Friday, May 29, 2020

ඇල් ටී ටී ඊ ගණන්කාරයෝ - யாழ்ப்பாணம் எழுபத்தைந்து

Thank you trips.lakdasun.org for the photo 

කිලිනොච්චි ටවුමෙ පාර නියමෙටම හදල කාපට් ඔක්කොම දාල හරියට චීස් කෑල්ල වගේ.
ටෝබොත් නැති 2C ඇන්ජිමෙත් ඉතින් එහෙමටයි කියල පිකප් එහෙකුත් නැති උනත් හිටන් ආයෙ මක්කටෙයි කියල අපේ පයිලටුත් අරින්ඩ ගත්ත. ලෑල්ලටම පාගනවා. 
මෙච්චරක් වෙලා වලවල් වල වැටී වැටි බොකු කටින් අරං ආපු හැට්ටර්ට නින්දකුත් ගියා.  මේ වෙසක් පෝය කාලේ බොරු කියන්ඩත් හොඳ නැති නිසා සෑර් ඇත්තම කියනවනං නින්ද යා..ආ..ගෙන ආවා.

පොඩි එකා කාලේ ජූනියස් උන්නැහැ බන්දුල සෑර්ගේ අහවල් එක නිදහස් කොලාට පස්සේ ප්‍රයිවෙට් බස් හෙම දුවන්ඩ ගත්තනේ.
කොටුවේ ඉස්ටේසම ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ තමා යාපනේ බස් ලෝඩ් කෙරුවේ.
"යාල්පානම් එලුවත්ති අයින්දු."
තාම මතකයි රනර්ල කෑ ගහන්නේ අන්න එහෙම.
ඒ කාලෙ යාපනේ යන්ඩ හිතුනේ හේතු කීපෙකට.
යාපනේ තියෙනව කියන තල් අතු වැටවල් මොනවගේද බලන්ඩ කොච්චර රස්නේද බලන්ඩ වගේ සමාජ භූගෝලීය සාධක
එතනින් ගියාම යනකල් දිගටම 'නොමිලේ'  දෙමළ පිචෑර්ස් බලන්ඩ
නමුත් මුලිකම දේ මනෝරාමා බස් එක. එකේ ඉස්සරහ ඇක්සල් දෙකයි, දෙකම කැපෙනවා.අන්න එකේ යන්ඩ.


Thank you Jon's pics for the photo 

යාල්පානම් යන්ඩ කොච්චරවත් ආස හිතුනට කෝ සල්ලි. එලුවත්ති අයින්දු තියා අයින්දු රුපී වත් නෑ අතේ.

අම් .ම..ට.. සිරි අපේ කැප්ටන් ගැහුවනෙ බ්‍රේක් පාරක් නළල වීදුරුවේ වදින්ඩ.

අයින් කරලා නැවැත්තුව.
අපේ දෙමළ මිත්‍රය හනිකට වාහනෙන් බැස්සා. ඇල් ටී ටී ඊ රාළහාමි මොන මොනවදෝ කිව්වා.
හයි ඉස්පීඩ්.
එලුවත්ති අයින්දු සෑර්
මහත්තය ලඟට ගිහින් දඩ කොලේ ලියවගන්ඩ
මහත්තය ඉන්නවා කොහොඹ ගහක හෙවනේ, මහත්තයාගේ රතේ - කිරි කිරි බයිෂල් එකක් තියෙනවා එහායින් ලැගේජ් ඉස්ටෑන්ඩ් ඔක්කොම ගහල.
හැට ලිමිට් එක අපි හැත්තෑපහට ඇවිල්ල. ඒකයි නඩුව
අපි ඇත්තම කිව්වා. Oh yes, the truth, the whole truth and nothing but the truth
ඇත්තම කියනවනං සෑර්  අපි යාපනෙං පිටත් වෙන්ඩ හිටියේ උදේ 9ට විතර. නමුත් බොස් මේක කරලා දෙන්ඩකෝ - ඕකේ ඒක කළා කියමුකෝ. අනේ මේකත් පොඩ්ඩක් බලන්ඩකෝ. ඔහොම පොඩ්ඩ පොඩ්ඩ බල බල ඉඳල දවල්ටත් කාල මයෙහිතේ එකට දෙකට විතර තමා පිටත් උනේ.
අද රෑටත් හට් එකක ඉන්න බෑ චෙක් පොයින්ට් එක වහන්ඩ කලින් යාගන්ඩ ඕනේ ඒකයි මේ ටික ඇරියේ කියල.
අපි ගිය තැනත් කිව්වම සහ ඊටත් වැඩිය අපේ අහිංසක මූණු දැක්කම එස් අයි මහත්තය අපිට යන්ඩ දුන්න. නිකම්මත් නෙවේ ඇරලා යාමේ පලවිපාකේ දන්නේ නෑ මේ මෝඩයා තාලෙ ලෙචෑර් එකකුත් සමග.

