Wednesday, May 12, 2021

සල්ලි oh my God!


සල්ලි මිටි ගනං අරගෙන එයි වටින් ගොඩින් 
සල්ලි නෑ මචං ...  අන්න එහෙමනේ සිංදුව පටන් ගන්නෙ.

ඔන්න අන්තිමට අපිට වෙන දේ. සල්ලි නෑ මචන්...


සල්ලි කිව්වම නොයෙක් නොයෙක් ජාති තිබ්බට ඩොලර් කිව්ව නං ඕන තැනක ගේමට රෙඩි 

සල්ලි වලටත් අයිය කෙනෙක් ඉන්නවනේ. එතකොට සල්ලි තමයි මල්ලි.

අයියලා සහ මල්ලිලා ගැන කතා කරනකොට සර් අයියල තමා ඔරිමජිනල් වැඩ කාරයො, ගේම් කාරයො ඔක්කොම. අයියල පැනික් වෙනවා අඩුයි එයාල ගාව එව්වට ටූල්ස් තියෙනවා. මල්ලිලා ගේමට එනවනං එන්නෙ අයියලගෙ කවර් එකේ. උදාහරණ ඕනෙමනං 
ඉතිං මමම කියන්ඩ ඕනැය පොඩ්ඩක් සමාජගත වෙලා බලන්ඩකෝ.  උදාහරණ නං එමට.

එහෙනං සල්ලි ගැන කතාකරන්ඩ කලින් සල්ලි වල අය්යා දෛය ගැන කතාකරන්ඩ එපෑය 

අරාබි රටවල එකම එක දෛයයි- වන් ඇන්ඩ් ඔන්ලි , එතකොට තවත් රටවල දෛයයි පුතයි - හැබැයි පුතා දෛයෙක් නෙවේ. ඉන්දියාවේ නං දුසිං කීපයක්. ලංකාවට විතරක්  තිස් තුන් කෝටියයි. ගනං හදල බලනකොට එක මනුෂ්‍යයට දෛයො දුසිමක් 'අනියුක්ත  කලොත්' කෝටි ගාණක් දෛයන්ට වේටිං ලිස්ට් එකේ ඉන්ඩ වෙනවා මනුෂ්‍යයෙක්ට අනියුක්ත වෙන්ඩ.

දැන් සමහරු කියනවා දෛයො ඉන්නවලු තව සමහරු කැට තියල ඔට්ටු අල්ලනවා දෛයො නෑලු. මාර කේස් අපටත් වෙන්නේ.
බටහිර ඉගෙනගත්තු නැගෙනහිර පදිංචි මහදුරු තුමෙක් කියනවා සුවර් එකටම දෛයො ඉන්නවා. ඊටාමතරව දෛයො එක්ක සන්නිවේදනේ කොරන ලංකාවේ කස්ටියත් ඉන්නවා කියල. 
නැගෙනහිර ඉගෙනගත්තු බටහිර පදිංචි මැවිසුරු තුමෙක් කියනවා මේ ඔව්ව බොරු කතා, කොහේ ඉන්න දෛයොද කියල.

උගත් බ.ඉ.නැ.ප. මහදුරු තුමා සන්නිවේදනේ කොරාන්නේ පඬියන් පඬිනැට්ටන්  ඇතුළු මිතුරන් අතරේ පමණක් නිසා, අපේ උගත් නැ.ඉ.බ.ප.මැවිසුරු තුමාට සූදුරු හැට්ටර් විසින් කොමෙන්ටයක් දැමුවා ඉතිං ඔබතුමා ඔච්චරම සුවර් එකේ කියන එකේ අපටත් කියල දෙන්ඩකෝ කෝමෙයි ඕක සහසුද්දෙම්ම කියන්නේ කියලා. 

