ තිරශ්චීන අදහස් ඉවත් කරන යාන්ත්‍රණයක් මෙතන තියෙන නිසා..
    කාරණේ මේකයි...

    මේ වගෙ වැරැද්දක් වෙන දේශපාලන නායකයෙක්ගෙන් වුණා නම් අද බුකිය ක්ෂීර සාගරයට වඩා කැළඹිලා ඇති..

    විශේෂයෙන්ම මාලිමාවාදින්ගෙ බරපතල වෛරයට පත් කෙනෙක් අතින් වුණා නම්..

    උදා - බැසිල් සහ කපුටාස්
    සනත් නිශාන්ත සහ ඔක්සිජන්
    විමල් සහ ගී ද මෝපසාන්

    ඒකට හේතුව තමයි ඉතා දැඩි ස්වෝත්තමවාදින්ගෙන් මේ කදවුර පිරිලා තිබීම.

    ඔවුන්ගේ අෂ්ඨ ගරු ධර්ම මේ👇

    - අපි හැර ඔක්කොම හොරු
    - අපි හැර ඔක්කොම මෝඩයො
    - අපි හැර ඔක්කොම වහල්ලු
    - අපි විතරයි දන්නෙ
    - අපි කරපු ඔක්කොම හරි
    - අපි තමයි නියම වම
    - අපි විතරයි දේශප්‍රේමී
    - අපි හැර කාටවත් මේක ඉස්සරහට කරන්නත් බෑ

    මේ වගෙ හිතුව ඉස්සර කට්ටියක් ජර්මනියෙ..

    ආයෙ කාම්බෝජයේ .. ආයෙ ඉතාලියෙ..

    හැබැයි වැරදීම් ගත්තොත් ලංකාවෙ නිදහසෙන් පස්සෙ බිහිසුණුම වැරදීම් දෙකක් වුණේ ජවිපෙ අතින්...

    අනෙක කොටි සංවිධානය අතින්..

    මනුස්ස ජීවත, දේපල , රටේ ප්‍රතිරූපය විනාශ වෙලා ආර්ථිකය හොම්බෙන් ගියා විතරක් නෙවෙයි ,

    මනුස්ස ජීවිතේ වටිනාකම අපේ සංස්කෘතිය ඇතුලෙ හෑල්ලු වුණේ ඒ ආයුධ සන්නද්ධ විප්ලව නිසා..

    වධකාගාර වල තරුණ කොල්ලො කෙල්ලො දහදුක් විදල පණපිටින් කෑලි වුණා විතරක් නෙවෙයි හොද සිංදුවක් ලියන්න හිටපු , හොද රගපෑමක් බලන්න තිබුණ දක්ෂ මිනිස්සු පාරවල් ගාණෙ මැරුණ ඒ අත්වැරදීම් වලින්..
    ඒ නිසා අනුන්ට ඇගිලි දික්කරගෙන අවුරුදු හැත්තෑ පහක සාපයක් ගැන කියනකොට තමනුත් සාපයක් වුණ කාලයක් තිබුණ බව මාලිමා හිතවතුනි අමතක කරන්න බැහැ..

    මොකද ඒ කාලෙ මෙහෙම ලිව්වනම් කීර්ති විජයබාහු නොහොත් සමන් පියසිරි සහෝදරයාගේ ඕඩරෙන් දේශප්‍රේමියෙක් කණ ළගට ඇවිත් " ඩෝං " ගාල යනවා..

    තමුන්නාන්සෙලාට ඉතිහාසෙ වැරදුණු වැරදිල්ලෙ හැටියට අනුර මහත්මයගෙ වැරදිල්ල පොඩි වැරදිල්ලක්..

    මනුස්සයන්ට වරදිනවා..

    අනෙක් මිනිස්සුත් මිනිස්සු ,තමුන්නාන්සෙලත් මිනිස්සු ,අපි ඔක්කොම මේ රටේ මිනිස්සු මතවාදීව වෙනස් වුණත් ;

    අන්න ඒක ඔලුවෙ තියන් නිහතමානීව දේශපාලනේ කරන්න ..

