Saturday, November 18, 2023

TM හබීබි


වුද් දුවනව කාලිඩ් උගෙ පස්සෙන් එලෝනව.

කාලිඩ්ට හොඳටම මල ඒ උනාට සවුද් නං පස්ස හැරි හැරි හක හක ගගා හිනාවෙමින් තමා දුවන්නෙ.

මේක සිද්ද උනේ මම අබ්දෙල්ල රජ්ජුරුවොංගෙ ආණ්ඩුවෙ රටඉඳි කොම්පැනියක රස්සාව කරන කාලෙ. බලන්ඩ එපැයි ඒකෙ ලෝගො එක විතරක්. රටඉඳි ගහ දෙපැත්තෙ කඩු දෙකක් හේත්තු කරල හිටං තව තව ගැජමැටික් ටිකකුත් දාල...   

කාලිඩ් ගැන කියනවනම් වෙලාවට වැඩට එන, තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන, ටී රූම් එකේ බයිලා ගායකයන්ගේ සංසදයේ සාමාජිකයෙක් නොවන, වැඩිය අනෙක් අය සමග බජනයට නොයන, එක්ස්ටර්නල් ඩිග්‍රියකුත් කරන, බෙන්ස් 260SEL එකක් පදින වැදගත් සවුදි තරුණයෙක්.

සවුද් කියන්නේ ඔය හැම එකකම අනෙක් පැත්ත.

හැබැයි  සවුද්ගෙ සමහර නීති නං අපිත් පාවිච්චි කළා. වන් මිනිට් මීන්ස් ලේට්, ටූ මිනිට්ස් ටූ ලේට්, තර්ටි මිනිට්ස් - මාෆි මුශ්කිලා (ඒ කියන්නේ නෝ ප්‍රොබ්ලම්).

කොහොම නමුත් සවුද් බොහොම දුර දිග බලලා වැඩ කරන කෙනෙක්. මිනිහගෙ පුත්‍රයාගේ නම මිතෙබ්. එතකොට මූව හඳුන්වන්නෙ, මූට සමහරවිට කතාකරන්නෙත් අබු මිතෙබ් (මිතෙබ්ගෙ පියා) කියල. මේකා දවසක් මට කියනව කොල්ලට නම දැම්මෙ බ්‍රින්ස් මිතෙබ් (මේ අය ඉංග්‍රීසි P අකුර ශබ්ද කරන්නේ B ලෙසට, උදාහරණයක් ලෙසට බොන්නෙ බෙබ්සි ලියන්නේ එක්කො බෙන් එකෙන් නැත්තං බෙන්සිල් එකෙන් ) කොල්ල ලොකු උන කාලෙක මිතෙබ් කුමාරය රජවෙයි, එතකොට අබු මිතෙබ් කියනකොට කාටද ආඩම්බර කියල.. සවුදි අරාබියේ මේ ලඟක් වෙනකංම රජකම ගියේ අයියගෙන් මල්ලිට ලෙසට.

මම මගේ කාමරේට එනව, සවුද් දුවගෙනම ඇවිල්ල කාමරේ ඇතුලෙන් ලොක් කර ගත්ත. මමත් එලියේ.

කාලිඩ් 'අන්තඃ කර්බාන්'  (මුගෙ ඔලුව හොඳ නෑ ) කියලා මූ දොර අරින පාටක් නැති නිසා තමන්ගේ මේසෙට ගියා.

ඒ පාර තමා සවුද් මට කාමරේට එන්න ඉඩ දුන්නෙ.

සවුද්ට වැඩ වැඩි උනාම අපේ කාමරේට ඇවිත් අපිට වාත වෙනව. එහෙම වෙලාවට අපේ ෆෝන් එක ආන්සර් කරන්නෙත් ඒකා. සිංහල වගේ කටහඬක් ඇහුනොත් සිංහලෙන් කතා කරනව ටිකක්, නම මොකක්ද, කොහෙද ඉන්නේ, කොතනද වැඩ කරන්නේ, කාටද කතා කරන්න ඕනේ වගේ දේවල්. වැඩේ ටිකක් ඇඩ්වාන්ස් වෙනකොට ඕකේ මම මෙයාට දෙන්නම් කියල අපි කාටහරි දෙනව. 