ඉතිං නැ.ඉ.බ.ප.මැවිසුරු තුමා දෙනවා උත්තරේ අයිෂේ තමුශේ නෑ කියනවානං ඒක තමුශේම ඔප්පුකොරාලා පෙන්නනවකෝ. කියල. යකඩෝ ඉතිං මම නෑ කිව්වායැයි, නෑ නේ. මම ඇහුවේ කෝමයි නැ.ඉ.බ.ප.මැවිසුරු. සර් ඕක ඔච්චරම සුවර් එකට කිව්වේ කියල. අපිට ඉතින් උසස් පෙළට කියාදිල තියෙන්නේ අභ්‍යුයනයෙන් හරි ඔප්පු කරන්ඩ කියලනේ. ඔය තායිලන්ත AIT ලොජික් ඒ කාලේ දැනං හිටියනං අපේ ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන්ඩ වෙන්නෙ එව්වා හදපු සර්ලට මිස්ලටම තමයි. 
ඔන්න ඒපාර ලොකු සර් එවනවා දෙන්නං ජම්බු කියල බර්ට්‍රන්ඩ් රසල් උන්නැහේගේ තේ පෝච්චියෙ ප්‍රෙහෙලිකාව. රසල් උන්නැහ ඕක කිව්වා තමයි හැබැයි පස්සෙන් පහු සමහරු ඔය කතාව කිච කරලම දැම්ම කියල අපේ නැ.ඉ.බ.ප.මැවිසුරු තුමා දැනං නොහිටිය එකට මේ හැට්ටර් මක්ක කොරන්ඩය.

ඔව්ව පැත්තකට දාමුකො. මහදුරුල මවිසුරුල ඔව්ව බේර ගනියි. අනේ අපි නං ඔව්වට නෑ.

හැබැයි මම අහල තියෙන විදියට ඔය දෛයො කියන කණ්ඩායම හොඳ ෆන් එකේ ඉන්න ජොළිපුල් කස්ටියක්.
එක දවසක් සක්‍ර දෛයට කම්මැලි හිතිලා හඳේ හාවෙක් ඇන්දලුනේ.
තව දවසක් සක්‍ර දෛයට බෝරිං වෙලා මාතලීට කියනව කොල්ලො රතේ ලැහැස්ති කොරාං කියල. මාතලී අහනව බොස් කොහෙ යන්ඩද කියල. ගමනක් යන්ඩ නං ඉතින් AO මහත්තයගෙන් පැට්‍රල් ඕඩරයක් හෙම ලියවගන්ඩ එපැයි. නැද්ද. උඹට ඔය පණ්ඩිතකං වලින් වැඩක් නෑනේ රතේ ලෑස්ති කොරගනිං. ටිකක් දුර යනකොට ලොක්ක කියනව මාතලී අපි යං මනුස්ස ලෝකෙට කියල. දැන් දෙන්න යනව මනුස්ස ලෝකෙ. ලොක්ක දෙනව ඩිරෙක්ෂන්. මාතලීට අහන්ඩත් බයයි කොහාටද කොහාටද කියල. හා හරි දැන් නවත්තපං කොල්ලො කිව්වම නවත්තුව පොල් වත්තක් ගාව. 
කොල්ලො මට කුරුම්බයක් බොන්ඩ ඕනේ. 
ඕ කේ බොස් මම ටාර් ගාල කඩං එන්නං 
නෑ නෑ උඹ ගාඩ් එකේ ඉඳපන් මමම කඩං එනකං 
ඉස්ටෝරියේ ඉතුරු ටික 'ඩ්‍රැකී'  උන්නාන්සෙගේ  අඩවියේ ලියල තියෙනවා, දෛයංගෙ ඔරිජිනල් බාසාවෙන් සිංහල පරිවර්තනය සමගම. හැට්ටර් ලිංක් දාන්නේ නෑ සර්ලා එහෙ ගොහින් ඕක හොයන්ඩ ගියාම ඉතා අනර්ඝ දේවල් රාශියක් බෝනස් විදියට බලන්ඩ ඇහැක් වෙන නිසා.  ඊට පස්සේ මේ වගේ දෙකෛ පනහේ බ්ලොග් බලන්නේ නෑ., ඕ යේස් . මටත් මේක වහල දාල දන්නා සෑස්තරයක් කොරගෙන ඉලෙක්ට්‍රෝනයක් දෙකක් හප්පගෙන වගේ සුළු කර්මාන්තයක් කොරාගෙන  ඉන්ඩෑකි.

