Tuesday, June 16, 2026

රවි සඳ

වි සඳ බැස ගිහිං 

අමාවක දා රාත්‍රිය උදාවෙලා 

රවි හිරු (Sun) වෙනකොට සඳ (moon) වගේම noble person ලෙසටත් වරනගන්න ඇහැක් 


හැට්ටර්ට රවියව මුලිච්චි වෙලා නෑ.

බලාගෙන යනකොට බොහොම වෙලාවට අපි දෙන්න අංශක 180කින් වාගෙ දුරස් වෙලා හිටියෙ.

හැට්ටර් රජ්ජුරුවොංගෙ රට ඉඳි කොම්පැණියේ රස්සාව කොරන කාලෙ මයෙ හිතේ රවිය ලංකාවෙ 

රවිය සෙන්ටිග්‍රේඩ් අංශක 40-50 සැප විඳින කාලෙ හැට්ටර් අංශක රිණ (සෘණ) ගණන් යන පැත්තක ජිවිතේ 


ඒ මොනවා උනත් රවියව ගැන දැනගත්තෙ බ්ලොග් ෂීන් එකෙන්. හොඳට enjoy කළ බ්ලොගක්.

පඳුරු තැලිල්ලත් එක්කම අපි නොදත් බොහෝ දේත් ඉගෙනගත්ත, දැන කියාගත්ත. සිංහල භාෂාව බොහොම අගේට හැසිරවූ කෙනෙක්. රවී ඉංග්‍රීසියෙන් ලිව්වනං ඒ වගේම එලට ලියන්ඩ හැකියාවක් තිබුණු බවත් හැඟුණා මෑන් ගේ කියුම් කෙරුම් වලින්. 

රන්දිල් නෝන කියල තිබුණ විදියට රවිය අන් අයට කළ උදව් උපකාර ගැන අවිශ්වාසයක් නෑ. බොක්කෙ දඩමස් නැති උං එහෙම තමා.

ආ...න්න එකට තමා 'අවයවය' කියන්නෙ 


මට හිතෙන හැටියට රවිය ගන්ඩ තියෙන ආතල් ගත්ත 

බොහෝවිට ඉස්සරහට කරන්ඩ කියලත් ලොකු දෙයක් තියෙන්ඩත් නැතුව ඇති.

ඇරියස් අඩු නිසා යන තැනකට බැගේජ් එකක් නැතුවම යන්ඩත් ඇති.

කෙසේ වෙතත් ඉන්න තැනක  පරිස්සමින් ඉඳපන් (නොදුටු) මිත්‍රයා.


අර රවියත් එක්ක ගිහිං කැලේ කෝටස් එකේ කාලයක් හිටිය මාතලේ මිසීට නං අපිට වඩා බොහොම දුකක් ඇති.

ඒත් මිසී රවීගෙ දුටු නොදුටු මිත්‍රයො, ෆෑන්ල, රීඩ'ස්ල,  ෆලෝව'ස් ල ඔක්කොම ඔබත් සමග දුක බෙදා ගන්ඩත් , ඉදිරියටත් ඉන්නවා කියල හිතේ තියා ගන්ඩ.



සබ්බං පහාය ගමනීයං

15 comments:

  1. හැට්ටරේට ස්තූතියි. මට ඔය සගිස්කුරුත තේරෙන්නෙ නෑ අප්පා. මම ගූගල් ජෙමනායි උන්නාන්සෙගෙන් ඇහැව්වා. ෂෝක් බණ ටික:

