Wednesday, May 29, 2019

මයික්‍රෝ ඉට්ටැයිල් mini කතා


image from pinterest

ඉතිං ඔන්න හවස හදිසියේම වාගෙ පොඩ්ඩක් අනුමතවෙන්ඩම ඉන්විටේෂන් එකක් ආවා.  'හේතුවක්' ඇහුවට කිව්වෙත් නැහැ. කිව්වත් වැඩකුත් නැහැ නේ.
තැනක් කියල හොයාගන්ඩ වෙලාවකුත් තිබ්බේ නැහැ පුංචි බොරැල්ලේ නීලා මල් ශාලාවේ සෙට් උනා.
වැඩේ ඉතිං නැගල ගියා.අධික වේගයෙන් ලකුණු රැස්කරපු ක්‍රීඩකයාගේ කණ සාක්කුවට වැටුණා ඉන්පස්සේ ක්‍රීඩකයා බිමට වැටුණා .
දැන් හොඳටම රෑ වෙලා, මේකාව මල් ශාලාවේ තියාගන්ඩ ඇහැකි හැබැයි ගෙදර උන් බයවෙලා මේකව හොයන්ඩ ගත්තොත් ඉතිං ඒක කේස් නේ. දන්නවනේ ඉතිං.

වඩාගෙන යන්ඩත් බෑ මොටෝ සයිකලේ තියං යන්ඩත් බෑ.
හරි හරි මල්ලි නෝ ප්‍රස් අපි මෙයාව ගෙදරට දාල එමු.

අයිය ගත්ත 504 වැගන් එක. ඩිකිය ඇරිය ස්ට්‍රෙචර් එකට දැම්ම බුවාව. ගියා ගෙදර.
අයිය පුරුද්දට කෙලිම්ම රිවස් කොරල ඉස්තොප්පුවටම ගත්ත.
වාහනයක් ආපු සද්දෙට ගෙදර ලයිට් දැම්මා. ඉස්සරහ දොර ඇරලා යාළුවගේ නෝනා එලියට ආවා.
නීලා මල් ශාලාව කියල වෑන් එකේ ඩිකියේ ලොකුවට ප්‍රින්ට් කොරල එහෙම තිබ්බේ.
ඔන්න ඉතින් ඩිකිය ඇරලා ස්ට්‍රෙචර් එක තල්ලු කොරල මිත්‍රයව එලියට ගත්තා...

අනේ මගේ රජෝ... මොකද මේ උනේ.
බලනකොට එකපාරටම අපේ පොර රජෙක් වෙලා අපි දන්නේත් නැහැ. (ඒකද දන්නෙත් නෑ අර 'හේතුව')
සහායට අනේ පුතේ ... තාත්තේ.... මොකද මේ උනේ.  සද්දේ ඩෙසිබෙල් එකසිය ගානට.

ඔය අතරවාරේ මෂ්ෂිනා කනට කොරල අහනවා අයියේ අපේ අයියට මොකද උනේ කියල.
කොල්ලේ හොඳට දෙහි ටිකක් ගාපන් ඕක හරියාවි.

අයිය ස්ට්‍රෙචර් එක අකුලලා කාරෙකට දැම්ම. හරි මල්ලි දැන් වැඩේ හරිනේ අපි යං. අයිය 504 එක ඉස්ටාට් කළා. කෂ්ටිය මාරු.

පස්සෙන්දා රජ බිසව කියපු දේවල් අපි නං දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනං කියන්ඩකෝ. කතාව සම්පුරන් වෙන්ඩත් එක්කල.

ජයවේවා!
Myself Hattor

Saturday, May 11, 2019

හැට්ටර්ගේ ඉතිහාස කතා - පාස්කු and whaaaa...t 1942 ?


පාස්කු ඉරිදා බෝම්බයෙන් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවයත් අකාලයේ මියගිය අයවලුන්ට ප්‍රර්ථනා කළාවූ සැනසීමත් ලැබේවා ! හැට්ටර්ගේ හෘදයාංගම පැතුම.

ගුඩ්ම ගුඩ් මෝනිං එකක් වේවා!

සමාවෙන්ඩ ඕනේ, පහුගිය ටිකේ වැඩත් ටිකක් විතර අධික උනා, ඒ මදිවට ඉන්ටනෙට් එකෙත් පොඩි පොඩි කචල් තිබ්බනේ.

අපිලට ඉතිං යාලුවොත් නෑනේ පේස්බුක් මැසේජ් එකක්වත් එවන්ඩ හිටං. වෙලාවට ගොහිං ඇවිල්ල පේස්බුක් තහනං කොළේ. නැත්තං තාම දන්නේ නෑ මක්කයි උනේ කියල. හැබැයි මටනං තේරෙන්නේ නැත්තේ එච්චර වටින කියන ඉන්ෆෝමේෂන් දුන්නු එක ආ ගමං තහනං කොළේ ඇයිද කියල. ඒත් ඉතිං ඉණිමගට පයින් ගහන එක, එක්කො වැඩක් නැහැ, අපේ වැඩක් බලාගමු.

