Thursday, April 7, 2022

#GoHomeGota2022!

 මේ මට හිතෙන හැටි. මී ඇන්ඩ් ඔන්ලි මී.

වියත්මගේ සැට් එක අන්දවලා හෝ මෝරා කල්ල හෝ බයකොරවලා හෝ උන්නැහෙටම ඕනැවෙලා ගෝඨාභය උන්නැහේව ජනාධිපති 'තරඟෙට' එනවා.

ලොරි ටෝක් දීල, සක්වළ ගල දෙදරවාල, අඬල, දොඩල, වැළපිලා, වැළලිලා කෝමහරි ලොක්කව දිනවලත් දෙනවා. මං නං චන්දෙ දුන්නේ නෑ මොකෑ මට චන්දෙ නෑ නොවැ. කලිං 'තරඟ' වලට ඇති පදං හොර චන්ද දාපු නිසා චන්ද කෝට එක දැන් කැපිල තියෙන්නේ. (එකක් කියන්ඩෝන මැතිතුමනි හොර චන්ද දැම්මත් ඒක කලේ ෆන් එකට නිසා ඒක සාදාරනේට කළේ, හැමෝටම සම සමව චන්ද දැම්ම.)

හරි ගෝටා ගෙදර ගියා කියමුකෝ. එතකොට #ComeHomeWho2022? කවුද එන්නේ?

මගේ ඇනලිසිස් එක මේකයි.






රටේ තියෙන මුලිකම අර්බුදේ තමා ඩොලර් නැතිකම.

අංක දෙක ඉන්ධන නැතිකම - ඒකටත් හේතුව ඩොලර් නැතිකම 


දැන් වෙන්ඩ#ComeHomeWho2022ලාට අර්බුදේට යම්කිසි, මේ ලාවට හරි විසඳුමක් තිබෙනවාද? අයි මීන් බෝත් කෙටි කාලීන හා දීර්ඝ කාලීන 

දැන් මේ වැඩේට ඉන්න ලීඩින් ඕ පොසිබල් කැන්ඩිඩේට්ලා;


සජිත් බේබි

විධායක ජනාධිපතිකම නැති කරන්ඩෝන, පාර්ලිමේන්තුවට බලේ දෙන්ඩෝන, චන්දෙ තියන්ඩත් ඕනේ 

එතකොට මේ ඇක්සයිස් පොතක් අච්චු ගහන්ඩ කඩදාසි නැති රටේ, චන්ද කාඩ්, චන්ද පත්‍රිකා අරව මේවා ගහන්ඩ කඩදාසි ගෙන්නන්ඩ ඕනේ. එකට ඩොලර් ඕනේ. ආයෙමත් අර්බුදේ මුලටම. හ්ම්!

අනික ජනාධිපති කම අහෝසි කරලා හිටං පාර්ලිමේන්තුවට බලේ ලැබුනාම ටැප් එක ඇරිය වගේ ඩොලර් එනවද?

අන්රෛයා 

ජනතාවට ජීවත්වෙන්ඩ අමාරුවුනාම ජනතාව නැගිටලා පෙළ ගැහිලා රජය පෙරලනවා.

ඕකේ. එතකොට ඒ පෙරලිච්ච පැත්තේ තිබිල  නිධානයක් වගේ නිකම්ම ඩොලරුත් ලැබිලා, ඒ මදිවට හඳුන්නෙත්තිගේ යාළුවගේ ඩොලර් බිලියනෙත් ලැබිල, ජනතාවට ජිවිතේ පාසුවෙලා පුල් ආතල් එකේ පරණ විදියටම යනවා. එහෙමද?

රනිල් හාමු 

ආපහු 19 සංසොදනේට ගිහිං පිටරටවල් වලින් ආධාර අරගෙන වැඩේ කරගෙන යනවා. ටැම්පරියක් දුවාගන්ඩ නං කමක් නෑ. ලෝං ටර්ම් නෝ  සිනා


ඔව්ව මෙව්වා ගැන මෙව්වා වෙවී ඉන්නකොට මෙව්වා එකේ තිබිල මෙන්න මේ වගේ මෙව්වා එකක් හම්බුනා 


කතාවෙ ඇත්තක් තියෙනව. නමුත් සම්පුර්නෙන් නෙවේ සියේට තිහක් විතර වගේ තමා.

