Monday, August 30, 2021

ෆුට් නෝට් කල්ලිය නැවතත් ... ලස්සන අඹ ගසක් සොයාලා ..

තට්ටයගේ කොලමට කොමෙන්ට් එකක් දාන්ඩ යද්දී නිකං අර මීයට වෙච්චිදේ වගේ වැඩක් උනා මට. චීස් කෑල්ල කනවද නැහ්නං කරෝල කෑල්ල කනවද වගේ. අන්තිමේ චීස් කෑල්ලෙන් පොඩ්ඩක් කාල කරෝල කෑල්ලටම වැඩේ දෙන්ඩ තමා උනේ.

ඔන්න ඔහොමයි දෙවෙනි ෆුට් නෝට් එක සෙට් උනේ.   
ඒ කොහොමෙයි කියනවනං: ඉස්සර, කාලෙක පටම්ම මගේ රතේ සේවිස් කරන්ඩ ගෙනිච්චෙ රාජිරියේ පොඩි ජොයින්ට් එහෙකට. 
අයිතිකාරයා හිටියේ නැහ්නං මෑන්ස්ගේ මාමණ්ඩි ඉන්නවා ඔපීසියෙ, ෂොප් ෆ්ලො එකේ ගෝලයො තුනයි. එකෙක් සරීර හොරා අනික් දෙන්න තමා ඇත්තටම ෂෝ එක ඇද්දෙ.

සෙනසුරාදා වගේ දවසක ගියාම මාත් වැඩේ අහවර වෙනකම්ම ඉන්නවා උනුත් එක්ක බයිලා පාරක් හේම ගහගෙන. කිරි තේ නං ලැබිල නෑ හැබැයි තිබහක් ආවොත් කම්මැලියව යවල කෝක් බඩී පහක් ගෙන්නගන්නව. 

ළඟ හිටියම ඉතිං හරියට නොසේදුනු තැනක් දැක්කොත් මල්ලි ආං අතන තව ටිකක් හෝදපන්කො කියන්ඩත් අර මුල්ලට ලෝබ නැතුව තව තෙල් ටිකක් අල්ලපන් බං කියල මට ඕන විදියට වැඩේ කරගන්ඩ ඇහැක්නේ. නැද්ද.

එකෙක් හිටිය, සමහර විට වැඩ කාරණ වෙලාව පිරිත් සුත්‍ර කෑලි හෙම කියන. දවසක් රතේ පිහිදාන වෙලේ මේකා මගෙන් අහනවා, සර්, (ඒ කාලෙ උන් මට කතාකරන්නේ එහෙමයි, ඔව්ව ඔය කස්ටමර් සේවිස් කෑලි ඈ), පංසලේ අඹ ගහට පොල්ලක් ගැහුවොත් මොකෑ වෙන්නෙ කියල.
වෙන මොනා වෙන්ඩද 'සාදු' ඇවිත් හොඳට බැණලා, උඹේ අම්මටත් පෝයට සිල් ගන්ඩ තැනක් නැතිවෙන එක තමා වෙන්නෙ  කියල කිව්වා.

ඉතින් සර්, ඒක වැරදියිනේ. හරි විදියටනං කියන්ඩ ඕනෙ, ළමයා ඔය අඹ රුකට කැට කැබලිති, මුගුරු වලින් පහර නොදෙන්න. ඔය අඹ ඵල හොඳින් පැසුණු හෝ ඉදුණු පසු නෙළාගෙන අන් අයටත් දී බෙදාහදාගෙන රස විඳින්න කියලනේ.

උඹනං ඉතිං ...
Image credits : https://fineartamerica.com and Karen Su



අනික සර්, මේ දැන් කාලේ ඔය ගාථා, පිරිත් සුත්‍ර සේරෝම කට පාඩම් කරන්ඩත් ඕනැන්නෙනෑ. මුල් පේලිය දෙක දැන ගත්තම හොඳටෝම ඇති.

ඒ කොහොමද බං එහෙම වෙන්නෙ 

ඇයි සර්, මුල පේලිය, දෙක කිව්වා ඉන් පස්සේ 'යනාදී වශයෙන් අප මහා බෝසතාණන් වහන්සේ' කියල ගේම ගොඩ දාගන්ඩ ඇහක්නේ.

තමුසේ නං ඕයි ...

