Sunday, November 12, 2023

ගෙදරදීම පහසුවෙන්...

ගුඩ් මෝනිං එකක් වේවා!


හුගිය සතියෙ ලොකු කොම්ප්ලේන් එකක් තිබුණ B&W එකේ ලියන මගුල් තේරෙන්නේ නැත, අගක් මුලක් ගලපාගන්ඩ කොහෙත්ම නොහැක වගේ වගේ.. බලං යනකොට ඒ  කතාවත් ඇත්ත.. ඇත්තම කියනවනං B&W කියන්නේ බැරි වැඩ! 

එනිසා අම්ම මතක් කොරලා බයින්නෙ නැත්තං ගෙදරදීම පහසුවෙන් ඔබේ පෝරණුව ක්‍රමාංකණය (calibrate) කරන විදියක් කියල දෙන්ඩයි කල්පනා කළේ.

අලුතිම්ම ගත්ත හෝ ගෙදර තියෙන ඉලැක්ට්‍රික් අවන් එකේ උෂ්ණත්වය හරිද? ෆැරන්හයිට් (අපේ රෝයි සර්ගෙ ක්‍රමේට ෆාරන්හයිට්) තුන්සිය පනහට කේක් ගෙඩිය පිච්චුවම ඇයි හරියට පිච්චිලා නැත්තේ මක්කයි මේක අඟුරු වෙලා තියෙන්නේ. අපේ 'බාප්පියි පුංචි අම්මියි' චැනල් එකේ නං නියමෙට ගානට පිච්චිලා ආව. 

අවශ්‍ය ද්‍රව්‍ය:

වැඩ කරන තත්වයේ අවන් එකක් 


ඔරලෝසුවක්, ඒකත් වෙලාව දවසට දෙපාරක් විතරක් හරියට පෙන්නන එකක් නං එපා!

සීනි මේස හැන්දක් පමණ 

ඇලුමිනියම් ෆොයිල් කෑල්ලක් හෝ උෂ්ණත්වය ෆැරන්හයිට් 400ට (සෙන්ටිග්‍රේඩ් 200 ට) පමණ ඔරොත්තුදෙන පීරිසියක් වැනි දෙයක් 

මීට අමතරව මේ පරීක්ෂණයට විදුලිය යුනිට් කීපයක් ද වැයවේ 

තව  මක්ක හරි ඕනෙනං පස්සෙ කියන්නං.

ඕල් රයිට්, දැන් අවන් එක 340 F (170 C) ට රත් කරගන්ඩ

1. ගානට රත්වෙලා විනාඩි පහක් විතර ගියාම අර සීනි ටික ෆොයිල් එකේ හරි මොකේ හරි දාලා අවන් එක ඇතුලේ තියන්ඩ.

2. විනාඩි 15ට ටයිමර් එක තියලා, ඒ කාලේ ගියාම සීනි ටිකේ තත්වේ බලන්ඩ.

සීනි දිය වෙලා නැත්නම්, සීනි ටික පරිස්සමින් එලියට අරගෙන (ඒවා තදින් රත් වී ඇත!), උෂ්ණත්වය 350 F (175 C) දක්වා වැඩි කරලා හිටං පෙර පරිදි 1 හා 2 කර බලන්ඩ.

තාමත් සිනී දියවී නැත්නම් 360 F (182 C ) දක්වා වැඩි කර, පෙර පරිදි 1 හා 2 කර බලන්ඩ.

එලෙස ෆැරන්හයිට් 10 බැගින් ( සෙන්ටිග්‍රේඩ් 5 හෝ 6) බැගින් වැඩිකරමින් සීනි දියවේද බලන්ඩ 

පොතේ විදියට සීනි දියවන උෂ්ණත්වය 366 F එසේත් නැත්නම් 186 C වෙයි.

ඒ ක්‍රමේට සීනි දියවනවිට අවන් එකේ සෙට් කර ඇති උෂ්ණත්වය ඇත්තටම 366 F (186 C) වෙයි.

අපි වගේ පරණ කරකවන ඩයල් නම් ඩයල් එක ගලවා එය 366F (186C) පෙන්වන ලෙසට ඇජස් කරගත් යුතු වෙයි.

