Saturday, October 28, 2023

To the memory of my friend කලණ ආටිගල -- මරදානෙන් ඉදිරියට

ගුඩ් මෝනිං එකක් වේවා!

කලණව මට මුණගැහිල නෑ. අඩුම ගානෙ කතා කරලාවත් නෑ.

ඒ වගේම තමා අනිත් බ්ලොග් ලියන්නෝ, කොමෙන්ට් කරුවෝද ඇතුළුව හමුවෙලා හෝ කතාකරලා තියෙන්නේ දකුණු අතේ ඇඟිලි ගානට තමා.

නමුත්, නමුත්, මේ ලියන්නො ගැන තියෙන්නේ බොහොම පහන් හැඟීමක්. වෙරි ක්ලෝස් ෆීලින් එකක්. බොහොම කාලෙක ඉඳන් දන්න හිතෛෂියෝ වගේ.

එහෙම කෙනෙක්ට කරදරයක් උනාම ඒකත් බොක්කටම වදිනව.

මට කියන්ඩ තියෙන එකම දේ අනේ මේ බොලා තම තමන්ගෙ සරීර සෞඛ්‍යය ගැන ටිකක් හොඳට අවධානයෙන් ඉඳාල්ල. අඩුම ගානෙ පොඩිඋන් ඉන්න ඈයො වත්.


ලොකු ලොකු ඇංජිං අස්සෙ අලුක්කාල් 

අපේ කලණ සර් 

රදානෙන්  ඉදිරියට  


හරියටම හයයි හතලිස් හයට කුමාරය කෝච්චියෙ හෝන් එක  ගහල ඉස්සරහට අද්දන්ඩ පටන් ගත්තා.

ලංකාවේ විතරක් නෙවේ Eurostar කෝච්චිය පැරිස් යන්ඩ ලන්ඩන් නුවර ශාන්ත පැන්ක්‍රස් ස්ටේෂමෙන් අදින්නෙත් උදේ හයයි තිස් එකට! ධූමරථ නැකත් යුරෝපෙ කියල වෙනසකුත් නෑ හිටං.

පැටළුණු නූල් බෝලයක් වගේ සංකීර්ණ රේල් පීලි නෙට්වර්ක් එකකින් කෝම කොම හරි නියම වෙලාවටම කොළඹ කොටුවට ලඟා වුනා.

තුන්වන වේදිකාවට දැන් පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී ..... ගාල්ල බල පිටත්වේ. එය නවත්වන්නේ ........

එතකොටම වගේ ඔන්න ඔහොම ලවුස්පීකර් නිවේදනයකුත් ඇහුනා.


දැන් පිටත් වෙන්ඩ වෙලාව හරි. අපි තාම කොටුවෙ.  

දැන් වෙලාව විනාඩි පහක් පරක්කුයි 

කුමාරයට මල 

ඇන්ජිමේ ඒ පැත්තට යනවා මේ පැත්තට යනව. අර කූඩුවේ දාල ඉන්න කොටිය වගේ.

දැන් පැය බාගයයි 

විනාඩි හතලිස් පහයි 

මට නං කීයට ගියත් එකයි. අද ගෙදර තනියම.

කළුතර රෙස්ට්හවුස් එක වහල නැත්තං බියර් එකකුත් බීල පැල් කවියකුත් කියාගෙන ගෙදර යන්ඩ ඇහැක්.

මොකෝ බං මේක යන්නැත්තෙ.

අර මලේ ඉඳන් එන මගුල එනකං ඉන්ඩෝන බං, එකෙ බඩුයි තැපැල් මලුයි පැසෙන්ජස්ලයි ගෙනියන්ඩත් ඕනේ නේ.

ඕන්න තව ටිහෙකින් විතර අනිත් ප්ලැට්ෆෝම් එකට කෝච්චියක් ආව.

හෙන කලබලයක්. මමත් ඔලුව එලියට දාගෙන බලාගෙන හිටිය.

මිනිස්සු දුවගෙන ඇවිත් මේකට නගිනව. බඩුමුට්ටු තැපැල් මලු ලෝඩ් කරනවා දාහක් වැඩ.

තව ටිකකින් කුමාරය ඉඳගත්තා ප්‍රෑම් ප්‍රෑම් අපි පිටත් උනා.

පොඩි බිංගෙවල් වගේව ඇතුලෙන් ගොහිං කොම්පඤඤවීදියත් පහුකරන් මූද අද්දරින් ඔන්න අපි නගරෙන් එලියට ආව. 

හැට්ටර් දැනටම මේක පැයක් හමාරක් පරක්කුයි බං 

මේකේ යන බොහෝ දෙනා තම තමංගේ ස්ටේෂන් වලින් ලාස්ට් බස් එක අල්ලන්ඩ යන උං. ඒක ගිහිල්ල නං උන්ට ගෙවල්  වල යන්ඩ එක්කො එළිවෙනකන් පයින් ගාටන්ඩ වෙනව නැත්තං නොවටිනා ගානකට තෙපාවක් හයර් කරගන්ඩ වෙනව.

ඔය මිනිස්සු මටනං මක්කවත් කියන්නේ නෑ හැබැයි අර අහක ඉන්න සෞඛ්‍ය මිස් නිරපරාදෙ බැණුන් අහනව.

අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය මිස් කුමාරයාගේ අම්ම.

මේම ගිහිං හරියන්නෙ නෑ මචං හයියෙන් යන්ඩ වෙනව.

(Throttle control එක )නොච් තුනේ ගිය කෝච්චිය නොච් හතර පහ උනා.

එන්ජිම හොඳට සැර දාල යනව.

හැබැයි මිත්‍රෝරුනි හරිම සැපයි උඩදාල පොළවේ ගහනවා වගේ ඩාං ඩාං ගාල ඇන්ජිම අඟල් කීපයක් උඩ ගොහින් ආපහු අර යකඩ පීල්ලට වදිනවා..

මොකෝ බං මේ සැප!
මේකේ ඩෑම්පර් ගිහිං අපේ වේශිගෙපුතාල ඒව දාන්නෑ බං.
උඹට මේ ටික වෙලාවට මෙහෙම නං හිතාගත්තැකිනේ හැමදාම දුවන අපි ගැන.

නොදන්නා අයට: මේ ඩෑම්පරේ කියන්නේ කාර්වල තියෙන සොකැට්සෝබරේටම (shock absorber) තමා. එකේ නියම නම ඇත්තටම ඩෑම්පර්

ඕන්න දැන් කොල්ලුපිටිය පාස් උනා. කෝච්චිය ඇරලා යනවා. නොච් පහේ නේ යන්නේ. මේවායේ ඇක්සලේටර් නෑ ගියර් වගේ 'නොච්' එක තමා වේගේ අඩු වැඩි කරන්ඩ තියෙන්නේ.

බම්බලපිටිය ස්ටේෂම පේනව.
එන්ජිමේ ඇතුලෙ ලයිට් නිවුනා.
රේල්පාර මක්කාවත් පේන්නෙ නෑ.කෝච්චියෙ හෙඩ් ලයිට් එකත් නිවිලා.
කෝච්චියෙ සද්දෙ විතරයි ඇන්ජිමේ සද්දෙ නැවතිලා.
ඇන්ජිම නැවතුනත් කෝච්චිය ඉස්සරහටම යනව - ඇයි මේකෙ ඉන්නෙ හෙළයො නේ !
ඉදිරියටම යවු හෙළයිනි ඉදිරියටම යව්! 

කුමාරය සීට් එක කරකවාගෙන පස්සට හැරිල කළුවරේම මක්කද කළා.
ගුජු ගුජු ගුජු ගුජු කැබින් එකේ ලයිට් පත්තුඋනා ඉස්ටේෂම පාස්වෙලා නමුත් දැන් පාර පේනවා.

අගේන් ග්‍රැජග් ග්‍රැජුවලි (ඉන්ග්ලිෂ් වලින් ක්‍රමක්‍රමයෙන්) නොච් පහට. ආයෙමත් අරිනව එකසිය ගානටම 
අනේ පිංවත් නෝනාවරුනි මහත්වරුනි වැල්ලවත්ත පඋඋනා විතරයි හුකා මේක ආයෙමත් හිට්ටා.

කුමාරය ආයෙමත් කැරකිලා මක්කද කළා. ඒත් මේ පාර ඒක වැඩකළේ නෑ.
ඇසිස්ටන් ගෙන් ටෝච් එක (අපි ඉන්න පලාතෙ pass me the torch කිව්වම උඩබිම බලනව ඒක pass me the flashlight කියල කියන්ඩ ඕනෙ) ඉල්ලගෙන වෙන මක්කහරි කොරල හිටං ඇන්ජිම නැවත පණගන්වාගත්තා.

මචං ඇන්ජිම ගන්නකොටත් ඒකෙ නෝට් එකක් තිබ්බ මේක හිටිගමන් නවතිනවා කියල. ඒත් වෙන මොකක් කියල ගේන්නද? තියෙන එක එපැයි ගන්න.
දැන් උඹ මක්කයි කලේ මේක ඉස්ටාට් කරන්ඩ 

මේකෙ මචං ඩෑම්පර් ගිහිං කිව්වනේ ඉතිං ඔහොම උඩ පැන පැන හයියෙන් යනකොට රේඩියෙටරේ වතුර කඳත් උඩ යට යනව ඒ එක්කම රේඩියෙටරේ ලෙවල් එම මයින්ඩ තියෙන ෆ්ලොටර් එකත් (අර සිස්ටන් එකේ එක වගේ) සමහර වෙලාවට ගොඩක් යටට යනවා. අන්න එහෙම යටට ගියාම හරියට ඇන්ජිමේ වතුර ලෙවල් එක අඩුයි කියල තමා සිග්නල් එක එන්නෙ. එතකොට වතුර නැතුව දුවල ඇන්ජිම සීස් වෙන එකෙන් බේරගන්ඩ කොන්ට්‍රෝල් එකෙන් ඇන්ජිම ඕෆ් කරලා දානවා. එකයි සිද්ධාන්තේ. 
මෙතන පිටිපස්සේ තමා ඒකෙ රිලේ එක තියෙන්නේ. ඒකට පොඩි තට්ටුවක් දැම්මම බොහෝවිට ආයේ රීසෙට් වෙනවා නමුත් සමහර වෙලාවට ඒක ටිකක් ලොකු වැඩක් වෙනවා. 
මෙන්න මේක තමා ඒකට බෙහෙත කියල මට අයිස් පලම් එකක මැද තියෙන ලී පතුරක් රිලේ බෝඩ් එකේම යටින් තියල තියෙනවා පෙන්නුව.
මේ ලී පතුර රිලේ එක මැදට රිංගුවනං මළාට ඕක ඕෆ් වෙන්නේ නෑ. හැබැයි එතකොට දන්නෙම නැතුව වතුර නැතුව දුවල ඇන්ජිම ෆුල් ඩැමේජ් වෙච්ච කේසුත් තියෙනවා.

මේ ඒකෙන් මේකෙන් වැඩක් නෑ මේක මග හිට හිට යන්ඩ බෑ. අපි නොච් තුනේම යං.

අම්මටසිරි අමතක උනානේ, රිලේ එකට සිංහලෙන් කියන්නේ 'පිලියවනය' කියල.

අඟහරුවගෙ පොස්ට් එකෙකින් ඉගෙනගත්තේ.

පිලියවනය ගැන එයා ඉදිරියේදී කියල දේවි.ඒ අතරතුර මක්කහරි කොස්සක් තියෙනවනං කියන්ඩ, පුළුවන් එකක්නං  පැහැදිලි කරලා දෙන්නම්.


අදට හොඳටෝම ඇති. කෝච්චි කතාත් ඇති.

මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි.