ජේසු ස්වාමිදරුවෝ මළවුන්ගෙන් නැගිටිමනේ පාස්කුවෙන් සමරන්නේ. හරිනේ
තව තව දේවලුත් ලංකාවේ වුනානේ පාස්කු දවසේ, දූවේ පාස්කු උත්සවේට අමතරව. නැද්ද මං කියන්නේ.

පහුගිය සමර් එකේ පොඩි බෝට්ටු කේස් එකකට පෝට් ඔෆ් බොස්ටන් එකට යන්ඩ වැඩ සිද්ද උනා. (ටැට්ටර් වැඩ අස්සේ බෝට්ටු කේසුත් ලාවට වෙනවා.)

ඩබ්ලින් පෝට් එකෙන් නැග්ගා ඇට්ලාන්ටික් එක හරහා කැනඩාවේ හැලෆැක්ස් (Halifax) වලට ආවා . ගොඩට ගොහින් තේ එකක් කාරිය බීල පොඩි වන්දනාවකුත් කොරගෙන හිටං පෝට් ඔෆ් බොස්ටන් එකෙන් බෝට්ටුවෙන් බැස්ස. හරිය. සුමාන තුනක් බොස්ටන් වල වැඩ.

ආතල් ගෘප් එක. හැලෆැක්ස් වලින් ආපු පරණ කොමඩොර් කෙනෙක් හිටිය. ෆන් එකේ උපත. පොර දවසක් මගෙන් අහනවා හැට්ටර් මල්ලි උඹ දන්නවද උඹලගේ රටේ සේවියර් අපේ කොල්ලෙක් කියල. මගේ උත්තරේ සිංහලෙන් කියනවනං, පල ඩෝ යන්ඩ, කැනඩාවේ කොහෙද අපේ සේවියර්ල?  (ඔන්න ඕස්ට්‍රේලියාවේ සිනුවර වගේ තැනක එකෙක් කිව්වනං ඉතින් ඉවසතෑකි.) අපිට ඕනේ තරං සේවියර්ල ඉස්සරත් හිටිය දැනුත් ඉන්නවා කියල. නෑ නෑ මල්ලි විහිළුවට ගන්ඩ එපා මම මේ සිරා කියන්නේ උඹලගෙ සේවියර් අපේ ගමේම කොල්ලෙක් කියල.

එතකොට මම කොමඩොර්ගෙන් ඇහුව එතකොට සෙන් කැතරින් තියෙන්නෙත් හැලෆැක්ස් වලද කියල. එතකොට ඌ මගේ උඩ ඉඳන් පහලටම බලල අහනවා අඩෝ තෝ මෙච්චර වෙලා මට කින්ඩිය නේද දැම්මේ කියල. ඊගාවට මූ අහනවා හැට්ටර් තෝ කොහොමද ඕක දන්නේ. ඔය කේස් එක වෙනකොට උඹ ඉපදිලාවත් නැහැනේ. ඉස්කෝලෙදි ඕක ඉතිහාසෙට උගන්නනවද  කියල. ප්‍රශ්න වැලයි තවත් ටිකයි.

මං කිව්වා මචෝ, මගේ මාම පරණ RCN පොරක් කියල. හෑ යකෝ මාත් RCN නේ. මාම මොන බේස් වලද හිටියේ කියල. නෑ මචෝ උඹ Royal Canadian Navy වෙනකොට අපේ මාම  Royal Ceylon Navy කියල. ආ එහෙම වරෙන්.

ඔය 1942 කතාව මම මේකේ ටයිප් කොරාන්ඩ ඕනේ නැහැනේ.

මෙන්න කතාව මෙතන තියෙනවා හරිය.

මෙන්න  මෙයා තමා එළ කොල්ලා


ඒකියන්නේ, හරියටම කියනවනං සෑර් මීට කලිනුත් අපිට පාස්කු ඉරිදා බෝම්බ ගහල තියෙනවා ඈ.
හැබැයි වෙනස ඒකාලේ බුද්ධි අංශ දෙයක් කිව්වම ලොක්කොන්ට එව්වායේ බරපතලකම තේරුම් ගන්ඩ ඇබිලිටි කියන එකක් තිබිල   තියෙනවා.

ප. ලි.
සුවර්ගයෙන් එන ආරංචි වලට අනුව බ්ලාස්ටර්ලා සැට් එක ආයෙමත් ලංකාවට එන්ඩ ඕනේ කියල පුල් ගේමක් දෙනවා කියල තමා ඇහෙන්නේ.
ඇයිද කියන්නේ ගියා ගියාමයි තාම කිරි ටිකක් මී පැණි ටිකක් කන්ඩතියා කාඹරෙන් එලියට එන්ඩ වත් වෙලාවක් නැතිලු. හැම තිස්සෙම තව 71ක් පෝලිමේ ඉන්නවලු. ඕගොල්ලෝ නං කියයි.

 එහෙනං මේකත් බලමුද හිටං. 

ජයවේවා!
Myself Hattor