    බොහොම ස්තුතියි !

    ReplyDelete
  9. මිණිරන් කථාව.

    මිණිරන් වලට කියපු පද පැටලීම ඔසවා තැබීමේ මඩ හා ඒවා සේදීමට ජවිපයේ තෝරු මෝරු රෙදි සෝදන යන්ත්‍ර ලෙස කටයුතු කරනු උදෙන්ම ඉහල පහල යනවිට දුටු ලක්ෂණයකි.

    ලංකාවේ මිණිරන් හෙවත් ග්රෆයිට් යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන අමුද්‍රව්‍ය ගැන තමයි ඔහුගේ කතාව ගියේ.මීට දවස් කිහිපයකට පෙර ජවිපා මිත්‍රයෙක් තරුණ සංගමය හා ශිෂ්‍ය සංගමය කියන වචනේ අල්ලාගෙන මගේ පිටුවේ වැළලිලා දින දෙකයි ගත වෙලා තිබුණේ.

    ඔන්න අනුරය්යා නාගෙන කියලා අපිටත් උඩ පනින්න තිබුණා.වැරදීම් කියන එක වෙන දෙයක්.මිනිස්සුන්ට වචන වැරදුණාට කමක් නැහැ,එය නිවැරදි කරන්න තමන්ට සමාව ගන්න කොන්දක් තිබෙනවානම් අන්න එතන මහත්මා ගතිය තියෙනවා.වචනයක් වැරදුනාම මුළු පක්ෂේ ඉන්නේ මාධ්‍ය අංශයයි,සාහිත්‍ය ලේඛක අංශයයි එකතු වෙලා අනුර එහෙම දෙයක් අදහස් කලේ නැහැ කියමින් තමන්ගේ ගෙදර වැඩක් කරගන්න තියෙන කාලේ සේදීමට ගන්නවට වැඩිය අනුරට කියන්න තිබුණා සමාවෙන්න මම අදහස් කලේ ග්රෆින් කියලා.හැබැයි එහෙම නිහතමානි වෙන්න කොන්දක් හා මහත්මා ගතියක් නැති වුණාම මුළු පක්ෂෙම වචනෙකට බුකියට මරා ගන්න හෝ හෝදන්න දාලා තමන් ඒකෙන් වැනිෂ් වෙන එක ග්‍රාමය දේශපාලන බාවිතාවක්.

    කොහොම නමුත් මම අනුරය්යට කියන්න යන්නේ මිණිරන් කථාවක්.අපිට මිණිරන් ප්‍රධාන කොට ලැබෙන්නේ බෝගල පත්ලෙන්.ඒ පතලේ අයිතිය තියෙන්නේ 80% ක්ම Graphit Kropfmühl AG කියන ජර්මන් සමාගමට. ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර සහයක වන්නේ Alterna GK LLC කියන ජර්මන් සමාගම. ඔවුන්ට මේකෙන් 10.3% අයිතියි.ඒ කියන්නේ 90% කට වඩා බෝගල පතල එම සමාගම් වලට අයිතියි.එහෙනම් අනුරය්යට පළමුව ඔය ඇමෙරිකාවේ ගිහිල්ලා කොරනවා කියපු වැඩේ කරන්න ඔය 90% අපිට ආපහු ගන්න වෙනවා.ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසායට. නැතිනම් ඔවුන් ගෙන් ඔය පතලේ අයිතිය තියෙන 90% මිලදී ගන්න චන්ග් අක්කිගෙන් ණයක් ඕන වෙනවා. එහෙමත් නැතිනම් දැනටත් අනුරය්යා හා චන්ග් අක්කී ඇමෙරිකානු සමාගමකට විකුණන්න යනවා කියලා එයාලගේ වචන වලින්ම අපිට හිතෙනවා.

