Saturday, May 11, 2019

හැට්ටර්ගේ ඉතිහාස කතා - පාස්කු and whaaaa...t 1942 ?


පාස්කු ඉරිදා බෝම්බයෙන් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවයත් අකාලයේ මියගිය අයවලුන්ට ප්‍රර්ථනා කළාවූ සැනසීමත් ලැබේවා ! හැට්ටර්ගේ හෘදයාංගම පැතුම.

ගුඩ්ම ගුඩ් මෝනිං එකක් වේවා!

සමාවෙන්ඩ ඕනේ, පහුගිය ටිකේ වැඩත් ටිකක් විතර අධික උනා, ඒ මදිවට ඉන්ටනෙට් එකෙත් පොඩි පොඩි කචල් තිබ්බනේ.

අපිලට ඉතිං යාලුවොත් නෑනේ පේස්බුක් මැසේජ් එකක්වත් එවන්ඩ හිටං. වෙලාවට ගොහිං ඇවිල්ල පේස්බුක් තහනං කොළේ. නැත්තං තාම දන්නේ නෑ මක්කයි උනේ කියල. හැබැයි මටනං තේරෙන්නේ නැත්තේ එච්චර වටින කියන ඉන්ෆෝමේෂන් දුන්නු එක ආ ගමං තහනං කොළේ ඇයිද කියල. ඒත් ඉතිං ඉණිමගට පයින් ගහන එක, එක්කො වැඩක් නැහැ, අපේ වැඩක් බලාගමු.

ජේසු ස්වාමිදරුවෝ මළවුන්ගෙන් නැගිටිමනේ පාස්කුවෙන් සමරන්නේ. හරිනේ
තව තව දේවලුත් ලංකාවේ වුනානේ පාස්කු දවසේ, දූවේ පාස්කු උත්සවේට අමතරව. නැද්ද මං කියන්නේ.

පහුගිය සමර් එකේ පොඩි බෝට්ටු කේස් එකකට පෝට් ඔෆ් බොස්ටන් එකට යන්ඩ වැඩ සිද්ද උනා. (ටැට්ටර් වැඩ අස්සේ බෝට්ටු කේසුත් ලාවට වෙනවා.)

ඩබ්ලින් පෝට් එකෙන් නැග්ගා ඇට්ලාන්ටික් එක හරහා කැනඩාවේ හැලෆැක්ස් (Halifax) වලට ආවා . ගොඩට ගොහින් තේ එකක් කාරිය බීල පොඩි වන්දනාවකුත් කොරගෙන හිටං පෝට් ඔෆ් බොස්ටන් එකෙන් බෝට්ටුවෙන් බැස්ස. හරිය. සුමාන තුනක් බොස්ටන් වල වැඩ.

ආතල් ගෘප් එක. හැලෆැක්ස් වලින් ආපු පරණ කොමඩොර් කෙනෙක් හිටිය. ෆන් එකේ උපත. පොර දවසක් මගෙන් අහනවා හැට්ටර් මල්ලි උඹ දන්නවද උඹලගේ රටේ සේවියර් අපේ කොල්ලෙක් කියල. මගේ උත්තරේ සිංහලෙන් කියනවනං, පල ඩෝ යන්ඩ, කැනඩාවේ කොහෙද අපේ සේවියර්ල?  (ඔන්න ඕස්ට්‍රේලියාවේ සිනුවර වගේ තැනක එකෙක් කිව්වනං ඉතින් ඉවසතෑකි.) අපිට ඕනේ තරං සේවියර්ල ඉස්සරත් හිටිය දැනුත් ඉන්නවා කියල. නෑ නෑ මල්ලි විහිළුවට ගන්ඩ එපා මම මේ සිරා කියන්නේ උඹලගෙ සේවියර් අපේ ගමේම කොල්ලෙක් කියල.

