Friday, February 21, 2020

පණ නැති වෛරස් - Welcome to the Dungeon

ගුඩ් මෝනිං එකක් වේවා!

චීනෙ වුහාන් පලාතෙන් පැතිරයන වෛරස්  ප්‍රබේධය ගැන දැන් ලෝකයේ බොහෝ දෙනා දන්නවා.

කොක් පාඩමේ උගන්වන විදියට 'කොකුන් වර්ග කීපයකි' වගේ වෛරස්  කිව්වම ඇසට නොපෙනෙන හා ඇසට පෙනෙන වශයෙන් මුලික වර්ග දෙකකි. ඇසට පෙනෙන ගැන කිව්වොත් එව්වා නම් අනිවාර්යයෙන්ම කකුල් දෙකේ වෛරස් වර්ග වේ.
ඇසට නොපෙනෙන ඒවා ගැන කියනවානං පණ ඇති හා නැති වශයෙන් මුලික වර්ග දෙකකි.

හංගේරියානු ඇමරිකානු ගණිතඥයෙක් වූ Neumann János Lajos හෙවත් ඉංග්‍රීසියෙන් ලියනවානං John Louis Von Neumann තුමා එකදාස් නවසිය පනස් ගණන් වලදී ඔහුගේ  Complicated Automata නිබන්ධනයේ Automation වලින් ඇතිවියහැකි දුර්විපාක ගැන සඳහනක් කර තිබේ. කෙලින්ම නමින් නොකීවත් එය අපව යොමුකරන්නේ කොම්පියුටර් වෛරස් වැනි බැෂ්ටි ප්‍රහාර ගැනයි.

1986-87 වනවිට මේන් ෆ්‍රේම් වැනි ලොකු ලොකු කොම්පියුටර් වලට වෛරස් 'වැනි' දේ කීපයක් ලියවී තිබුනද පර්සනල් කොම්පියුටර් වලට ලියු මුල්ම වෛරස් එක කියා ප්‍රසිද්ධ උනේ  © Brain හෙවත් C Brain ලෙසටයි.
කොරෝන වෛරසය කැස්ස, කිඹුහුම වැනි සමිප සම්බන්ධතා මගින් පැතිරෙද්දී  C Brain ෆ්ලොපි ඩිස්ක් මගින් පැතිරුනා.

හාඩ් ඩිස්ක් දුර්ලභ කාලයක්වූ (USB ඩ්‍රයිව් ගැන අසාවත් නැති කාලයක්වූ)  අසුගනන්වලදී බොහෝ දේ කල්තබාගැනුනේ ඩිස්කට් වලයි, හරියටම කියනවනං අඟල් 5 1/4 ඩිස්කට් වලයි.  ලෙඩ සහිත ඩිස්කට් එකක් ඩ්‍රයිව් එකට අතුලුකලවිට එය මුලින්ම කලේ යන්ත්‍රයේ මෙමරියේ 'බඩු හෑව්' ද කියා බැලීමයි. එසේ නොමැතිනම් මෙමරියේ නියමිත ස්ථානයේ වෛරස් කෝඩ් එක ස්ථාපනය කරයි. කිරිකිරි අලුත් ඩිස්කට් දැම්මොත් මෙමරියේ  'බඩු හෑව්' නං වෛරස් කෝඩ්එක  ඩිස්කට් එකට ලියා තබයි. මෙහිදී ඩිස්කට් එකේ බූට් සෙක්ටරය වෙනත් තැනකට කොපි කර එය බෑඩ් සෙක්ටර්  එකක් ලෙසට හඳුන්වාදෙයි. ඒ අතර බූට් සෙක්ටර් එකේ Welcome to the Dungeon සහ තවත් දේ ලිවීමෙන් කොම්පියුටරය බූට් කිරීම වළක්වාලයි. හැබැයි මේක හාඩ් ඩිස්ක් එකේ බූට් සෙක්ටර් එකට බලපෑමක් කලේ නම් නෑ.

සෑර්ලට මිස්ලට කියන්ඩ මේක කෙරුවේ පකිස්තාන ජාතික ඇල්වි සහෝදරයෝ, හරියටම කියනවානං අම්ජාඩ් සහ බශිට් ඩබල.

අම්ජාඩ්ලා මේක කළේ වෙනත් අරමුණකින් උනත් මෙයින් සෑහෙන අලාබහානි වගේම ලොකු අන්දොලනයකුත් ඒ කාලේ ඇති උනා. හැට්ටර්ගේ වැඩකටයුතුවලටත් මේ වෛරස්  එකෙන් තරමක බලපෑමක් ඇතිඋනා.

කවුරුහරි ඉන්ටරෙස්ට් කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් මේක බැලුවට  වරදක් වෙන්නේ නෑ. තවත් ඉන්ටරෙස්ට්ටඩ් නං වෛරස් එකේ ඇසම්බ්ලි කෝඩ් එකත් අවශ්‍යනං හොයාගන්ඩත් ඇහැක් හිටං.

Take care.

Myself Hattor.



1 comment: