Monday, April 4, 2022

ඔන්ඩ්රු කන්ට්‍රි මූන්රු නීති

පි අද මේ ගෙවන්නෙ සුදර්මන් මහත්තෙයල වගේ අය පරාද කළ සාපෙ.

සුදර්මන් මහත්තෙයගෙ මැතිවරණ ප්‍රකාසනේ තිබ්බේ බලපිටියේ සෑම පොල්ගසකම බඳින්ඩ කිරි එළදෙනක් ලබා දෙනවා කියලා. හැබැයි නෝමන් මහත්තෙයල දිනුවයින් උනේ ගවයො වැඩි වෙච්චි එකම තමා.


දැන් බලන්ඩ, එදා කිරි එළ දෙනුන් ලැබුණ නම් අද වෙනකොට ලංකාව කිරි වලින් ස්වයංපෝෂිතයි. ස'ට ගැසට් ගහන්ඩ රිවස් කරන්ඩ මක්කාවත් ඕනේ වෙන්නෙ නෑ නොමිළේම කාබනික පොහොර.  එතනිංගියාම අ.පාදෙණිය කෘෂිවිශේෂඥ තුමාට නිවසේදීම තෙල් සිඳ ගැනීමට අවශ්‍ය  බල ශක්තිය. පරණ කරත්ත ඇංජිංවල ස්පෙයාපාට් වලින් මේවගේ නහර පිනායන කෑම. එකී නොකී තව කොපමණ දේ තියෙනවාද? 

අපේ සුදර්මන් මහත්තෙය හැත්තෑ හතේ බලපිටි ආසනේට චන්දෙ ඉල්ලුව කියන එක සර්ල මිසීල දන්නවනේ. අර ඉරළ  කුණෙන් ඉල්ලපු කෙනා. ඔව් එයා තමා.

දැන් චන්දෙත් පරාදවෙලා වතුපිටි තුන හතරකුත් විකිණිලා කාර් තුනම අබලන් වෙලා අහක්කවෙලා ඉන්නකොට වවුල්ලු වගේ ජනේලෙ එල්ලෙන්ඩ ගියේ නෑ, සුදර්මන් සුලඟවල් හදාගෙන පික්ෂු කෙලින්ඩ ගියේ නෑ . මුලින්ම කාර් දෙකක් විකුණලා අනික රෙපයාර් කරගත්තා. අතෑරලා තිබිච්චි වතුටිකත් සුදර්මන් මහත්තෙය කලින් වගේ ඕනෙකමින් හොයල බලලා මාන්සිවෙලා හිටං නග්ගලා ගත්තා.

ඔන්න ජූනියස් උන්නැහැ අගමැති වෙලා ආර්තිකේ විවුර්ත කරලා මොටෝ සයිකල් හෙම එන්ඩ ගත්තා. ඒ කාලේ වෙනකොට එක මහත්තයෙක් ගාව ට්‍රෑම්ප් එකක් තිබ්බ 500CC, එක තමා තිබ්බ ලොකුම සයිකලේ. වැලිතර තක්ෂිලා ගාව තිබ්බ  ට්‍රෑම්ප් ටයිගකබ් එකක් 250CC. ඔය අතරේ බෝගහවත්තේ ඩයනලගේ අයිය (උගේ නම මතක නෑ නොවැ ) ගෙනාව පරණ CB350 හතරක්, ලොට් එකම. එකක් මෑන්ස් හදල පාවිච්චි කොළා, දෙකක් හදල විකිණුව, අනිත් තුනේ ඉතුරු කෑලි තාම මගේහිතේ එතනම ඇති. (මං ගාණ හැදුව හරිද මන්ද, හතරෙන් එකක් අඩු කරලා තව දෙකක් අඩු කළාම හිටං ඉතුරු එකද දෙකද? අපිට කොයින්ද කැල්ටෙක්, ස්ටෑන්ෆර්ඩ් ඔව්ව නියමාකාරයෙන් ඉගෙනගන්ඩ ඈ ) ඔව්ව තමා අපේ පළාතෙ තිබ්බ ලොකුම මොටෝ සයිකල්.

ඔය අතරවාරෙ පොලිසියට ගෙනාව බ්‍රෑන්නිව් කිරි ටෝය්ය CB400 හෝක් එකක්. (ඒ කාලේ බෛයො බේතකටවත් නෑ ඉන්න තරමක් හිටියේ ටෝය්යොම තමයි අප්පච්චි ) ට්‍රැපික් එකේ ලියනගේ සාම්මහත්තය තමා ඕක පදින්නේ. 

සර්ලට මතක ඇති පොලිසියේ රාළහාමිලා එතකොට සාම්මාත්තේල  කොට කලසං ඇන්ද කාලයක් තිබ්බ. අර රාළහාමිට ඉස්සරවෙලා කලසම යන කාලෙ. මේ කාලෙ වෙනකොට කොට කලසමෙන් දික් කලිසමට මාරුවෙන කාලේ.