එතකොට මම කොමඩොර්ගෙන් ඇහුව එතකොට සෙන් කැතරින් තියෙන්නෙත් හැලෆැක්ස් වලද කියල. එතකොට ඌ මගේ උඩ ඉඳන් පහලටම බලල අහනවා අඩෝ තෝ මෙච්චර වෙලා මට කින්ඩිය නේද දැම්මේ කියල. ඊගාවට මූ අහනවා හැට්ටර් තෝ කොහොමද ඕක දන්නේ. ඔය කේස් එක වෙනකොට උඹ ඉපදිලාවත් නැහැනේ. ඉස්කෝලෙදි ඕක ඉතිහාසෙට උගන්නනවද  කියල. ප්‍රශ්න වැලයි තවත් ටිකයි.

මං කිව්වා මචෝ, මගේ මාම පරණ RCN පොරක් කියල. හෑ යකෝ මාත් RCN නේ. මාම මොන බේස් වලද හිටියේ කියල. නෑ මචෝ උඹ Royal Canadian Navy වෙනකොට අපේ මාම  Royal Ceylon Navy කියල. ආ එහෙම වරෙන්.

ඔය 1942 කතාව මම මේකේ ටයිප් කොරාන්ඩ ඕනේ නැහැනේ.

මෙන්න කතාව මෙතන තියෙනවා හරිය.

මෙන්න  මෙයා තමා එළ කොල්ලා


ඒකියන්නේ, හරියටම කියනවනං සෑර් මීට කලිනුත් අපිට පාස්කු ඉරිදා බෝම්බ ගහල තියෙනවා ඈ.
හැබැයි වෙනස ඒකාලේ බුද්ධි අංශ දෙයක් කිව්වම ලොක්කොන්ට එව්වායේ බරපතලකම තේරුම් ගන්ඩ ඇබිලිටි කියන එකක් තිබිල   තියෙනවා.

ප. ලි.
සුවර්ගයෙන් එන ආරංචි වලට අනුව බ්ලාස්ටර්ලා සැට් එක ආයෙමත් ලංකාවට එන්ඩ ඕනේ කියල පුල් ගේමක් දෙනවා කියල තමා ඇහෙන්නේ.
ඇයිද කියන්නේ ගියා ගියාමයි තාම කිරි ටිකක් මී පැණි ටිකක් කන්ඩතියා කාඹරෙන් එලියට එන්ඩ වත් වෙලාවක් නැතිලු. හැම තිස්සෙම තව 71ක් පෝලිමේ ඉන්නවලු. ඕගොල්ලෝ නං කියයි.

 එහෙනං මේකත් බලමුද හිටං. 

ජයවේවා!
Myself Hattor

5 comments:

  1. හැට්ටර් මහතානෙනි. මීට කලකට පෙර මා මිට්සුබිෂි වෙළෙඳ නාමය හා ගැවසී ගත් රැකියාවක නියෙලුනෙමි. එකල අපේ කොම්පැණියට අළුතින් එන එවුන්ට "අපි' ගැන පොර ටෝක් දෙන්න මටත් ඉඩ කඩක් සෙට් වෙනවාය. එතෙනදී ඔය ඊස්ටර් සන්ඩේ කථාන්දරය කියලා ඒ ආවෙත් "මිට්සුබිෂි අහස් යානා මහත් වරුණි!" කියා කියන පුරුද්දක් තිබුනි. කොහොම උනත් වැඩේ ඇත්තය. තව සීන් එකක්. ජපන් අහස් යාත්‍රා ටික මුලින්ම දැකලා තියෙන්නෙ ඔය කියන කනෙඩියන් ගුවන් නියමුවා. උන්නැහැ මීට අවුරුදු 10 ක් ඇතුලත ආයෙත් ලංකාවට ඇවිත් කොග්ගල ගුවන් හමුදා කඳවුරට ගිහින් තියෙනවා. මොකද ඒ කාලෙත් උන්නහැ ඉඳලා තියෙන්නේ කොග්ගලමයි. කොග්ගලෙන් අහසට ගිය යානෙකින් තමයි ඔය ජපන්නු සෙට් එක දැකලා තියෙන්නේ. හොඳ වෙලාවට උන්නැහැ දැකලා තියෙන්නේ. ඒවගේම උන්නැහැ කියපු ගමන් මහ පොලොවෙ පය ගහලා හිටපු එවුනුයි අහසේ හිටපු එවුනුයි ගේමට සෙට් වෙලා තියෙන්නේ. අපෙයි උන්නැහැගෙයි හැමෝගෙම හොඳ වෙලාවට හේමසිරි ප්‍රනාන්දු ගොයියා ඔය සීන් එකේ ඉඳලා නෑ!