සවුද් බෙඩුයින් ගෝත්‍රයේ කෙනෙක්, ඒ කියන්නේ කාන්තාරෙ එඬේර පරම්පරාවෙ. ඒ ගැන බොහොම ආඩම්බරයි - රටේ අයිතිකාරයො අපි කියල තමා හැම තිස්සෙම කියන්නේ. අපි ඔටුවන්ගේ බුරුල්ලෙන් කිරි බීපු එවුං මේ නගරේ ඉන්න උං වගේ නෙවේ හොඳට හයි හත්තිය තියෙන උන් කියල තමා සවුද්ගේ කටේ තියෙන්නේ. ඒ උනාට අනිත් උංනම් කියන්නේ මුං මේ කාන්තාරෙන් ආපු පල් මෝඩයෝ මුංට මොළේ නෑ  කියලා.


මේ ඒක නෙවේ මොකෑ අර කාලිඩ් උඹව මරන්ඩ වගේ එලෙව්වෙ.

කාලිඩ්ගේ අම්ම  ඌට බැනල මම උඹව හැදුවෙ මේ වගේද කියල.

ඉතිං සවුද් උඹ ඒකට මක් කොරන්ඩැයි බං 

නෑ නෑ කාලිඩ්ගේ අම්මගේ ගෙදරට උඹලැයි රටෙන් හවුස් මේඩ් කෙනෙක් ඇවිල්ල ඉතිං කාලිඩ්ට ඕනේ උනා සිංහලෙන් ඇගේ නම මොකක්ද කියල අහන විදිය.

ඉතිං උඹ මක්කැයි කිව්වේ.

මම රොශාන් ගෙන් අහල තමා ඒක කිව්වෙ  හක හක හක

දිස් ඉස් ඉන්ටරෙස්ටිං, ඇයි උඹ රොශාන්ගෙන් ඇහැව්වේ උඹ හොඳටම දන්නවනේ නම අහන විදිය

ඒක රොශාන්ගෙම්ම අහගනිං  ආයෙමත්  හක හක හක 

දවාලෙ තේ එකක් බොන්ඩ ගියාම රොශානුත් එතන තේ බොනව.

රොශාන්, සවුද් ඊයේ උඹෙන් මක්කවත් ඇහුවද 

ඌටත් හිනා, ඔව් ඔව් අහපු එක මම කියල දුන්න. සවුද් ඒක කොලේක ලියාගෙනම ගියා.

සවුද්, දැන් උඹ අර කොලේ ලියාගෙන ගිය එකට මක්කැයි කොරේ 

ආ මං ඒක කාලිඩ්ට දුන්න 

ඒකෙ තියෙන විදියට කාලිඩ් ඒ ළමය ගෙන් නම අහල 

නම ඇහුව විතරයි කෙල්ල හනික දුවල ගිහිං කාලිඩ්ගේ අම්මට කියල 

එතකොට තමා කාලිඩ්ට අම්ම බැනල තියෙන්නෙ 

හරි හරි දැන් කියපන්කො උඹ කොහොමෙයි නම අහන හැටි ලියල දුන්නෙ 

තන මිරිකමුද කියල හක හක හක 


අම්මප සවුද් තෝ නං.......


මගේ හිතේ දැන් ලිව්වා ඇති කියල. සුමාන පතාම නොවුනත් ඇහැක් වෙලාවට ඉඳ හිටලා මක්කවත් ලියන්ඩ බලමු. Yeah buddyThat's how we do, how we do

ජයවේවා!
Myself Hattor


ඔය නම් තුනම ඇත්තම නම්. ඔතනින් අස් උනාට පස්සෙ කිසිම කොන්ටැක් එකක් නෑ.

