Thursday, July 23, 2020

තෙල් බඳුනේ තෙල් තිබේ

(තල්ලු පෝඩ් ලෙඩ චවලට් )

තෙල් බඳුනේ තෙල් තිබේ.

රෝයි සර් නෝට් එක දෙන්ඩ පටන් ගත්තා.

රෝයි සර් ඒ කියන්නේ රෝයි රණසූරිය මහතා ගැන කියන කොට එයාගේ පෙනුම ගැන නොකිව්වොත් ඒක වස වැරැද්දක්. සර් ලෙසටම අයන් කරපු ඇඳුම ඇඳලා, ක්‍රීස් කියන්නේ පැන්සලක් උල් කරන්ඩ ඇහැක් තරමට, මූණ පේන සපත්තු. ගාමිණී පොන්සේකා කියල කොල්ලෝ කියන්නේ. නියම හැන්ඩියා, මේ අපි වගේ 'කිට්' හැන්ඩියො නෙවේ ඈ.. ඔරිජිනල්. ඇවිදින්නෙත් ක්‍රමේට.

ඉස්සරහ පේලියේ කොල්ලොන්ගේ කට ඇරුණා. නිකං wha.a.a.t the hell ? වගේ. හැබැයි සර් ගෙන් අහන්ඩ උන් මිස් කරනවා මොකෝ වැඩේ දෙල් උනොත් නැවකට කන්ඩ වෙනවා සර් ගෙන්. මල පැන්නොත් වැඩේ සීරියල්. ඕ යේස්. ගමකට කෑම.
අන්තිම පේලියේ හැට්ටර්ටත් මේක ලොකු ප්‍රස්නයක්. ඇයි යකෝ තෙල් බඳුනේ තෙල් නැත්තන් වෙන අහවල් එකද තියෙන්නේ කියල. ඕන කජ්ජු ගහක් යටිං කියල ඉස්සුවා අත. දකුණු අත. ඇයි?.... සර් ඉතින් තෙල් බඳුනේ තෙල් නැත්තන් වෙන මොනවාද තියෙන්නේ. අයිෂේ පොඩ්ඩක් ඉවසල ඉන්නවා තාම නෝට් එක දෙන්ඩ පටන් ගත්තා විතරනේ...

රෝයි සර් ෆන් එකේ  ඉන්න වෙලාවට වෑ..ඩ .. ක්  නෑ. පුල්ම ආතල්. ඒ වගේම තමා මලටත්. හැබැයි ඒ වෙලාවට විතරයි. ආයේ පස්සෙන් පහු එව්වා හිතේ තියාගෙන ඉන්නේ නෑ.

සර් ජොලියේ ඉන්න සමහරවෙලාවට අපි අහනව සර් මොකක්ද අර අලියගෙ හැපිච්ච කතාව කියල.
හොඳ හිනාවක් එහෙම දාල සර් පටන්ගන්නවා කතාව. ඔව් අයිෂේ, ඒ කලේ මං බැඳලා හිටියෙත් නෑ නේ. මාත් ඉතිං හැන්දෑවේ මෝට සයිකලෙන් ගියා මාලිනී මිස්ලගේ ගෙවල් පැත්තේ. (මේ කතාව කියන කාලේ නං එයාගේ බිරින්දෑ). කළුවරත් වැටිලා, යන්නෙත් හිමිං ගෙදර උඩ තට්ටුව දිහා බලාගෙන. දන්නවනේ පරණ සයිකල් දැන් වගේ නෙවේනේ මැගින්ටෝ කාලේ ස්ලෝ වෙනකොට හෙඩ් ලෑම්ප් එක හරියට කණා මැදිරි එළිය වගේනේ. අයිෂේ තමුන්ලට කියන්ඩ කොහෙද ඉඳල ආපු අලියෙක් පැන්නනේ පාර හරහට. මොන බ්‍රේක් ගැහිල්ලක්ද. කෙලින්ම හැපුණා අලියාගේ. අලියා ආපු ගැම්මටම දිව්වා. මං හෙමින් ආපු නිසා හොඳට ගියා.

සර්ගේ අතේ වේවැල හෙම නැත්තං,ඉතිං සර් අලියා උම්බෑ කියාගෙන දිව්වයි කියන්නේ ඇත්තද?