    ReplyDelete
    Replies
    1. අපේ තට්ට සෑර්ට කියන්ඩ, ඔයින් එක මිට්සුබිෂියක් අකුරෙගොඩ වැවට කඩන් වැටුන කියල පරණ කතාවක් තිබ්බනේ.
      මට මතක විදියට දෙදාහේ විතර කාලේ කෝමහරි අකුරේගොඩ කස්ටියක් ප්ලේන් එකේ ඇන්ජිම වැවේ පතුලේ තිබිල ගොඩට අරන් තියෙනවා.
      හැබැයි ඒ ගෝලයන්ගේ මොලේ පිහිටලා තිබිල තියෙන්නේ වැරදි තැනක. උන් ඇන්ජිම මස් කොරල ඇලුමිනියම් බරට විකුණලා. සම්ප් එකේ යස අගේට ඔයිලුත් තිබ්බ කියල තමා මට කිව්වේ. ඒක දැනගත්ත දවස තමයි ජීවිතේටම මිනීමස් කන්ඩ හිතුන එකම දවස.

      ඔයවගේ තව කේස් එකක් තිබ්බ ඕස්ට්‍රේලියාවේ. එහෙ ජප්පෝ රජකරපු කාලේ ගෙනිච්ච ඩෝසරයක් පරදිනකොට මූදට දාල ගොහින් තියෙනවා. බොහොම පස්සේ කාලේ ජප්පෝ ඒක තමන්ගේ රටට ගෙනිහින් රීකොන්ඩිශන් කොරල හිටන් තියාගෙන ඉන්නවා. ජප්පගේ ඒ කාලේ කඩ්ඩ ඉතිං හැට්ටර්ලගේ වගේම තමයි. අකුරක් අඩුවෙන් Komatu කියල තමයි කාස්ටින් එක ගහලා තියෙන්නේ.

      ජයවේවා!

      Delete
  2. Discussion-

    https://history.stackexchange.com/questions/41243/what-were-yamamotos-intentions-when-the-japanese-navy-attacked-colombo-sri-lan

    ReplyDelete
    Replies
    1. Pra Jay සෑර්, I believe Adm. Nagumo was coming from after bombing Pearl Harbour. The other guy you mentioned, Adm. Yamamoto, I vaguely remember Yamamoto was mentioned in Dale Carnegie's book 'How to Stop Worrying and Start Living' but not too sure though.

      ජයවේවා!
      Myself Hattor

      Delete
  3. අපේ පමුණුව ඉසව්වෙත්; හරියටම කියනවා නං, දැන් වත්තේගෙදර හන්දියෙන් හැරිලා ඇවිත් රේල් පාර පනිනවාත් එක්කම තියෙන 'නාගහවත්ත පාරෙන්' පමුනුවට එන්න තියෙන පාරේ, වෙලක් (පතිරගොඩ) මැද්දටත් එක ප්ලේන් එකක් කඩා වැටිලා.
    තිස්ස අබේසේකර මහත්තයා 'පිටගම්කාරයෝ' එකේද කොහෙදත් ඔය ගැන කියලා තිබ්බා.
    හැබැයි අපේ ගමේ නම් කිව්වේ ඔය එරෝප්ප්ලේන් කාඩ්බෝඩ්වලින් හදල තිබුනා කියලයි. ගිනි ජාලාවක් එක්ක කඩන් වැටුණලු කියලත් කිව්වා.
    මේ ළඟදී එතනින් යද්දී දැක්කේ. දැන් එතැන වෙල ගොඩ කරලා ගෙවලුත් හදලා!

    ReplyDelete