හැබැයි රොශාන් මේක දැක්කොත් - අඩෝ හැන්ඩියා උඹට ඕක තාම මතකද කියල අහවි 

සවුද් මහ හයියෙන් හක හක ගාල හිනාවෙයි 

කාලිඩ් හෙමිං සීරුවෙ එතනිං ෂේප් වෙයි.

27 comments:

  1. කතාවේ මෙලෝ දෙයක් තේරුනේ නෑ හැට්ටරේ

    ReplyDelete
    Replies
    1. තවුසන් ඇපොලොජීස් සාර්.
      තේරෙන්ඩ මක්කාවත් ඉදිරියේදි ලියන්ඩ බලමු!

      ජයවේවා!

      Delete
  2. ඔක්කොම හරියි කියමුකො කවුද ඉතිං අර හැන්ඩියා.

    ReplyDelete
    Replies
    1. අජිත් කීර්තිධර්මNovember 19, 2023 at 10:44 AM

      මහත්තුරු සමලිංගික ද

      Delete
    2. ලේකම් තුමාල අපි ඇර වෙන කවුද හැන්ඩියෝ ඉන්නේ ලේකම්තුමා.
      බ්‍රයිටන්ට බඩු නැත හැන්ඩියන්ට ක්ලාස් නැත කියල ඉරිෂිවරු කියල තියෙන්නේ බොරුද ලේකම් තුමා.

      ජයවේවා!

      Delete
    3. සුවර් එකටම කිර්තිධර්ම මැතිතුමා සමලිංගික නේද? මට හිතුන ඕක අහනකොටම.

      ජයවේවා!

      Delete
  3. තන වෙනුවට තණ කියලා ලියලා තිබ්බා නම් ටෙක්නිකල් අවුල්ලක් නෑ,,,,එතකොට තණකොල වගේ තමයි - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අවුලට හිට්ටෙ කොල නෑ නේ මයියා තන විතරයිනෙ

      ජයවේවා!

      Delete
  4. Replies
    1. මේ ශනිදා පෝස්ට් තොගේ අස්සෙ, තව පොඩ්ඩෙන් මේක මඟෑරෙනව.

      Delete
    2. අන්න ජංසං ලොකු සර් අන්න ජංසං

      ජයවේවා!

      Delete
    3. රෑ මේක ලිව්වේ, නිදිමතේම preview එකට publish එබිලා. P නේ .

      ජයවේවා!

      Delete
  5. අම්මපා සවුද් තෝ නම්.....ඊයා..ඈක්කා...😀😀

    ReplyDelete
    Replies
    1. සවුද් දවසක් එකෙක්ට බයිනව තමුසෙගෙ මොළේ බුකේ කියල.
      ඒකත් රොශාන් ගෙන් ඉගෙනගත්ත කෑල්ලක්.
      සදා ජොලියෙන් හිටි එකෙක්.

      ජයවේවා!

      Delete
  6. ඇබැද්දියක් වෙනවානේ මොහොතක ටික ටික
    සවුද් කරන මේ දේවල් ඇවිලෙයි එක එක
    පුරුද්දකට රොශාන්නේ ලිව්වේ දැක දැක
    දකිද්දිනම් මේ දේවල් හිනාව හක හක...😀

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. සවුද් ඕව ඉගෙනගන්නේ රොශාන් ගෙන්


      ජයවේවා!

      Delete
  7. තව බරණ කතා ලියන්න

    ReplyDelete
    Replies
    1. බෙබ්සි එකක් බීලම වැඩේ පටංගන්ඩෝන ලොකු සර්.

      ජයවේවා!

      Delete
  8. හොපෝ... මදැයි ඔයින් ගියා. හක හක හක
    ඉදලා හිටලා අපේ පැත්තෙත් කරක් ගහන්න එන්න . බැරි උනත් ඉතින් මාෆි මුශ්කිලා

    ReplyDelete
    Replies
    1. කාලිඩ්ට හරි ලැජ්ජයි වෙච්ච වැඩේට. අපිටත් මූණ නොදී හිටිය ටික දවසක්.
      මොකෝ නෑවිල්ලා. එනවා.

