Saturday, October 21, 2023

භක්තිමත් ශිෂ්‍යයා (BS)

 උසස් පෙළින් පස්සෙ රස්සාවක් හොයාගන්ඩ බැලුවා හරි ගියේ නෑ මිල්ටේරියට යන්ඩ ඉන්ටව් ගියා ඒ යනවට බලපිටියෙ මන්ත්‍රී තුමා කැමති උනෙත් නෑ. පස්සෙන් පහු කල්පනා කළා තව මක්කවත් ඉගෙනගන්ඩෝන කියලා.

වැඩේට ගෙදර ඉඳලා එන්ඩ බැලුවත් ඒක ප්‍රයෝගික උනේ නෑ. ගාලුපාරට කිට්ටුව කටුබැද්දෙ පිළියන්දල පාරෙන් බෝඩිමක් හොයාගත්තා. කැම්පස් එක, ජර්මන් ටෙක් එක, අධුනිකත්වෙ වෙලෝන එක ඔක්කොම තියෙන නිසා ඔය ඒරියා එකේ බෝඩිම් බහුලයි.

මට ඕක සැට් උනාම ඒකෙ විස්තර අහලා මගෙ ගෲපාටත් එතනටම එන්ඩෝනඋනා. පොඩ්ඩගේ ගම මාතර. මාතර කිව්වට මාතර බස්ටෑන්ඩෙකේ ඉඳල තව පැය එක හමාරක දෙකක ගමනක් උගේ ගෙදරට. ඒත් වෙලාවට බස් තිබ්බොත් විතරයි ඈ 

බෝඩිම්වල උන්නු අය දන්නව ඇතිනේ එව්වයෙ කෑම ගැන. අනිත් අයත් අහල කියල ඊර්ශ්‍යා කරලා ඇති ඒවගෙ ලැබෙනව කියන ස්ටාර් ක්ලාස් ෆුඩ් වලට.  ඉතිං අපි සුමාන දෙහෙකට තුනකට පාරක් හැන්දෑකොරේ හංදියට ගොහිං පොඩ්ඩක් බඩ පුරෝගෙන එනව.
මල්ලිකා හෝටලේ ඇත්තො ජාති ජාතිත් වැඩි වැඩියෙන් ලබන්න ඕනෙ. හැන්දෑවට ඕකේ කොහොමත් සෙනඟ, අධ්‍යාපන චාරිකාවක ගොහිං එන බස්සෙකක් නවත්තනවා කියන්නේ කඩේ කට කපලා සෙනග. ඉතින් බනිසක්, මාළුපානක් ප්ලේන් ටී එකක් ඒගොල්ලොන්ට දැනෙන්නෙ නෑ.

ඔන්න එදත් සුපුරුදු ඩයට් එක දාල බාප්පිගේ කඩේ වගේ අපි දෙන්න එලියට ආව. අඳුරත් වැටිලා, පාරේ ලයිට් දාල එත් පේමන්ට් එකේ එච්චර එළියක් නෑ.

ඒයි මචෝ හැට්ටර් මට රුපියල් පහක් දියං.
ඈ බං මේ රෑ බොට මක්කටෙයි සල්ලි.
ඒ කාලෙ බෝම හැදිච්ච කොල්ලෙක්, කුණුහබ්බ පාවිච්චියක් ඇත්තෙම නෑ වගේ.
උඹට වැඩක් නෑ නේ පහක් දියං.
යකෝ බොට නිකං පහක් දෙන එකේ අයෙමත් මල්ලිකා එකට ගිහිං සල්ලි දීලම මාළුපාන් දෙකක් කාල එනවනේ.
හරි හරි මට පත්තරයක් ගන්ඩ රුපියල් පහ දීපං 
දැන් ඔන්න පොඩ්ඩ පහේ කාසියත් අරන් යනව පත්තර ලෑල්ල දිහාවට 
උඹ ඔහොම හිටිං මං ගිහිං කෂ් ගාල පත්තරෙත් අරන් එන්නං.
මූ ගියා මක්කහරි කිව්ව කාසිය දුන්න මුදලාලි පත්තරයක් දුන්න. තප්පරෙන් මෙන්න පොඩ්ඩ මා ළඟ.
යමං යමං
මහත්තය ඉතුරු සල්ලි ගන්නැද්ද 
ඒ අඩෝ අන්න ඉතුරු සල්ලි දෙන්ඩ කතාකරනව 
යමං යමං යමාං... මූ මාවත් ඇදගෙන බෝඩිමට යන්ඩ පිටත් උනා.
එදා කොහොම බෝඩිමට ආවද දන්නෑ මූ හරියට කාල් ලුවිස්ගෙ කෝච් වගේ.ඇවිදිනවා නෙවේ දුවනවා. පත්තරෙත් රෝල් කරගෙන.

