Monday, July 12, 2021

නොරත රථ . . . . ! (11) ෆුට් නෝට් කල්ලිය

හොරකං කරනවා කියල මෙහෙමත්.. ගෙඩි පිටිං ... ටයිටල් එකම..

තට්ටයගේ කොලමෙ ලොකු සර්, මුලින්ම කිව්වා, ඔන්න අමනාප වෙනවා හෙම නෙවෙයි ඕං ඈ ..

ඉඩං නඩුවක "සංයාමකය" හෙවත් governer  එක ගැන විස්තර කරද්දී ලොකු සර්  බ'නූලි සිද්ධාන්තය ගැන විස්තරයක් කියල තිබුනා.

ඒ සමගම ගුවන් යානා අහසේ පියාසර කරන්නෙත් මෙම සිද්ධාන්තයට අනුගතවීමෙන් බවත් තව දුරටත් කියා තිබුනා. ඔව්, බ'නුලි ගේ සිද්ධාන්තයට අනුව නවීන ගුවන් යානා වල lift එසේ නොමැති නම් ඉස්සීම හොඳින් පහදා දෙන්නට පුළුවනි. නමුත්, මතකද අපි ඉස්කෝලෙ යනකාලේ ඇරපු කඩදාසි ප්ලේන්, අන්න එව්වා යන විදිය නම් බ'නූලි ගේ ක්‍රමයෙන් විස්තර කරන්නට අපහසුයි. ඇයි, අපේ ප්ලේන් වල අත්තට්ටේ හරස්කඩ අහසේ යන ගුවන් යානා වල airfoil (එංගලන්ත ඉංග්‍රීසියෙන් aerofoil)එකේ (අත්තටුවේ) වගේ ඉදිරියෙන් මහතටත් පසුපසට වන්නට හිනී වන්නටත් නොමැති නිසා. 


නමුත් නිව්ටන්ගේ නියමයන් අනුව ඔය දෙකම (අහසේ යන සහ කඩදාසි) එකම ක්‍රමයට පැහැදිලි කරන්නට පුළුවනි. හැබැයි ඉතින් බ'නුලි සිද්ධාන්තෙත් යස අගේට නිව්ටන් නියම වලින් ඔප්පු කරන්ඩත් ඇහැක්. ඒක වෙන කතාවක්.

ඔය laws of nature කියන එව්වා තියෙනවනේද, එව්වා වෙනස් වෙන්නේ නෑ, they won't change.

කොහොම උනත් මං මේක ලිව්වේ එතන පොඩි ඌණ පූරණයක් කිරීමටයි, තට්ටයගේ කොලම බලන අයටත් දැනිල ඇති ලොකු සර් ඩීටේල් විස්තරයක් එසේ නැතිනම් whole nine yardsම අපට දෙන්ඩ සෑහෙන්න කට්ටක් කන මහන්සි වෙන බව. (නැත්තං පොම්පේ ඩයප්‍රම් එක දාගත්ත නොකිය මේ බ'නුලි කතා අරව මේවා කියන්ඩ බස්සන්ට, බකමූණන්ට වගේ  ඉත්තෑ අමාරු නැතුව ඇතිනේ මයේ හිතේ)

ඔන්න ෆුට් නෝට් කල්ලියේ වැඩේ ඉවරයි. මෙතැන්සිට බයිලා වාදනයක්.


දැන් ඔය එරෝප්ලේන් එක උඩයන එක වගේම ඒකෙ වේගේ මයින එකටත් පාවිච්චි කොරන්නේ බ'නුලි සිද්ධාන්තෙම තමා.