ඔය දෛයෝ විතරක් නෙවේ බ්‍රහ්මයොත් හොඳ ජොළිපුල් පොරවල්.
හැට්ටර්ල වගේ ඕල්ඩ් ස්කූල් සාහිත්‍යය, කව්දිනමිණාලංකාරය පරිශීලනය කළ අය දන්නවා ඇති 
මහ බඹු නිදැල්ලේ 
කෙළිනා විටදී වැල්ලේ 
අත වැදී ... 
යනාදී වශයෙන් ඇති පොඑම් එක.

මේකේ කෙළිනා කියන්නේ කෙළි සෙල්ලං හොඳේ වෙන මක්කාවත් නෙවේ ඈ 

ඔය බ්‍රහ්මයෝ නේ මේ ලෝකේ මැවුවයි කියන්නේ. වැඩේට සක්‍රයගෙං පොඩි සපෝට් එකක් ඉල්ලුවම දුන්නැති නිසා සක්රයාගේ අසනෙත් ගල් කරලා අහක්කවෙලා මිනිස්සු ටික හදලා තියෙන්නේ දෛයන්ගේ ක්ලෝන් එකක් විදියට, මලටම.

පස්සෙන් පහු දවසක ෆොලෝ අප් විසිට් එහෙකට ආපු වෙලාවේ මහා බ්‍රහ්මයට ටිකක් විතර ඖල්  වගේලු. මොකද සේරෝම එකම විදියනේ. එකම පාටයි. මූණ මැද්දේ නහයයි අරකයි මේකයි. එකම විදියයි.

දවසක් බඹාටත් bored වෙලා කොරන්ඩම දෙයක් නැතුව චාටර් වෙවී ඉන්න කොට කල්පනා උනාලු අඩේ ජොලියටත් එක්ක මේ මිනිස්සුන්ට මක්කහරි කරමු කියල. 
මොකෑ කරන්නේ, ඔලුව උඩින් අත් දෙක හයි කරමුද, නාහේ සයිඩ් එකට දාමුද. අරක මේක. ම්හු. හාඩ්වෙයා චේන්ජස් ලේසි නෑ. නාහේ මාරුකරලා විතරක් හරි යන්නේ නෑ ඒකෙ බට ලයින් ඔක්කොමත් මාරු කරලා රී ලොකේට් කරාන්ඩ වෙනවනේ. ලේසි නෑ බුද්දාගම .

ඔහොම කල්පනා කර කර ඉන්නකොට ආව අයිඩියා එකක්.
මුංව පාට කරමු. 

ළමායි, පට් ගාල තීන්ත බැරල් ටිකක් ලෑස්ති කරන්ඩලා.
බොස් කලු පාටයි කහ පාටයි විතරයි තියෙන්නෙ.
ගුඩ්. ඒ හොඳටම ඇති.

දැන් කියන්ඩ අමතක උනා ඒ කාලෙ මිනිස්සු ඔක්කොම සුද්දෝ ඈ.  දෛයන්ගේ ක්ලෝන් නේ. (කිසිම පංසලක, පල්ලියක කළු දෛයෙක් දැකල තියෙනෙවද, නෑ නේ සේරෝම සුදු)

බ්‍රහ්මයෝ ටික කශ් ගාල බැස්ස ඇමරිකාවට පේන්ට් බඩු මුට්ටු ඔක්කොම අරගෙන 
දැන් රෑ වෙලා මක්කාවත් පේන්නෙත් නෑ.  ඒ මදිවට හදිස්සියට ජැකට් එකක්වත් ඇඳගෙන ආවේ නෑ. පට්ට සීතලයි, 

අම්මෝ මුංව පාට කරන්ඩ ගියොත් අපි මැරෙයි. යමල්ල වෙන දිහාවකට.
කෂ්ටිය පියෑඹුව අප්‍රිකාවට.

අනේ මෙන්න මිනිස්සු කිසි හදිස්සියක් නැතුව මඤඤොක්ක අලයක් තම්බං දඩමස් හොද්දකුත් එක්ක කකා පුල් රිලැක්ස් එකේ ඉන්නවා ගහක හෙවනට වෙලා, පොඩි චැට් එහෙකුත් දාගෙන .

