Tuesday, October 19, 2021

අපේ කලණ සර්


The seasons have changed. 

It’s ‘Fall’ here in the Northern hemisphere, or in classic British English, it’s Autumn, the season of colors. 

Leaves are changing color, greens becoming beautiful red, yellow and bright golden. 

The weather is becoming cooler and the cool breeze - which often times become heavy winds - blow those beauties around, and are followed by drizzle and rain. 

Yesterday I was watching our cat 'Boom-Boom', though just a year old but looks and behaves like a big boy now, runs and jumps to catch those falling leaves and biting them imitating catching a bird. Very happy indeed.

Today morning I was driving along, winding through rural farmland, passing harvested fields, orange pumpkin patches ready for Jack-O-lanterns, and orchards full of ripe apples. The air is cool and crisp, usual for an early Fall day.

Radio is chirping like always but everything just bouncing off from my ear drum and nothing is getting into the brain. Brain is in lockdown fully engaged in processing something else. Feel a void somewhere.

Why 'this' beautiful leaf?. Still green but being very colorful?

මම කලණ සර්ට කොමෙන්ට් ලියන විදියට - ලොකු ඇන්ජින් අංශෙ එහෙමත් නැත්තන් රෝසි අක්කගෙ මල්ලි!

ඇත්තටම මගේ කෝච්චි කතාව ලිව්වේ කලණට. නමුත් මට ඒකෙ ඉතුරුටික ලියාගන්ඩ බැරිඋනා. දුකයි.

අපි කවදාවත් හමුවෙලා හෝ කතාකරලා නෑ. අඩුම ගන්නේ ඊමේල් එකක්වත්.

නමුත් හමුවෙලා ටිකක් කතාකරන්ඩ ආසාවකුත් තිබුනා. එක චාන්ස් එහෙකුත් මිස් උනා මයෙහිතේ.

නමුත් අද කලණ නෑ.

නොදුටු අපිට මෙහෙම නම් කලණගේ බිරිඳට හා දුවටත්, අදරැතියන්ටත් එය කෙසේ දරගන්නවාදයි සිතාගන්ඩත් අමාරු කරුණක්. විශේෂයෙන්ම දුවට. අපේ සාතිශය කණගාටුව ඔබ සැමට.

නමුත් ඉපදුනු අප සැමට මරණය නියතයි, එකම අනියතදේ එය කොයිවෙලේ එයිද කියන එකයි.

( Photo credit - https://kalanarajindaattygalle.weebly.com/)

කලණ සර්ට පැතූ බෝධියකින් නිවන් සුව ලැබේවා!

Take a good rest buddy!

 Myself Hattor


My last conversation with Kalana

ලොකු සර්. වැඩේ මරු ඈ. මේ ලොක්ඩවුන් කාලෙ මෙහෙම එකක් දැක්කත් සනීපයි.
හැට්ටර් මේම කියනවට අමනාප වෙන්ඩ එපා සර්. පොටෝ ටික ටිකාක් විතර enhance කරලා දැම්මොත් එළ කිරි.
ලයිට්රූම්, පොටෝෂොප්, ප්‍රොෆෙෂනල් ඉමේජ් එඩිටිං වලට දැන්ම වියදම් කරන්ඩ එපා. බලන්ඩ GIMP වගේ එකක්. ඔය පින්තුරවල බ්‍රයිට්නස්, කොන්ට්‍රාස්ට් පොඩ්ඩක් එහා මෙහා කරල විතරක් (ඕනෙනං ෂැඩෝ, හයිලයිට් පොඩ්ඩක් ඇජස් කරලා හිටං)හොඳට පණ පිහිටුවල දෙන්ඩ ඇහැක්.
මම කාලයක් රස්සාවට ඔය වැඩ කරලා තියෙනවා commercial printing අංශෙ. ට්‍රයි එකක් දීල බලන්ඩ.

ජයවේවා!
Myself Hattor

Reply

Replies
  1. හැට්ටර් මලයා , බොහොම ස්තුතී වෙන්ට ඕනේ .....(මොකට අමනාප වෙන්නද කොච්චරවටිනවාද මේ දේ ... ) මෙහෙම දෙයක් කිව්වාට ... හිටින්නකෝ GIMP ට්‍රයි කරන්න මමත් .

    ජය වේවා මලයා :D

17 comments:

  1. කියන්න බොහෝදේ සහ අහන්න දේත් බොහොමයි. ඒත් මේ ඒකට අවස්ථාව නොවේ. පස්සෙ එන්නම්.

    RIP නොදුටු මිතුර, ආටියා.😞😟😢

    ReplyDelete
    Replies
    1. ඔව් සර්, වෙලාවක කියමු.
      ජයවේවා!

      Delete
  2. සුබ ගමන් කලණ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විජේ සර්.
      ජයවේවා!

      Delete
  3. Another reminder for me not to postpone things. I too haven't called or emailed Kalana. Only had conversations thru comments and once on FB messenger. I found out that I know some of his relatives. I not only enjoyed his posts for entertainment in reading. His treks and expeditions were of the type that interests me. Once, he advised me on a trip I was planning at the time. For sometime I was thinking of meeting him for, but postponed feeling it was too early,and then Covid intervened.
    When I saw the banner about his death accidentally while passing by, I realized how easy it would have been for me to visit him. I felt shocked, sad and also regret at not meeting him when I could.
    Have a nice trip Kalana.