ප්‍රංශ ජාතික හෙන්රි පිටෝ (Henri Pitot) තුමා, L හෝ U හැඩය ඇති, ද්‍රවයක ගිල්වා ඇති  වාතයට නිරාවරණය වී ඇති බටයක සිරස් ද්‍රව තීරුවේ උස, එම බටයේ පහල කෙළවරේ ද්‍රවය ගලනා වේගය සමග ඇති සමානුපාතිකත්වය පහත ඇති පහත ඇති සමීකරණයෙන්  පෙන්වා දුන්නා. හැබැයි මේක කළේ බ'නූලි තුමා සිදිධාන්තේ සොයාගන්නට ටික කලකට කලින් .

pt=ps +(𝞀u2)/2

pt - ද්‍රවය ඇතුලේ ඇති බටය වෙත ඇති සම්පුර්ණ තෙරපුම  (total pressure due to fluid velocity/due to ram air)

ps - ද්‍රවයෙන් පිටත දී බටය වෙත ඇති තෙරපුම  (static pressure)

𝞀 (ග්‍රීක අක්ෂරය 'රෝ',) ද්‍රවයේ ඝනත්වය

u - ද්‍රවය චලනය වන වේගය  

u=√ (2(pt-ps )/ 𝞀)

පිටෝ ටියුබයක දළ සැකැස්මක්

එසේම  (pt-ps )යනු 𝞀gh ලෙසටත් ගණනය කල හැකිවේ.
h -  ද්‍රව තීරු අතර වෙනස 
g - ගුරුත්වාකර්ෂණ ත්වරණය, 9.81 m/s2

පිටෝ ටියුබ වේගමානයක් 

Pitot tube එකෙන් එන (සම්පීඩක වාතය) Pilot connection එහා හරහා diaphragm එක ඇතුලට යයි. වේගය වැඩිනම් තෙරපුම වැඩිවී (බ'නොලූ සිද්ධාන්තයට අනුව) ඩයප්‍රම් එක ප්‍රසාරණය වේ. ඒ අනුව, එයට අනුකූලව මීටරයේ කටුව ගමන්කරයි.

ඔය මීටර් පොකුරේ (cluster එකේ) සමාන්‍යයෙන් තව මීටර් දෙකක් තිබෙනවා. යානයේ උස සහ යානයේ සිරස් වේගය පෙන්වන.
ඒ දෙකට අවශ්‍ය වන්නේ static port එකෙන් ගන්න එම අවස්ථාවේ යානයෙන් පිටත ඇති සාමාන්‍ය වායුගෝල තෙරපුම පමණයි.

ps=𝞀gh
h=ps/𝞀g
පිටෝ ටියුබ උන්නතාංශය මැනීමේ (Altimeter)ඇටවුමක් 

පිටෝ ටියුබ සිරස් වේගමාන ඇටවුමක් 

ක්‍රමාංකනය කළ කාන්දුව (calibrated leak) වෙත අවධානය යොමු කරන්ඩ 




පිටෝ ටියුබයේ බැඳෙන අයිස් දියකිරීමට හීටර් සවිකර තිබෙනවා. ඒ වගේම pre-flight චෙක් ලිස්ට් එකේදි පිටෝ ටියුබය අවහිරවී නැති බව පරික්ෂ කිරීමට උවමනා වෙනවා.

එයා ෆ්‍රාන්ස් Flight AF447 රියෝ සිට පැරී යන අතරමග අත්ලාන්තික් සයුරට කඩාවැටුනේ පිටෝ ටියුබයක අයිස් බැඳී අවහිරවීමෙන් autopilot විසන්ධි වීමත්, එවිට නියමුවන්ට යානය පාලනය කරගැනීමට නොහැකිවීමත් නිසා බව ගුවන් අනතුරු විමර්ශකයින් දැනුම් දුන්නා.


ගුවන් යානයක පිටෝ ටියුබ පිහිටීම
(TAT probe - Total Air Temperature)

දැන් ඊළඟ පස්නේ යානය පියාඹන උස සමග වාතයේ ඝනත්වේ (𝞀) වෙනස්වෙනවා. උස වැඩිනම් ඝනත්වේ අඩුයි. 
එවිට u=√ (2(pt-ps )/ 𝞀) සමීකරණයට අනුව හරය ( 𝞀) අඩුවීම නිසා උත්තරය වන u ඉහල යනවා. එනිසා එය පොලව මට්ටමට සාපේක්ෂව වැරදි වෙනවා.