ඔය දේශපාලකයො කියන එවුං ඉන්නවා නේද? මොන රටේ හිටියත් මොන තරාතිරමේ උනත් බොහොම දෙනා එක මවකගේ දරුවො. DNA චෙක් කළොත් 99.99% ගැලපේවි.

ඕකුං බාගෙට බාගයක් මෝඩයො. හරියට හොරකමක් කරගන්ඩ වත් තේරුමක් නෑ. ගෝනියක් ඔලුවේ දාං රෑට  රෑට ගෙවල් බිඳිල්ල වගේවා තමා දන්නේ. හැබැයි දැන් එකසිය ගානට ගේම දෙනව සක්කරයාගේ පුතා වයිම ආවත් අල්ලන්ඩ බැයිවෙන්ඩම. 

කෝමද ඕක ඉගෙනගත්තෙ, කවුද ඔව්ව ඉගැන්නුවෙ.

ඔව්ව කළේ ලෙනින් මොරායස්ල නොවේ මහත්වරුනි අපේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගත් හොඳම මීටර්, දොස්තරල, ඉංජිනේරුවො, ලෝයස්ල ඇයි එකවුන්ටන් මාත්තුරු.

නිදහස් සෞඛ්‍ය සේවා තියෙන ඕනෑම රටක බජට් එකේ ලොකුම කොටස යන්නේ හෙල්ත් සෙක්ටර් එකට. 

කොහේ මොන දිග්බාගේ මොන ජාං ටෙන්ඩර් කල්ල හිටං බේත් ඕඩර් කරත්, ගානට කොමිෂන් එක ඉන්ක්ලුඩඩ්. ඕකේ.  සියේට දෙකේ තුනේ නෙවේ ඉලක්කං දෙකේ ගනං වලින්. රියේජන්ට්ස්ද කොන්සියුමබල් ද අරවද මේවද සේරෝගේම බඩු හෑව්.

එළටම ඉගැන්නුවේ හා උගන්නන්නේ ඉංජිනේරුවෝ. ගණිතෙට වැඩේ දෙනව කියන්නේ ආයි සක්කරයා ආවත් අල්ලිලි බොරු. අම්මප මේවා බොරුනං මෛන්ද මාත්තය හම්බුවෙච්චි වෙලාවක අහල බලන්ඩකො ඇයි ලොකු සර් මහාමාර්ගෙම ඉල්ලන්නේ කියල. මේ රටේ මක්කවත් කරගන්ඩ සල්ලි නැති වෙලේ මක්කටෛ මහාමාර්ග ඇමතියෙක්. මුදල් ඇමැතියි , විදුලි හා බලශක්ති ඇමැතියි හිටියනං මදෑ දැනට. එව්වනේ දැවෙන පස්න. නැද්ද මං අහන්නෙ.

ෆෝරෙග්සාම්පල්, අපි මෙහෙම බලමු . ඔන්න සීනි වල බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩුකළා. අඩේ මරු. අපේ අගමැති තුමාට ජයවේවා!. හෙට ඉඳල බත් කන්නෙත් සීනි දාල!

පොතේ හැටියට සීනි කිලෝ එකක් අඩු ගන්නේ රුපියල් 49.75කිං වත් අඩු වෙන්ඩෝනෑ. හරි නේ. අඩු උනානේද පින්වතුනි.

එතකොට සීනි ටොං 145000ක් ගෙනා මුදලාලිට රුපියල් වලින්  (50-0.25) X 1000 X 145000 ලාබයි. දැන් ඔය ගාණ මෛන්ද මාත්තය දන්නේ නෑ කියල හිතනවද පින්වතුනි. එයා බබා... දන්නෙම නෑ.

අයිශේ සීනි මෑන් තවුසෙගෙ ඔය ලාබෙං මිලියන ගාණ තවුසෙ තියාගෙන ඉතුරු බිලියන් හත මට එවනව කිව්වොත් ඔහේ මක්කයි හිතන්නේ. ඌට නිකං ඉඳල මිලියන් 213 යි. සත්ගුණවත් අපෙ මහතට ගෙඩියට බිලියන්ම හතයි! අනේ ඉතිං අපිට, රටට පැණි දම්මිකලගෙ පිහිටෛ!!

බලාගෙන හිටිය කියල මැතඩ් එක ඉන්ඩියුස් වෙනවා කියල අපි කියවපු එකම පොතක වත් දැකල තියෙනවද?. නෑනේ. 