ඔන්න ඔය කාලෙ තමයි සුදර්මන් මහත්තෙය එයාගේ බෑණට බ්‍රෑන්නිව්  CB400 එකක් අරන් දුන්නෙ. සාම්මහත්තෙය මහත්තෙයගෙ සයිකලේම පාටයි, නිල්පාට.  

සුදර්මන් මහත්තෙයගෙ බෑණමහත්තෙයත් වාහනේට උපරිමේම ඉෂ්ට සිද්ධ කළා.වෙට්ටු දාල හිටං කණේ වැලි ගෑවෙන්ඩ නවල අරිනවා අරිල්ලක් කියන්නෙ ලියනගේ සාම්මාත්තෙයට තියා එයාගේ ලොක්කටවත් අල්ලන්ඩ බැරි වෙන්ඩ. ඕ යේස් පුල් හයි ස්පීඩ්. 

ඔහොම ඉතින් සාමෙන් සමාදානෙන් පාරේ තොටේ වැඩ ටික කෙරීගෙන යද්දී, ගමේ පොරක් තකහනියක් ගොහිං සුදර්මන් මහත්තෙයව මුණගැහිලා කියල තියෙනවා, 'මහත්තෙයගෙ බෑණමහත්තෙය අර අලුත් මොටෝසයිකලේ යනවා බෝම වේගෙ වැඩියි, ටිකක් අවවාද කොරන්ඩ හිටං කියල'.

අර චන්දෙදා රාත්තිරි කතාව මතකයිනේ, සුදර්මන් මහත්තෙයට මල පයිනකොට ලිමිට් නෑ.

රුපියල් තිස් හත්දාහක් දීල ඕක අරං දුන්නෙ හිමිං යන්නද හුකන්නො කියල තමා හැරෙන තැපෑලෙන් උත්තරේ ඇවිත් තිබුනේ.

අන්න ඒක තමා සුදර්මන් මහත්තෙයලගේ නීතිය.

මහත්තෙය කිව්වේ නැති උනාට බෑණමහත්තෙය දන්නව කෝමද වැඩේ කෙරෙන්න ඕනේ කියල. ඒම නැත්තං, ටියුබ් ලයිට් නං, නොතේරෙන අයට සරල සුගම හොඳ තේරෙන පිරිසිදු ඔරිජිනල් හෙළ යක්ඛ බාසාවෙන් පහදලා දෙන්නත් ඒ මහත්තෙයල දන්නවා.

ජේ ආර් කිරි මුට්ටියයි පැණි මුලයි ලබුගම හා කලටුවාව ජලාස වලට දාල අපිව නිරායාසයෙන් ගෙදර ඉඳන්ම කිරියෙන් පැණියෙන් නෑව්ව වගේ  දැනුත් බලන්ඩ, මේ ලැබුවාවූ  රාමසාන් උපවාස කාලය. අපේ ස'ලත් දැන් සව් 1/2 ක්‍රමයට එක රටක් එක නීතියක් ලෙසට නානල ටික නෝම්බි අල්ලද්දී අපිවත් ඔටෝමැටිකලි නෝම්බි අල්ලවන්ඩ වැඩකටයුතු සලස්වල තියෙන හැටි. වැරදිලාවත් සව් ෆුල් එක ආවනං ආයිෂ් අප්පා වටලප්පං කාලම තමා මැරෙන්ඩ වෙන්න. අන්න එහෙමයි රාජකීය පණ්ඩිත ඥාණසාර උන්නාන්සේ සබ්‍රි ඇමතිතුමා මාර්ගෙන් ස'තුමාට උපදෙස් දීල තියෙන්නේ.  නෝම්බි නං නෝම්බි නෝ ජාති ආගම් බේද!  එක රටක් එක නීතියක්! 

ඔබ සැමට රාමදාන් මුබාරක්!

Myself Hattor



ඕ බයි ද වේ ඔබ සැමට ඥාණක්ක මෑණියන්ගේ සරණයි!








16 comments:

  1. මොල හතානෝගෙ, අපට අමතකවූ කැරැට්ටුව:

    https://www.youtube.com/watch?v=0OQnwzeFacY

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=bJ3UY5q3z5s

      Delete
    2. ඕකට ලැජ්ජාවක් තියෙනවනම් තවම ඉඳියිද

      Delete
    3. ඥාණක්කඅක්ක කිව්වලු මල්ලි ලැජ්ජ බිමින් තියන්ඩ කියල.
      ඊට පස්සේ ලජ්ජා නහරෙ කපල හිටං ඇහුවලු දැල් ශැප..ද.. කියල.

      Delete
  2. ඔටෝමැටිකලි නෝම්බි අල්ලවන්ඩ වැඩකටයුතු සලස්වල- හෙහ්. හේ... 👌😄😆🙈

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.
      හැමෝම කියනවා සවුදියෙ නෝම්බි ඇල්ලුවෙ මෙහෙමයි, පකිස්තානෙ නෝම්බි ඇල්ලුවෙ මෙහෙමයි කියල.
      කවුරුත් කියන්නේ නෑ අපි 'අල්ලවපු' විදිය.
      අපි තමා හොඳටම කළේ.

