Wednesday, May 29, 2019

මයික්‍රෝ ඉට්ටැයිල් mini කතා


image from pinterest

ඉතිං ඔන්න හවස හදිසියේම වාගෙ පොඩ්ඩක් අනුමතවෙන්ඩම ඉන්විටේෂන් එකක් ආවා.  'හේතුවක්' ඇහුවට කිව්වෙත් නැහැ. කිව්වත් වැඩකුත් නැහැ නේ.
තැනක් කියල හොයාගන්ඩ වෙලාවකුත් තිබ්බේ නැහැ පුංචි බොරැල්ලේ නීලා මල් ශාලාවේ සෙට් උනා.
වැඩේ ඉතිං නැගල ගියා.අධික වේගයෙන් ලකුණු රැස්කරපු ක්‍රීඩකයාගේ කණ සාක්කුවට වැටුණා ඉන්පස්සේ ක්‍රීඩකයා බිමට වැටුණා .
දැන් හොඳටම රෑ වෙලා, මේකාව මල් ශාලාවේ තියාගන්ඩ ඇහැකි හැබැයි ගෙදර උන් බයවෙලා මේකව හොයන්ඩ ගත්තොත් ඉතිං ඒක කේස් නේ. දන්නවනේ ඉතිං.

වඩාගෙන යන්ඩත් බෑ මොටෝ සයිකලේ තියං යන්ඩත් බෑ.
හරි හරි මල්ලි නෝ ප්‍රස් අපි මෙයාව ගෙදරට දාල එමු.

අයිය ගත්ත 504 වැගන් එක. ඩිකිය ඇරිය ස්ට්‍රෙචර් එකට දැම්ම බුවාව. ගියා ගෙදර.
අයිය පුරුද්දට කෙලිම්ම රිවස් කොරල ඉස්තොප්පුවටම ගත්ත.
වාහනයක් ආපු සද්දෙට ගෙදර ලයිට් දැම්මා. ඉස්සරහ දොර ඇරලා යාළුවගේ නෝනා එලියට ආවා.
නීලා මල් ශාලාව කියල වෑන් එකේ ඩිකියේ ලොකුවට ප්‍රින්ට් කොරල එහෙම තිබ්බේ.
ඔන්න ඉතින් ඩිකිය ඇරලා ස්ට්‍රෙචර් එක තල්ලු කොරල මිත්‍රයව එලියට ගත්තා...

අනේ මගේ රජෝ... මොකද මේ උනේ.
බලනකොට එකපාරටම අපේ පොර රජෙක් වෙලා අපි දන්නේත් නැහැ. (ඒකද දන්නෙත් නෑ අර 'හේතුව')
සහායට අනේ පුතේ ... තාත්තේ.... මොකද මේ උනේ.  සද්දේ ඩෙසිබෙල් එකසිය ගානට.

ඔය අතරවාරේ මෂ්ෂිනා කනට කොරල අහනවා අයියේ අපේ අයියට මොකද උනේ කියල.
කොල්ලේ හොඳට දෙහි ටිකක් ගාපන් ඕක හරියාවි.

අයිය ස්ට්‍රෙචර් එක අකුලලා කාරෙකට දැම්ම. හරි මල්ලි දැන් වැඩේ හරිනේ අපි යං. අයිය 504 එක ඉස්ටාට් කළා. කෂ්ටිය මාරු.

පස්සෙන්දා රජ බිසව කියපු දේවල් අපි නං දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනං කියන්ඩකෝ. කතාව සම්පුරන් වෙන්ඩත් එක්කල.

ජයවේවා!
Myself Hattor

12 comments:

  1. බොහොම ස්තුතී හැට්ටර් මලයා අපි හැමෝම සිනා සාගරයේ ගිල්ලුවාට !

    504 කියද්දී 505 ත් මතක් වෙනවා .

    දැන් ගොඩක් 504 වලට ඩිසල් එන්ජිමක් තියලා නේද . 64 , 325 නොම්බර වලට වෙනස් වෙලා කාරිය , ඔය ටොයෝටා 1c , 2c එහෙම තමයි ගොඩක් හරිය.

    කරීනා AA60 වගන් එකත් මිනීපෙට්ටි ගෙනියන්නම හදපු එකක් වගේ . තව ක්‍රවුන් වගන් එක එහෙමත් .

    අපි ගියා එහනම් ! ජයවේවා මලයා .

