Wednesday, April 15, 2020

කණේ මෛල්

කොරෝන වෛරසේට කණේ මෛල් වල කොහොමද සම්බන්ධ උනේ? මේවා දැවෙන පස්න .

පිස්සු නැත්තං හොඳයි සෑර්.

කණේ මෛල් කිව්වම මුලින්ම මතක් වෙන්නේ තමන්ගේ කණේ තියෙන මෛල් නෙවෙයි නේ. හරිනේ. 

ඕ යේස් පොක්ෂගන් එක තමායි.

VW 1302RS - තැන්කිව් එක doovi.com එකට.

කියන විදියට මේක 1302RS  එකක් හැබැයි 1303RS එකක් තිබ්බොත් PPN  පවසලා පලක් නෑ, ජිවිතේ මල්. දැන් තිබ්බොත් හෙට ගන්නවා. ඕ යේස්, නෝ ටූ ව'ඩ්ස් බේබ්.

මේ බීට්ල් එකේ ඉතිහාසේ ගත්තම පටාන් අරං තියෙන්නෙම ගේමකින්නේ. හිට්ලර්ට හදන්ඩ ඕනේ උනා පර්ඩිනන්ඩ් පෝෂ් හැදුව. හැබැයි වැඩේ කියන්නේ පෝෂ් චෙකොස්ලොවේකියාවේ ටට්ර කොම්පැනියේ ලෙද්විංක උන්නැහේගෙන් ශේප් එකේ කොපිලයින් පාරක් දීල තමයි වැඩේට බැස්සේ. මාර බඩු, යාළුවගේ ගෙදර ගිහිං කාල බීල හිටං ඩිසයින් එකටත් ගේම දීල තමා පස්ස බැලුවේ. දැන් කාලෙ කියල ඉතින් වැඩි වෙනසක් නෑනේ. ඉතාලි පුට්බෝල් ටීම් එකේ Mauro Icardi ත් ඉන්නේ.

අන්තිමට ලෙද්විංක උන්නැහේ නඩු දැම්ම, පෝෂ් උන්නැහේ ගානක් දීල වැඩේ සෙටමෝල් කොරගන්ඩ තමයිලු ලෑස්තිය එතැනදී හිට්ලර් කිව්වලු එයා වැඩේ බලාගඤඤං කියල.හිට්ලර් චෙක් රට ආක්‍රමණය කළා

යුද්දේ ඉවර උනා. චෙක් රටෙන් ලෙද්විංක උන්නැහේව හිරේ දැම්ම හිට්ලර් එක්ක පයිරු පාසනකං තියාගත්තා කියල.

හිරෙන් නිදහස් වෙලා ඇවිත් ලෙද්විංක උන්නැහේ පොක්ෂගන් කොම්පැනියට නඩු දාල දිනලා අලාබෙකුත් ගත්තා.

පොක්ෂගන් කොම්පැනිය ආතල් එකේ දියුණුවෙලා ගියා. ඔන්න ඔහොමයි කතාව උනේ සෑර්.


ටට්ර 97(1938)  - තැන්කිව් එක lanemotormuseum.org එකට.

ඉතින් සෑර්, පොක්ෂගන් එකේ ඇන්ජිම එයා කූල් නිසා මෙයාල ඒකට තිබ්බ එක හුළං කවුළුවක් හරියට මෛල් තියෙන කණක්  වගේය කියල පෙනුනේ මේ අපේ සිරි ලංකාවේ කෙකෙන්ටම තමාලු. හැබැයි කණේ මෛල් මොඩල් කියනකොට නිකන් ඩොටේ වගේ කියල එක Ventilator මොඩල් කියල වැඩේ ඉන්ග්ලිෂ් කළාලු. ඔන්න ඔහොම තමයි ඉතිහාස පොතේ තිබ්බේ.

ඒ අනුව බලන කල සිංහලෙන් කණේ මෛල් ඉංගිරිසියට පරිවර්තනය කලවිට ventilator බව පෙනීයයි  හැට්ටර් වැරදි නං කියන්ඩ සෑර් හොඳේ. වැරදීම දේව ගතියකි කියල කතාවකුත් තියෙනවනේ.