දවසක් කවුරුහරි අම්බ අලුගුත්තේරු වැඩක් කරලා, සර්ට හොඳටම කේන්ති ගොහින්. පන්තියේ සේරෝම ශිෂ්‍යයෝ දැම්ම එලියට. හිටෙව්වා පංතියට එන පාර දෙපැත්තේ පේලි දෙක මූණට මූණ බලාගෙන. (කඩු නැතුව) සේබ' ආච් එක වගේ ස'.  දොර වහල කොන්ඩිපට්ටම දාල ඉබ්බත් දැම්ම.
වේවැලත් වන වන දොර ළඟ ඉඳල පෝලිමේ අනෙත් කොනට යනවා දොර ලඟට එනවා අයෙත් අනෙත් කොනට යනවා. නිකන් නෙවේ ලොකු දේශනාවකුත් එක්ක. මොනවා කිව්වද කියල නං මතක නෑ. සර්ට මල අපට ෆන්.

විනාඩි පාලහක් විස්සක් විතර තිබ්බ ලැචර් එක. කකුලුත් රිදෙනවා, සර්ටත් තරහ ටිකක් බැහැල වගේ.

දැන් ඔන්න සර් පන්තියේ ඉන්න අහිංසකම අහිංසක, පුල්ම නියුටල්, කිසිම කචාල් එහෙකට හීනෙන්වත් සම්බන්ධ නොවෙන තාලේ ඩයල් එකට කතා කළා

දුන්න ඉබ්බාගේ යතුර. ගිහිං දොර අරින්ඩ.

මෑන්ස් දොර ඇරලා ඇවිත් සර්ට යතුර දුන්න.

ඔයා යන්න.
ඔන්න නියුටල් මෑන් පන්තිය ඇතුලට ගියා.
සර් අයෙත් ගාඩ් ඔෆ් ඔනර් එක ගන්නවා වගේ එහාටයි මෙහාටයි යනවා හොඳින් අපේ මූණු දිහා බලබල.
ඊළඟට නියුටල් වගේ අහිංසක ඩෑල් එකට කියනවා ඔයත් යන්ඩ 
තවත් අහිංසක ඩෑල් එකකට කියනවා ඔයත් යන්ඩ 
ඔය දෙන්නත් යන්ඩ ... වේවැලෙන් පෙන්නනවා දෙන්නෙක්ව 
දැන් අහිංසක ඕඩරේට එකා දෙන්න පංතියට යනවා.
ඊළඟට;
තමුසෙ යනව 
තමුසෙත් යනවා 
තමුසෙලා දෙන්නත් යනවා 
අයෙමත් පාරක් දෙපාරක් එහාට මෙහාට යනවා හොඳින් අපේ මූණු දිහා බලබල 
ආ.. තමුසෙත් යනවා 
ඒ එහෙටත් නැති මෙහෙටත් නැති කස්ටියක් 

පංතියේ තුං කාලක් විතර දැන් ඇතුළෙ.

ආයේ යනවා ගාඩොෆ් ඔනර් එකේ 

උඹ පලයං 
උඹල දෙන්නත් පලයං 
උඹත් පලයන් 

දැන් ගාඩොෆ් ඔනර් එකේ කෂ්ටිය අඩු වෙනවා 

අන්තිමට කෝමහරි එකෙක් ඉතුරු වෙනවා.
පිළිගනින්... පිළිගනින් ... උඹ තමයි කළේ 
ඔප්ෂන් නෑ. පිළිගත්තා නැතා වේවැල් කෂාය පත අට එකට සිඳවා 

ඉතින් ඔන්න මමත් යනවා.

ජයවේවා!
 
මේ එක නෙවේනේ කතාව කියන්ඩ බැරි උනානේ.

තෙල් බඳුනේ තෙල් තිබේ. කියල කිව්වේ The oil pan contains the engine oil. කියනඑක රෝයි සර් සිංහලට ට්‍රාන්ස්ලේට් කළ විදිය.
නෝට් එකේ අන්තිම හරියේ තිබ්බේ ඔය බඳුනේ සමහරවිට වතුරත් තියෙනවා අන්න එතකොට තමයි කේස් එක ගෑස්කට් ගිහිල්ල හරි මොකක් හරි කියල.



Toyota engine lubrication system using the example of a 4-cylinder engine: 1 - Timing chain; 2 - Oil pressure relief valve; 3 - Plug for draining the oil; 4 - Crankshaft; 5 - Engine oil; 6 - Oil pan (oil pan); 7 - Oil pressure sensor; 8 - Oil filter; 9 - Oil cooler; 10 - Camshaft;
Thanks to: https://maslo-toyota.ru

අවුරුදු තිහ හතළිහක් ගියත් අමතක නොවුන මේ දේ ඩිමෙන්ශියා හැදුනත් අමතක නොවී තියේවි.
රෝයි සර් වගේ සර්ලගෙන් අපි විෂය නිදේශයට අමතර බොහෝ දේ ඉගෙනගත්ත. එව්වා පස්සේ ලියමුකො වෙලාවක් ආවොත්.