අද අනුස්මරණ දිනයක් නිසා බයිලා නෑ


මේක තිලක් කමෝද් රාගය. සන්ධ්‍යා කාලයේ රාගයක්. ලාවට සිංගල් මෝල්ට් එකක් ඔන් රොක්ස්‌ තිබ්බනං ..ම්ම්ම්ම් 

උස්තාද් රෂිඩ් ඛාන්ගේ මේ ගීතයත් (Jab we met පිචෑස් එකේ) තිලක් කමෝද් බේස් කරගත්ත එකක් ඈ 


Myself Hattor



29 comments:

  1. අහා! කොච්චි කතාවක්. නියමයි. කෝච්චි ඩැයිවර් සහ කලන දෙන්නම එක් කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. කුමාරය නං මගේ ක්ලාස්මේට්.
      අහල තියෙන විදියට කලණ IT අංශෙ කෙනෙක්, බස්නායක මාත්තය වගේම දැකල කරල නෑ.
      හිතේෂිවන්තයො!

      ජයවේවා!

      Delete
    2. හරි දැන් මෙච්චරයි...

      ඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා 80% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරන බව ජවිපේ බුද්ධි අංශ කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා..

      එතකොට ජවිපේ ජනාධිපතිවරයෙක් පත්වීම ගැන අපිට සැකයක් නෑ..

      ඊළඟට අපිට ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ ජවිපෙන් රට බාරගෙන රට ගොඩ නගන ආකාරය සහ ණය පියවන ආකාරය පිළිබඳවයි.

      මෙවර අනුර සහෝදරයාගෙ ඇමෙරිකානු සංචාරයේදී ඒ ප්‍රශ්ණ දෙකටත් උත්තර ලැබුණා.

      ඒ අනුව ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් බව එතුමා කියා සිටියා .

      ( ලෝකෙ කිසි තැනක ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදන්නේ නැහැ කියනෙකවත් දැනට ලොව පුරා ග්‍රැපීන් නිපදවන්නේ කෘතිමව බවත්, ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ හදපු නැනෝ ආයතනයෙ පරීක්ෂණ කරන බවත්, ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවීමට යන වියදම අධික වීම හේතුවෙන් ඉන් ලාබ ලැබීමට ඇති හැකියාව අවම බවත් පැත්තකින් තියන්න, ඒවා මඩ වෙන්ඩැති 🙂 )

      ට්‍රිලියන 30 ක ණයක් ගෙවන්න තියෙනවා අපිට. ඒකට පිළියමක් විදියට ISB ඩොලර් බිලියන 12 නොගෙවා සිටීමට අනුර දිසානායක සහෝදරයා තීරණය කරලා තියෙනවා.

      ඒ පිළිබඳව චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න එතුමා පියවර ගන්නා බව එතුමන් ඇමරිකානු සංචාරය අතරතුර පැවති ජනහමුවේදී පක්ෂ සාමාජිකයෙක් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් කියා සිටියා..
      සාකච්ඡා කරාම ණය කපා හරියි. 🙂👍

      එතකොට ණය ප්‍රශ්නෙත් අහවරයි.

      ඊට අමතරව ලොස් ඇන්ජලීස් නුවර පවා දේපල පවරා ගන්න ක්‍රියා කරන බව පාක්ෂිකයන් හමුවේදී එතුමන් ප්‍රකාශ කර සිටියා.

      ඒ අනුව අනුර ජනපති යටතේ විදේශීය දේපල හිමි දූපතක් බවට ලංකාව පත් වීමට නියමිතයි . ❤️

      දැන් ඡන්දය තියෙන ප්‍රමාදය විතරයි තියෙන්නේ...

      තියව්!! තියව්!! ඡන්දෙ තියව්!!! කියලා කෝච්චි වලින් කොලඹට ආවනම් ඒ ප්‍රශ්ණෙටත් විසඳුමක් ගන්න තිබ්බා..