    ReplyDelete
    Replies
    1. PraJay සර්ට බොහොම ස්තුතියි මේ විස්තරේ සොයාදුන්නට. නැත්තං අපිට මේ ගැන හාංකවිසියක්වත් දැනගන්ඩ ලැබෙන්නේ නෑනේ.
      බණ පොතෙත් තියෙනවනේ සර් 'අප්පමාදො අමතපදං, පමාදො මච්චුනොපදං' කියල හිටං.

      ජයවේවා!

      Delete
  4. හොඳම එවුං මැරිලා අපි තාම ඉතුරුව ඉන්නේ; අපි වැඩකට නැති එවුං නිසාද මල්ලී!?

    ReplyDelete
    Replies
    1. ලොකු සර්, ඇයි අපි කලුද?
      මේක ගැන කතා කරන එක බොන්ඩ වෙන කේස් එකක්.
      අපි මෙහෙම බලමු. තනි අලියා වගේ හිටියට පවුල් පන්සල් උනාම ළමයි බමයි ලැබුනම පරණ සෙල්ලං මොඩිෆයි කරන්ඩ වෙනවා.
      මම මේ පිච්චර් එකේ නැත්තං කෝමද සීන් එක දුවන්නේ කියල බොහොම දුරට හිතන්න වෙනවා.
      කෝමහරි ඇතිවෙන්ඩ සල්ලි දේපල ඉතුරුකරල තියන්ඩ පුළුවන්. එච්චරයිනෙ පුළුවන්. වෙන එකෙක් එක්ක නොගිහිං මේ උන්දැ මාත් එක්ක ආපු එකට කළගුණේ වත් තියන්ඩ එපාය. නැද්ද මං කියන්නෙ.එතකොට මම නැත්තං මේ ගෑනිට මක්කයි වෙන්නේ කියලත් බලන්ඩ එපාය. වෙන මක්කාවත් නෑ පොරවල් බලං ඉන්නේ එහෙම කේස් එකක් නං කෝමද මේකිගේ ඇඟට ගොඩවෙන්නෙ කියල. ඕඕ යේස්. ඒ කෙසේ වෙතත් එතකොට ළමයින්ට යන කල දසාව. ඒනිසා ඔව්ව සේරෝටම කලින් මට මේ පිච්චර් එකේ ඉන්න ඕනෙ නං මගේ සෞඛ්‍ය ගැන බලන්ඩ වෙනවා. ප්ලේන් එකේ යනකොට කියන්නේ තමන්ගේ ඔක්සිජන් මාස්ක් එක දාගෙන අහක්කවෙලා ළමයාගේ එක දාන්ඩ කියල හිටං.

      මේ එක්කම ලොකු සර්ට පොඩි බණ කතාවකුත් කියන්නං. සාදුකාරයක් හෙම දීල අහගන්ඩ .

      අපි යමක් කරනකොට හිතන්ඩ ඕනේ conditions හතරක්
      මේ දේ කිරීම මටත් හොඳයි අනෙකාටත් හොඳයි
      මේ දේ කිරීම මට හොඳයි නමුත් අනෙකාට හොඳ නැත
      මේ දේ කිරීම මට හොඳ නැත නමුත් අනෙකාට නම් හොඳය
      මේ දේ කිරීම මටත් හොඳ නැත අනෙකාටත් හොඳ නැත

      ඔය හතරෙන් මුල් එක කළ යුතු (පිං) අනෙක් තුනම නොකළ යුතු (පව්) ලෙස සලකන්ඩ. අන්න එහෙම යන්ඩ.
      ඒ කතාව හොඳනම් ඔය 'බෙල්' බටන් එක ඔබල මට සබ්ස්ක්‍රයිබ් කරන්ඩ!


      ජයවේවා!

      Delete
    2. හෙව්වා. බෙල්-බොටම් එක හොයාගන්න බැරි වුනා.🤔

      Delete
  5. සුබ ගමන් මිත්‍රයා.😞

    ReplyDelete
    Replies
    1. ටොමී සර්ටත් බොහොම ස්තුතියි.
      ගණුදෙනුවක් බේරගන්ඩත් තියෙනවා. ඒ පැත්තේ එන්නංකො හවස් ජාමෙ.
      ජයවේවා!

      Delete
  6. පහුගිය දවස් වල යන්න ගියපු සමහර අය යන්න ඕන ලිසට් එකේ හිටපු අයද කියල විස්වාස කරන්නත් බෑ.
    නොදුටු සොයුර ඔබට සුබ ගමන්

    ReplyDelete
    Replies
    1. මහේෂ් ෂර් දැන් සේරෝම මික්ස් අප් වෙලා තියෙන එකේ ටිකෙට් කපන ලිස්ට් එකටත් එහෙම වෙලාද දන්නෑ .

      Delete
  7. මේක අදටවත් හිතාගන්න බැරි දෙයක් හැට්ටර් සර්.. :'(

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලොකු සර්, too young to die.
      නමුත් ඇත්ත කතාවනං පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ.
      (මූර්ථජ හරියට ලිව්වා, නැත්තං වෙන කේස් එකක්නේ)

      Delete
  8. හැට්ටරේ කලණ බ්ලොග් වලින් දන්න නිසාත් , එහෙ ගිහින් කොමෙන්ට් දමපු නිසා දුක වටහා ගත හැකියි. අපි ආවනම් යනව කියල හිත හදාගමු.

    ReplyDelete