එහිදී එය නිවැරදි කිරීමට අප වේගමානයට පොඩි කරෙක්ෂන් එකක් දානවා.

තව එකක්, ඔය පරණ කාබියුරේටර් එකේ මූලධර්මෙත් බ'නූලි සමීකරණෙ ආධාරයෙන් පැහැදිලිකොරලා දෙන්ඩත් ඇහැකි.

බ'නූලි තුමාලගේ කාලේ රුධිර පීඩනය මැනල තියෙන්නෙත් පිටෝ ටියුබ් වල ආධාරයෙන්ම තමා 

බයිලා වාදනයට සවන් දුන් ඔබ සැමට ස්තුතියි!

ඒක නෙවේ එතකොට මේ මක්කැයි. 


ළඟදීම අපි මේවා ටැට්ටර්වලටත් හයි කරනවා හිටං. ඕඕ යේස්.  


You guys take care.

Myself Hattor


21 comments:

  1. මිස්ටර් තට්ස්නම් ටැක්නිකල් පෝස්ට්වල රා තැබෑරුම් ගැනත් දානවා. මිස්ටර් හෙක්ටර් බට සහ බූලිතුමා ගැන ලියා ඇති නිසා අනාගතයේ .....

    ReplyDelete
    Replies
    1. බට, බූලි සහ සලංක.. අපේ උරුමය. .
      අපේ ගමේ කෂ්ටියත් ඔය ඉපැරණි තාක්ෂණය නොනැසී පවත්වගන්ඩ බොහොම උත්සාහ කළා.
      වඩියේ මුලින්ම එන බෝතල් බාගේ තුන්කාලේ විතර ප්‍රමානෙ එතනම හලනව බහිරවයාගේ ෂෙයාර් එක කියල. ඊට පස්සේ එන එව්වා තමා කොමර්ෂල් ප්‍රොඩක්ෂන් එක. බහිරවයට කොටහ නොදුන්නොත් කෝපවෙලා බොන සියල්ලන්ටම දෝස කරනවා කියල තමා බ්රූ මාස්ටර්ලා කියන්නේ.
      පස්සෙන් පහු ටිකක් විතර ඉගෙනගත්තම තමා තේරුනේ ටෙක්නොලොජිය හරි සන්නිවේදනේ තමා වැරදි කියන එක.
      මීතයිල් වල බොයිලින් පොයින්ට් එක 65ºC යි වසවිස නැති ඊතයිල් වල 78ºC. වඩිය රත්වෙගන යනකොට මුලින් එන්නේ මීතයිල්, එව්වා ගැහුවොත් ඉතින් බඩුම තමා. බහිරවය කෝප වෙන එක අහන්ඩත් දෙයක්ද ලොකු සර්.

      ජයවේවා!