බ්‍රහ්මයෝ ටික පැන්න ගමං උන්ව අල්ලලා තීන්ත බැරල් එකේ ඔබඔබ ගන්නවා. 
ඔලුවේ ඉඳන් කළු.
දැන් අප්‍රිකාව ඉවරයි.
ආව ලංකාවට. ලංකාවෙත් උතුරට.
පරණ සෙල්ලමම. අල්ලනවා ඔබනවා දානවා.

දැන් ටිකාක් දකුණට එනකොට මෙතන මක්කහරි ඖල් සීන්කෝන් එකක් යනවා කියල දැනිච්ච එවුං දුවන්ඩ පටන් ගත්තා.
මේක දැකපු බ්‍රහ්මයෝ එලවනවා 
මිනිස්සු හුරේ රන්  
බ්‍රහ්මයෝ ඔහෙ හිටු කිය කිය එලවනවා. (ඩීප් සවුත් සිංහලෙන් කියනවනං අඹවනවා.)

කෝම හරි අල්ලගත්තු එවුංව තීන්ත බැරල් එකේ දැම්ම.
දුවල දුවල සමහරෞන්ට තාප්ප, ගස් එහෙම හරස් වෙලා නවතින්න උනා.
එතකොට බ්‍රහ්මයෝ උන් එහෙමම ඉන්දැද්දී ලොකු පින්සල් අරං මුංගේ ඇඟේ ගෑව කළු .

(කෝම කෝම හරි වංගු ගහල බේරුණු එවුන් අදත් සුද්දෝ වගේ සුදට ඉන්නවා.)

අර තාප්පෙට කෙළිය සෙට්ටෙක ඉන්නවා නේද, ඕනේ නං බලන්ඩ උන්ගේ අල්ල සුදුයි. බිකෝස් බ්‍රහ්මයන්ට අල්ල පාට කරන්ඩ බැරිඋනානේ තාප්පෙ අල්ලන් හිටි නිසා.

ඔය ඔය ... කතාව කියවන්නැතුව ඇයි අල්ලේ පාට බලන්ඩ ගියේ.

ඉස්සර කාලේ වගේ නෙවේ දැන් දැන් මොඩන් කාලේ දෛයන්ට කියල වැඩක් හෙම කොරාගන්ඩ ඕනෙනං ඔන්න දෛයන් ටයි කෝට් දාපු  ලෝකල් ඒජන්ට්ල පත්කොරලා  
ඉන්නවා.
පරණ මොඩල් වලට සොෆ්ට්වෙයා හෙම ඕනෙනම් ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්ඩ පුලුවන්.

සවුන්ඩ් කාඩ් වල ඩ්‍රයිවර් ඉන්ස්ටෝල් කිරීම වගේ වැඩ.
ඉන්ස්ටෝල් කරලා විතරක් නෙවේ ඊට පස්සේ සවුන්ඩ් කාඩ් එක රන් කරලත් පෙන්නනවා.

හැබැයි එතන හිටි කාන්තාව නම් වැඳගෙන හිටියේ වෙනතැනකට. එතන ඩ්‍රයිවර් එක හරියට ඉන්ස්ටෝල් කරවගත්තානං ඉතින් බඩුම තමා. හැබැයි පස්නේ ඔය සෙනග අස්සෙ ඒක හරියට ඉන්ස්ටෝල් උනාද කියල රන් කරවල පෙන්නන්ඩ බෑ නේ.

දැන් ඉතින් කවුද කියන්නේ දෛයො නෑ කියල...

අම්මප කතාව පටන් ගත්තේ  සල්ලි වලින්නේ. 

10 comments:

  1. මේක නියමයි අප්පා😂
    එකම අවුල ගැටපද තේරුං ගන්ට, දෙපාරක්වත් කියවන්න වෙනවා. මම නං මේ රටාවට කැමතියි, ඔහෙම යං. දෙවන කියවීමට ආයෙ එඤ්ඤං ඈ?