      Delete
  2. කළණව කවදහරි මුනගැහෙන්න හිතන් හිටිය. එයාගෙ සමහර නෑදෑයන්ව දන්නවා. ඒත් දකින්න ලැබුනේ මලගෙදර බැනර් එක මඩපාත හන්දියෙදි. සෑහෙන්න ෂොක් එකක් වුනා ඒක, විශේෂයෙන්ම කළණගෙ වයස දැනගත්තාම.

    western fictioneers ලින්ක් එකට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. Same here Prajay.
      කලණ ඇල්බටා එන කතාවක් කොමෙන්ට් එහෙක දාල තිබුන.
      මම කියන්න හිටියේ යන ගමං ටොරොන්ටෝ හරහා යන්න කියන්න.
      අඩුගානේ මගෙ ඔෂාව අපට්මන්ට් එකට ගිහිං බඩ්ඩිංගක්කත් කාල යමු කියන්න හිටියෙ.
      මොනවා කරන්නද? that's life.
      මට මතකයි PraJay ඔය බැනර් එකේ ෆොටෝ එකක් දාල තිබුන.

      Thank you
      H

      Delete
  3. දුම්රිය කතාව මරු , මොන සින්ගල් මෝල්ට්ද හැට්ටර් මල්ලි? මලක් තමයි සිතාර් එකට හරි යන්නේ
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විජේ අයියා, ස්ටවුට් ගහල තියෙනවද කිරිබත් බයිට් එකට අරං.

      ජයවේවා!

      Delete
    2. හැට්ටර් මල්ලි, කිරිබත් කන්න ඕන වෙලාව කලාව බලලා, ඔයා නම් අමුතු සතෙක්
      මයිසෙල්ෆ් විජේබාහු

      Delete
  4. ඔය කලනද කවුද කියන මිනිහා නං අති උද්දච්ච කෙනෙක්නේ.

    මිනිහහේ බ්ලොග් එකට දාගත්තේත් රංග අසේලගේ බ්ලොග් එකේ මගේ ලෝකය කියන නම. ඒ නම වෙනස් කරන්න කිව්වමත් මහ පණ්ඩිත කතා කිව්වේ.

    අන්තිමේදී අකාලයේ මැරිලා ගියා.
    මැරුණ හැමෝම ගැන ගුණ කථනය කරන්න ඕනි නෑ කියලා මම ඔය මිනිහා මැරුණ දවසෙත් කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Ano මොකක්ද රංග අසේලගේ බ්ලොග් එක

      Delete
    2. ඒ සිංදුවේ රංග අසේලගේ බ්ලොග් එකක් ගැන නෑ නේ.
      ඇත්තටම Ano මොකක්ද රංග අසේලගේ බ්ලොග් එක
      කරුණාකරලා දෙන්ඩකෝ ලින්ක් එක. බොහොම කැමැත්තෙන් ඉන්නේ ඒක බලන්ඩ.

      Delete
    3. පිටුව පෙරලුවට ඇනොවා, අපි දන්නවා මාමා
      කුහකයො දන්නේ මිනී වලට ගැරහීමේ සීමා
      ගෝට් චීස්, සැමන් ෆිලට් කාපු උන්ට කෝමා
      පිටුව දැකලා චරිතෙ ලියන, හැටි බලන්න පුදුමා

      Delete
    4. පිටුව පෙරලුවට 'කලණ' ව, අපි දන්නවා මාමා
      කුහක කලණගේ මිනී වලටත් හෙන හත මාමා
      කලණගේ නෝනා කියනා දේ පුදුමයි බොහොමා
      සතුටුයි ඇය ගැලවුන හැටි දුටුවිට පෙර කරුමා

      Delete
    5. ලියාපු දේ මිස වෙන තොරතුරු නොම දන්නා
      කලනයා ගැන ලිව්ව ගමන් ඇනෝව දුව එන්නා
      බ්ලොග් නමක් ගැන කියලා හැපිලා අඞන්නා
      පවුල් අවුල් අපිට මොටද? කේලම් බම්මන්නා

      Delete
    6. බ්ලොග් ටිකක් ලියැවෙන කොට සිංහල කැටපත් පවුරේ
      කිරි පනුවෝ ඇවිස්සෙන ඩොට් කොම් එළකිරි මැදුරේ
      රංග තේනුවර, අසේල, වලතර නම් අතරේ
      වේතාලයො, පිල්ලි ඇවිත් වන කරයිද මිතුරේ