දැන් අපි දෙන්න වෑන් එකට එනවා.
හැට්ටර්ට දැන් මේක ලොකු පස්නයක්. මොකද අපිව නවත්තපු රාළහාමි අතේ ස්පීඩ් ගන් එකක් නෑ. හැබැයි මොකක් හරි මිට මොලවාගෙන ඉන්නවා.
අහපං බං කොහොමද ඉස්පීඩ් එක මැන්නේ කියල
ජෝ ගිහින් ඇහුව රාළහාමි කොල්ලගෙන්. ඌට හිනාවකුත් ගියා.පස්සේ මා දිහාවට හැරිලා පෙන්නුවා ඉස්ටොප් වොච් එකකුයි ලැමිනේට් කරපු පොඩි කොලේකුයි.
මමත් ලඟට ගියා. ජෝ ට්‍රාන්ස්ලේට් කරලා දුන්නා.
ගරුසරුවට සෑර් කියල හෙම කතාකරල කියනවා අර කණුව ළඟ ඉඳල මේ ගස ලඟට එන්ඩ තප්පර 10යි යන්නේ හැටට එනවා නං.
සෑර්ල තප්පර අටට ආව. මේ චාට් එකේ විදියට තප්පර අටයි කියන්නේ හැත්තෑ පහයි.

හරිනේ, ඉස්කෝලෙ යනකාලේ විද්‍යාවට ඉගෙන ගත්තානේ වේගය = දුර/ කාලය කියල.
ඕ යේස් එව්වා ඉගෙනගත්ත ඒ කාලෙ.
(කසනවා වාගේනං ඉතිං S=u
t+
21ft2 ත් හරි තමා )

Thank you Veri Ivanova for the photo 


දෙන්නටම තැන්කිව් කියල ඉතුරු ටිකත් පුළුවන් හයියෙන්ම ආව. 

ඔය මොනවා කොහොම උනත් කර්ව් එක පාත් කරන්ඩ සපෝට් එක දීපු ඔබ සැමට ජයවේවා!





11 comments:

  1. ටහුඩු.. හැට්ටර් අනිවා ඇන්ජීයෝ කාරයෙක් වෙන්ටෝනි..නැහ්නම් මේ වගේ කතාවක් අහන්න වෙන්නේ නෑ අපිට අද..

    බයි ද වේ.. මනොරාමා (වගේ) බස්සෙක නම් පට්ට ඈ!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ රජයෙ සේවකයා සෑර්.
      අසෝක සිල්ව සෑර් මගින් මගට කිව්වා නේවි එකට එන්ඩෙයි කියල. කෝ ඉතිං අපේ මන්ත්‍රී තුමා කැමති උනේ නෑ නේ.
      ගියා නං ඉඳල හිටලවත් ඩේවි ජෝන් උන්නැහේගේ ලොකර් එකේ හිටං බ්ලොගක්කත් ලියන්ඩ චෑන්ස් එකක් නැතිවෙයි සෑර්.

      ටොයි ද වේ ලොකු සෑර් හා ලොකු මැඩම් සනීපෙන් ඇති සිතමි. තාම රිලවුන්ගෙන් කරදරනං කියන්ඩ පොඩි කෙමක් තියෙනවා. (hattorvittor@gmail.com)
      ජයවේවා!

      Delete
  2. 2005 දී ඕමන්තේ හරහා යාපනයට ගියා මම. එහිදීත් එල්ටීටීඊ සංවිධානයේ පොලිස් නිලධාරියෙක් අපගේ රථය නවතා දැනුම් දුන්නා අධික වේගයෙන් රථය ධාවනය කර ඇති බව. ඔහු ලග නම් රථවාහන වල වේගය මනිනා උපකරණයක් තිබුනා. දඩ මුදලක් ගෙව්වා.