පහුගිය දොහේ ඉතාලියට, ප්‍රංශෙට, ඉස්පාඤඤ රට ඇමරිකාව ඇතුළු බටහිරයන්ට මොකක්ද තිබ්බ අඩුපාඩුව, කණේ මෛල් නේද?. අපිට කණේ මෛල් අඩුයි, වහාම නිෂ්පාදනය කොරන්ඩ ඕනේ කියල ඒ අය බොහොම කලබලෙන් වැඩකටයුතු පටන්ගත්ත.

ඉන්දියාවේ කියනවා අපිට හදන්ඩ ඇහැකි නමුත් පැක්ටරියේ කැපෑසිටි නෑ, ඇමරිකාවේ එව්වා හදන කොම්පැනි කියනවා අපිට පාට්ස් නෑ කියල. කාර් හදපු කොම්පැනි බොහොමයක් දැන් කාර් හැදීලල පැත්තක දාල වෙන්ටිලේටර් හදනවා. යුරෝපේ ඕපන් සෝස් 3D ප්‍රින්ටඩ් කණේ මෛල්  එකක් ටෙස් කරගෙන යනවා. එකසිය ගානට ලෝකෙම වැඩ.

ඔය අතරේ කී බෝඩ් රණ විරුවෝ උද්ගෝෂණය කරනවා ඕන තරමට කණේ මෛලක් වත් ගෙන්නගෙනනැති මේ ආණ්ඩු මක්කටෙයි කියල.

දැන් බලන්ඩ සෑර් අපේ ගෙවල්වල එක කුස්සියනෙ තියෙන්නේ. ඒකට එක ගෑස් සිලින්ඩරයයි තව ඕනෙමනං, ඒ කියන්නේ රෑට වොෂ් එකක් හෙම දාගෙන, සරමට බැහැල  චූන් එකේ පැණි ටිකක් හෙම පානය කරමින්, සින්දුවක් හෙම අහගෙන අහිංසක විදියට කාටවත් ඇණයක් නොවී තමන්ගේ පාඩුවේ කාලය ගත කරමින් සිටින කල විරුද්ධ පක්ෂෙන් ගෑස් ඉවරයි ඉක්මනට කඩ වහන්ඩ කලින් ගෑස් එකක් ගේන්ඩ කියල දෝෂාභියෝග එනවට බයේ, ෂේප් එකේ ඉස්පෙයාවීල් සිලින්ඩරයක් ස්ථානගත කරලා තියෙනවා. ඒත් අම්මාපල්ල ඔය දෙකම ඉවර වෙනකං අපේ විරුද්ධ පක්ෂෙ සද්දේ වහල ඉන්නවනේ. බොරුද මං කියන්නේ.

ඔන්න ඔය වගේ හොස්පිටල් ඩිසයින් කරනකොටත් ICU ඇඳන් ප්‍රමාණය රෝහලේ මුළු ඇඳන් ප්‍රමාණයෙන් සියයට 2ක 5ක ප්‍රමාණයක් තමා වෙන්වෙන්නේ. ICU ඇඳට එක  කණේ මෛල් එකයි.

ඔය වෙන්ටිලේටර් කිව්වම ඔව්වට බන්දුල සෑර්ගෙ ලොකු සම්බන්දෙකුත් තියෙනවා.ධන සහ රින කියල. සාමාන්‍යයෙන් දැන් කාලේ පාවිච්චි කෙරෙන්නේ ධන හෙවත් Positive වර්ගයේ එව්වා. බන්දුල සෑර් ආණ්ඩුවේ ඉන්නකොට එහෙම වෙන්ඩත් එපායැ. නැද්ද .හැබැයි දැනට අවුරුදු දන්නා කලේ ඉඳලම ධන තමයි. ධන කියන්නේ වායුගෝලයට වඩා වැඩි පිඩනයකින් පෙනහළුවලට වාතය ලබාදීම. එකට ඔක්සිජන්ද, තෙතමනේද ඔක්කොම ගානට බැලන්ස් කරලා, බැලුම පුපුරන්නේ නැති වෙන්ඩ හුළං ප්‍රමානෙ (volume එක)  සහ බැලුමට ඔරොත්තු දෙන පරිදි ප්‍රෙෂර් එකද සැට් කරන්ඩ වෙනම ඉගෙනගත්තු මහත්තුරු නෝනලා ICU එකේ ඉන්නවා.