කාඹරේට ගියා ගිය සැනින් දොර වහල මූ කියනවා 
අඩේ නියම පත්තරයක් ගෙනාවේ. බලමු 

පත්තාරේ දිග ඇරිය 
අම්මටසිරි 'බුදුසරණ' පත්තරේ 
ධර්ම භාණ්ඩාගාරයක්!


පොඩ්ඩගෙ ෆේස් ප්ලේට් එක හරියට හුලං බැහැපු ටැට්ටර් ටෑර් එකක් වගේ.
මේ උඹ මේක කාටවත් කියනවා එහෙම නෙවේ. හරිද 
හරි හරි උඹ මේ තකහනියක් දඟලල ගියේ බුදුසරණ ගන්ඩ නෙවෙයිද 

නෑ බං මම ඉල්ලුවේ 'නව සරණ'

ආ එහෙම වරෙන් පුතා.
කෝම හරි මම විතරයි එදා බුදුසරණ බැලුවෙ.

වෙන දවසක මම නවසරණක් ඌට අරගෙන දුන්න.

කමල් මහතා මට එසේ ඉන්නට කීවාය. වගේ නොයෙකුත් කතා සහ සෙන්ට ෆෝල්ඩ් එකේ ලැජ්ජ නැති සුද්දියෙක්ගෙ කලර් පොටෝ එකක්!
 
ඉන් පස්සේ ඔය පත්තරේ ඩිස්පෝස් කළ හැටි තව චැප්ටර් එකක් හිටං.

දැන් අදට ඇති.
මෙහි පැමිණි නොපැමිණි ඔබ සැමට ජයවේවා!

මේ බස්නායක උන්නැහෙගේ ඇෆ්ගන් ජලේබි එකේ සිංදුව.



24 comments:

  1. මේ වගේ අතීත සැමරුම් කතා නියමයි. ඉතුරු ටිකත් ලියමු.

    ReplyDelete
    Replies
    1. ඇහැක් විදියට මක්කහරි ලියන්ඩ බලමු සර්.

      ජයවේවා!

      Delete
  2. Replies
    1. අම්මප සහතික ඇත්ත ලොකු මිසී.
      රුපියල් පහ දුන්නෙත් නෑ මට.

      ජයවේවා!

      Delete
  3. ඒකාලේ ඔය නවසරණ, සූසර, මදුසර වගේ පත්තර රාසියක්ම තිබ්බානේ. මගේ යාලුවෙක් හිටියා අඟුරුවැල්ලේ අජන්ත කියලා. දැං ඌ ඉන්න රටක් හොයා ගන්න බෑ. ඒකාලේ ඔය ජාතියේ පත්තර සියල්ල එන්නේ උගේ කාමරේට!
    ඒක කොටින්ම ගුබ්බෑයමක්!
    කොල්ලෝ පත්තරේ බලන්න ගියාම පත්තරේ ඩිස්මැන්ටල් කරලා එක එකා කෑල්ල කෑල්ල අරං තමයි කියවන්නේ!
    බලලා ඉවර පත්තර පිටු ඇඳ යටයි මෙට්ටෙ අස්සෙයි පුරවලා. ඔක්කොම පිටු ගලවපුවා!
    අජන්තගේ තාත්තා අම්මා ගුරුවරු! ඒ කිසි කෙනෙකුට කාමරේට ඒම තහනං.
    කාමරේ හැමවෙලාවෙම ලොක් බොක් කරලායි තිබ්බේ.
    දවසක් ඌට දොරේ යතුර දොරේම තියා ඇවිත්!
    අම්මා කාමරේ අස් කරලා!
    මගුලයි!~
    අජන්තයා ගෙදර යන කොට අරපත්තර ටික හරියට පිටු තෝරලා ගානට හදලා මේසෙ උඩ තියෙනවාලු!
    එහෙමයි පිළිවෙලට වැඩ කරණ අම්මලාගේ වැඩ!

    ReplyDelete
    Replies
    1. ඔය පත්තරේ ඩිස්පෝස් කරන්ඩ ගියාමත් අපේ මැන්ටල් ටික ඕක ඩිස්මන්ටල් කරලා තමා බැලුවෙ.