අලුත් එව්වා වල නම් යුසර් මැනුවල් එකේ ඔය ඩිස්ප්ලේ නොම්මරේ වෙනස් කරන ක්‍රමය ඇත.

හරියටම තිතට ඇජස් කරගැනීමට අවශ්‍යනම් එය ගෙදරදීම කරගැනීම වියදම් වන කාරණාවක් වනු ඇත.


මේවා බයිලා නම් මේවට කියන්නේ මක්කයි කියන්නේ නම් කෘතඥ වෙමි.

කාලය ධනය වියදම් කරගෙන මෙහි පැමිණි ඔබ සැමට ස්තුතියි!


ජයවේවා!

Myself Hattor


25 comments:

  1. මහත්තුරු බදු වැඩිවෙන්න කලින් සීනී ආනයනය කරපු කොම්පැනියේ ප්‍රචාරක අන්සෙද වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. සීනි මේස හැන්ද ගානේ හරි ප්‍රමෝට් කරන්නේ.

      Delete
  2. මේකත් තේරෙන්නෙ නෑ නොවැ.මෙව්ව හොද සැමියන්ට.නැද්ද බිරින්දෑ වරුන්ට තේරෙන එව්ව 😜😜

    ReplyDelete
    Replies
    1. මේකනේ, සීනි සෙන්ටිග්‍රේඩ් 186 ට රත්කලාම තමා දියවෙන්නේ.
      අපි අවන් එක 186ට රත්කරලා සීනි ටිකක් තියලා විනාඩි 15කින් එක දියවෙන්න නම් අවන් එකේ මීටරෙත් නිවැරදි විදියට කැලිබ්රේට් වෙලා තියෙන්ඩම ඕනේ. අපි 186ට රත්කලාම දියවෙන්නේ නැත්නම් ඇත්තටම අවන් එක 186ට රත්වෙලා නෑ.

      අපි හිතමු අපි 170ට සෙට් කරලා රත් උනාමත් සීනි දියවෙනවා නම්, ඒ වනවිට අවන් එකේ ඇත්ත උෂ්ණත්වය 186ක් හෝ ඊට වැඩි විය යුතුයි.

      මෙතැනදී අපි කරන්නේ අඩු උෂ්ණත්වයක, කියමු 150 විතර ඉඳලා වැඩි කර කර බලනවා කොතනදීද සීනි උණු වෙන්නේ කියලා. අපි සෙට් කරපු උෂ්ණත්වය මොනවා උනත් අන්න එතන තමා නිවැරදි 186 විය යුත්තේ.

      දැන් නං ටිකක් පැහැදිලි ඇතයි සිතමි.

      ජයවේවා!

      Delete
  3. ලියනා දේ නොතේරුනැයි හැමෝම ඇයි රවන්
    කරනා දේ හැට්ටරේම අද මෙතැනම මවන්
    දුවනා විට උණුහුම අපෙ ගෙදර තියෙන අවන්
    හිතුණා මේ ලෙස කෙරුවොත් කේක් හදා කවන්...

    ජයවේවා හැට්ටරේ!!!

    ReplyDelete
    Replies
    1. අබේ මල්ලි ඇයි අද මේ කක්කා කරං
      දුවනා විට උස්සගෙන බතික් සරං
      බෝතල් ගහමු හැන්දෑවට දුසිං ගනං
      බයිටට ගනිමු සීනි නැතුව කේක් හදං

      Delete
  4. "බේක්" සිලෙක්ට් කලාම එන ගාණට, (176 ද කොහෙද) කේක් එක ගානට පිච්චෙන නිසා සීරු-මාරු කිරීමට ඇවැසි නැති යැයි සිතමි. ඒත් ඒත් සීනි දියවෙන උශ්ණත්වය අනුව, මෙය කලහැකි යැයි දැන ගැනීම වටිනා දෙයකි.

    ReplyDelete
  5. විදුල උපකරන අලුත්වැඩියා කරන උංගෙ බඩට ගහන්න නේද මේ පෝස්ට් එක දැම්මෙ ඉඳගෙන. හැක්..

    ReplyDelete
    Replies
    1. සමහරවිට මේව කරන්න ගිහිල්ල බඩු පුච්චගෙන උංගෙ වැඩ වැඩිවෙන්නත් පුලුවං තමයි.