      Delete
  3. අඩේ හැට්ටරේ අර "ටල් අම්මයි මස් හොද්දයි" මම PDF විදිහට බාගෙන තියාන ඉන්න රැසිපියක් නෙව?

    හෙහ්, හෙහ් "අ.පාදෙණිය කෘෂිවිශේෂඥ තුමා". මේක මසුරං ලියමනක් නෙව? රහ හින්දා තියා ගත්තා කොටස් වශයෙන් කියෝල රසවිඳින්න. ආයෙ එන්නං. ඈ?

    ReplyDelete
    Replies
    1. ඒ උත්තමයව ඇහැක්නං එන්කරේජ් කරවන්ඩ වටිනවා මේවගේ එව්වා යූටියුබ් ක්‍රමේටත් ජනගත කරාන්ඩ කියල.
      ගුරු මුෂ්ටි නෑ, ටිප්ස් ඕනෙනං ටිප්ස්ද, බඩු ගන්න තැන්ද, නියම රාත්තල ගන්ඩ ඕනෙ කරන රහස් ගුරුකංද පූල් කොම්ප්ලිට්.
      ජයවේවා!

      Delete
  4. මිස්ටර් හෙක්ටර් තමයි හොදටම ලිව්වෙ

    ReplyDelete
  5. //ඕ බයි ද වේ ඔබ සැමට ඥාණක්ක මෑණියන්ගේ සරණයි!//

    එතකොට ඥාණක්කා මෑණියන්ටත් කාගේ හරි සරණක් තියෙන්න එපා යැ ? එයාට STF එකේ හෝ පොලිසියේ සරණ පතමු.

    අපි ඥානක්කාව බයිපාස් කරලා කෙලින්ම STF සරණ ගියා නම් ඉවරයි කියලත් හිතෙනවා. ඒ උනාට අපිට සෙලින්කෝ එකෙන් හරි ජාතික රක්ෂනෙන් හරි මිසක් මියුනිච්, ස්විස්, ලොයිඩ් වගේ ඒවායින් ඉන්සුවරන්ස් එකක් කෙලින්ම ගන්න බැරි හින්දා ඒකත් අල්ලලා දානවා.

    කොහොම උනත් අපේ රටට ඔන්ඩ්රු කන්ට්‍රි, ඔන්ඩ්රු ලෝ (low නොවෙයි) ඇතිවෙන්න කියලා පතමු.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන පස්නේ ඇයි ඥාණක්ක අක්ක මේ ඩොලර් අර්බුදේට විසඳුමක් දෙන්නැත්තේ කියන එක.
      සෑම් සර්ට මතකද කාලෙකට ඉස්සර නාථ දෛයො උතුරුමැද කිඩ්නි ඩිසීස් එක හැදෙන්නේ වතුරේ තියෙන ආසනික් වලින්ය කියල දූතයෙක් අතේ පණිවිඩ එව්ව කේස් එක. කොඩි දාල ලවුස්පීකර් ගස් බැඳලා ජ'නල් වල පබ්ලිෂ් කල්ල PhD පවා ගත්ත ඒකෙන්. හැබැයි ඒ එක්කම ලෙඩේ හොඳ කරන විදිය අහගන්ඩ ඒගොල්ලන්ට දැනුමක් තිබ්බේ නෑ. (එක්කො ඒක දන්න දෛය පල්වෙලා හිටියද දන්නෙත් නෑ).
      මගේ අදහස නං මූලිකවම One country one law වෙන්ඩම ඕනේ, ඊළඟට ගඟේ දැම්මත් හැමදේම හරියට ගනංහිලව් තියෙන්ඩ ඕනේ මේක ගොඩ ගන්ඩ නං.
      ජයවේවා!

      Delete
    2. පහන් සංවේගය උපදවා ගැනීමට යෙහෙකි.
      https://www.youtube.com/watch?v=KgWNuH5F1eU

      Delete
  6. සුධර්මන් මහත්තය කවුද කියල දන්නේ නැහැ. ඉන්න කෙනෙක් කෙලින ඉන්න ඕනේ.
    එක නෙම මෙයාට ඉංග්‍රීසි බැරිද ? තේරෙන්නෙම නැහැනේ යන්නයි කියන එක.
    මොන භාෂාවෙන්ද කියන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. සොරි වෙලානෙ ලොකු සර්.
      https://hattorvittor.blogspot.com/2019/11/blog-post_29.html

      සමහරවිට මිලිටරි වර්ෂන් කැලිෆොනියන් කපුටාස් හෑව් හිටිං මෙහිකන් ඉස්පැනිෂ් ටයිප් එකේ බාසාවකිං කිව්වොත් තේරෙයිද දන්නෑ.
      ජයවේවා!

      Delete
  7. නෝම්බි නං නෝම්බි...CB400 එක නං මරු....!

    ReplyDelete