    රථයේ රියදුරු එම නීති ගනුදෙනු කරද්දී අප ඒ අසල තිබු කඩයකින් කෑම කෑව මතකයි. මුදලාලි මහතාට තරමක් සිංහල පුළුවන්. කඩේ ප්‍රභාකරන්ගේ ජායාරුපයක් එලවා මල් මාලාවක් පළඳවා තිබ්බ මතකයි.

    ඕමන්තයේ එල්ටීටීඊ සංවිධානයේ මුරපලේදී එහි ගනුදෙනු ඉවරවන තෙක් එහි ඇති පොදු වැසිකිළියකට ගියා මම. රුපියල් 2 යි ගාන. එවකට ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශ වල ඇති පොදු වැසිකිලි වලට වඩා ඉතාම හොදට, පිරිසිදුව නඩත්තු කරමින් තිබුනා එය. ඕමන්තයේ හමුදා මුරපලේ තිබුනේ ටකරම් වලින් ආවරණය කෙරු වැසිකිලි. එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ ටයිල් ඇල්ලු පිරිසිදු වැසිකිලි තිබුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. ලොකු සෑර් මේ මම කියන්නේ පාර ඇරපු මුල් කාලේ. ඒ කලෙත් නැවත යනකොට ලොකු ලොකු ඉම්පෘමන්ට් පෙනෙන්ඩ තිබ්බ. 2005 වෙනකොට ඇත්තටම රේඩාර් ගන් තියෙන්ඩ ඇති. බඩු මුට්ටුවලට ඩියුටිත් ගැහුවනෙ පස්සෙන් පහු. වෙලා තිබ්බොත් ඔව්ව ලියන්ඩ බැරුවය.
      සෑරුත් ලියන්ඩකෝ විස්තර ටිකක්.

      ජයවේවා!

      Delete
    2. ඇනෝ බ්‍රෝ.. උන් ඔය වගේ එක ලයින් එකක් හෙන හයි ස්ටෑන්ඩර්ඩ් වලට මේන්ටේන් කරා.. ඒ ලයින් එකේ තමයි පිට උන් ඔක්කොම අරන් ගියේ.. යන්න දුන්නේ.. යන එකාට අනිවා හිතෙනවා මහා ආණ්ඩුවට වඩා පිළිවෙලට මුන් උන්ගේ ප්‍රදේශ පාලනය කරනවා කියල.. එහෙම පෙන්නන එකේ වටිනාකම ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.. හැබයි ඒ ලයින් එකෙන් පිට අමා වහක්.. Discipline හදන්න පුළුවන් නිකම්ම අනිත් එකාගේ rights නැති කරලා.. කියවන කෙනෙකුට ඔයාගේ කොමෙන්ට් එකෙන් වැරදි පික්චර් එකක් යන්න පුළුවන් නිසා මේ කොමෙන්ට් එක දැම්මේ.. නතින්ග් අගෙන්ස්ට් ඈ!

      Delete
    3. 'සෑරුත් ලියන්ඩකෝ විස්තර ටිකක්'

      විස්තර කියන්නේ දැන් අවුරුදු 15 කට වගේ කලින් ගිය ගමනක් නිසා සමහර දේවල් මතකයෙන් මැකී ගොස් තිබෙන්නේ.

      අප ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශය පසු කොට ඕමන්තයේ එල්ටීටීඊ සංවිධානයේ මුරපලේදී මුහුණ දුන් සිදුවීම් කිහිපයක් නම් මතකයට එනවා. එක් සිදුවීමක් උනේ එහෙට ඇතුළු වෙද්දී. එහිදී එල්ටීටීඊ සංවිධානයේ පොලිස් නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් වගේ අය ඇවිත් අපගේ රථය පරික්ෂා කළා. එහිදී රථයේ මත්පැන් බෝතල් තිබෙනවා ඔවුන් දුටුවා. ඒවාට බදු ගෙවීමට සිදුවන බව අපට දැනුම් දුන්නා. ඒ අනුව අප බදු ගෙව්වා. ඉන්පසු ඔවුන් රථය ඉතාම හොදට පරික්ෂා කිරීමට පටන් ගත්තා. ඒ තවත් එවැනි දෑ ඇතැයි කියා වන්නට ඇති.