      Delete
    7. දඞු මොණර පිටින් ඉගිලෙන ඒ අධි-වේගී මළුවේ
      ක්‍රොස් කරනවාලු ගල් ඉබ්බොත්, තට්ටෙ තමයි කිව්වෙ
      ශනි දා දහයට අප හට සතුටු සිනා ගැලුවේ
      එම්බාම් ඇනෝ ඇවිත් තමයි ආතල් එක කැඩුවේ

      Delete
  5. ආටියාට මොකද උනේ කියල අදටත් හිතාගන්න බෑ.තට්ටතුමාගේ බ්ලොග් එකේ මලගෙදර බැනර් එක දැකලා තමා එයා ආයෙ බ්ලොග් නොලියන බව දැනගත්තෙ.මගේ බ්ලොග් එකේ හොද රසිකයෙක් .අඩු වයසින් නික්මීම හරිම කණගාටුදායකයි.

    ReplyDelete
  6. මගේ බ්ලොගේ හිටි කෙනෙක් ය අමතක නොවන
    අගේ ඔහුගෙ සටහන්නම් අමතක නොවන
    වගේ ලොකුම පාලුවකුත් හදවත දවන
    රඟේ දිවිය ඔහොම තමයි සැනෙකින් නිවෙන...

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගේ හිටි කෙනෙක් ය සොඳුරුම කලන...
      අගේ ඔහුගෙ සටහන්නම් අමතක නොවන
      වගේ ලොකුම පාලුවකුත් හදවත දවන
      රඟේ දිවිය ඔහොම තමයි සැනෙකින් නිවෙන...

      මුල් කවියෙ මුල් පේලිය වැරදිලා ආයිත් හැදුවා

      Delete
  7. කළනගෙ බ්ලොග් එක මම ආසාවෙන් කියෝපු එකක්. ඇත්තටම ඌට මොනව උනාද කියල හිතාගන්න බෑ.

    ඔය ඉලෙක්ට්‍රෝනික් කෑලි වලට ගොඩ වෙදකං කරල සමහර වෙලාවට කෙලවෙන්නෙ හොඳම එකෙන්.

    මොනාද අර උඩ දාල තියෙන ලිංක් දෙක අපිව මංමුලා කරන. හැක්..ටර්.

    ReplyDelete
    Replies
    1. මමත් ආසාවෙන් කියෝපු බ්ලොග් එකක්. තමන්ගෙ අත්දැකීම් එහෙම ලස්සනට ලියන්න හැමෝටම බෑ.

      Delete
    2. Praසන්ன, අයිස්ක්‍රීම් කෝටු ගහල ගොඩ වෙදකං කරලා හිටං ඇන්ජිම බොයිල් කරන්න පටන් අරං මහ රාත්තිරියෙ ළිඳකින් වතුර ඇදල ටැංකිය පුරවපු කතාත් තියෙනව.

      Delete
  8. ඔබව හොයාගත්තා.. එත් "ඔහු" කොහෙද ඉන්නේ ...? මොනවාද කරන්නේ.....? පුළුවන් නම් ලින්ක් එක දෙන්නකෝ.. නැතිනම් ඉතින් ලන්ඩන් ම එන්න වෙනවා හොයාගෙන.

    ReplyDelete
  9. අර ලින්ක් දෙක යන්නේ වෙන බ්ලොග් එකකට 😀 දුම්රිය එන්ජින් ලින්ක් වලට ස්තූතියි . දුම්රිය රියදුරන්ට අපි ස්ට්‍රයික් කරනවට බැන්නට ඒ මිනිස්සුත් අමාරුවෙන් රැකියාව කරන්නේ නේද?