මේ ඒක නෙවෙයි තමුසේ කොහොමෙයි ඔව්ව ඔච්චර විස්තර දන්නෙ 

සර්, පොඩි කාලේ මට මහණ වෙන්ඩ ලොකු ආසාවක් තිබ්බ නේ. 
පංසලේ ලොකු හාමුදුරුවන්ටත් අපේ අම්ම කියල තිබුනේ මේ ගැන.
ඉතින් ඉස්කෝලේ ඇරිලා ආව බඩ්ඩිංග කෑව මං පන්සලේ.

ඔහොම යනකොට පොඩි සාදු දැම්ම ඉංග්‍රීසි පංතියක්. අපිත් ඉතින් හරි අසාවෙන් ගියා ඉංග්‍රීසි ඉගෙනගන්ඩ.
හැබැයි ඉස්සරහ පේලියට ගන්නේ ගේල්ස්ල විතරයි. මම දවසක් ඉස්සරහ පේලියේ වාඩි උනා කියල පස්සේ පේළියට එලෙව්ව.
ඉස්සරහ පේළියට යන්ඩ දෙන්නෙමනෑ.
මටත් මේක හරි පස්නයක්, ඒ නිසා දවසක් පංතියට නෑවිත් ජනේලෙ ළඟ හැංගිලා බලාගෙන හිටිය මෙතන මක්කයි වෙන්නේ කියල.

හා හා සාදු කකුල කකුල. ඔන්න ඔච්චරයි මං කිව්වේ.

ඊළඟ පාර පන්සලට ගිය වෙලාවේ ලොකු සාදු අපේ අම්මට කියල තියෙනෙව, කර්ණාවති උපාසකම්මෙ මේ කොල්ලනං සාසනේට ගැළපෙන්නෙ නෑ කියල.    

ඔන්න ඔහොමයි සර් මගේ පංසල් සිහිනේ බොඳඋනේ.

ඔහෙලා මේ කතා සීරියස් ගණන් ගන්නවා හෙම නෙවෙයි.

හැබැයි ඉතිං සීරියස්ම ස්ටෆ් ඕනෙනං මෙන්න මෙව්වා..


ජයවේවා!


19 comments:

  1. අපි හරි සීරියස් නිසා දැනට නෝ කමෙන්ට්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සීරියස් සේකිට් කියල ජාතියකුත් උගන්නනවනේ භෞතික විද්‍යාවට
      ජයවේවා!

      Delete
  2. මම ආවෙත් නෑ. කමෙන්ට් කළෙත් නෑ. සර්දාව බිඳෙයි කියල.

    ReplyDelete
    Replies
    1. හරිනේ ඩ්‍රැකී ආදිපාදතුමා මටත් මතක නෑ නේ.

      ජයවේවා!

      Delete
  3. මොකද්ද ජෙරුසෙලම් නැටුමෙ තියෙන විශේෂෙ?

    ReplyDelete
    Replies
    1. ආදිපාදතුමා මේකෙ තියෙන්නේ ඇෆ්රිකන් ස්ටෙප්ස්. නමුත් මටනං අල්ලලගියේ සින්දුවේ බීට්ටෙක.
      පැය ගණන් දිගට එළවනකොට 'පෙරදිනයක මා පෙම්කළ යුවතිය' අහන්ඩ බෑ නේ සර් නිදිමත හැදෙනවනේ. මෙව්වා තමා ප්ලේ ලිස්ට් එකේ තියෙන්නෙ.
      වීඩියෝ එක වෙනස් කළා වෙනිසියුලන් සහ කොලොම්බියන් රැපර්ලගේ වර්ෂන් එකට.

      ජයවේවා!

      Delete
    2. ජයවේවා හැට්ටර්... රසවින්දා දෙකම

      Delete
  4. මං හිතන්නෙ මට නං තේරුනා කියලයි. අර සීරියස් ජයසේනට කමෙන්ට් කරන්න චෑන්ස් එකක් දෙන්නත් එපැයි?

    ReplyDelete
    Replies
    1. මං හිතුව අතිපූජ්‍ය අඹතලේ ලිස්සනාබස්ස නාහිමි ලොකු දේසනාවකින් පැහැදිලි කරයි කියල

      Delete
    2. DGM තුමා: අන්න බලන්ඩ යහපත් නිශාචර සත්තුන්ගේ ගතිගුණ. අර හොරු රංචුවට වැටිච්චි අනිත් බස්ස ගැන ආරංචි නැතෙයි.