මැෂිම ගැන කිව්වොත්, මේක බෝම බරපතල හොඳට බොන්ඩ වෙන කේස් එකක්. මොකද මේක Life Critical කැටගරියේ තියෙන්නේ. මැෂිම නැවතුනොත් මැෂිම හයිකරලා තියෙන එන්ජිමත් නවතිනවා. එමනිසා එලාම්ද, ඉන්ටලොක්ද අරවද මේවද එමට. එමනිසා කාලයක් ඔව්ව දිව්වේ තනිකරම නියුමැටික් ක්‍රමයෙන්, එනම් සම්පිඩිත වායුවෙන්. නෝ ඉලැක්ට්‍රික් නෝ ප්‍රොබ්ලම්. නවීන තාක්ශනේට අනුව ඩිජිටල් කොන්ට්‍රෝල් සිස්ටම් භාවිතා කරනවා, ඒවා කුඩයි, අඩු වියදම් හා වැඩි ප්‍රෙසිෂන් (නිරවද්‍යතාවය?). ඒවගේම විශ්වසනීයත්වය( reliability) බොහොම ඉහලයි. මුලික පිරිවැය, නඩත්තු වියදම් ඒවත් බොහොම ඉහලයි. ඕවා නිතිපතා ගානට මිම්මට කැලිබ්‍රේට් (ක්‍රමාංකනය) කරලා හෙම තියාගන්ඩ ඕනේ. කොහොමද මිලි ලීටර් 200ක් යවන්ඩ කීවම 250ක් යැව්වොත්, බැලුම පිපුරුනොත් බබීත් සුං බබීගේ අම්මි පැටියත් සුං.එමනිසා සේෆ්ටි අංශේ බෝම වැදගත්. (අපේ කල්‍යාණමිත්‍ර තුමා මතක් වෙන්නේ මේං මේවගේ වෙලාවට තමා. හැබෑටම ඒ සෑර්ට මක් වෙලාද? අපිල එක්ක අමනාප පොජ්ජ වෙලාද මන්ද)

අර කලින් කිව්ව රිණ(සෘණ) හෙවත් negative pressure මුලධර්මයේ එව්වා දැනට පාවිච්චි වෙනවා නැතිම තරම්. ඒවා ස්වභාවයෙන්ම විශාලයි (bulky). හැබැයි නිෂ්පාදනය බොහොම සිම්පල් ධන අයිටම් එක්ක බලන කල. ලොකු පෙට්ටියක් සහ වැකුම් පොම්පයක් (ගෙදර පාවිච්චි කරන වැකුමක් පවා) සහ සොලිනොයිඩ් වෑල් හෝ වෙනත් වෑල් දෙකක්, වැකුම් ගේජ් එකක් වගේ ඉතා කුඩා අම්පන්න ප්‍රමාණයක්. මෙහිදී කරන්නේ එයා සීල් පෙට්ටියක රෝගියා තබා, (ඔලුව විතරක් එලියේ හොඳේ) පෙට්ටිය වැකුම් කිරීමයි. එවිට ඉබේම හුස්ම ඇතුලට එයි. වැකුම් රිලීස් කලාම හුස්ම පිටවෙයි. වැකුම් ප්‍රමාණය හා මිනිත්තුවකට කෙරෙන වාර ගණන යාන්ත්‍රිකව ඇජස් කිරීමට ක්‍රමයක් පහසුවෙන් නිර්මාණය කල හැකියි. ඉක්මනින් සැදීමට හා අඩු වියදමකින් නිම කිරීමට හැකියි. හුරුබුහුටි බව නම් නැත. වැඩි විස්තර ඕනෙමනං  මේක බලමු

ඔය මොනවා ෆේල් උනත් ෆුල් මැනුවල් ඇම්බු බෑග් එකත් අමතක කොරන්ඩ හොඳ නෑ

අවශ්‍ය උනොත් දෙමුකෝ වැඩේ.