      ජයවේවා!

      Delete
  9. රොශේන් කෙනෙක්ව ගාවගෙන තිබ්බට උඹම කල දෙයක් කියලයි මට නං හිතෙන්නේ හැක්ටර්!

    ඇත්තට අරාබි භාෂාවෙන් "ඒක" අහන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. අර මස්සිනාගේ සුසුකිය හප්පවල මම මස්සිනා නෙවෙයි කියන කට්ටිය ඕම හිතන එක සාධාරණයි.
      මේ ලියන කොම්පූටරේ පල්ල රොශාන් තමා ඕක කළේ.
      මං එතන හිටි බාලම එකා. පොඩි එකා වගේ.
      ඒක සවුද් ගෙං අහුවනං ඕක කියාදෙන්නෙ හිරේ යන එකක්.
      ඒ කල්ල හිටං ඌ හක හක ගාල හිනාවෙයි මං අතිං සල්ලි දීල රොටි කකා හිරේ ඉඳීවි.


      ජයවේවා!

      Delete
  10. මෙහෙ ඉන්න Danny කියලා ඉන්දුනීසියන් කාරයෙකුට අපේ හබීතුමා ඇතුළු තව ලංකාවේ පිරිසක් හොඳම වර්ගයේ සුද්ධ සිංහල උගන්නලා. මේකා හොඳම මතකයක් තියන ඕන උච්චාරණයත් හොඳටම කොපි කරන්න පුළුවන් පොරක්. දවසක් සිංහල ලොක්කෙක් Danny ට ඉංග්‍රීසියෙන් බනිද්දි ඒකා අත දික් කරලා "පලයන් $%&%^ යන්න!" කියලා. ලොක්කා ට ඒ shock එකෙන් ගොඩ එන්න සෑහෙන්න වෙලාවක් ගියාලු :D

    ReplyDelete
    Replies
    1. ටිකාක් ඔය වගේ වැඩක් මටත් උනා.
      අපේ අනිත් ඩිපාමන්ට් එකේ ඉන්නවා ජැෆ්න බ්‍රදර් කෙනෙක්. මං එක්ක සිංහලෙම්ම තමා කතා කරන්නේ.
      එයාගෙ කාමරේ ඉන්නව ඉරානියන් ලඳක්.
      එයාට පර්සියන් නිව් ඉයර් එකට (නූරුස්) විෂ් කරලා හිටං මං කිව්වා you keep seeb but give me sekke කියලා.
      එයා අහපි how do you know all these කියල.
      මං කිව්වා I am persian by the way did you make samanu කියල.
      මෑ කට අරගෙන මං දිහා බලං ඉන්නව. නෝ කතා..

      හොඳම වැඩේ මගෙ ජැෆ්න බ්‍රදර් අහනවා හැට් ඇත්තටම උඹ පර්සියන්ද කියලා.
      (පර්සියන් නිව් ඉයර් ටේබල් එකට (ඒකට කියන්නේ හෆ්ට් සීන් කියලා) 'ස' යන්නෙන් පටන්ගන්න ජාති හතක් තියනවා. එක එකට වෙන වෙනම මීනිං තියෙනවා, සීබ් කියන්නේ ඇපල් සේක්කේ කියන්නේ කාසි, ඔය දෙකත් අත්‍යවශ්‍යම දෙකක්, සමනු ඇවිල්ල ස්ප්රෞටඩ් වීට් වලින් හදන රස කැවිල්ලක්, ටිකක් අමාරුයිලු හදන්ඩ)


      ජයවේවා!

      Delete
  11. මොනවද හැට්ටර් මල්ලි මේ ලියන්නේ? හොඳ කතාවක් ලියන්නකෝ. මේ බලපිටියේ පොරක් හිටිය අපේ ඉස්කෝලේට ගිය ලෝකපුජිත ෆාස්ට් බෝලර් කෙනෙක් අහල තියනවද?
    මම විජේබාහු

    ReplyDelete