නම්බර් වන්.
දනුස්ක ගැනනම් කතා කරලා වැඩක් නෑ.
SLC එකෙන් හයර් කොරපු වාහනෙන් නොමිලේම ගියා මදිවට අන්තිමේ කෝපි එකට මං ගෙවන්නං ඔයා පිට්සා කෑලි දෙකට ගෙවන්ඩ කියලා සුද්දිට කිව්වද දන්නෙත් නෑ බලං යනකොට.
ලාබ බඩුවේ හිලක් ඇත වගේම හිලක් ඇති ලාබ බඩුත් තියෙනබව දැන්වත් ඉගෙනගන්නවනම් හොඳා.
Image thanks to pagefield.co.uk
නම්බර් ටූ
කෝමද සෙමියෙ ඉන්දියාවට දීපු ගේම එංගලන්තෙ.
අවුරුදු විස්සක් ගිහිල්ල හරි එංගලන්තෙ ඉන්දියාවෙන් ගත්ත රිවෙන්ජ් එක.
ලගාන් පිචෑර් එක මතක් කොරාගන්නලා.
ඕකේ තව හිස්ට්‍රි කෑල්ලකුත් තියෙනවා හිටං.
එංගලන්තේ ඇයි නිදහස දෙද්දී ඉන්දියාවයි පාකිස්තානෙයි වෙන් කළේ.
ආන්න ඒකෙ දිගුවක් තමා මේකත්.
හතලිස් හතේ ඉන්ඩිෆෙන්ඩන්ස් ලියවිල්ලෙම තියෙනව ආයෙ ෆයිනල් එකටවත් මුන්ව එකට දාන්ඩ දෙන්නෙ නෑ. කියලා.
ආන්න අඑහෙමයි ෂුද්දෝ වැඩ කොරාන්නේ.
මම ක්‍රිකට් අහන්න (ටීවීවලට ඉස්සර ) සහ බලන්න පටන් ගන්නකොට ක්‍රිකට් ඩොමිනේට්කලේ ඉන්ගලන්තෙයි ඔස්ට්‍රේලියාවයි. ඒ කාලෙත් ටිකක් අසාධාරණ දේවල් වුනා. ඒත් ඒවා ටිකක් විතර කැත අඩුවෙන් වුනේ. හොරෙන් වගේ වුන ඩිස්ක්‍රිමිනේෂන් සහ ඩොමිනේටින්.
ReplyDeleteදැන් ඉන්දියන් සල්ලිවලින් ක්‍රිකට් ඩොමිනේට්කරන කාලෙ තරම් කැතට වුනේ නෑ. දැන් බොහොම crude අවලස්සන ඩොමිනේශන් එකක් ඔස්ට්‍රේලියාව සහ ඉන්ගලන්තය වගේ අනිත් රටවලුත් ඉන්දියන් සල්ලි නිසා ඒකට සයිඩ් සපෝර්ට් දෙනව හෝ සද්ද නැතුව ඉන්නව. උන්ට ඉන්දියාවෙන් කිසිම වාසියක් නැති නිසා පාකිස්තාන් ක්‍රිකට් විතරයි සද්දයක්වත් දාන්නෙ
මට ඉන්දියාවත් එක්ක වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් ඉන්දියන් බෝර්ඩ් එක සහ ඉන්දියන් ෆෑන්ස්ල නිසා ඉන්දියන් ෆෑන්ස්ලා බහුතරයක් ඉන්න ග්‍රවුන්ඩ් එකක ඉන්දියාව පැරදෙන (විශේෂයින්) පාකිස්තානෙට ) මැච් තමයි මං ආසම මැච්. :-D
ගුණතිලක ගැන නම් කියල වැඩක් නෑ. ගියපාර විනය පරීක්ෂණ පැනල් එකේ හිටපු කෙනෙක් ගුණතිලක ඒකෙත් හැසිරුන විදිහ කිව්ව! ඒත් ඒකෙන් දුන්න දඬුවම බෝර්ඩ් එකෙන් අඩු කලා.
මට පුදුම ගොබ්බ ෆෑන්ස්ල ගැන. ක්‍රිකටර්ස්ලගෙ ක්‍රිකට් පර්ෆෝමන්ස් වලට ප්‍රසංසා කරල, නරකට කලාම විවේචනය කරල, ඉන්නෙ නැතුව උන්ට වැඳ පුදා ගෙන ඉන්න එවුන් ගැන. අර එකෙක් කට ඇර ගෙන දිව එලියට දාගෙන කෙල පෙරාගෙන මාවල් චිත්‍රපටිවල Venomවගේ කෑගහන එකටත් කැමති එවුන් ඉන්නවනෙ. මුන්ට ඕනෙ ක්‍රිකට් ගහන එවුන් නෙමෙයි මං හිතන්නෙ!
danu ගුණේ ගැන එකඟයි. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නව එහම පොරවල්. මොන නැකතකින් උපන්න එවුන්ද මන්ද
Deleteහුම්...... කිරිකට් නං බල්ලටම ගියා
ReplyDeleteහැට්ටර් අරෙහෙම කිව්වට, ඉංග්‍රීසි කාරයො ඉන්දියාව කොටස්වලට බෙදුව ම නෙමෙයි නේද? ඉංග්‍රීසි කාරයො අල්ලගන්නකොට ඉන්දියාව තිබුණෙ පුංචි පුංචි කෑලි ගොඩක්. ඇත්තටම බැලුවොත් උන් ඉන්දියාව ලොකු කෑලි තුන හතරක් වෙන විදිහට එකතු කරල ගියා කියන්ඩ පුළුවං. ලංකාවත් එහෙම නෙ. කන්ද උඩරටයි, යාපනෙයි, කෝට්ටෙයි, සීතාවකයි විදිහට බෙදිල නෙ තිබුණෙ බටහිර ආක්‍රමණ එනකොට.
ReplyDeleteඋන් එකතු කරලා ඊට පස්සේ එත්නික් ලයින් එකෙන් බෙදුව එක තමයි අප්සෙට්. හින්දු මුස්ලිම් විධිහට
Deleteඔව්. ඒ වගේ ම, බෙදුම්වාදය සිතේ අධිනිශ්චය වුණු ජාතික නායකයන් සිටීමත් අභාග්‍යයක්.
Delete🤗👌
ReplyDeleteධනුෂ්ක ට දඬුවම් දෙන්න ඕනේ විනය නීති කඩුවට. අනික් එකට වැරදි නම් දඬුවම් ලැබෙයිනේ
ReplyDeleteදවස් ගණන් නිදි මරාන
ReplyDeleteඑක දිගටම ලගා ගහන්
ක්‍රිකට් බලන්නැති හන්දා
මොනව කියන්නද මන්දා
ඔබත් එක්ක මාත්
Deleteඇත්තටම ලංකාව දින්නා වගේම ආතල් එකක් තියෙනවා ඉංදියාව පැරදුනාම! අපේ මෙහේ ඉන්න "වාසුදේවලා" හිතනවානේ රාජපක්සලා නැතිව මේ රට පාලනය කරණ්න බෑ කියලා. ආන්න ඒ විදියටම තමයි ඉංදියන් එවුනුත් හිතන්නේ ක්‍රිකට් කියන්නේ ඉංදියාව පමණක් දිනිය යුතු ගේමක් කියලා!
ReplyDeleteසුභ නව වසරක් වේවා!
ReplyDelete