    ReplyDelete
    Replies
    1. බ.ඉ.නැ.ප. මහදුරු නං හිතා ගත්තෑකි, ඒත් කව්ද නැ.ඉ.බ.ප.මැවිසුරු? බැරිද පොඩි ඉඟියක් දෙන්න, ටුයුබ් ලැයිට් බස්සට අනුකම්පා කොරලා?

      හෙහ්, හෙහ් නියම දෛයො කතන්දර සෙට් එක. අර ඩැකියගෙ පොස්ට් එකේ නමවත් දැම්ම නං තමා වටින්නෙ.

      ඩීප් සවුත් වලට අපෙත් නෑදෑකං තියනවා. මට නං ඒ බාසාවෙ අමුතු ලස්සනක් තියනවා. "ඔහේ පොල් ඔයන්න(ලෙලි ගහන්න) දන්නවැයි?" කියල ඇහුවාම, කඩේ වැඩට අලුතින් ආපු කොලුව කිව්වලු "පොල් ඔයන්න නං දන්නෙ නෑ මුදලාලි, ඒත් අඹ බයන්න නං දන්නවා" කියල.

      ඉස්සර සීටීබියෙ,ඩබල් ඩෙකර් යුගයෙ කොන්දොස්තර මාත්තුරු දෙන්නෙක්
      ඩබල් ඩෙකරයෙ උඩයි, යටයි ඉඳපු කාලෙ කතාවක් මේක. කණ සාක්කුවෙ හිටින්න දෙකක් නමා ගත්ත් පොරක් යනවලු ෆුට් බෝඩ් එකේ. උඩ තට්ටුවෙ කොන්දොස්තර කිව්වලු"උඩින් බහිනවා" කියලා. ඩෝප් පොර ඇහැව්වලු " කව්ද යකෝ උඩින් බහින්නෙ, සැක්කරයද?" කියලා.

      Delete
    2. ලොකු සර්, ඔය 'මැවිසුරු' වචනේ මැව්වේ ටයි මහත්තයාගේ සොහොයුරු ඊලියන් ද සිල්වා ඉංජිනේරුතුමා, එයාගේ රස්සාව සුද්ද සිංහලෙන් පවසන්ඩයි. නමුත් Telephone Exchange එකට විදුලි සංදේශ විණිමය කියල හැදුවේ නං එයා නෙවේ.
      අනේ අම්මේ අපේ ඔය හෙළුවන් වනපු උන්දලාගේ කතා, අපේ කොග්ගල අහුබුදු උන්නාන්සෙට අනුව ශේක්ස්පියර් ඇවිල්ල දකුණෙන් එංගලන්තෙට සංක්‍රමණයවුණු පුද්ගලයෙක්. ඥාතීන් තාම ඉන්නවා දෙවුන්දර, 'සීක්කු පියර' වාසගම තියෙන්නේ අන්න ඒ ඇත්තන්ට තමා.

      එතකොට, නැ.ඉ.බ.ප.මැවිසුරු කියන්නේ වෙනිං කවුරුවත් නොවේ, බ්ලොග් ලොවේ පයනියර් SX1980 හෝ SX1250 වැනි මොන්ස්ටර් ඇන්ටික් සෙටපයක් වැනි සිනුවර වැසි රසිකලොජි බ්ලොගයේ අධිපති වන් ඇන් ඔන්ලි රාසික් හජ්ජියාර් මහතා වම්හ. එතුමාට අද දින සුබ Eid Mubarak එකක් වේවා!

      ඊළඟ ප්‍රශ්නේ, ඩ්‍රැකී තුමාගේ https://drackey.blogspot.com/2013/06/blog-post_13.html තමා පිළිතුර. මේ පෝස්ටය පමණක් කියවා සෑහීමකට පත්වන්නේනම් එය අනුවණ කමකි. සක්‍ර දෛයට වගේ මටත් bored උනකළ ඩ්‍රැකී තුමාගේ බ්ලොගය මහාර්ඝය, ඒ ගැන උපමාවකින් කියනවානම් එය හරියටම පෝටෙලෝ ඇති තැන පිපාසය සැපතකි වාගෙය. පුල් ආතල්යැ.