      Delete
  2. අම්මට සිරි! කිව්වලු!
    (ඒකම තව වතාවක් ලියන්නම් වැරදිලා නෙවෙයි ආතල් එකට!)
    අම්මට සිරි කිව්වලු!!
    ඇත්තටම වෙන්න ඕනෙත් මේකම තමයි. මම දන්නවා අපි වගේ ම බොහෝ බ්ලොග් ලියන්නන්; තමන්ගේ කාලය, ශ්‍රමය, මනස , ඩේටා පුච්චගෙන ලියන්නේ; අනුන්ට කියවන්නට දෙයක් තමන්ට කියන්නට ඇති නිසාම බව. ඒවගේම ඉන් සම්ස්ථ සමාජයේ එක් අයෙකුට හරි කිසියම් පලක් ප්‍රයෝජනයක් ඇතිබව හිතෙන දැනෙන නිසාය.
    සත්තකින්ම ඔබ ලියා ඇති සංකල්පය හා උපකරණය ගැන මම ඇහුවෙත් අදමය!
    ඊට බොහොමත්ම ස්තූතියි!
    සමහර බ්ලොග් පෝස්ට් සඳහා මා ලියන කමෙන්ටු වඩාත් දීර්ඝ වන්නේත්; එම කමෙන්ටු එක් කොට නැවත මාගේ බ්ලොගයේත් පලකරණ්නේත් ඒ නිසාමයි.
    ඇත්තටම අපට යමක් කියන්න ඇති.
    ඒකනේ මේ කියවන්නේ!?
    සමහර විට මේ පෘථිවියේ නැතිනම් මේ ලංකාවේ සිංහලෙන් මේ විදියට ලියන අවසාන පරපුර අප වෙන්නැති!
    බොහොමත්ම ස්තූතියි!
    ටැන්කිව්! ටැන්කිව්!!
    බයිලා වාදනය පිළිබඳව රොම්බ තෑන්ක්ස්!
    දවසක් ඒවි දැක බලාගෙන ගන්නගක් මූදක් අයිනේ පොල් රා ටිකක් කිතුල් රා ජුංඩක් බොන!
    එතෙක් නවතින්නම්! එළම කිරි!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට මේ පිටෝ ටියුබ් එක මතක් උනේ ලොකු සර්ගේ බ'නුලි සංසිද්ධියෙන් තමා. නමුත් පස්නේ උනේ පාරිභාෂික සිංහල වචන සොයා ගැනීම. ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ලඟම වචනේ ලැබුණත් මට හරියන නියම වචනේ ලැබුනේ නෑ.
      'සංයාමකය' කියන වචනේ ඉගෙනගත්තෙ ලොකු සර්ගේ ලියමනෙන්. මං දැනන් හිටියේ 'විලායකය' විතරයි.
      ජයවේවා!

      Delete
  3. නියමෙට තේරුනා 😂. බැයිද මටත් පිටෝ ටියුබ් එකක් හයි කරගෙන ඔටෝ පයිලට් යන්න. එක්කො ඕනෙ නෑ, බෝයිං හොම්බෙන් යැවෙව්වෙ ඔය "පිටෝ" නේද?

    ආයෙ එඤ්ඤං කමෙන්ට් කියවන්න.

    ReplyDelete
    Replies
    1. 737 Max එකේ පස්නේ තිබුනේ ලොකු සර් AOA (Angle of Attack) සෙන්සර් එකේ. සාමාන්‍යයෙන් ඔව්ව දෙකක් තියෙනවා, දෙකම සංසන්දනය කරලා බලල තමා අවසාන නිගමනෙට එන්නේ. මෙතැනදී වැරැදී දෙකක් කරනවා AOA සම්බන්ධයෙන්. එක, කොම්පියුටරෙන් බලන්නේ එයින් එකක සිග්නල් එක පමණයි. අනිත් එක (පයිලට්ගේ දැනීමක් නැතුවම) කොම්පියුටරෙන් ඔටෝ කරෙක් කරනවා.
      AOA සෙන්සර් එක පිටෝ ටියුබ් එක වගෙයි නමුත් වෙනස්. අර කතාවක් තියෙන්නෙ ' පුතා ගන්ඩ එපා ගන්ඩ වගේ ඉන්ඩ' කියල. ආන් ඒවගේ.

      ජයවේවා!

      Delete
  4. තව පාරක් කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කියවමු. ලොකු සර් කියවමු.
      මේ තියරි ඔප්පු කරන කොට ගොඩක් approximation කරනවා. මේවා ඔට්ටු lamina flow (සමාවන්න නියම සිංහල වචනේ දන්නේ නෑ , අපි කියමුකෝ කැළඹිලි රහිත ප්‍රවාහ කියල) වලට පමණයි turbulent (කැළඹිලි සහිත ) ප්‍රවාහ වලට මේවා හරි යන්නේ නෑ .

