Tuesday, November 19, 2019

රසික ඩයස් සහ 'ගෝටාබයට ඡන්දය දුන් උං ගැන මගේ අදහස'

ඕස්ට්‍රේලියා රටේ සිනුවර (එවැනි නමක් ඕස්ට්‍රේලියා සිතියමේ සොයාගන්ඩ බැරිවිය, සමාවන්ඩ) නම් කල්පිත ග්‍රාමයේ වෙසෙන සියල්ල දත් මහා පඬිරුවනක් ලෙස හැසිරෙන, මැවිසුරු (කොහොමද ඒක), රසිකලොජියට අදිගෘහිත, රසික සුරියආරච්චි සෑර් තමාගේ බ්ලොගයේ ' ගෝටාබයට ඡන්දය දුන් උං ගැන මගේ අදහස' නමින් පෝස්ට් එකක් ලියමින් ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපල ගැන තමාගේ ඇති අප්‍රසාදය හා නොකැමැත්ත ප්‍රකාශ කර සිටී. ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති පරම අයිතියට ගරුකරන මා එයට ඔහු ජිවත්වන රටෙත් ලංකාවේත් නීතියෙන්ම අවකාශ සලසා දී තිබෙන බවද ප්‍රකාශ කර සිටී.


(උපුටාගැනීම https://rasikalogy.blogspot.com)

ලොජියෙරසික සෑර් සත්‍ය කරුණු හතරකින් බ්ලොග් පොස්ට් එක පටන් ගෙන තිබීම සතුටට කරුණකි.

එනම්;

ලංකාවේ ඡන්ද බලය හිමි ජනතාව තම කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඡන්ද ප්‍රතිඵලය දැන් ඉතා පැහැදිළි ය. මගේ අප්‍රියතම අපේක්‍ෂකයා වූ ගෝටාබය රාජපක්‍ෂ 52 වඩා වැඩි බහුතරයකින්, වැඩි ඡන්ද දහතුන් ලක්‍ෂයකින් පමණ ජයග්‍රහණය කරන බව පෙනේ.

වැඩි දෙනාගේ කැමැත්ත ගෝටාබය රාජපක්‍ෂට නිසා, ජනාධිපති විය යුත්තේ ඔහු ය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයයි.

ගෝටාබය රාජපක්‍ෂට ඡන්දය දුන් ඡන්දදායකින් පිරිස ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කිරීමට සුදුසුම පුද්ගලයා ඔහු ම ය. වෙන කිසිදු අපේක්‍ෂකයෙකුට කිසිසේත් ම එය කළ නොහැකි බව නොරහසකි.

මා බලාපොරොත්තු වූයේ මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලැබේවි ය කියා වූ නමුත් අවාසනාවට මෙන් මගේ බලාපොරොත්තුව ඉටු නොවුණි.
(උපුටාගැනීම https://rasikalogy.blogspot.com)

ඔබගේ අවංක අදහස් දැක්වීමට තැන්කිව් වේවා!

නමුත් හැට්ටර්ට ඇති දැවෙන පස්නේ ලොජියෙරසික සෑර් ගෝටාබය රාජපක්ෂ සෑර්ට ඡන්දය දුන් අය පිළිබඳව කරන විග්‍රහයයි.
දන්නා සිංහලෙන්ම කියනවනං, හැට්ටර්ට වැටහෙන අන්දමට එය එතරම්ම දරුණු සාහසික අවඥා සහගත වෛරී ලියවිල්ලක් මිසක් කිසිම ආකාරයක විග්‍රහයක් නොවන නිසාය.

ලංකාවේ ජනගහනයෙන්   6,924,255 ජනතාව අමනයින් සහ කපටියන් බව රසික සෑර් ලියා පළකර සිටී.
එයින් අති බහුතරය අමනයින් බවත් ඒ පිරිස තමන්ගේ අමනකම වටහා ගෙන නොමැති බවත් ඔවුන් ගැන අනුකම්පාවෙන් සඳහන් කරන  රසික සෑර් ඒ අමනයින් සිතාගෙන ඉන්නේ තමන් රට ගැන සිතන දේශප්‍රේමීන් හා කළගුණ දන්නා යහපත් පුද්ගලයින් බවට හඳුන්වාදෙයි.

ඉන් අනතුරුව ගෝටාබය රාජපක්ෂට සෑර්ට ඡන්දය දුන් අය අතරින් සුළුතරයක් වූ කපටියන් අමු ජාතිවාදීන් සහ ලාවට ජාතිවාදීන් හා පුද්ගලික වාසි සොයන අවස්ථාවාදීන් ලෙසට වර්ග කරයි.