    ReplyDelete
  10. කළණ කියන්නේ එළම කොල්ලෙක්!
    මම ඌව දකින්න යන්න ඔත්තු බැලුවේ උගේම බ්ලොග් එකෙන්!
    බ්ලොග් එකේ විස්තරවලට අනුව ඌ හිටියේ හැව්ලොක් සිටියේ. මාත් එක්ක යාපනේ සයික්ලින් කල මධූෂාන්බ්වැඩ කලෙත් එතන.
    කළණගේ Landcruiser එකේ පිංතූරයක් එයාගෙ එක් පෝස්ට් එකක තිබුනා. ඒ විස්තර වලින් මම එයාව බලන්න යන්න ඉන්න කොටයි මේ මරණය සිද්ධ උනේ.
    එයා දක්ෂ බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක්.
    sandhakadapahana.blogspot.com (සඳකඩපහන සින්ඩියේ) "යලි නොලියවෙන" කොලමේ උගේ බ්ලොග් එක දැක්කාම හිත කඩාගෙන වැටෙනවා.
    කෝච්චි කථාවේ රස විඳීමට කළණ පිළිබඳ මතකය හරස් විය!
    කොහොම උනත් වෙන ටයිම් සෝන් එකක් ඉඳලා හරි වෙලාව ලියන එකට මෙන්න මගේ හද පිරි මෙව්ව එක!

    ReplyDelete
  11. හරි දැන් මෙච්චරයි...

    ඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා 80% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරන බව ජවිපේ බුද්ධි අංශ කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා..

    එතකොට ජවිපේ ජනාධිපතිවරයෙක් පත්වීම ගැන අපිට සැකයක් නෑ..

    ඊළඟට අපිට ප්‍රශ්ණයක් වෙලා තිබ්බෙ ජවිපෙන් රට බාරගෙන රට ගොඩ නගන ආකාරය සහ ණය පියවන ආකාරය පිළිබඳවයි.

    මෙවර අනුර සහෝදරයාගෙ ඇමෙරිකානු සංචාරයේදී ඒ ප්‍රශ්ණ දෙකටත් උත්තර ලැබුණා.

    ඒ අනුව ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් බව එතුමා කියා සිටියා .

    ( ලෝකෙ කිසි තැනක ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හදන්නේ නැහැ කියනෙකවත් දැනට ලොව පුරා ග්‍රැපීන් නිපදවන්නේ කෘතිමව බවත්, ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ හදපු නැනෝ ආයතනයෙ පරීක්ෂණ කරන බවත්, ග්‍රැපයිට් වලින් ග්‍රැපීන් නිපදවීමට යන වියදම අධික වීම හේතුවෙන් ඉන් ලාබ ලැබීමට ඇති හැකියාව අවම බවත් පැත්තකින් තියන්න, ඒවා මඩ වෙන්ඩැති 🙂 )

    ට්‍රිලියන 30 ක ණයක් ගෙවන්න තියෙනවා අපිට. ඒකට පිළියමක් විදියට ISB ඩොලර් බිලියන 12 නොගෙවා සිටීමට අනුර දිසානායක සහෝදරයා තීරණය කරලා තියෙනවා.

    ඒ පිළිබඳව චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න එතුමා පියවර ගන්නා බව එතුමන් ඇමරිකානු සංචාරය අතරතුර පැවති ජනහමුවේදී පක්ෂ සාමාජිකයෙක් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් කියා සිටියා..
    සාකච්ඡා කරාම ණය කපා හරියි. 🙂👍

    එතකොට ණය ප්‍රශ්නෙත් අහවරයි.

    ඊට අමතරව ලොස් ඇන්ජලීස් නුවර පවා දේපල පවරා ගන්න ක්‍රියා කරන බව පාක්ෂිකයන් හමුවේදී එතුමන් ප්‍රකාශ කර සිටියා.

    ඒ අනුව අනුර ජනපති යටතේ විදේශීය දේපල හිමි දූපතක් බවට ලංකාව පත් වීමට නියමිතයි . ❤️

    දැන් ඡන්දය තියෙන ප්‍රමාදය විතරයි තියෙන්නේ...

    තියව්!! තියව්!! ඡන්දෙ තියව්!!! කියලා කෝච්චි වලින් කොලඹට ආවනම් ඒ ප්‍රශ්ණෙටත් විසඳුමක් ගන්න තිබ්බා..

    ReplyDelete
  12. ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

    ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

    මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

    ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

    මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

    ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

    ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

    මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

    අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

    ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

    ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

    දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

    ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

    ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

    වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

    ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ලියපං බං බ්ලොග් එකක්.

      Delete