      මේ වැල් බයිලා බලන්නට මෙහි පැමිණි ඔබට ජයවේවා!

      Delete
    3. අපෝයි ඩ්‍රැකියාව මට මඟ ඇරෙන්නෙ නෑ. ඒත් මඟ හැරිලා තියෙන්නෙ මේ පරණ කතා ටික. මං යනවා ඩ්‍රැකී බ්ලොග් එකේ පතලක් බහින්න.

      ඔය හෙල හවුලෙ, පතාක යෝධයෙක් අපේ ගෙවල් ගාවත් හිටියා. ඇස්වහක් කටවහක් නෑ, කිරි-කොකා වගේ සුදට හිටිය එතුමා, භාෂා කීපයක් දන්න, කලාවටත් අත-හිත දීපු සැබෑ දක්ෂයෙක්. රටට යම් සේවයක් කරා මිස, "මුදලාලි" කෙනෙක් වුනේ නෑ. හේතු කීපයක් නිසා නම නං කියන්න බෑ, අවශ්‍යත් නෑ. මෙන්න කතාව:

      අපේ කතා නායක: දරුව, මට හිම තලපයක් ගෙනෙව
      වේටර් කොලුව : තලප නං නෑ සර්, අයිස්කිරින් නං තියනවා

      අපේ කතා නායක: එම්බා බස්-පලුව, තොප මාගේ සම්-පහිය දුටුවෙහිද?
      කොන්දොස්තර: වැදගත් විදිහට ඇඳගෙනත්, කුණුහබ්බ කියන්නෙ ඇයි මහත්තයා.

      ඔව්වා කතා වල ඇත්ත නැත්ත නං මං දන්නෙ නෑ. ඒත් ඒ අපේ ගම් පලාතේ ජනවහර.

      Delete
  2. ඉන්ටරෙස්ටිං යැ...ආතල් යැ....
    ඒක _ක්කං දානන්ති
    දස සහසක් _ක්කං ලබ්බති කියල කියල තියන්වනේ පඩිවරයෙක්. ඉතින් මේ වගේ එල කතා අපිට දානය කිරීමේ පිනෙන් දස දහසක් කතා අසන්නට දකින්නට ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ලොකු මල්ලි සර්ටත් එසේම වේවා!
      ජයවේවා!

      Delete
  3. Replies
    1. Once my friend Gord said the same thing.
      Thank you Pra Jay.

      ජයවේවා!

      Delete
  4. ආ හා!? හැට්ටර් මල්ලි එළ කිරි පෝස්ටුවක් සමගින්!
    මේ ලඟදි එකෙක් මගෙන් ඇහුවා "දෙයියන්ගෙ මල්ලි සල්ලි නම් අයියා කවුද බං? කියලා. මම එක එක විකාර උත්තර දෙක තුනක් දෙනකොට ඌ කිව්වා "අනේ ඇති ඇති දෙයියන්ගෙ අයියා ක්‍රෙඩිට් කාඩ්!" කියලා.
    "අම්මපා ඒකත් ඇත්ත!" කියලා කියනවාට වඩා මම වෙන මොනවත් කියන්න ගියේ නෑ.

    දෙයියන්ගේ වැඩ කිඩ ගැන මේ ලඟදි පෙන්වන පෝස්ටුවක් මූනු පොතේ එහාට මෙහා විසි උනා. ඒකෙ තිබ්බේ පත්තර හෙඩිමක පිංතූරයක්.
    "දෙවාලයේ පිං පෙට්ටිය ගෙනගිය බවට කපුවා පොලීසියේ!" එහි කියැවීය.
    ඕකෙ ලස්සනම වැඩේ උනේ අපේ හක්බෙල්ලාවක ගඟෙන් එගොඩ තියෙන පැලැලේගම පුරාන පත්තිනි දේවාලයේ. අවුරුදු සිය ගනනක් පැරණි වාලම්පූරිය හොරු අරං ගියා කිසිම ගේමක් නැතිව. මුළු ගමේම හොරකං වලට අච්චු දුන්නු දේවාලෙටයි කපුවටයි දෙවියන්ටයි ඇඩ්‍රස් නෑ! අනේ ඒත් අපරාදෙ කියන්න බෑ තාම පූජා වට්ටි තියනවා.