දැන් ලොකුම පස්නේ කොහොමද මේ දේ රසික සෑර් ටක්කෙටම කිව්වේ කියන එකයි. එකෙක්වත් අඩු නැතුව අර 6,924,255ම  අමනයින් සහ කපටියන් බව කොහොමද රසික සෑර් දැනගත්තේ.  අන්න ඒ ක්‍රමේ අපිටත් කිව්වනං ඔන්නහේ ඕක විස්වාස කරන්ඩත් තිබ්බ. දැන් ඔය ගෝටාබය සෑරුත් තමන්ටමනේ චන්දෙ දෙන්ඩ ඇත්තේ, නැතුව සජිත් සෑර්ට හරි වෙන කාටහරි නෙවේනේ. ඉතිං ලොජියෙරසික සෑර්ට අනුව අපේ ජනාධිපතිත් එක්කෝ අමනයෙක් නැත්තං කපටියෙක්. අම්මප නව නිංගිරහවක් නේ වෙලා තියෙන්නේ බලාගෙන යනකොට.

එකෝමත් එක කාලෙක හැට්ටර් උසස් පෙලේ ගනං ඉගෙන ගන්න කාලේ අභ්‍යුහනයෙන් හරි ඔප්පු කරලා පෙන්නුවේ නැත්තං සරෝජිනී මිස් ලකුණු දුන්නේ නං නැහැ. බලාගෙන යනකොට ආනන්දේ හිට්ට නං ෂපාන් එකේ පේරාදෙණියේ ඉංජිනියරින් යන්ඩ තිබ්බ විතරක් නෙවේ AIT එකේ ගොඩ දාගන්ඩත් තිබ්බ. දෙවියනේ දෙයක් ඔප්පු කොරන්ඩ තියා උගන්නලවත් නෑනේ  එව්වා වල. බලන්ඩ ඒකෙත් හැටි. කොළඹට කිරි ගමට කැකිරි .

පෝස්ට් එකේ තව දුරටත් කියවාගෙන යද්දී ඔහු නව ජනාධිපතිට 'අලුතෙන් පත්වෙන ජනාධිපතියා පරිස්සම් විය යුත්තේ මේ සුළුතර කපටි පිරිසගෙනි' යනුවෙන් අනතුරු ඇඟවීමකුත් කරයි. අන්න එව්වා හොඳ වැඩ නමුත් සෑර්;

තමන්ගේ විදුහල්පතිතුමා කොච්චර අපතයෙක් උනත් පත්තරේට 'අපේ ප්‍රින්සිපල් කාරයා' ගැන කියන්නේ නැහැ නේ. පොඩිකාලේ හැට්ටර් ඉස්කෝලේ යනකොට ටීචර්ල අපිට කියල දුන්න කොහොමද වෙනත් කෙනෙකුට ආමන්තරණය  කොරන්නේ කියල, may be අපේ ඉස්කෝලේ විතරද දන්නෙනෑ එව්වා ඉගැන්නුවේ. සෑර්ල සුද්දොන්ගේ රටවල්වල හිටියට එව්වවල ළමයි තාත්තට Hey Martin how you doing man කියල කිව්වට මෙහෙ කියන්නේ නැහැ නේ. මම ඉතිං උගන්නන්න ඕනේ නැහැ නේ.

ඔය කතා අල්ලල දාමු.
අපි මෙහෙම බලමු.

රසික සෑර් ලංකාවේ ඉගෙනගෙන ඉංජිනේරු විද්‍යාව උපාධියකුත් ලැබුවා, මිසී පේරාදෙණියේ වෛද්‍ විද්‍යා  උපාධියකුත් ලැබුවා.කලෙකට උඩදී ඕස්ට්‍රේලියාවට ගිහිං එහෙ රස්සාවකුත් කරමින් එම රටට ප්‍රාන්තයට නගරයට බදු එහෙම ගෙවමින් සතුටින් සිටිනවා. හරිනේ. පිට් නේ.

මට  මෙතන තමන්ගේ අමනකම වටහා ගෙන නොමැති අමනයෙක් නං පෙනෙන්නේ නෑ. හැබැයි  යම් පුද්ගලයෙක් හෝ රටක් ආයෝජනයක් කරන්නේ තමාට හෝ  තම රටට ප්‍රතිලාභයක් බලාගෙන මිසක් අල්ලපු ගෙදර පවුලට ප්‍රතිලාභයක් පිණිස නෙවේ නේ. රසික සෑර්ට බලෙන් university යන්ඩ කිව්වේ නෑනේ, එයා ගියේ නැත්තන් වෙන කෙනෙක් යාවිනේ. නෝ ප්‍රස් ඇටෝල්  බේබි .