පිපාසය ඇතිතැන නෙක්ටෝ සැපතකි වගේ ඔබේ පැමිණීමත් මට මහත් සතුටකි.

ජයවේවා අගේන්!
Myself Hattor


මගේ ප්ලේ ලිස්ට් එකෙන්  පරණ  Venezulean රැපක්.   

7 comments:

  1. හැට්ටර්ට කියන්න; ඔය කථාව කියවන්න පටන් ගන්නකොටම මට මතක් උනේ ඒකාලේ භෞතික විද්‍යාව උගැන්වූ උපනන්ද සේනාරත්න හෙවත් සේනාරත්න සර් ගැන. උන්නැහැටත් මල පැන්නාම කළු ලෑල්ලට දෙනවා සුපිරි පන්ච් එකක්.
    "තමුන්නාන්සේලා අතරින් මම දුන්නු ගෙදර වැඩ කරපු නැති එකෙක් හරි එකියක් හරි ඉන්නවානම් ඉඳගෙන ඉන්න තැනින් නැගිටිනවා හොඳයි!" කියලා රොටරියේ පල්ලෙහා හෝල් එක දෙවනත් වෙන්න කෑගැහුවාම පන්තියේ 800 ක් අතරින් තනියම නැගිට්ටා මම/
    ඒකට ප්‍රධාන හේතුව උනේ උන්නැහෙගේම අවවාදයක්. "එල්ලුම් ගහට යනවානම් විතරක් බොරුවක් කියන්න! ඊට මෙහා කවදාවත්ම බොරුවක් කියන්න එපා!" ඒ සේනාරත්න සර්ගේ කටේ තිබුනු මෝටො එක.
    මම නැගිට්ටා විතරයි "තමුන්නාන්සෙ ගැන මට හරි ආඩම්බරයි! වාඩිවෙනවා!!" කිව්වා විතරයි.
    ඕවා රසබර කතා.
    ඉතින් රෝයි සර් කියලා තියෙන්නේ බොරුවක් නොවේනෙ.
    "තෙල් බඳුනේ තෙල් ඇත!"
    කරුමෙට දැන් වෙලා තියෙන්නේ තෙල් බඳුනේ තෙල් නැතිවීමය! (අනේ මේක රටේ දේශපාලනේටනම් ඈඳගන්නවා එහෙම නොවෙයි ඔන්න!)

    ReplyDelete
    Replies
    1. රෝයි සර්ගෙන් විෂය කරුණුවලට අමතර ජිවිතේට අවශ්‍ය බොහෝ දේ ඉගෙනගත්තා. හොඳට ගුටිත් කෑවා. ඒ වගේම දෙගොල්ලොම විනෝදෙනුත් හිටියා. වැරැද්දක් උනොත් දැනගත් වහාම ඒක නිවැරදි කරන්නත් ඇපොලොජයිස් කරන්නත් එතුමා පසුබට උනේ නෑ. ඒ කාලේ කොලුකමට කළ දේ වලට පසු තැවීමකුත් නැත්තේ නෑ.

      ජයවේවා!

      Delete

  2. Patience is like good motor oil. It doesn't remove all the contaminants. It just puts them into suspension so they don't get into your works and seize them up. Patient people have, so to speak, a large crankcase. They can put a lot of irritants into suspension.

    Cornelius Plantinga

    ReplyDelete
    Replies
    1. Pra Jay, how if I rephrase it like this;
      Good motor oil is like patience. It lubricates the system, reduces tension and lowers the resistance to move forward. With the support of a larger flywheel we can minimize ups, downs and any ripple for a smooth ride.

      ජයවේවා!

      Delete
  3. ඉස්කෝලෙ මෝටර් කාර්මික සෑස්තරෙයි, උයන-පිහන සෑස්තරෙයි ඉගැන්නුවනං කොච්චර හොඳද කියල හිතෙනවා.

    ජයවේවා!

    -බස්සා-

    ReplyDelete
    Replies
    1. බස්නායක සර්ගේ අදහස නං පංකාදුයි.උයන-පිහන සෑස්තරේ සියල්ලන්ටමත්, මෝටර් කාර්මික සෑස්තරේ කැමති උදවියටත් ඉගැන්නුවානං බොහොම අගෙයි කියා හැට්ටරුත් හිතනවා.
      වෙලාවක hattorvittor@gmail එකට ඊයක් එවන්ඩකො ඇහැක්නං.

      ජයවේවා!

      Delete
  4. ඔන්න ඔය විෂය අපේ කාලෙ ඉස්කෝලෙ ඉගැන්නුවෙ නෑ අපෙ හාමුදුරුවනේ. මගෙ කාර් එකේ ඔය ලෙඩේ තුම්පාරක් ම ආවනෙව...

    ReplyDelete