      PraJay තුමා: අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අඹතලේ උභය විහාරාධිකාරී හිටපු විදුහල්පති ලිස්සනාබස්සනාභිධාන ඔන්ටාරියෝ කෝරලේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක නාහිමි. අන්න එහෙම තමා ටයිටල් ටික එන්ඩ ඕනේ හිටං

      ජයවේවා!


      ජයවේවා!

      Delete
    3. රබරාභිධාන

      Delete
  5. මගේ ජීවිතේ පළමුවෙනි වතාවට "කැසට් රෙකෝඩර්" එකක් දැක්කේ 1970 දශකයේ මුල් කාලයේදීයි.

    ඒක මෙතැනට අදාළ වෙන්නේ කොහොමද??

    අපේ දහම් පාසැලේ තිබුන ඉහලම පංතියේ හිටපු ලස්සනම කෙල්ල සිංදුවක් කියනවා. පොඩි හාමුදුරුවෝ ඒක රෙකෝර්ඩ් කරනවා. අපි හොරෙන් බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ටූ ඉන් වන් කාලේ.
      එව්වා පුල් ලක්ෂරි!
      සෑම්ට මතකද ඔය සමහර පරණම ප්ලේයර් වල STOP කරන්නේ නැතුව EJECT එබුවම ඇතුලේ කෑලිත් එක්කම කැසට් එක එලියට එන එව්වත් තිබ්බා.
      සර්ලගෙ පංසලේ පෝය දවසට 'ඔබේ රාගීඊඊ මන කැළඹේදෝ' ට අමතරව ඒ සිංදුවත් දාන්ඩ ඇති එහෙනං. සිහ් අපිත් ඒ ළඟ ඉන්ඩ තිබ්බෙ.

      ජයවේවා!

      Delete
    2. ඇර සොයිසා! එහෙනං පස්සෙන් පහු පොඩි හාමුදුරුවෝ අරහත් ඵලය ලබන්නත් ඇති නේද? චෑ, ඒකත් බලාගන්න ලැබුන නං සෑම මහත්තටත් හිටගෙනම සෝවාන් වෙන්නත් තිබුනා.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ලිස්සලා යන්න කියල බැලුවේ ඒක මේ වසංගතයක් වගේ පැතිරෙන නිසා. ඒත් පන්සල් කතා කියෙව්වම මුකුත් නොලිය යන්නේ කොහොමෙයි. හාමුදුරුවරු කියන්නෙත් ලෙහෙසි පහසු අය නෙමෙයි. හොඳට බොක්ක පාවිච්හි කරන අය නොවැ . කකුල් ගහපු කතාවක් තියනවා දවසක ලියන්න ඕනේ.

    ReplyDelete
  8. කතා සාගරයක් නේ බලං ගියාම.
    පංසලේ අම කාල ලෙල්ල හුටං වුණ සීන් එකක් තියෙ ්ලියන්න ඕන

    ReplyDelete
  9. අම්මට සිරි මට මේක මිසිස් උනේ කොහොමද කියලා මං බැලුවේ! හාමුදුරුවරු ගැන ලිව්වොත් එළිවෙනකල් ලියන්න පුළුවං! කොටින්ම ඒකනේ මම බ්ලොග් ලියන්නට පටබ්න් ගත්තු කාලෙම "බෞද්ධයනි අව්දිවව්! බුද්ධාගම (හාමුදුරුවරුන්ගෙන්) බේරාගනිව්!" කියලා පෝස්ට් එකක්ම ලීවේ. අපෙ ඉස්කෝලෙ හිටියා බුවෙක් නම මඩිතියවල සරණ පාල! එයා හරිම ප්‍රසිද්ධයි කොට කලිසං අඳින ශිෂ්‍යයන්ට සරණ පාල! තව එක්කෙනෙක් උන්නා. උන්නාන්සෙනම් අහිංසකයි. එකම අවුල බොන්නේ සුරුට්ටු හිංදා පොත පෙන්නන්නවත් ළඟට වඩින්න බෑ. ඕවා ඔහොම තමයි. අපේ ගමේ පංසල අපි බෞද්ධ කල හැටි දවසක ලියන්නම්!

    ReplyDelete