Friday, May 29, 2020

ඇල් ටී ටී ඊ ගණන්කාරයෝ - யாழ்ப்பாணம் எழுபத்தைந்து

Thank you trips.lakdasun.org for the photo 

කිලිනොච්චි ටවුමෙ පාර නියමෙටම හදල කාපට් ඔක්කොම දාල හරියට චීස් කෑල්ල වගේ.
ටෝබොත් නැති 2C ඇන්ජිමෙත් ඉතින් එහෙමටයි කියල පිකප් එහෙකුත් නැති උනත් හිටන් ආයෙ මක්කටෙයි කියල අපේ පයිලටුත් අරින්ඩ ගත්ත. ලෑල්ලටම පාගනවා. 
මෙච්චරක් වෙලා වලවල් වල වැටී වැටි බොකු කටින් අරං ආපු හැට්ටර්ට නින්දකුත් ගියා.  මේ වෙසක් පෝය කාලේ බොරු කියන්ඩත් හොඳ නැති නිසා සෑර් ඇත්තම කියනවනං නින්ද යා..ආ..ගෙන ආවා.

පොඩි එකා කාලේ ජූනියස් උන්නැහැ බන්දුල සෑර්ගේ අහවල් එක නිදහස් කොලාට පස්සේ ප්‍රයිවෙට් බස් හෙම දුවන්ඩ ගත්තනේ.
කොටුවේ ඉස්ටේසම ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ තමා යාපනේ බස් ලෝඩ් කෙරුවේ.
"යාල්පානම් එලුවත්ති අයින්දු."
තාම මතකයි රනර්ල කෑ ගහන්නේ අන්න එහෙම.
ඒ කාලෙ යාපනේ යන්ඩ හිතුනේ හේතු කීපෙකට.
යාපනේ තියෙනව කියන තල් අතු වැටවල් මොනවගේද බලන්ඩ කොච්චර රස්නේද බලන්ඩ වගේ සමාජ භූගෝලීය සාධක
එතනින් ගියාම යනකල් දිගටම 'නොමිලේ'  දෙමළ පිචෑර්ස් බලන්ඩ
නමුත් මුලිකම දේ මනෝරාමා බස් එක. එකේ ඉස්සරහ ඇක්සල් දෙකයි, දෙකම කැපෙනවා.අන්න එකේ යන්ඩ.


Thank you Jon's pics for the photo 

යාල්පානම් යන්ඩ කොච්චරවත් ආස හිතුනට කෝ සල්ලි. එලුවත්ති අයින්දු තියා අයින්දු රුපී වත් නෑ අතේ.

අම් .ම..ට.. සිරි අපේ කැප්ටන් ගැහුවනෙ බ්‍රේක් පාරක් නළල වීදුරුවේ වදින්ඩ.

අයින් කරලා නැවැත්තුව.
අපේ දෙමළ මිත්‍රය හනිකට වාහනෙන් බැස්සා. ඇල් ටී ටී ඊ රාළහාමි මොන මොනවදෝ කිව්වා.
හයි ඉස්පීඩ්.
එලුවත්ති අයින්දු සෑර්
මහත්තය ලඟට ගිහින් දඩ කොලේ ලියවගන්ඩ
මහත්තය ඉන්නවා කොහොඹ ගහක හෙවනේ, මහත්තයාගේ රතේ - කිරි කිරි බයිෂල් එකක් තියෙනවා එහායින් ලැගේජ් ඉස්ටෑන්ඩ් ඔක්කොම ගහල.
හැට ලිමිට් එක අපි හැත්තෑපහට ඇවිල්ල. ඒකයි නඩුව
අපි ඇත්තම කිව්වා. Oh yes, the truth, the whole truth and nothing but the truth
ඇත්තම කියනවනං සෑර්  අපි යාපනෙං පිටත් වෙන්ඩ හිටියේ උදේ 9ට විතර. නමුත් බොස් මේක කරලා දෙන්ඩකෝ - ඕකේ ඒක කළා කියමුකෝ. අනේ මේකත් පොඩ්ඩක් බලන්ඩකෝ. ඔහොම පොඩ්ඩ පොඩ්ඩ බල බල ඉඳල දවල්ටත් කාල මයෙහිතේ එකට දෙකට විතර තමා පිටත් උනේ.
අද රෑටත් හට් එකක ඉන්න බෑ චෙක් පොයින්ට් එක වහන්ඩ කලින් යාගන්ඩ ඕනේ ඒකයි මේ ටික ඇරියේ කියල.
අපි ගිය තැනත් කිව්වම සහ ඊටත් වැඩිය අපේ අහිංසක මූණු දැක්කම එස් අයි මහත්තය අපිට යන්ඩ දුන්න. නිකම්මත් නෙවේ ඇරලා යාමේ පලවිපාකේ දන්නේ නෑ මේ මෝඩයා තාලෙ ලෙචෑර් එකකුත් සමග.

දැන් අපි දෙන්න වෑන් එකට එනවා.
හැට්ටර්ට දැන් මේක ලොකු පස්නයක්. මොකද අපිව නවත්තපු රාළහාමි අතේ ස්පීඩ් ගන් එකක් නෑ. හැබැයි මොකක් හරි මිට මොලවාගෙන ඉන්නවා.
අහපං බං කොහොමද ඉස්පීඩ් එක මැන්නේ කියල
ජෝ ගිහින් ඇහුව රාළහාමි කොල්ලගෙන්. ඌට හිනාවකුත් ගියා.පස්සේ මා දිහාවට හැරිලා පෙන්නුවා ඉස්ටොප් වොච් එකකුයි ලැමිනේට් කරපු පොඩි කොලේකුයි.
මමත් ලඟට ගියා. ජෝ ට්‍රාන්ස්ලේට් කරලා දුන්නා.
ගරුසරුවට සෑර් කියල හෙම කතාකරල කියනවා අර කණුව ළඟ ඉඳල මේ ගස ලඟට එන්ඩ තප්පර 10යි යන්නේ හැටට එනවා නං.
සෑර්ල තප්පර අටට ආව. මේ චාට් එකේ විදියට තප්පර අටයි කියන්නේ හැත්තෑ පහයි.

හරිනේ, ඉස්කෝලෙ යනකාලේ විද්‍යාවට ඉගෙන ගත්තානේ වේගය = දුර/ කාලය කියල.
ඕ යේස් එව්වා ඉගෙනගත්ත ඒ කාලෙ.
(කසනවා වාගේනං ඉතිං S=u
t+
21ft2 ත් හරි තමා )

Thank you Veri Ivanova for the photo 


දෙන්නටම තැන්කිව් කියල ඉතුරු ටිකත් පුළුවන් හයියෙන්ම ආව. 

ඔය මොනවා කොහොම උනත් කර්ව් එක පාත් කරන්ඩ සපෝට් එක දීපු ඔබ සැමට ජයවේවා!