      Lawrence Tech University එකේ Jim Kerns ගේ වීඩියෝ එක බොහොම අගෙයි

      ජයවේවා!

      Delete
  5. මං හිතන්නේ ඔය කියන පිටෝ ටියුබ් එක තරං ගුවන් යානා වලට අනතුරු සිදු කරපු වෙනත් කොටසක් නැතුව ඇති. පිටෝ පිටෝ කියලා කියන හින්දා ඕක ඇතුලෙන් හයි කරන්නත් බැහැනේ!

    කුඹල්ලු ඔය බටේ ඇතුලේ අත්තම් නිවාස හදලා කඩා වැටුන ඒවාට අමතරව යන්තම් බේරුණ ඒවාත් තියනවා.

    කුඹලා ගෙයි අත්තිවාරම දාලා බිත්තිත් බැඳලා, වහලේ ගහන්න බාස් කෙනෙක් හොයන්න ගිය අතරේ පයිලට් උන්නැහේ ප්ලේන් එක අරං ගිහිං කියලා මේ තියෙන්නේ!
    The captain’s pitot probe was almost totally obstructed by an insect nest, consistent with mudwasp residue, during the 2 hour and 3 minute period while the aircraft was in transit on the ground at Brisbane.

    Birgenair Boeing 757-225 එකේ නම් කුඹලා හැර ඔක්කොම සෙත්තපෝච්චි 189 ක් ම.

    තවත් එකක කුඹලාත් මලා කියලා මේ තියෙන්නේ . ඒක නං MOONEY M20E පොඩි බට්ටෙක්.,
    During post accident examination, the remains of an insect were found in the pitot tube.

    ඕකේ අයිස් බැඳිලා කඩා වැටුණු ඒවාත් තියනවා.

    ඒ මදිවට Aeroperú Flight 603 එකේ ඔය ගැජට් එකට අලවාපු ගම් ටේප් කෑල්ලක් ගලවන්න මතක නැති උනැයි කියන්නේ . මරණ ගාන 70 ක්.

    හැට්ටර් සෑර් ගේ Grey Fergie එකටත් ඔයින් එකක් හයි කර ගත්තා නං මරු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලොකු සර් ඔය කුඹල්ලු වගේ සත්තුත් දඩ ප්ලේන් වට්ටලා තියෙනවා. සෑම් සර්ට මතකයිනේ 'අලින්ගෙ අපේ කතා!', හීන් සැරය පොතේ. සිස්ටම් එකේ හොඳකම කියන්නේ අපේ ජනාධිපති කොමිසම් වගේ නෙවේ ක්‍රෑෂ් රිපෝට් එකේ තියෙන නිර්දේශ අනලස්ව ක්‍රියාත්මක කරනවා.
      හුඟ වෙලාවට ටේප් වදින්නේ ස්ටැටික් පෝට් එකට, ඒක බඳේමනේ තියෙන්නේ එළියට ආපු කෑලි නෑනේ පිටෝ ටියුබ් එකේ වගේ, ස්ටැටික් පෝට් එක බ්ලොක් උනොත් ස්පීඩ්, ඇල්ටිටියුඩ් සහ වර්ටිකල් ස්පීඩ් තුනම වරදිනවා.

      කුරුල්ලා

      පිටෝ කවර

      ජයවේවා!

      Delete
  6. ප්ලේන් එක පේන්ට් කරපු බුවා පිටෝ එක ඇතුලට තීන්ත යනවට ගහපු මාස්කිං ටේප් කෑල්ල ගලවල දාන්න බැරි වෙලා ප්ලේන් එකක් ඇතුලෙ ඉන්න උං බර ගානක් එක්ක කෙලවෙලා ගිය කතාවනං මාත් බලල තියෙනව. ඔය සෑම් මහත්තයත් ඒ ගැන කියල තියෙන්නෙ.