තමන්ගේ වැඩේ කරගෙන ශේප් එකේ මාරුවෙලාගිය කපටියෙක් නං මෙතන ඉන්නවද පිංවතුනි? කොහොමත්ම නෑ .
කිසිම විදියකින් මේවා පුද්ගලික වාසි සොයන අවස්ථාවාදීන්ගේ වැඩ නෙවේ මං නං හිතන්නේ.

රට ගැන සිතන දේශප්‍රේමියෙක් කියල හිතාගෙන රිමෝට් කොන්ට්රෝල් උපදෙස් දෙන්ඩ නං හපන් කවුරුවත් මෙතන ඉන්නවද . සද්දේ සිරා වැඩ සීරෝ.

අනේ සෑර් , සෑර්ට කරුණාවෙන් කියන්නේ මේ දැන් ඉස්ප්‍රින් කාලෙනේ, වැඩිපුර පිනි බාන්ඩ එලියට පහලියට යන්ඩ එපා සෑර්,

ජයවේවා!


ඕ සොරි සොරි, සෑර් පිනි බාන්ඩ ගියාට කමක් නෑ. කක්කුස්සි ගිහින් හෝදන්ඩ නං එපා, පීනස හැදේවි.


10 comments:

  1. Rasika is entitle for his opinion, but 'Moda kamata beheth ne'

    ReplyDelete
  2. විදේශිකයන් මෙන්ම විදේශයන් හි ජීවත්වන ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දක්වන ආකල්ප පුදුම සහගත ය.

    ReplyDelete
    Replies
    1. අසරණයන්ට අනුකම්පා කරමු.

      ජයවේවා!
      Myself Hattor

      Delete
  3. ඔය රසිකලොජි ලියන එකා උද්දච්ච මෝඩ ජොකියෙක්, සුද්දන්ගෙ අගු පිලේ ලැගල ඉන්න ගමන් පොර භාවය ලංකාවෙ මිනිස්සුන්ට පෙන්නන්න හදන ලෙඩෙක් !

    ReplyDelete
    Replies
    1. මෝඩ ජොකියන්ටත් අනුකම්පා කරමු.

      ජයවේවා!
      Myself Hattor

      Delete
  4. ගෙයි ගෙම්බෝ කියන ජාතියත් ඔහොමයි පයින් ගහල එළියට විසි කරත් වැටෙන්නෙ ගේ දිහා බලාගෙන, මුනුත් එහෙමයි. ඉන්නේ රට කන්නෙ බොන්නේ බදු ගෙවන්නේ ඒ ඒ රට වලට. ඒ ඉඳගෙන සිංහලෙන් පොත් ලියනවා, බ්ලොග් ලියනවා, උපදෙස් දෙනවා, විග්‍රහ කරනවා, දාලගිය මව් රටේ ඉන්න උන්ට ඉගෙනගන්න බදු ගෙවපු දුප්පත් පෝසත් හැම එකාටම පොදුවේ පරිභව සහ අපහාස කරනවා...
    අනේ අපිව හදන්න නේ මෙච්චර මහන්සි වෙන්නෙ කියල හිතෙනකොට වාවන්නේ නැහැ දෙයියනේ...

    ReplyDelete
    Replies
    1. ලොකු සෑර්ගේ කතාව නං හරියටම හරි.
      රට හිටියට එහේ එවුන්ට මොකවත් කියන්ඩ බයයි. නමුත් ලංකාවේ ඉන්න උන්ටයි, ලංකාවෙන් එහෙ ගොහින් ඉන්න උන්ටයි තමයි ඒ ගෙම්බන්ගේ ගෙම්බර්.
      ජයවේවා!

      Delete
  5. අප්පා ලොකු ස'
    මම හිතාගෙන හිටියේ හැක්ටර් ද වික්ටර් කීවම අපිට කියවන්න පුළුවන් මොනා හරි ලියන කෙනෙක් කියලා.
    මේකත් ඉතින් අනුන්ගේ රෙදි හෝදන තැනක් විතරයි නෙව බලාගෙන ගියාම!
    අපි නම් අපි අකැමැති දේවල් දැක්කම මගෑරලා යනවා මේවගේ ඇරියස් පෝස්ට් එකින් එකට නම් දාන්න එන්නේ නෑ.


    ReplyDelete
    Replies
    1. BBගේ කතාවත් ඇත්ත බලාගෙන යනකොට.
      වැඩේ තියෙන්නේ මොකාට උනත් තව කෙනෙක්ට නිරපරාදේ අපහාස කරන්ඩ ඉඩ දෙනවා නං එකත් වැරැද්දක්.

      ජයවේවා!

      Delete