    මේ වගේම කථාවක් ඇදුනා හැට්ටර්ට මතකද මංදා පොලීසියේ මහත්තුරුන්ගේ අතේ ධර්ම චක්කරේ ගහන්න පටන් ගත්තු මුල් කාලේ.
    ඕන දේටයි එපාදේටයි හොම්බ දාන හාමුදුරු කෙනෙක් ඔය වැඩේට කොක්කක් දැම්මා; මිනිස්සුංට ගහන, තුවක්කු බැටන් පොලු දරන අතක ධර්ම චක්කරේ ගහන එක ගැලපෙන්නේ නෑ කියලා. ඕකට උත්තර දුන්නු පොලිස් බුවෙක් උත්තර දීලා තිබුනා සිරාවටම. "ඔබ වහන්සේ පලාතෙම අධිකරණ සංඝ නායක වුනත් පංසලට පැනපු හොරු ඇල්ලුවාම විස්තරේ දැනගන්න අපිට හොරාට පිරිත් පැන් ඉහලා බලන්න කියන්නේ නෑ නේද? "

    ඔන්න දෙයියන්ගේ කථා පොලීසියට ආපු හැටි!

    අර සිංහල වචන ගැන මට තියෙන මතකය තමයි 'හෙළුව වනන්නෝ පකට පුඟුළෝය' කියන වාක්කිය.
    අපිට ඒකාලේ රසායන විද්‍යාව උගැන්වූ දෙව් රුවන් අල්විස් මහත්තයා අලව් ඉසි සැබිහෙල මහත්තයාගේ පුතා කියලා කථාවක් ඒකාලේ අපි අතර පැතිරුනා. දවසක් අපි උන්නැහැටපොඩි කරදහි කෑල්ලක් හෙවත් චිට් එකක් යැව්වා 'අලව් ඉසි සැබිහෙල සර් ගේ තාත්තාද?' කියලා අහලා. ඒකට දෙව් රුවන් මහත්තයා කලේ අනිත් චිට් වලට උත්තර දෙන අතරේම 'ඔව් එයා තමයි' කියලා කියපු එක. අපි ඒ උත්තරේ අපිට දුන් එකක් විදියට භාර ගත්තා. ඊළඟ සතිය වන කොට කොහෙද හිටිය නොසන්ඩාල එකෙක් හොයාගෙන ආවා තවත් ආරංචියක්. ඒක තමයි 'අලවිසි සැබිහෙළ' ගේ පැරනි නම 'අල්විස් සුරබියෙල්' කියලා. අපිට ආතල් කෝටියයි! අපි ඔය මගුලත් අහලා සෑර්ට යැව්වා කියන්නකෝ. කොහොමත් සර් අතට යන හැම චිට් එකම කියවන්නේ නෑනේ. එකක් දෙකක් පොඩි කරලා වීසි කරණවා. එදත් ඒ දේ එහෙමම කලා. 'ඒ වීසි කලේ අපේ චිට් එක!' කියලා අපි හිත හදා ගත්තා!
    කොයි විදියෙන් හරි මුල්කාලෙ ටෙලිපෝනයට කියලා තියෙන්නේ "තලපනුව" කියලනේ. ඉතින් අපිත් ඒකාලෙ ඒ කියන්නේ අපි කොල්ලො කාලෙ (දැනුත් කොල්ලො තමයි!) අපේ ඔෆිස් වල ඉන්න ගැටිස්සියන්ගෙන් අහනවා "ටෙලිෆෝන් එකට තලපනුව කියනවා වගේ ඉස්සර පංචර් එකටමොකක්ද කියලා තියෙන්නේ?" කියලා. මුං එක එක මගුල් කියවලා අන්තිමට හරි උත්තරේ මොකක්ද කියලා ඇහුවාම අපි නියම උත්තරේ කියලා දීලා එනවා. "පදින වික"
    ජය වේවා!

    ReplyDelete