      ජයවේවා!

      Delete
  4. කන්න ගිහින් එන අතරේ මුදල් අරන්
    මෙන්න ආවෙ පත්තරයක් අතේ දරන්
    ඉන්න බෑනෙ ඒ මතකය සතුටු කරන්
    මෙන්න ලියල අද ඒ ගැන සිනා පෙරන්..

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මොනවාද කියන්නේ දුමින්ද සර්, ඕක මතක් කලාම අපි බි.පෙ.සි.( බිම පෙරෙලෙමින් සිනාසෙන්නේ!)

      ජයවේවා!

      Delete
  5. අජිත් ධර්මකුමාරOctober 22, 2023 at 7:00 AM

    2010 වගේ වෙනකොට මෙම පත්තර අලෙවිය අඩුවෙලා ගියා නේද අන්තර්ජාල පහසුකම් පැතිරීමත් සමග.

    ඉස්සර අපි පාසල් යන කාලේ මේවා බලලා කොල්ලෝ එකට ගල්කපා ගන්නවා.

    ReplyDelete
  6. රුපියල් පහ කෑව පොඩ්ඩ. හැක්..
    අපිත් ඕව ඒ කාලෙ ඉස්කෝලෙ ගස් බෙනවල තියාගෙන තමයි බැලුවෙ.

    ReplyDelete
  7. වැල පත්තර නං නං මහලොකුවට බලලා නෑ ඉතින්. ඔය ධර්ම කරුණු තියෙන පත්තරයක් දෙකක් බැලුවොත් ඇරෙන්ඩ. ආයෙ බැලුව විජය මිහිර වගේ ළමා පත්තර අපි ඔය නරක ආදරේට වැටුන් නෑනෙ ආයිබොවන්ඩ.

    ඒ උනාට පත්තර ලෑල්ලෙ මුදලාලි කොයිතරම් අපිව නොමඟට යවන්ඩ හැදුවද කියනවා නම් වෙලාවකට බුදුසරණ පත්තරේ ඇතුලේ මොනවද මං දන්නෑ හෙලුවැලි කෙල්ලෝ ඉන්න ෆොටෝ තියෙන පත්තරත් තිබ්බා අපි කරන්නේ එව්ව විසි කරලා දානවා.

    ඇඳේ මෙට්ටෙ අස්සට 😎

    ReplyDelete
  8. මං ඉතුවෙ යේක කඩුපයිට් ඔක්කොම එති කයල. අපේ රුපියල් පා කේව

    ReplyDelete
    Replies
    1. "අපේ රුපියල් පා කේව" කතාව කියහංකො. කියනව අහල තියනව මිසක් කතාව දන්නෙ නෑ.😒
      හැට්ටර් දන්නවත් ඇති?

      Delete
    2. https://www.youtube.com/watch?v=ga9LJ3FsoHA
      මේක අහල බලන්ඩ, සද්දෙ ඩිංගක් අඩු කරලා...

      Delete
    3. ඔඳ වෙඩේ තමා වෙලා තීනව.
      කාදර් නානගේ පුතා ෂයන්න ඔඳයි කිව්වා කියල රුපියෙල් පාත් අරං ගියා කඩු පයිට් පලන්ඩ.
      අපිල යෙනකොටම කිව්ව ඔය පා දීල පත්තරේ ගත්තනං කමල් ෂර් කඩු ගිල්ලනව කියවන්ඩ පුලාං කියල.
      කෝ ඇව්වද? දැන් ඉතිං කුණුහබ්බ විද විද අඬපාන්.

      Delete
  9. ඔන්න අපිත් ආවා මේ පැත්තට..

    ReplyDelete
  10. එහෙම පත්තරත් තිබුනද?අපි කියෙව්වේ ඩීමන් ආනන්දගේ කතා විතරයි. ඒ ලෙවල් පන්තියේ එවුන් නම් ප්ලේබෝයි පන්නයේ සඟරා ගෙනත් පිටි පස්සේ පේලියේ ඉඳන් බැලුව. මරදානේ තියනවලු. ඒ දවස් වල ඇප්ලයිඩ් මැත්ස් උගන්නපු සර් ගේ වැඩෙත් පන්තියේ පිටිපස්සට ගිහින් කොල්ලෝ එක්ක ඒවා බලන එක.

