Monday, June 8, 2020

පුෂ්පෙය - My friend Pushpe

පුෂ්පෙය හිත හොඳ එකා.

තනි වාක්‍යයකින් සැටිපිකෙට් එකක් දෙන්ඩයි කිව්වොත් ඔහොම්මම තමයි ලියන්ඩ වෙන්නෙත්.
අඩි හයට නං වැඩියි උස නමුත් එච්චර සරීර පෝසතෙක් නං නෙවෙයි. කෙට්ටු පරාණේ.
කොහෙ දැක්කත් හා.. මචෝ කොහොමෙයි කියල ඔලුව එහෙම පොඩ්ඩක් පැත්තට නවල කරල කතා නොකර ඉන්නේ පුෂ්පෙය නෙවෙයි.

ශිෂ්‍යයෝ කාලේ දන්නවනේ ඉතින් අතේ සල්ලි බාගෙ එහෙමත් නැහැ නොවැ හිටං. නරක පුරුදු වලටත් ඇබ්බැහිවෙනවත් අඩුයි නොවැ එතකොට.

රෑ පිරිතක් හෙම තියෙනවා නං පුෂ්පෙය බැහැල වැඩ. ඕ යේස් හන්ඩ්‍රඩ් පසෙන්ට්
කළමනා සපයන වැඩ වල ඉඳන් සේරෝම වැඩ හොයල බලල හිටං පිරිත පටන්ගත්තට පස්සේ පුෂ්පෙය ඕන්න ටිකක් රිලීස් වෙනවා.
ආං එතැනදී පුෂ්පෙය යනවා පිරිත් ශ්‍රවනය නොකර ඉන්න අයගෙන් නිදහසට කරුණු විමසන්ඩ.

පුෂ්පෙයත් ළඟ නවනවා කෂ කෂ ගාල. වෙන මක්කටවත් නෙවේ ශිෂ්‍යයොන්ගේම හොඳට. ළඟ නැව්වම බඩු ඉක්මනට ඉවරයි නොවැ . දැං  ඉතිං මක්කැයි ශිෂ්‍යයෝ බොන්නේ. අන්න එතනයි පොයින්ට් එක තියෙන්නේ. පුෂ්පෙය හොඳට හිතා මතා ඕක කොරන්නේ.  බොන්ඩ දෙයක් ඉතුරුවෙලා නැති නිසා  නොබොන ශිෂ්‍යයන්ට පිං ඒවගේම ඒ අවස්ථාව බලෙන්ම ලබාදුන් පුෂ්පෙයටත් පිං.

ටිහකින් ඔන්න පුෂ්පෙයගේ මූණ එහෙක් වෙනවා මෙහේක් වෙනවා. ඔබ හරි. 
නිව්ටන් උන්නැහෙගෙ නියමයට අනුව තැපෑලෙන් රිසල්ට් එක ඇවිත්.


මචං අපේ අම්ම දන්නවනං මං බොනවැයි කියලා ...... පුෂ්පෙයා අඬනව

පුෂ්පෙය හිත හොඳ එකා.

6 comments:

  1. පුෂ්පෙය හිතා මතා ම කරන දෙයින් අනිත් ශිෂ්‍යයොන් ට තමයි පාඩුව නේද මලයා ?

    ReplyDelete
    Replies
    1. පුෂ්පෙය අනුන් පස් පව් කොරනවට කැමති නෑ නේ සෑර්.
      ජයවේවා!

      Delete
    2. ජයවේවා!හැට්ටර් මල්ලි :D

      Delete
  2. පිරිත් මනාව ශ්‍රවණයට උත්තේජක අවශ්‍යයි

    අපේ කාලෙ අධ්‍යාපන ආයතනයේදි මුලින්ම පාවිච්චි කරන්නෙ පිරිත් නයිට් එකේදි තමයි

    ReplyDelete
    Replies
    1. අන්නේකයි සෑර්. උත්තේජන අවශ්‍යයි මනස සන්සුන් කරගන්ඩ.
      ජයවේවා!

      Delete
  3. පුෂ්පෙය වගේ පරහිතකාමී ඩයල් එකක් හිටියා මගේ බැච් එකෙත්.. කට්ටිය සල්ලි එකතු කරලා දාන/ දෙන පාටි වලදී මුලින් මුලින් මූ කන්නේ බොන්නේ නෑ.. අන්තිමට බලලා තැන තැන ඉතුරු වෙන කොට ඔක්කොම එකතු කරලා ඇදලා අරිනවා.. වැඩියෙන් ඉතුරු වෙලා තියෙන කෑම ජාති බලලා ඒවායින් හොඳට කනවා.. ඇහුවම කියන්නේ යකෝ මේවා නිකන් විසි කරන්න ඕනිද මේවාටත් එක්ක නේද අපි සල්ලි ගෙවන්නේ කියල..

    ප.ලි. දැන් ඌ කෝටිපතියෙක්.. අපිට හැරෙන්නවත් බෑ ඌත් එක්ක දැන් :)

    ප.ප.ලි. පුෂ්පෙට ජයවේවා!

    ReplyDelete