ජයවේවා!

මග තොටේ චාටර් නොවී ගෙදරටමවී සිටි අය ප්‍රමුඛ කෝවිඩ් වක්‍රය පැතලි කිරීමට සහය දුන් සියලු දෙනාට හැට්ටර්ගේ ම හෘදයාංගම ස්තුතිය මෙයින් පුදකරමි.

.
ටැට්ටර් අත්‍යාවශ්‍ය සේවාවක් වීම නිසා අත්‍යාවශ්‍ය සේවයේ යෙදෙන මටත් ටැට්ටර් ගැන සිංදු කිවූ මංජුල මහතාටත් තැන්කිව් වේවා! (කොහොමද ඒක )


Stay safe and you take care,

Myself Hattor







4 comments:

  1. දන්න ලබ්බකුත් නැති නොදන්න ලබ්බකුත් නැති ත්වත් එකෙක් මෙහෙම හරි මුන ගැසීම ගැන මුළු හදවතිනම් මගේ මෙව්වා එක!
    මේදින වල බොහෝ දෙනාගේ හදවතයි පෙනහල්ලයි අරකයි මේකයි කොයි බඩ මාළුවම රැඳී පවතින වෙන්ටිලේටරේක පිංතූරයක් දාලා ඔබ මේ රචනව ලිව්වා නම් කවුරු මොකෝ මම නම් ඉන්තීරුවෙන්ම කිය වන්නේ නෑය.
    බඩ රස්සාවට අවුරුදු දහ පහලොවක් වාහන එක්කම හිටියාට ඔය ටැට්‍රා කථාවනම් මේ ඇහුවේ නමෝ විත්තියෙංම කියලා කියන්නේ ලැජ්ජා බය නැති කම මහ මුද්ළිකමටත් එහා වග කියා පාන්නට නොව අම්මපා කියන්න දන්නේ නැති නිසාය.
    අපේ බ්ලොග් ලෝකේ කාර් ඔස්තාද් පකීර් අලී වන කාර් පිස්සුවා එයාගේ පොක්ෂගන් සංදේශ කාව්‍යයේ වත් මේ ගැන ලියා නොතිබුනා කියලයි මට මතක.
    කොහොමින් කොහොම හරි ඒ කතාවත් අහගත්තා.
    දවසට වේලාවට කලාවට; නියමිත මයිලේජ් එකට තම තමන්ගේ වාහන සීරුවට තෙල් පිල්ටර් මාරු කරගන්නා ඒත්තමන්ගේ මඩිකල් චෙකප් එක මාස ගනනාවක් පහුකරණ උන් රටක තවත් එකෙක් විදියට පොක්ෂගන් එකට පින් සිද්ධ වෙන්න වෙන්ටි ලේටරේ ගැනත් උගෙන ගත්තා! ආවඩා ආයුබෝ වේවා෴ මම මැසෙන්ජර් එකේ පණිවිඩයක් එව්වා!

    ReplyDelete
  2. මම තවම කල්පනා කරනවා හැට්ටරේ පොස්ට් එක ලියන තියෙන්නේ බිටලේ ගැනද වෙන මොකක් හරි එකක් ගැනද කියල. දන්න කෙනක් උදව්වක් කරහල්ලකෝ

    ReplyDelete
    Replies
    1. හරියටම කියනවනං සර්, එකිනෙකට වෙනස් කණේ මෛල් වර්ග දෙකක් ගැන.

      ජයවේවා!

      Delete
    2. නිකන් කින්ඩියට හැට්ටර් ස්ටයිල් එකට එක කිවේ. කතාව මරු

      Delete