      එසේ රථය පරික්ෂා කරන තෙක් අපට වාඩි වී සිටීමට ආසන පනවා ඇති ගොඩනැගිල්ලක් ලබා දුන්නා. එහි අප සිටිනා විට ඉතාම හොදින් සිංහල කතා කරන එල්ටීටීඊ සංවිධානයේ නිලධාරියෙක් අප සමග කතා බහ කරමින් සිටියා. ඔහු එම සංවිධානයේ බුද්ධි අංශ නිලධාරියෙක් බව ඔහු අපට පැවසුවා. අපගේ සමානය විස්තර, අධ්‍යාපන රැකියා ගැන විස්තර ඔහු කතා කළා. ඉන්පසු අප ඔවුන්ගේ සංවිධානය ගැන සිතන්නේ කුමක්ද, ඔවුන්ට වෛර කරනවද කියලා වගේ දේවලුත් ඇහුවා. ඉතාම සුහදව එම කතාබහ සිදුඋනා.ඒ අතරතුරේ තමයි මා වැසිකිලියට ගියේ.

      ඉන්පසු අප එම පාලන ප්‍රදේශය හරහා යාපනයට යන විටයි රථයේ අධික වේගය නිසා ඔවුන්ගේ රථවාහන පොලිස් නිලධාරියෙක් රථය නතර කලේ. ඉන්පසු නැවත අප යාපනය බලා පිටත් උනා.යාපනය දෙසට වන්නට ඇති එල්ටීටීඊ සංවිධානයේ මුරපලේදී ඔවුන්ගේ අබාධිත සෙබළුන් වගේ යැයි සිතිය හැකි කිහිප දෙනෙක් මහවිරු දිනයට ආධාර එකතුකරමින් සිටියා. අපගේ රථයටත් ගොඩවන්නද කියා ඔවුන් ඇසුවා. අප හා කියූ පසු ඔවුන් රථයට නැග ඔවුන්ගේ සටන ගැන විස්තර සදහන් පත්‍රිකා ආදිය ලබා දුන්න. අප මුදල් ලබා දුන්නා ඒ අයට.

      යාපනයේ ගමන නිමවා නැවත එද්දී ඕමන්තට ලගාවද්දී හවස් උනා. අප එල්ටීටීඊ සංවිධානයේ මුරපලේ කටයුතු අවසන් කොට එයින් පිටත්ව ශ්‍රී ලංකා රජයේ හමුදා මුරපලට ලගාඋනා. එහිදී වෙලාව හවස 6 පහුව ඇති නිසා අපව ඇතුල් කරගන්න බැහැ කියා ශ්‍රී ලංකා රජයේ හමුදා නිලදාරීන් අපට පැවසුවා. අප එහි ඒ ගැන තර්ක කරමින් සිටිනා විට ඈත සිටඑල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් අපට කතා කළා ඔවුන්ගේ පාලන ප්‍රදේශයට එන්න රාත්‍රිය ගත කරන්න පහසුකම් ලබා දෙන්නම් කියලා. කොහොම උනත් අප සමග සිටි අයෙක් බලධාරියෙක් සමග දුරකථනයෙන් කතා කිරීමෙන් පසු අපව රජයේ පාලන ප්‍රදේශයට ඇතුලත් කර ගත්ත. එහිදී රජයේ හමුදා සෙබළුන් තරමක නොරිස්සුම් සහගත හැඟීමක් අපට දැක්වුවා මතකයි.

      Delete
    4. #AnonymousMay 31, 2020 at 6:34 AM

      කොටි හොදයිනේ බං බලං ගියාම.

      Delete
  3. Replies
    1. ඉයන් සෑර් ආවටත් සන්තෝසයි.
      ජයවේවා!

      Delete
  4. නියම කථාව ..... පොලිස් කාරයා හැබෑටම වේගය = දුර/ කාලය ප්‍රයෝජනයට අරගෙන තියෙනවා .

    ටොයෝටා 1c , 2c එන්ජින් කියන්නේ අදටත් සුපිරිම බඩු නේද . 2c එන්ජිම කිව්වාම අදටත් මට මතක් වෙන්නේ 1c එන්ජිම අනිත් පැත්ත හරවලා ජපනා හැදුවා කියල .

    මනෝරාමා බස් එකේ ඉස්සරහ ඇක්සල් දෙකයි කියද්දී ටිකක් දුක හිහුනා . අද ලේලන්ඩ් දකිද්දී සහ පාරේ රගද්දී උන් .

    පට්ට පොස්ටුවක් හැට්ටර් උන්නැහේ ...
    ජයවේවා .

    ReplyDelete