      Delete
    2. ආන්න ඒකයි මේකෙ තියෙන අවයවය

      Delete
  6. Replies
    1. මලු නෙමෙයි,‍ මල් මසුරං!

      Delete
  7. ෂීනි ගිනි ගණන්
    අවන් නැත තව අරං

    ලිංක් එකෙන් පැණිරස විඩියොවක් දැකීමි ✌

    ReplyDelete
  8. සීනි බදු නග්ගලා
    අජිත් ඩී කීර්තිලා
    බෝතලයක් ගහලා
    හාන්සි වීලා

    ටැට්ටර් මල්ලිලා
    අවන් රත් කරලා
    සීනි උණු කරලා
    මොනවදෝ කරලා

    ReplyDelete
  9. https://moonshinecreek.ca/canadiana/

    ReplyDelete
  10. හැට්ටර් මල්ලි, අදහස නම් අපුරුයි. එත් මේ වැඩේ පව්ලට කියලා දෙන්නේ කොහොමද? කමක් නැ මමම කරලා බලන්නම්. මේ ඔයා බෙන්තර ගගෙන් මෙහා නම් ඔය මක්කයි ඒවා ඔට්ටු නැ හරිය?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. හුකා විජේ අයිය දන්නැද්ද, අපිත් හෙරළි කනඋං තමා. මං බලපිටියෙ.

      Delete
  11. හැට්ටර් මහත්තයෝ
    සිනිත් ගනන්
    විදුලි බිල ඊටත් වඩා ගනන්
    අවන් ගිනි ගනන්
    මේව්වා දැන් හිතන්නත් බැරිවැඩ තමා.....

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
  12. අවන් එක ටෙස්ට් කරන්න ඕනේ. තාම කරවනවා කියලා නම් කම්ප්ලේන් නෑ. ඒත ටෙස්ට් කරලා තියා ගන්න එක හොදයිනෙ

    ReplyDelete
  13. ඇත්තටම හෙන ලොජිකල් , මරු අදහස. කරලා බලන්න අඩස්හක් නම් නෑ . බිරින්දෑ ගේ ක් පිච්ච්න්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්ම කීර්ති
      බිරිඳට බය වෙච්චි
      දෙපතුල වැඳ වැටෙච්චි
      දුකනේ රන්ජනී

      Delete
  14. අනේ මන්ද මටත් නම් තේරුනේ නෑ මේ සිනි බේක් කරන එක. අපේ මහත්තායට වත් කියලා බලන්න ඕන. (ගේත් එක්ක ගිණි තියයිද දන්නේ නෑ හැබැයි)

    ReplyDelete
    Replies
    1. මේකනේ, සීනි ෆැරන්හයිට් 366 ට රත්කලාම තමා දියවෙන්නේ.
      අපි අවන් එක 366ට රත්කරලා සීනි ටිකක් තියලා විනාඩි 15කින් එක දියවෙන්න නම් අවන් එකේ මීටරෙත් නිවැරදි විදියට කැලිබ්රේට් වෙලා තියෙන්ඩම ඕනේ. අපි 366ට රත්කලාම දියවෙන්නේ නැත්නම් ඇත්තටම අවන් එක 366ට රත්වෙලා නෑ.

      අපි හිතමු අපි 340ට සෙට් කරලා රත් උනාමත් සීනි දියවෙනවා නම්, ඒ වනවිට අවන් එකේ ඇත්ත උෂ්ණත්වය 366ක් හෝ ඊට වැඩි විය යුතුයි.

      මෙතැනදී අපි කරන්නේ අඩු උෂ්ණත්වයක, කියමු 350 විතර ඉඳලා වැඩි කර කර බලනවා කොතනදීද සීනි උණු වෙන්නේ කියලා. අපි සෙට් කරපු උෂ්ණත්වය මොනවා උනත් අන්න එතන තමා නිවැරදි 366 විය යුත්තේ.

      දැන් නං ටිකක් පැහැදිලි ඇතයි සිතමි.

      ජයවේවා!

      Delete
    2. අනේ... හරි හරි දැන්නම් හොඳටම තේරුනා, බොහොමත්ම ස්තුතියි.

      Delete