    ඒ අතිං බලනකොට ඔය මනුස්සය හදල තියෙන්නෙ මාරාන්තික ගැජට් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. සබාපතිතුමාට කියන්ඩ, එව්වා මාරාන්තික වැඩ තමයි. පේන්ට් කරනකොට වගේම, හෝදන කොටත් සමහරු ටේප් දානවලු (පොඩි ප්ලේන්වල). බොහොම වෙලාවට ස්ටැටික් පෝට් එක තමා වහන්නේ. ක්ලියර් ටේප් දැම්මොත් ඉතින් පේන්නෙත් නෑනේ. කොහොමත් ප්‍රී ෆ්ලයිට් චෙක් එකේදී ඇඟිල්ල පොඩ්ඩක් දාල බලන්ඩ කියල තමා කියන්නේ.
      මාරාන්තික කම බලන්ඩ තිබුනා Riva-Rocci තුමා blood pressure cuff එක නිර්මාණය නොකලානම්, පිටෝ දාගෙන, අත පය හිල්කරගෙන ප්‍රෙෂර් බලන්ඩ උනාම.

      ජයවේවා!

      Delete
  7. මේකේ කලින් 10 කෝ?

    ReplyDelete
    Replies
    1. පොඩි මිසී, මේක මේ හොරකං කරපු ටයිටල් එකක්නේ. ඔරිජිනල් 10 නං තියෙන්නේ තට්ටයගෙකොලමේ. 11ට විතරයි ෆුට්නෝට් ලිව්වේ. ඕං දැං එයා 12ත් දාල.

      ජයවේවා!

      Delete
    2. අදනේ දැනගත්තේ අන්තර් බ්ලොග් පෝස්ට් සම්බන්ධතා එහෙමත් දැන් තියෙනවා කියල... දැන් ඉති එහෙ බලන්ට යන්න එපැයි !

      ආපෝ එහෙ යන්ඩ බෑ , මෙදාපාර ඔන්න වන්ගුවල එහෙම අලිත් ඉන්නවලුනේ!

      Delete
    3. අලි?
      අලි බැලීමයි ඇලි බැලීමයි බලි බැලීමයි කොච්චක් කරත් එපා වෙන්නෑ කියනවනේ පොඩි මිසී.
      පොල් මල් ජූස් කතා නං දැන්නෑ මයෙහිතේ.

      ජයවේවා!

      Delete
    4. අන්තර් බ්ලොග් සමබන්ධතා ඉස්සරත් තිබුනනේ. දැන්නම් ගෙනියන්නේ නිදි තම වැඩිපුරම

      Delete
  8. හප්පේ බොහොම අමරුවෙන් කියෝ ගත්ත . පෙර ඈත සමයක බොහොම අමාරුවෙන් ගොඩ දාගත්ත සබ්ජෙක්ට් මතක් කරල මෙහෙම හිතට වද දෙන්නේ ඇයි සත්තරනේ
    https://www.youtube.com/watch?v=cN6FxyPR9kg

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ. හෙඩ් ගෑස්කට් දානවා වගේ ලේසි නෑ ලොකු සර්.

      ජයවේවා!

      Delete
  9. පට්ට හැට්ටර් මහත්තයා ..........

    කියවද්දී තට්ට මහත්තයා මතක් උනා .

    කොමෙන්ටුවකින් අපේ තට්ට මහත්තයා කිව්වා වගේ අපි තමයි බ්ලොග් ලියන අන්තිම පරපුර .ඒ ලියන බ්ලොග් වලිනුත් මෙහෙම වටිනා ලිපි කළුනික වගේ . බොහොම ස්තුතී . ජයවේවා!

    ReplyDelete
  10. හැට්ටරුත් ආපහු ලියන්ඩ ගත්ත එකම මදෑ

    ReplyDelete