ආන්න එහෙම හිතං වැඩ කරන්ඩ ගොහිං තමා හිටපු විපක්ෂ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති තැන්පත් ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. නිකංම නිකං ලූනු බන්දුල උනේ. වසු පැටිය, හරියට වැඩක් කරන්ඩ දන්නෑ අන්තිමේ නැට්ටෙ ඉඳං ගොම!. කතා කරල ඇහුවනං උපදේසයක් වත් දෙන්ඩ තිබුණ. කෝ.. මොලේ පුකේනෙ.

ආ. ට්‍රැක් එක පැන්නා. නව් බැක් ටු බයිබල්.

කන්ස්ට්‍රක්ෂන්!!. ආන්න මල්ලි ගේම්!!!!

(ඔය සීනි ගේම් අර කලින් ඉගෙනගත්ත එව්වා අමතක වෙනවට වගේ කරපු සුළු වැඩ.)

නෝනාවරුනි මහත්වරුනි සහෝදර සහෝදරියනි ආණ්ඩුවේ පොතේ තියෙනවා රේට් කියල දෙයක්. වර්ග ප්‍රමාණෙට, කියුබ් ගානට, දික් අඩි ගාණට අරේමයි මෙච්චරෛ කියල.

බිල්ඩිමක් හැදුවද, පාරක් හැදුවද සේරොටම එහෙමම තමයි. පොතේ විදියට තමා ගාණ

දැන් මල්ලි හිතන්ඩ 'අළුත්' එහෙම නැත්තං 'නවමු' එහෙම්මත් නැත්තං එක්සෙප්ෂනල් නමැති වර්ගයේ පොතේ නැති තාලේ ප්‍රොජෙක් එකක්, විහිළුවට වගේ අපි කියමුකෝ වරායක් හාරනව, මූද ගොඩ කල්ල හිටං නගරයක් හදනවා වගේ වැඩක් කියල. 

ආ.... දරයේ උල්පත අම්මා වගේම සල්ලි වල උල්පතත් අන්න එව්වා තමයි ප්‍රියේ!   .

කෝ යකෝ මෙව්වට රේට්. දෙඤඤං  ජම්බූ ඌ.........  

(ඉස්සර අපේ ගමේ දන්සැලේ වට්ටක්ක හොදි බෙදනකොට කොල්ලෝ ම්හු කියනවා, පරිප්පු තෙම්පරාදුවක්, අල තෙල්දාල හෙම දාන්ඩද හැව්වම ම්ම් ම්ම් කියනවා)

ඊට පස්සෙ යනවා නියමිත ප්‍රම්පාදන ක්‍රියාවලියට. ටෙන්ඩර් කෝල් කල්ල, ටෙක්නිකල් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ඉවැලුවේෂන් කල්ල, බිඩ් බොන්ඩ් ද පෆෝමන්ස් බොන්ඩ් ද ජේම්ස් බොන්ඩ් ද ඔක්කොම බලල හිටං නැකතක් හෙම බලලා ඔන්න ටෙන්ඩරේ අවෝඩ් කරනවා.

ටියුබ් ලෛට් නෙවේනේ. පැහැදිලියිනෙ. සුප්‍රිම් උසාවියේ නඩු දැම්මත් කොහොමෙයි ජම්බු රේට් වැරදිය කියන්නෙ.

ඔය කේස් උඩට ආවම ලෝයස්ලයි එකවුන්ටන්ලයි එනව ලොක්කංගෙ ඩිෆෙන්ස් එකට. අර අතන රතන ඉන්න තැන ඉස්පිල්ල අඩුයි, මෙතන කොමා එක සම්පුර්ණ වැරදියි, මේක කෙඩිට් නෙවේය ඩෙබිට්‍ය. අපි නොදන්න චෙස් ගේම්. කැස්පෙරොෆ් උනත් කොරවෙන තාලේ.

තව තියෙනවා බොස් ලියන්ඩ. පස්සේ බලමු!
දැනටම රෑ වෙලා. අලයක්වත් තම්බං කාල හනික නිදාගන්ඩෝනැ.    



ජයවේවා!



13 comments:

  1. ටීවී සාකච්චාවකදි, ජනාපෙති වුනොත් රට ගොඩ දාන්නෙ කෝමද කියල ඇහුවම, අන්රෛයා ගැහුව වංගුවක් ලොවෙත් නැතිවෙලා අහපු එකාගෙත් උතුර, දකුණ මාරුවෙන්න.