    ගිව්සුම් ප්‍රකාරව ඕවා ලේසියෙන් අවුරුදු පහකින් කළමනාකරණය කරලා රට දියුණු කරන්න අනුරය්යට සෑහෙන්න ජාත්‍යයන්තර සහයක් අවශ්‍යයි.ඔය ගණන් මිමි හදලා අච්චරයි මෙච්චරයි කියපු ණය ප්‍රමාණයේ අපේ රටේ ස්වභාවික සම්පත් සියල්ලම වගේ උගස් තියලා තියෙනවා.

    ඒ නිසා අනුරය්යට රට හදන්න ඇත්තටම පොලව හාරලා බැරි වෙනවා.මේ යථාර්තය තමයි පළමුව අනුරය්යා.එයාගේ සෝදන මැෂින් හා do or die කාඩර් වරු වගේම වැරදිච්ච වචනයට වඩා වැඩේ වැරදිලා තියෙන්නේ කියන එක වටහා නොගන්නා අනිත් මිලියන 22 ක බහුතර ජනතාව දැන ගන්න ඕන.

    ReplyDelete
  10. රිවර්ස් ගියර් කතාව හොඳයි. 👍✌️

    ReplyDelete
    Replies
    1. දාමුද සීතල රිවස් එකක්.

      Delete
    2. මේ ශෝර්ට් කමෙන්ට් එක කෙටියිනෙ

      Delete
    3. තාම නං හිම වැටුනෙ නෑ නයෝ.
      ශෝර්ට්? මේ මාගල් වගේ දිග කමෙන්ට් කියෝපුවම, කියන්න හිටපු දේත් අමතක වෙනවා.😉

      Delete
  11. ඒ කියන්නෙ අර ජෝඩුවට උස්සල දාගන්න බැරුව ඉඳල තියෙන්නෙ එතකොට.

    ReplyDelete
  12. මරු වැඩේ, රිවස් එක වැටෙන්නේ නැත්තේ ඇයි හිතෙන දේ ලියන්න බෑ

    මේ හැට්ටර් මල්ලි, අපිලට අපහාස කොරන්න එපා, ඩබල් කලච් කරලා, රවුම් බාගයක් ස්ට්යරින් ප්ලේ එක්ක ඒවා අපි ඩ්‍රයිව් කරේ හරිය?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විජේ අයියා, මොනවාද කියන්නෙ වින්ඩ්ස්ක්රීන් එකේ දුම්කොල කෑල්ල උලාගෙන ක්‍රෑෂ් බොක්ස් පැදපු උන් තමා අපි!
      ඕකෙත් මං හිතන්නේ ෆස්ට් එකයි රිවස් එකයි ක්‍රෑෂ් අනික්ව සින්ක්‍රෝ.
      රවුං බාගෙ විතරක් නෙවේ, අර තඩි වීල් එක බඩේ ඉලිලා පාරකුත් හිටිනව.

      (මේ මේ මෙව්වා සිරාවට ගන්නව හෙම නෙවේ. ලියන්නෙත් බලන්නෙත් ෆන් එකටම තමා.)

      ජයවේවා!


      Delete
  13. මරැ. ආතල් වැඩේ... කියෝන අපිට හිටං 😁😁

    ඉංගිරිසි පිචැර් වල ඔය රිවස් එක දාන විදිහ දැකල තියෙන නිසා හොදා

    ReplyDelete
  14. //ඔටෝ ගියර් පාවිච්චි කරන අය සමාවෙලා වෙන මක්කාවත් බැලුවනං හොඳා.// ඇයි ඒවල රිවස් නැත්ද? අපේ තියෙනවා R අකුර ගහලා, මේ ලිපියෙන් එකක් ඉගෙන ගත්ත. ලංකාවේ රිවස් කරන්න බැරි වුනුත් ට්‍රයල් ගිහින් ලයිසන් ගන්නවා කියන්නේ ඉතින් ඒ ලයිසන් දෙන හැටි ගැන හිතා ගත්ත හැකි.

    ReplyDelete