    ReplyDelete
    Replies
    1. කලණ සෑර්,
      හැට්ටර්ගේත් 504 එකට ලොකු මෙව්වා එකක් තියෙනවා. පළමුවෙනි කාර් එක 12 ශ්‍රී GR එකක් . 504/505 දෙකේම සස්පෙන්ෂන් අපේ වගේ පාරවල් වලට ටියුන් කොරල තියෙන්නේ. වැඩක් නෑ වලවල් තේරෙන්නෙත් ණෑ. ඇයි බ්‍රේක් කොම්පෙන්සේටර්, ස්ලෝ කොරන්නේ නැතුවම එන ඉස්පිඩ් එකෙන්ම වංගුව කෙලින් කොරාගන්ඩ ඇහැක්. පවසලා පලක් නෑ සෑර්.
      504 ඩිසයින් එක ඉතාලි ෆරීනා (pininfarina කියල කියන්නේ) කොම්පැනියෙන් කොරල පර්ජෝ කොම්පැනියේ ජොන්පියාට (Jean Pierre) එව්වා එංජින් බේ එක කොම්ප්ලිට් කොරගන්ඩ. JP කණ ඇද වෙන්ඩ ගහල ඉඳල තියෙන්නේ ඒ වෙලාවේ. ඒකයි 504 ඇන්ජිම ඇදේට තියල තියෙන්නේ.

      එක නෙවේ කලණ සෑර් දැන් බලන්ඩ මේ අලුත් 504 එක .
      පිස්සු හැදිලා හොඳවෙලා ආයිත් හැදෙනවා සෑර්.

      504 එකට ජයවේවා!
      Myself Hattor.

      Delete
    2. කොල්ලනේ මමත් ඉසේ කෙස් ගානට වාහන එලෝපු එකා වෙච්චි. 504 එකත් එක්ක වංගුවක් නවන්න පුළුවන් වෙන වාහනයක් තියේනං කියන්න කියහං.

      Delete
    3. අම්මපා අයියේ, 504 sedan එක පට්ට කන්ට්‍රෝල් වහනයක් . වගැන් එක නම් තවම පැදලා නෑ .

      504 කිව්වම මතක් වෙන්නේ අපේ අම්මගේ තාත්තා ගේ වෙඩින් කාර් එකත් 504 එකක්.

      Delete
    4. ඔව් හැට්ටර් මලයා , මේක දැක්කා ම පිස්සු ඩබල් වෙනවා . ටෙස්ලා ගන්න හීන මවන උන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්‍දතාවයක් .

      Delete
  2. මීට පස්සෙ තවුසෙ බොනවනං අඩුමගානේ හොස්පිටල් එකකටවත් වෙලා බොනව. එතකොට අඩුම ගානෙ ඇම්බියුලන්ස් එකකවත් එන්න පුලුවන් වෙයි හර්ස් එකක එනව වෙනුවට.

    ReplyDelete
    Replies
    1. සිහ්, සබාපතිතුමා ඉන්න තැනක් ඒ කාලේ දැනං හිටියනං සුවර් එකටම ටැලිග්‍රෑම් කඩදාසියක් එවනවා.
      ජයවේවා!

      Delete
  3. අම්මපා හැට්ටර් මල්ලි මේක මහ පුදුම රටක් නොවැ. මම ගඟේ ඔරු පද්ද එක ලියාගෙන යනකොට වෙන ගොඩ යන වාහනයක් ගැන අකුරු පහක් ලිව්වොත් මුන් සේරම කමෙන්ට් කරණ්නේ වාහනේට.
    දැන් බලහං මෙච්චර ආතල් කතාවක් ලිව්වාම මුන්ට පේන්නේ අර මිනී කාර් එක මිසක් කතාව නොවෙයි.
    හැබැයි වඩේ කියන්නේ මල්ලි මටත් කියන්න තියෙන්නෙ 504 එක ගැනම තමයි. පෝස්ට් එකක ලියන්න කතා තියෙනවා මල්ලි.
    මම අහලා තියෙන්නේ එන්ජිම තියන්න යනකොට අත අහුවෙලා ඒක බේර ගන්න පොල් පරාලයක් දාලා අල්ලා; පර්ජෝ ගෙදරට ගිහින් සිද්ධාලේප ටිකක් ගාගෙන එන ටිකට ගෝලයො ටික එහෙමම ඇදේට තියලා ඇන දැම්මයි කියලා!?
    අම්මපා යාළුවාට මිකද හැබෑටම උනේ?

    ReplyDelete
    Replies
    1. සෑර් ඔය වාහන ඉන්ටරෙස්ට් එකට මටනං කියන්ඩ තියෙන්න, පොඩි එව්වොනේ තාම බෝනික්කෝ ගැන හිතලවත් නෑනේ. නැද්ද සෑර්.

      ජයවේවා!

      Delete
  4. පෙරදා ඔබ වෙත ලියන ලද කොමෙන්ටුවක්/ කොමෙන්ටු; මා මගේ බ්ලොගයේ "අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිලි . .4" හි දක්වා ඇත ! පිවිස බලන්න!

    ReplyDelete