    ආයෙ කොටන්න කම්මැලියි මට:
    https://economatta.blogspot.com/2022/04/blog-post_6.html?showComment=1649263169765#c647655053908268535

    ReplyDelete
  2. Replies
    1. රාසමානික්කම්ට ඇමතිකමක් දෙන්න තියෙන්නේ.
      කටේ තරමට වැඩ තියෙනවද බලන්න.

      Delete
  3. ඔය කරප්ශන්වලට සහාය දෙන තව කොටසක් ඉන්නවා. චන්දෙ දෙන ජහමනයා. ණය අරගෙන අපිට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට පාරවල්, බිල්ඩිං, කුලුනු, එයාර් පෝර්ට්, උත්සව හෝ ඕනෑම මගුලක් කියන්නෙ ආර්තිකේ දියුණුව කියල හිතන අපි. ඒ හැම එකම සංවර්දනේ තමයි. සල්ලි තියනවනම් හොදයි තමයි. ඒ සංවර්දනෙන් පස්සෙ සල්ලිත් ලැබෙයි තමයි. හැබැයි ඒවා ඒ
    ඒ මහාපරිමාණ මට්ටමෙන් කරන්න පුලුවන් රටවලට. ඒවා ඒගානට අපිට afford කරන්න පුලුවන්ද නැද්ද කියන එක ජහමනයා හිතන්නෙ නෑ.කොයිතරම් වියදම ගියත් කොයිතරම් දූෂණ වුනත් ලස්සනට පේන්න හැදුවොත් අන්න සංවර්දනේ. අපි කොහොමත් living beyond our means ජාතියක්. ණය වෙලා ලොකුවට කරන එක අපේ ඇගෙන්ම එන දෙයක්. දේශපාලකයන් විතරක් නෙමෙයි එහෙම.
    ඒගොල්ල ඒකෙන් ප්‍රයෝජනය ගන්නව විතරයි. ගතිය අපේ.

    ReplyDelete
    Replies
    1. living beyond our means කියන එක සමාජගත වුනා කියල හිතෙනවා. මෙච්චර දෙයක් වෙලත්, තාමත් "මිනිස්සුන්ට සල්ලි තියනවා" කිය,කිය හිත රවට්ට ගන්න අය ඉන්නවා.

      Delete
  4. ලොක්ක මේ මාව ගැලපෙන්නෙ නැති වෙයිද ආණ්ඩුවක් පිහිටුවන්ඩ!

    ReplyDelete
  5. සිංහල මිනිස්සු ආණ්ඩුවෙන් සංවර්ධනය ඉල්ලනවා. ඒක වැරැද්දක්.
    ඒ නිසා වෙන්නේ දේශපාලකයට හැන්ද අතට ගන්න අවස්ථාව ලැබීම. එතකොට උන් තමන්ට බෙදා ගන්නවා.

    සිංහලයෝ ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනේ ජාතිකවාදී ඉල්ලීම් විතරයි.

    ReplyDelete
  6. සජී පුටානෝ අන්ට වැඩකන්න වතු කම්කරුවන්ට ඉඩම් බෙඩාඩෙන්ට හදනව... මැතිවරණ තියන්ට කොළ ඕනෙ නෑ එළිය තියෙන වෙලාවක හු පාරින් ජන්ද ගණන්කරනවා

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=xmRR0tIVUnM&t=1s

      Delete
  7. හැට්ටර්ගේ කමෙන්ට් නම ගොඩක් තැන් වල දැකලා තිබුනාට blog එකට ආවේ නම් අද මයි වෙන්න ඕනි මුලින්ම.
    කෝ අමුත්තන්ව පිලිගන්නෙ එහෙම නැද්දෝ

    ReplyDelete
    Replies
    1. දෙතුන් තැනකිම්ම ඈඳිගමු බලන්ඩ.
      මක්කාවත් බීල හිටිමුකො කතාකරන්ඩ පස්සේ බැරිය!
      ජයවේවා!

      Delete
    2. ඔන්න කතා කරන්න දේකුත් අරගෙනම ආවා😁

      https://naveensandeepakumara.blogspot.com/2022/06/system-change.html

      ඒ පැත්තටත් එන්නකො කතා කරන්න කට්ටියම😁

      Delete
  8. හොඳ ලිපියක්නේ මට මිස් වෙලා තියෙන්නේ.

    ReplyDelete