    ReplyDelete
  11. 'පත්තරවල විස්තර ඇස් ඇරගෙන තප්පරයට අපි කියවනව'... එන්නෙ කවුද බලනව. ආයෙම කියවනව. ඔන්න ඔහොමයි කියවීම 😁

    ReplyDelete
  12. අජිත් ධර්මකීර්ති කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඕඩීකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් 88/89 භීෂණ සමයේ රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවේ ලංකාවට ඇවිත් ඒ ගමන්ම තුන්දෙනෙක් එක්ක මාතර ගිහින් කැරලිකරුවන් පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.

    ඒ කාලේ ජේආර් ජනාධිපති. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමති. ජේආර්ගේ පුතා රවී තමයි ජනපති ඇතුළු ප්‍රභූ ආරක්ෂාව භාරව හිටියේ. එයා ඒකටනේ විශේෂ කාර්ය බලකාය හැදුවෙත්. ඉතින් ඔය කාලේ ජේවීපී ත්‍රස්තවාදය තදටම තියෙනවා. රජයේ දේපල මංකොල්ල කනවා, ගිනි තියනවා, මිනිස්සු මරනවා. එකම අවුලයි.

    ඔය කාලේ මාතර පැත්තේ ගමට ජේවීපී ටෙරාලා සංවිධානය වෙමින් ඉදලා ලොකු ප්‍රහාරයකට. ප්‍රාණ ඇපකරුවන් විදියට ඇමතිවරු දෙදෙනෙකුත් අල්ලා ගෙන. ඕක විසදා ගන්න එක ජේආර් භාර දීලා රවී ජයවර්ධනට සහ රනිල්ට. රනිල් ඒ වෙලේ හිටියේ බියගම බටලන්දේ.

    රනිල්ට එක පාරටම ඔලුවට ඇවිත් තියෙන්නේ මේකට සුදුස්සා නං අජිත් ධර්මකීර්ති කියලා. රනිල් ඒ වෙලේම මොස්කව් වල ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලට රහසිගත කේබල් පණිවිඩ දෙකක් යවලා. එකක් තානාතිපති කාර්යාලය හරහා අජිත් ධර්මකීර්තිට යවලා තියෙන්නේ. අනික එවකට රුසියාවේ ජනාධිපති ගොර්බවෙච්ට.

    රුසියන් ජනාධිපතිට ඉල්ලලා තියෙන්නේ රනිල්ට මේ වෙලේ ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා, ඒ අජිත් ධර්මකීර්ති. ඔහුව ගෙන්වා දෙන්න කියලා. අජිත්ගේ පණිවිඩය ලබා දෙන්න අජිත් කොහෙද කියලා කෙජිබි එක දාලා හොයලත් හොයාගන්න බැරි වෙලා.

    පස්සේ බලද්දී අජිත් ඒ වෙලේ කේජිබි ලොක්කා ගැන ඔත්තු බල බලා ඉදලා තියෙන්නේ.

    ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අජිත්ට පණිවිඩේ දීලා. අජිතුත් කම්මැලි කමේ ඉදලා තියෙන්නේ. ඒ නිසා එක පාරම කැමති වෙලා මාතර ඇවිත් ජේවීපී ටෙරාලා එක්ක සටන් කරන්න.

    රුසියන් ජනාධිපති විසින් රනිල්ගේ ඉල්ලීමට ඇති පදම් ඉන්ධන පුරවපු ඇන්ටනෝව් ගුවන්යානයක් ලබා දීලා අජිත්ට අමතර ඉන්ධන බැරලුත් එක්කම. ඒ පාර අජිත් සහයට තව ගුවන් නියමුව්ක් ඉල්ලාගෙන අජිත්ම යානය අරගෙන ඇවිත් කොග්ගලට.

    එතනින් යානය නවත්තවපු ගමන් පළාත් සභා පැජරෝවක් අරගෙන අජිත් කෙලින්ම ගියේ මාතරට. අජිත්ට තව සෙබළු තුන්දෙනෙක් රනිල් දීලා තිබ්බා.
    අජිත් ධර්මා මාතර ගිහින් ත්‍රස්තයන් බාවලා ඇමතිවරු බේරාගත්තා. අජිත්ට හිරීමක් වත් නැහැ. එක සෙබලෙක් නං එනගමන් ගහක මුලක කකුල පැටලවිල වැටිලා කකුල දෙරි ගහගෙන තිබ්බා. එච්චරයි.

    එකපාරක් තිහගොඩ අපේ කට්ටියක් ජේවීපී ත්‍රස්තයන්ට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ජේවීපී ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව බේරාගත්තු ජාත්‍යන්තර පොරක්.