    මෙම ප්‍රකාශය බුදුදහමේ එන ඉතා ගැඹුරු සහ අර්ථවත් පාඨයකි. එහි සරල සිංහල අර්ථය වන්නේ "සියල්ල අතහැර දමා යා යුතු ය" යන්නයි.මෙහි මූලික අදහස් සහ ජීවන දර්ශනය පහත පරිදි කෙටියෙන් තේරුම් ගත හැකිය:📌 ප්‍රධාන අර්ථයනියත මරණය: මිනිසා උපදින සෑම මොහොතකම මරණය කරා ගමන් කරයි.අනිත්‍යතාව: අප රැස් කරන ධනය, බලය, නෑදෑයින් හෝ අපේ ශරීරය පවා අපට සදාකාලිකව අයිති නැත.අත්හැරීම: ජීවිතයේ අවසාන මොහොතේදී මේ කිසිවක් අපට රැගෙන යා නොහැක.💡 ජීවිතයට ගත හැකි ආදර්ශභෞතික වස්තූන් කෙරෙහි ඇති දැඩි බැඳීම (තණ්හාව) අඩු කර ගැනීමට උත්සාහ කරන්න.ජීවත් වන කෙටි කාලය තුළ අන් අයට උපකාර කරමින් පින් දහම් රැස් කරගන්න.මරණය යනු සැමට පොදු ධර්මතාවයක් බව වටහාගෙන බියක් නොමැතිව මුහුණ දීමට සිත හදාගන්න.මෙම ධර්ම පාඨය පිළිබඳව ඔබට තවදුරටත් බෞද්ධ දර්ශනයට අනුව ගැඹුරින් දැනගැනීමට අවශ්‍යද, නැතහොත් මෙහි පාලි ව්‍යාකරණ හෝ මූලාශ්‍ර පිළිබඳව දැනගැනීමට අවශ්‍යද යන්න පවසන්නේ නම් මට තවත් තොරතුරු ලබා දිය හැක

    ReplyDelete
  2. අපි එකට හමු නොවීම ලොකු අවුලක්ම තමයි! අපිට හමුවෙන්න තිබුනු අවස්ථා මිස් උනේ කොහොමද?

    ReplyDelete
  3. ඇත්ත කතාව. රවිය තරං ජීවිතේ එන්ජොයි කරපු මනුස්සයෙක් බ්ලොග් වල මම තවත් දැකල නෑ.

    Praසන්னJune 17, 2016 at 9:48 AM

    මොනව කරන්නද රවී අයියෙ. වෙන්න තියෙනවනං දෙයක් වළක්වන්න පුලුවන් කමක් නෑනෙ. කුකුළෙක් නෙමෙයි කැරපොත්තෙක් හරි හින්ද උනත් සිද්ධවෙන්න තියෙන දේ සිද්ධ වෙනව.
    මම කලිනුත් වතාවක කියල තියෙනව වගේ අයියල ඒ කාලෙ ගතකරපු ජීවිතේ ගැනනං ඉරිසියා හිතෙනව.
    Reply
    Replies

    RaviJune 17, 2016 at 5:29 PM

    ප්‍රසන්න,

    / මම කලිනුත් වතාවක කියල තියෙනව වගේ අයියල ඒ කාලෙ ගතකරපු ජීවිතේ ගැනනං ඉරිසියා හිතෙනව. /

    අම්මප ඒකනං ඇත්තම ඇත්ත. උඹට නෙවෙයි බං මටත් වෙලාවකට ඊරිසියා හිතෙනව මා ගැනම ඔය පරණ සීන් කෝන් මතක් වෙනකොට...දෙයියම්ප මේ ඇත්ත...හෙහ්,හෙහ්,

    ReplyDelete
  4. චතුගේ අඩවියJune 17, 2026 at 8:53 AM

    රවී මුලින් නං බ්ලොග් එකේ ලස්සනට ලිපි ලිව්වා. පහුකාලේ මිනිහා ජේවීපී එකට කඩේ ගිහිං කුඩුකේඩු කුහක කෙනෙක් උනා. මට මතකයි මිනිහගේ ෆේස්බුක් එකේ දාපු දේවල්. මහින්ද මහතාට නාකි මයිනා කියමින් ඔහුගේ මරණය පාර්ථනා කරා.

