Thursday, June 25, 2020

කන්න කන්න.... පුතාල කන්න

Thank you kiteworldmag.com for the image

ඔන්න කොල්ලොටික දවාලට කනවා ඈ ..

බත් පිඟන් එනවා, ආයේ එනවා, ආයෙත් එනවා.. දන්නවනේ කොල්ලො කන්ඩ ගියාම, අඹරන්ඩ බැරි වාහෙලා, ඒ මදිවට අලියා ගුලිත් කාල.

අංකල් ආව.. මාරුවෙන් මාරුවට බැලුව මේසෙ දිහයි කොල්ලෝ සෙට් එකයි දිහයි.

මොකෝ අංකල් මොකක් හරි වැඩක් සෙට් වෙලාද?. කියන්ඩ අපි කෂ් ගාල කාල එන්නං

නෑ නෑ පුතාල කන්න..

ආයෙම ඇඹරුම් යන්ත්‍ර වැඩ.
බත් පිඟන් එනවා, ආයේ එනවා, ආයෙත් එනවා.
එළවළු මාළු එනවා, ආයෙ  එනවා

දැන් මෙහෙමනේ වැඩේ.

කොල්ලෙක්ගෙ අක්ක බඳින කොට ඇට්ටෝම් පලේ බ‍ර වැඩ අංශේ එන්නේ මල්ලියට නේ. ප්‍රෙන්ට තනියම අදින්න දෙන්නේ නෑ යාලුවෝ සෙට් එකත් එනවා උදව්වට. එව්වා යුතුකම්. අක්කල ඉන්න මල්ලිල ඔව්ව දන්නව.

දැන් දවස් කීපයක්ම ගේම දීල ඊයේ රෑත් නයිටඇදල උදේ වෙනකොට කොල්ලොන්ගේ වැඩ "දැනට" අහවරයි. ඉතුරු වැඩ හවසට. ජෝඩුව එහෙම පිටත් උනාට පස්සෙ
නාල කරලා කාරිය කොල්ලොටික ඉන්නවා සුද්දෝ වගේ ටයි එහෙම දාල.

මනමාලයාගේ සපත්තු වලට වතුරදාල මෂ්ෂිනා ගතමනාවට මුද්දත් එහෙම අරගෙන ගැන්සිය එකෙල මෙකෙල වෙවී ඉන්නවා කරන්ඩ හරිහමං වැඩක් නැතුව. ඔය ඉන්න අතරේ බඩා කියපි අඩෝ අපි අලිය ගුලි ටිකක් ගේමු. දවල්ට කන්ඩත් තව වෙලා තියෙනවෙනේ.

අලිය ගුලි කාපු එකා දන්නවා මාත්‍රාව සහ විශේෂයෙන්ම වැරෙන් පහර දෙන්ඩ හොඳ නැති බව. ඒත් එතන හිටි සමහරු එදා තමයි නමෝ විත්තියෙන් සළු වෙන්නේ.

කෝමහරි අංකල් කෑමට කතා කරන කොට ටීම් එක සරුංගල් හෙලිකොප්ටර් වලින් තමයි මේසෙට ගියේ ඈ..

දැන් දෙවෙනි පාරටත් , ආයේ විනාඩි දහයකින් පැය කාලෙකින් විතර අංකල් ආව.

වැඩක් තියේනං කියන්ඩ අංකල් මේ කෑවා මේ ආව

නෑ නෑ කන්න කන්න පුතාල කන්න..
ආයෙම ඇඹරුම් යන්ත්‍ර වැඩ.
බත් පිඟන් එනවා, ආයේ එනවා, ආයෙත් එනවා.
එළවළු මාළු එනවා, ආයෙ  එනවා , බැදපු මාළු, කට්ලට් හ්ම්.. හ්ම්..

තව පැය කාලකින් විතර අන්කල් අයෙමත් ආව. මූණත් ටිකක් අප්ෂෙට්.

අංකල් මොකක්ද අවුලක්ද? කියන්ඩ අපි දෙන්නං වැඩේ..

ආ ආ කන්න කන්න පුතාල කන්න.. තව කන්න ඉන්නව.. පුතාල කන්න




මේ පැත්තේ පැමිණියාටත් ඔබගේ වටිනා කාලයටත් තැන්කිව් වේවා!    
Myself Hattor

6 comments:

  1. Replies
    1. මම මේ නිකමට අහන්නේ. සෑරුත් හිටියද ඒ කෑම මේසෙ?

      ජයවේවා!

      Delete
  2. හැට්ටර් අයියට කියන්ඩ ඔය ගුලි අන්තිම නරකයි...

    ReplyDelete
  3. මනුස්සයෙක්ට බත් ටිකක් කන්න දීලා ඒකට හිනා වෙන්න එපා බං.

    ReplyDelete
  4. ආ..කන්න කන්න, පුතාල කන්න ..අපි ටොපියක් හරි කන්නං කියලයි අන්කල් කිව්වෙ...🤣

    ReplyDelete
  5. ආ කන්න කන්න පුතාල, අපිට ඔය පාන් ගෙඩි දෙකක්වත් ගෙන්න ගන්න බැරුවයි කිව්වලු.

    ReplyDelete