    එයාට යුධ පුහුණුව ලබා දීමට රුසියාවෙ කෙජිබි බුද්ධි අංශයට යැව්වේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ උවමනාවට.

    ඊට පස්සේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, බ්‍රිතානයේ බුද්ධි අංශ මගින් පුහුණුව ලබා දුන්නා.

    අජිත් ධර්මකීර්ති මහතා කොතරම් දක්ෂයෙක් දැයි කිවහොත් කොටි සංවිදානයේ ටොසි බුද්ධි අංශයෙනුත් පුහුණුව ලබා ගැනීමට ඔහු සමත් උන.
    බුද්ධි අංශ නායක කර්නල් සුසෙයිගේ අභ්‍යන්තර කවයේත් හිටියා. ඒ ආණ්ඩුවේ උවමනාවට.

    ReplyDelete
    Replies
    1. 1) අජිත් ධර්මකීර්ති මහත්තයා රාජකීය විද්‍යාලයේ පන්ති නායක කම ගත්තේ හම්බුනේ නැති නිසා නෙමේ. උදේම ඇවිත් පන්තිය අතුගාන්න වෙන නිසා.

      2) අජිත්ගේ ඔලුවේ එක කොන්ඩේ ගහක් වත් නැහැ. මොකද අජිත්ගේ ඔලුවට උඩින් කොන්ඩේ වත් ඉන්නේ නෑ, බයට.

      3) එක පාරක් ඇෆ්ගන් යුධ බිමේදී අජිත් ධර්මාගේ මාරයාගේ ගෙදර දොරකඩට ගිහින් ආවා. ඊට පස්සේ අජිත් මාරයාගේ ගෙදර අල්ලා ගත්තා. දැන් මාරයාට ඉන්න තැනක් නැ.

      4) අජිත් කොච්චර අරක්කු බිව්වත් අජිත්ට වෙරි වෙන්නේ නැහැ. ඒ වෙනුවට බෝතලේ වෙරි වෙනවා.

      5) ටයිටනික් චිත්‍රපටියේ ජැක් ගේ චරිතෙට අජිත් ධර්මාකීර්ති තමයි කැමරන් තෝරා ගත්තේ. ඒත් රෝස් ලස්සන මදි කියලා අජිත් බෑ කිව්වා.

      6) කේජිබි එකේ ලොක්කා ගැන ඔත්තු බලන්න දාලා හිටියේ අජිත්ලු.

      7) ජේආර් ව්‍යවස්ථාව හැදුවෙත් අජිත් ධර්මාගේ උපදෙස් අරං

      8) අජිත් ඉපදෙනකොට අජිත් ලෑ තාත්තා ආච්චිගේ බඩේ. අජිත් තමයි තාත්තට නම දාලාත් තියෙන්නේ.

      9) මහින්ද මහත්තයා උඩු රවුල වවන්නේ අජිත් කිව්ව නිසාලු.

      10) අජිත් කොට නිසා ඉස්සර ඉස්කෝලේ බුලි වෙලා, ඒ නිසා අජිත් එයාගේ ළමයි අජිත්ට වඩා උසට හැදුවලු.

      11) අජිත් කවදාවත් අව්ව තපින්නේ නෑ. ඒ වෙනුවට අව්ව අජිත්ව තපිනවාලු.

      12) කොටි එක්ක යුද්දෙදි ඕමන්තෙයි ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගන්න බැරුව හමුදාව මාස තුනක් විතර බලං ඉද්දි අජිත් ඇවිත් ඒක විනාඩියෙන් කඩලා දුන්නලු.

      13) අජිත් කෝච්චි පාරේ ඇවිදන් යනකොට කෝච්චි අයින් වෙලා යනවලු.

      14) අජිත් ධර්මා හුස්ම අරං එලියට දාන්නේ නැල්ලු. මොකද කාබන්ඩයොක්සයිඩ් හොද නැති නිසා. වෙනුවට අජිත් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් එලියට දානවලු.

      15) අජිත්ගේ ඔළුවට උඩින් ඉර උනත් පායන්නේ නැල්ලු, බයට.

      Delete
    2. මේ නං අජිත් ගැන වෙන්ඩ බැ සුවර් එකටම චතුර සේනාරත්නගෙ කතාව

      Delete
    3. චතුරට ලියල ඊට පස්සේ මගේ නම දාල. මේවා තනිකරම මඩ. මොන හේතුවකට මෙහෙම මඩ ගහනවද මන්ද

      Delete