    එම නිසා මා ඔහුව මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කරා. මැරුණු මිනිසුන් ගැන ගුණ කතනම කලයුතු නැහැ කියලා අජිත් පැරකුම් ලියලා තිබ්බා.

    ReplyDelete
  5. ------------------------------------------

    ReplyDelete
    Replies
    1. වැට මාර වැට නං දන්නවා. මේක තේරෙන්නෙ නෑ.🤔

      Delete
    2. තට්ට මහත්තයාට ගහල තිබ්බෙ තනි ඉරක්.🤣

      Delete
  6. රවී ගිහිනුත් මට අලුත් මිතුරෝ හඳුන්වා දෙනවා. මොනවා වුණත් අතිශය සුලුතරයක් හැර අපි බ්ලොගර්ස්ලා සෑහන ලෙහි පපුකම් ඇති උදවිය. එහෙම අයට දන්න කියන කෙනෙක්ගේ වියෝවක දී එයාගේ දේශපාලන මතය සිහි නොවන තරම්. මේ සටහනට බොහොම ස්තුතියි

    රන්දිල්

    ReplyDelete
  7. ඔබේ සටහන කියෙව්වා.... අන්තිමට මගේ කුඩා මොලේට තේරුම් ගියා මේ අර ඊයෙ පෙරේදා නැසීගිය රවී උන්නැහැ ගැන කල කතිකාවක් කියලා. මම ඒ ඇත්ත ව දන්නේ නෑ. මෙතෙක් ලියපු ලිපියක් වත් කියවලා නැතිව ඇති. ඒකට මොකෝ .. මමත් සුබ ගමන් කියලා පතන්නම්.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ඇත්තව ආශ්‍රය කරලා නෑ. බ්ලොග් වලින් තමයි දන්නෙ. මගේ කුඩා මොලේට තේරෙන විදිහට, මේක සිම්පල් කතිකාවකට එහා ගිය එකක්. අපි සමහරු ඇත්තටම ඔහුගේ හදිසි වියෝව ගැන දුක් වෙනවා. ඒ අස්සෙ සමහරු ඇරියස් කවර් කරනවා. මේකත් ලෝකයක්ද මරතේලිස් කියල, අපේ ලොකු හාංදුරුවොත් කියල තියනවා.

      Delete
    2. අර කාටද මැරෙන්න කියල රවිය මැරුණ කියන එකද ? උපුල් කුමරප්පෙරුමටත් ෆේක් මිම් එකකකින් ගහනාවෙන් . නන්දනටත් කිව්වා . ඔව්ව ඔහොම තමයි . එයාලම තමං බ්ලොග් එකට ඇවිල්ල ඔලුව හත් කඩකට පැලෙන්න කියල ශාප කරන්නේ නැහැ . රවිය ඕව සත පහකට ගණන් ගත්ත එකෙක් නෙමේ .

      Delete
  8. රවී ගැන කීව ඒ කතාව ඇත්ත කියල මට හිතෙනවා . පොරට පොතක් ගහන්න කිව් වෙලේ තම මම දැන ගත්තේ එහෙම ඇම්බිෂන් නැති ඕන වෙලාවක සබ්බං පහාය ගමනීයං ලෙවල් එකෙන් හිටි පොරක් කියල . බිව්වෙත් ඒ ගානටම තමා. ඒ නිසා මම නම් කියන්නේ හොඳ බෝතලයකට සෙට් වෙලා සමරමු කියල .

    ReplyDelete
  9. රවි අයියාට සුභ සුව නින්දක් ප්‍රාර්ථනා කරනව, මටත් පර්සනලි කවදාවත් හමුවෙලා නැති කෙනෙක්. හැබැයි ජීවිතේ පසුතැවීම් අඩු කෙනෙක් විදියට තමයි මටත් දැනුනෙ. හැම වෙන්වීමකින්ම ඉගෙනගන්න දෙයක් ජීවත්ව ඉන්න අපිටත් ගන්න තියෙනව කියල මම හිතනව.

    ReplyDelete